( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දැනට රිමාන්ඩ් බාරයේ සිටින තමා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන සැප්තැම්බර් 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (27) නොතීසි නිකුත් කළේය.
අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සම අද කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් යුතු අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැදවිණි
පෙත්සම්කාර පාර්ශවයෙන් කළ කරුණු දැක්වීම් අනුව නොතීසි නිකුත් කළ අභියාචනාධිකරණය සැප්තැම්බර් 21 වැනිදා පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීමටද නියම කෙරිණි.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ , නීතිපති නම් කරනු ලැබ තිබිණි.
මීගමුව බන්ධනාගාරය තුළ සිදුව ඇතැයි කියන විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තමාට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වන නඩුවෙන් ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා ඉකුත් 18 වැනිදා ඇප අයැදුම්ක් ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප කෙරිණි.
තමන් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුව බල රහිත කොට තමන්ට ඇප ලබා දෙන්නැයි පෙත්සම්කාර අනුරුද්ධ සම්පායෝ මහතා සිය ප්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා සිටී.
පෙත්සම්කාර අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතීඥ කැළුම් කුමාරසිංහ යන මහත්වරුන් පෙනී සිටියහ .
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සම්පායෝ ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි
Bamunuarachchi Friday, 28 August 2020 12:18 PM
ඇප දෙන්න නොවෙයි, ගස් යවන්නයි තියෙන්නේ මේ වගේ ගොබිලන්ව...