IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සම්පන්දන් පෙනී සිටියේ ලාංකිකයන් වෙනුවෙන්

(අංජුල මහික වීරරත්න සහ අමදෝරු අමරජීව)

ආර්. සම්පන්ධන් ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු නිරතුරුවම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ බවද ජනාධිපතිවරයා කීය.

ආර්. සම්පන්ධන් මහතා සමඟ එකඟත්වයෙන් යුතුව ඉදිරියට ගෙන ආ එම සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ආර්. සම්පන්ධන් මහතාගේ අවමංගල්‍ය අවස්ථාවට ත්‍රිකුණාමලය පිහිටි ඒ මහතාගේ නිවසේ දී අද (07) පස්වරුවේ එක් වෙමිනි.

හිටපු විපක්ෂ නායකවරයෙක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්පන්ධන් මහතාගේ අවමංගල්‍ය උත්සවය පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයන් මැති ඇමතිවරු ඇතුළු විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් අද (07) පස්වරුවේ සිදු කෙරිණි.

ඡායා අමදෝරු අමරජීව



අදහස් (10)

සම්පන්දන් පෙනී සිටියේ ලාංකිකයන් වෙනුවෙන්

Prabha Sunday, 07 July 2024 11:19 PM

ඔහොම බොරු කියන්න එපා මනුස්සයෝ .පොලව පලාගෙන අපායට යයි

:       4       14

රංබොඩ Sunday, 07 July 2024 11:34 PM

සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවය ඊළම ද ?

:       5       15

Saman Monday, 08 July 2024 06:36 AM

නිකන් බොරු කියන්න එපා

:       2       9

Roshan Monday, 08 July 2024 09:47 AM

සම්බන්ධන් කොයිම වෙලාවකවත් ද්‍රවිඩ ජනතාව හෝ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී හිටියෙ නෑ.... තමාගේ බඩ ගෝස්තරය රැක ගන්න තමාගේ සුඛවිහරණය පිනිස එල් ටී ටී ඉ එකට කඩේ ගිය එක කොටි ඩයස්‌පෝරාව එක්ක ලංකාවට විරුද්ධව වැඩ කරපු එක තමයි කරේ.

:       4       15

වික්කම සිංහ Monday, 08 July 2024 10:08 AM

මේ මළගෙදර මෙයා තුන් පාරක් ගියා. කොළඹදි දෙපාරයි. ත්‍රිකුණාමලයට එක පාරයි...ගොඩාක් දුක හිතිලා වගේ. සම්බන්ධන් එක්කම ගියානම් හොඳයි නේ...

:       3       13

saman Monday, 08 July 2024 10:23 AM

එන්න අපි බොරු කාරයෙක් ජනපති කරමු

:       2       13

Jayasekara Monday, 08 July 2024 11:40 AM

ඔහොම තඩි පච කියන්න එපා මනුස්සයෝ ඉන්නකල් කරේ ජාතින් දෙක බේද කරන එක...

:       2       11

ගමේ එකාලා Monday, 08 July 2024 12:28 PM

දේසපාලුවෝ කවද්ද හරියට ඇත්තක් කිව්වේ,රට බංකොලොත් කරපු දූෂිත දේසපාලුවොත් ඔය ගමන යන්නේ, කවද්ද කියලා අපිත් බලාගෙන ඉන්නේ?

:       0       6

Hafeel Monday, 08 July 2024 02:11 PM

පට්ටපල් කුණු ගඳ ගහන බොරු. සම්පන්දන් කවදාවත් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ නැත. මෙච්චර වයසට ගිහින්, ඇවිදින්න බැරිව සහ රෝගාතුරව සිටිය මොහොතේ හෝ ඊළඟට ලැයිස්තුවේ ඉන්න තමාගේ සහෝදර සාමාජිකයාට හෝ එම අවස්ථා නොදුන් මේ සම්පන්දන්, ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එක විහිළුවක්... කොළඹ සුපිරි නිවසක මහජන මුදලින් ජීවත් වුණා මිස අඩු තරමින් ඔහුව පත් කරපු ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් හෝ පෙනී සිටියේ නැත.

:       0       10

Bamunuarachchi Tuesday, 09 July 2024 04:56 AM

ඔව් ඔව් අපි ඒ බව කොටි යුද්දේ කාලේ හොඳටම දැක්කා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 247 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 521 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 304 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 212 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 974 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 823 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39209 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site