IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සම්බෝධි සඳුන් මාළිගයට දඹ රන් බුදු පිළිම හතක්

සම්බෝධි විහාරයේ  සඳුන් මාළිගයෙහි තැන්පත්කිරීම සඳහා  තායිලන්තයේ  දක්ෂ රන් නිමැවුම්කරුවන් විසින් සාදන ලද දඹ රන් බුදු පිළිම වහන්සේලා හත්  නමක් අද  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන්  මෙරටට වැඩම කළහ.

සම්බෝධි විහාරාධිපති  ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුෂලධම්ම හිමියන්ගේ මුලිකත්වයෙක් මෙම පුන්‍යකර්මය සිදුකෙරුණු අතර උන්වහන්සේද ඊයේ තායිලන්තයේ සිට මෙරටට වැඩම කළහ.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී  දඹ රන් පිළිම වහන්සේලා සඳහා වු පළමු මල් පුජාව සහ ගිලන්පස පුජාව  දරණාගම කුසලධම්ම හිමියෝ ප්‍රමුඛ  එහි වැඩම කළ  මහා සංඝ රත්නය  විසින් සිදු කළහ.

ඉන් අනතුරුව මෙම පිළිම වහන්සේලා සම්බෝධි විහාරය වෙත වැඩම කිරීම පිනිස මනරම් රන්සිවි ගෙයක තැන්පත් කළහ.

සම්බෝධි විහාරයේ මේ වෙනුවෙන්  විශේෂයෙන්  ඉදි කරණ ලද  සුදු හඳුන් මාළිගාවේ  මෙම පිළිම වහන්සේලා තැන්පත් කරන අතර   එළඹෙන වෙසක් පුන් පොහෝ දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් එය  විවෘත කිරීමට නියමිතය.

දරණාගම කුසලධම්ම හිමියෝ  ගුවන්තොටුපොළේදී පැවසුවේ ඈත ගම් දනව් වල දුප්පත් බෞද්ධ ජනතාව තම කරාඹු කුට්ටමද, පංචායුධයද මෙම පුන්‍යකර්මය සඳහා දන් දුන් බවයි. දුගියාගේ සිට පොහොසතා දක්වා එකතුවු රන් ජාතික ස්වර්ණභරණ අධිකාරියේ තක්සේරුකරුවන් ලවා තක්සේරුකොට තායිලන්තයට ගෙන ගොස් එහි  අති දක්ෂ  රන් නිමවැවුම්කරුවන් අතින්   සෙන්ටිමිටර් 22 ක් උසට කැරට් 24 රනින් මෙම පිළිම වහන්සේලා  නිමැවු බවයි.

එසේම පෙර රජ දවස මෙවන් පුන්‍ය කර්ම සිදුකළද එක වර දඹරන් පිළිම හතක් නිමවා මෙරටට වැඩම කළ ප්‍රථම අවස්තාව බවට මෙය ඉතිහාස ගතවන බවද උන්වහන්සේ පැවසුහ.
මෙම පිළිම වහන්සේලා තැන්පත් කිරිම සඳහා සුදු හඳුන් ලීයෙන් තනන ලද සඳුන් මාලිගයක් සම්බෝධි විහාරයෙහි ඉදිකර ඇති බවත් වෙසක් පොහෝ දින ජනපතිතුමන් අතින් විවෘත වීමෙන් අනතුරුව දින හයක් ජනතාවට වැඳ පුදා ගැනීමට අවසර දෙන බවද පැවසුහ.

මෙම පිළිම වහන්සේලා මෙරටට වැඩම කිරීමට පෙර තායිලන්තයේ පැරණි රාජධානියකට අයත් අයෝධ්‍යා විහාරස්ථානයේද විශේෂ පින්කමක් පැවැත්වූ බවද උන්වහන්සේ පැවසුහ.
මෙම  අවස්ථාවට ඌව  පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,  ආපදා කළමනාකරණ අමාත්‍ය දුලිප් විජේසේකර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානී රියාල් අද්මිරාල් ආනන්ද පිරස්, ගුවන් හමුදා සුබ සාදක අධ්‍යක්ෂක එයාර් මාර්ෂල් ලාල් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

 

(ඡායා රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 

 

(ඡායා දීපා අධිකාරී)

 



අදහස් (0)

සම්බෝධි සඳුන් මාළිගයට දඹ රන් බුදු පිළිම හතක්

හිරාන් කොඩිතුවක්කු Sunday, 11 May 2014 04:38 PM

සාදු ! සාදූ ! සාදූ! (ස)

:       0       0

පතිරණ කපිල Monday, 12 May 2014 02:20 PM

සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි. අපරිමාණයි. බුදු සසුන බැබලේවා !!! (ස)

:       0       0

නයන Sunday, 11 May 2014 05:00 PM

පිළිමවලට ආරක්ෂකයොත් තියන්න ඕනේ වෙයි. (ස)

:       0       0

චන්දන Sunday, 11 May 2014 05:20 PM

සම්බෝධි විහාරය පුණ්‍ය භූමියක්. (ස)

:       0       0

ප්‍රවීන් Sunday, 11 May 2014 05:37 PM

බුද්ධ ශාසනයට වින කටින අය මේ තැන් වලට අරක් ගන්නවා. (ස)

:       0       0

ආශා Monday, 12 May 2014 04:39 AM

දැන් ඉතින් මිනිස්සු ඉක්මනට නිවන් යයි. සාධු සාධු! (නි)

:       0       0

සරත් බණ්ඩාර Sunday, 11 May 2014 05:40 PM

පිට රටවලින් බුදුපිළිම ගෙනෑවාට ජනතාවගේ අධ්‍යාත්මික ගති පැවතුම් නැතිවිය හැකිද ? රටේ සදාචාර විරෝධී ක්‍රියාවන් රජය සම්මත කරන කලේ.ජනතාව අන්දයන් නොවන බව දේශපාලකයන් අවධාරණය කරගන්න. (ස)

:       0       0

අචිනි Sunday, 11 May 2014 05:49 PM

අනේ බුදුහාමුදුරුවනේ ඔබවහන්සේ අද වැඩ සිටියානම්.... (ස)

:       0       0

සිතුම් Friday, 16 May 2014 03:09 AM

රන් පිළිම ආරක්ෂා කරගන්න පහසු වෙන්නේ නැහැ. ලීයෙන් හෝ මැටියෙන් හැදුවත් අපිට නම් අපේ සිත් පහන් කරගත හැකියි. (නි)

:       0       0

සෑම් Monday, 12 May 2014 10:15 PM

ඉතාමත් යහපත් වැඩක්. නමුත් කවදා හෝ මේවා සියල්ලම සොර සතුරන්ගේ ඉලක්ක වේවි කියලයි බය සිතෙන්නේ.ඔබ කළ දෙයට යහපත් ප්‍රතිපල ලැබේවි.නමුත් මේවා නිසා තව කී දෙනෙක් නිරයට යනවද කියලා සිතෙනකොට දුකයි (නි)

:       0       0

පහන්දී Monday, 12 May 2014 10:49 AM

සදුන් කීවට පස්සෙයි මමත් දැක්කේ ඇත්තටම කව්ද ඒ ? (ස)

:       0       0

සුමංගල ඇල්පිටිය Sunday, 11 May 2014 08:28 PM

අහස උසට රනින් පිළිම නෙළුවත් කම් නැත , ගුණ ගයා නිම කල නොහැකි බුදුරදුන්ගේ !!! සාධු සිතින් අපද පින් අනුමෝදන් වන්නෙමු ! (ස)

:       0       0

වෙරංග Sunday, 11 May 2014 09:12 PM

මෙහි සංකල්පමය වටිනාකමක් ඇති,නමුත් සැබෑ බොදුකම නම් සැබෑ බුදු දහම වටහා ගැනීම සහ ව්‍යාප්ත කිරීමයි.(ස)

:       0       0

පහන්දී Sunday, 11 May 2014 10:31 PM

බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති., බණත් අහන්නැති ඒ කාලේ.., නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තාමත් සංසාරේ .....!!! පරිස්සම් කරගන්න වෙයි පිළිම වහන්සේලා සත් නම...!!! (ස)

:       0       0

පිටිගල Sunday, 11 May 2014 10:43 PM

අන්තර්ධාන නොවේවා! සාදූ ! සාදූ ! (ස)

:       0       0

සඳුන් Sunday, 11 May 2014 11:15 PM

කවුද අර ෆොටෝ එකේ ඉන්න සපත්තු දාන බෞද්ධයා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1522 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1333 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2077 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2396 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 565 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1141 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35895 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site