IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සමූප ඡන්දෙන් ඇමති සනත්ට ඇපත් නෑ

(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න සහ ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අන්ත පරාජයකට පත් වී ඇත.

ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර ඡන්ද විමසීම පෙරේදා (17) පැවැති අතර ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයට සභිකයන් 9 දෙනෙකු තෝරාපත්කර ගත් අතර රාජ්‍ය ඇමැතිවරයාට හිමිව තිබුණේ 11 වැනි ස්ථානය වීම විශේෂත්වයකි.

තේරීපත් වූ සභිකයන් 9 දෙනා අතරින් 6 දෙනකුම ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෝ වෙති.

රාජ්‍ය ඇමැතිවරයා අන්තපරාජයකට පත්වීමත් සමඟ එහි රැස්ව සිටි ජනතාව ඔහු ඉදිරිපිටදීම හූ කියමින් කෑකෝ ගසමින් විරෝධය පළ කළහ.

තවත් පිරිසක් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වූහ.

ජනතාවගේ විරෝධය මැද සනත් නිශාන්ත මහතා නිහඬව සිටියද ඔහුගේ සොහොයුරු ජගත් සමන්ත මහතා විරෝධතාකරුවන්ට කෝපයෙන් බැණ වදිනු දැකගත හැකි විය.

කෙසේ වෙතත් ජගත් සමන්ත මහතා ද එම ඡන්දයට තරග කළ අතර ඔහු පස්වැනි ස්ථානයට පත්ව සභිකයකු ලෙස තේරීපත් විය.

 



අදහස් (47)

සමූප ඡන්දෙන් ඇමති සනත්ට ඇපත් නෑ

Indrajith Wednesday, 18 January 2023 08:06 PM

හොඳ වැඩේ. ජයවේවා NPP....

:       17       3724

kasuniThursday, 19 January 2023 01:24 PM

දැන් අනුර කුමාර ජනාධිපති විදියට දිවුරුම් දෙනවද ?

:       68       15

aravinda monarawilaThursday, 19 January 2023 03:23 PM

සමූප චන්දයකින් කොහොමද ජනාධිපති කෙනෙක් පත් කරන්නේ

:       13       17

Hafeel Thursday, 19 January 2023 05:18 PM

මේවා දැනගෙනම තමයි අකිල විරාජ් කිව්වේ ඡන්ද තියලා පසුව ඉන්ධන නැහැ කියලා කියන්න එපා කියලත්, මහින්ද අමරවීර කිව්වේ ඡන්දයට වියදම් කරන සල්ලිය ගොවීන්ගෙන් වී ගන්න ඉල්ලුවේත්, සියඹලාපිටිය කිව්වේ මුදල් අච්චු ගහලා ඡන්ද තියලා ලෝක වාර්තාවට එක්වෙනවා කියලත්... ඔවුන් දන්නවා ඔවුන්ටත් මේ ඉරණම තමයි වෙන්නේ. හරියට අකිල විරාජ්ගේ අතින් රටට ඉන්ධන බෙදනවා වගේ ඔහුගේ කතාව...

:       1       22

ගමේ එකාලා Wednesday, 18 January 2023 08:20 PM

හොන්ද වැඩේ. පහුගිය කාලේ උඩ පැන්නා වැඩී. පොහොට්ටුවෙ ගෑවිචිච් එකෙකුටවත් චන්දෙ දෙන්ඩ හොන්ද නැහැ .

:       4       144

siri Wednesday, 18 January 2023 09:02 PM

අද චන්දයක් තිබ්බොත් වෙන දේ පැහැදිලියි නේද ? ඕකනේ අරඅදිමින් තටමන්නේ.

:       5       118

සෙනෙවිරත්න Wednesday, 18 January 2023 09:26 PM

මේ වගේ අය එක්ක හැප්පෙන්න පුලුවන් වෙන්නෙ එන් පී පී එකට විතරයි. මොකද අනිත් සේරම මෙයාලත් එක්ක යටින් ඩීල්. නැත්නම් ඕවට යන්නෙ හොරා කන්න බලාගෙන.

:       10       121

Sanath Kandy Wednesday, 18 January 2023 09:32 PM

ඉදිරි ජනතා ජයග්‍රහණයක පෙර නිමිති. ජාතික ජන බලවේගයට ජයවේවා.

:       8       116

Nissanka Wednesday, 18 January 2023 09:33 PM

සමගි ජන බලවේගයට ඇපත් නෑ.

:       11       85

Kumara Wednesday, 18 January 2023 09:35 PM

ජාතික ජන බලවේගයට ජයවේවා. ජනතාවට ජයවේවා

:       9       98

Thilina Wednesday, 18 January 2023 09:38 PM

තවත් ලැජ්ජා නැතුව එනවා ඡන්ද ඉල්ලන්ට. මුන්ට අසූචි ගහලා එලවන්න ඕන​

:       2       94

Hafeel Thursday, 19 January 2023 04:53 PM

අසූචි පමණක් නොවේ... මෙයාට දැන් ඔක්සිජනුත් දෙන්න වෙනවා.

:       1       7

Lalitha Wednesday, 18 January 2023 09:39 PM

ජනතාව නිවැරදි මාවත තෝරාගනිමින් සිටී. ජාතික ජන බලවේගයට ජයවේවා.

:       7       90

ganegodaThursday, 19 January 2023 10:50 AM

තමන් කැමති කෙනෙකුට චන්දය දෙන්න අපිට නිදහස තියනවානේ

:       4       27

Kumara Wednesday, 18 January 2023 10:03 PM

මූව රටෙනුත් එලවන්න ඕනේ

:       1       13

Kapila Wednesday, 18 January 2023 10:05 PM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය. හොඳ හොඳ ප්‍රතිඵල ඉදිරියට.

:       3       74

Bandara Wednesday, 18 January 2023 10:08 PM

සමුපකාර පනතේ පැහැදිලිව තියෙනවා මහජන නියෝජිතයෙකුට සමුපකාර සිමිතියක කිසිදු නිලයක් දැරිය නොහැකි බව. ඒ අනුව නිශාන්ත මහතා රටේ නීතිය උල්ලංඝනය කරලා තියෙනවා.

:       2       66

JagathSThursday, 19 January 2023 10:39 AM

මහතා කියන්න එපා මේ වගේ පුද්ගලයන්ට.

:       2       60

Nandalal DE SILVA - France Wednesday, 18 January 2023 10:21 PM

ඇමති තුමෝ ,ළඟදීම පළාත් පාලන චන්දයට එන්නේ බලාගෙනයි .රනිල් මැතිතුමාගේ රජයේ තව දුරටත් ඇමති පුටුව රත් කරන්න ඕන නම් ඔය චන්දයට ඉදිරිපත් නොවන්න

:       1       7

එල් රත්නායක Wednesday, 18 January 2023 11:17 PM

දැන්වත් ඔහේ ඉන්න තැන අවබෝධ කර ගනින්. බුරුවා වගේ තප්පු ලන්නේ නැතිව.

:       2       70

විජේ Thursday, 19 January 2023 12:58 AM

එක බූරුවෙක් හැලෙද්දි තව බූරුවෙක් ඇතුලට රිංගනවා.

:       5       67

Demuni Uduwara Thursday, 19 January 2023 04:49 AM

මේ නිහඩ සැඟවුණු පණිවිඩය ඔයාගෙ ‌බොස්ට කෙලිම කියන්න.

:       1       14

Sunil Thursday, 19 January 2023 05:04 AM

සුභ නව ගමනක් යන්නට සැරසෙනව දැන් දැන් පෙරමග ලකුනු

:       1       13

චන්දන Thursday, 19 January 2023 07:00 AM

සනත් මහත්තයා ට ඊලඟ මැතිවරණයෙන් අත්වන ඉරණමේ හෙවනැලි මතුවෙනවා .

:       2       62

de silva Thursday, 19 January 2023 07:52 AM

හොඳ ප්‍රවනතාවයක් පක්ෂ පාට කුමක් වුනත් දූෂිත මර දේශපාලකයන්ට මනාපේ ගැසීමෙන් වළකිමු .හොඳ කෙනෙකු ලිස්ට් එකේ නැති නම් මනාපේ නොගහා පක්ෂයට පමණක් කතිරේ ගහලා නිකන් ඉන්න

:       2       39

Senarath Thursday, 19 January 2023 09:00 AM

කිසිම වැදගැම්මකට නැති එඋන්ට ඇමතිකම් දුන්නම මොලේ තියෙන මිනිස්සු චන්‌දෙ දෙවිද ?

:       2       37

sharm warn Thursday, 19 January 2023 09:23 AM

ඔක්සිජන් ට වෙච්චි දෙයක්. . මෙ ජනතාව දැන්වත් කුණු "කුණු" හැටියට සලකන්න ඉගෙන ගනිවි කියල හිතනව

:       2       49

Asanga Thursday, 19 January 2023 09:55 AM

ඔය පටන් ගත්ත විතරයි රජෝ. තව හොද සෙල්ලම් එලිවෙන ජාමෙට.

:       2       41

sethanThursday, 19 January 2023 12:34 PM

අනේ ඔව්.මොනවා උනත් කමක් නැහැ කියලා මමත් හොඳට තදවෙන්න අමුඩයක් ගහ ගත්තා

:       4       7

oshara Thursday, 19 January 2023 10:24 AM

ඔය එන්නෙ කස කාරයො විතරයි, ඊලඟට එන්නෙ මල් බයිසිකල්, ඊට පස්සෙ පෙරහැර, ගිනිබෝල එන්නෙ අන්තිමට මෙයාලව වැලිකඩ යවන්න.

:       2       49

Kumara Thursday, 19 January 2023 11:18 AM

මේවගෙ උන් පවුල් පිටින්ම මුහුදට අතාරින්ඩ ඔනේ තල්මසුන්ට කන්ඩ

:       1       11

Willow Drive Thursday, 19 January 2023 11:43 AM

ආරම්භය පමණි

:       2       35

Kumara Thursday, 19 January 2023 11:44 AM

මේක බොරුවක්. සනත් නිශාන්ත ඔය වගේ සිල්ලර චන්ද වලට එන්නේ නැහැ. එන්නත් බැහැ එයා පාර්ලිමේන්තු වේ කෙනෙක්.

:       31       8

thoppiyaaThursday, 19 January 2023 12:44 PM

ගහල ඒලවන්න ඔනෙ . එලව එලව ගහන්න ඔනෙ

:       3       25

sharm warnThursday, 19 January 2023 04:06 PM

එහෙනම් කොහොමද පත්තරේට දැම්මේ ?

:       2       7

wijedaasaThursday, 19 January 2023 05:16 PM

සනත් නිශාන්තගේ පලුව කියන්නේ ඔයාට නේද?

:       2       5

ලමාහේවා Thursday, 19 January 2023 12:10 PM

ලංකාවේ අනාගතයේ සුබ ලකුණු මතුවෙනවා.ඉදිරියේදී තව තව දේවල් බලාගන්න පුළුවන්. නිශාන්ත මහත්තය තේරුම් ගන්න ඔබ‍ට හිමි තැන.... ලක්‌ මවට ජයවේවා.

:       1       26

sam Thursday, 19 January 2023 12:12 PM

ඇයි යකෝ ජගත් සමන්ත කියන පාදඩ පල හොරාට චන්දය දුන්නේ .ඌට ගහලා එලවන්නනේ තිබුනේ .ඌ පාතාලය වගේ හැසිරෙන්න ඇරලා බලන් හිටියේ ඇයි

:       0       29

ලමය Thursday, 19 January 2023 12:27 PM

ජා ජ බ ජය වේවා

:       7       35

Nandana Thursday, 19 January 2023 12:45 PM

සෙවලයෙක්

:       1       19

සචින්ත Thursday, 19 January 2023 03:22 PM

රට කනවා මදිවට ගමේ සමූපෙත් කන්න ගියාට ඔහොම වෙලා මදි

:       1       21

achiini Thursday, 19 January 2023 03:29 PM

දවසේ දැකපු සතුටු දායකම නිව්ස් එකක්

:       1       23

Bamunuaracchi Thursday, 19 January 2023 03:43 PM

රටට ඇති එකම විසඳුම ජාතික ජනබලවේගය පමණයි..

:       5       16

sharm warnFriday, 20 January 2023 09:00 AM

බමුණු...? මේ ඔයාමද.?

:       0       4

K. Ranaweera Thursday, 19 January 2023 05:43 PM

මේක ඊළඟ ඡන්දයේ ප්‍රතිඵලයයි...

:       2       13

sanjeewa Thursday, 19 January 2023 06:11 PM

මොවුන්ට ඡන්දෙ දෙන්න දැන් බයියෙක්වත් නැහැ. කන්න නැතිවෙනකොට බයියන්ගේත් මොලේ පෑදිලා...

:       2       11

බය්යෙක් Thursday, 19 January 2023 11:54 PM

අපිට බයිය කියන්න එපා හරිය. දැන් අපි බයි ගොන් වික්කා.

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 968 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 353 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1073 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 109 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 742 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2410 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site