IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සම්මත වූ පනත් ගොඩක අඩුපාඩු ගොඩක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේදී මෑතකදී සම්මත කෙරුණු පනත් සහ රෙගුලාසි ගණනාවක පවතින විවිධ අඩුපාඩු හෝ දෝෂ හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීමේදී නීතිමය වශයෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

පනත් සහ රෙගුලාසි සකස් කිරීමේදී නිලධාරීන් අතින් වැරදි සිදුවීම වැඩිවෙමින් පවතින ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව පනත් සකස් කිරීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසට රජය සියලුම අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා උපදෙස්දී ඇත.

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරුණු දූෂණ විරෝධී පනත් කෙටුම්පතේද කිසියම් අඩුපාඩුවක් පවතින හෙයින් එම පනතට සංශෝධනයක් ගෙන එනතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම තාවකාලිකව නතරවී ඇත.

සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතත් පත් කිරීම් කරනුයේ එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීමේදී එම සංශෝධනය ගෙන ඒමට නියමිතය.

 



අදහස් (11)

සම්මත වූ පනත් ගොඩක අඩුපාඩු ගොඩක්

පැරකුම් Saturday, 14 October 2023 09:07 PM

දැනුම හා අත්දැකීම් නැතුව පන්දමට පස්ස දොරෙන් එන නිලධාරීන්ගෙන් මීට වැඩි යමක් බලාපොරොත්තු වන්නේ කොහොමද? අදාල දේශපාලුවන් මේවාට වගකිව යුතුයි...!

:       0       0

AB Saturday, 14 October 2023 09:42 PM

පනත් සහ රෙගුලාසි සකස් කිරීමේදී නිලධාරීන් අතින් වැරදි සිදුවීම වැඩිවෙමින් පවතින ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. එය සත්‍ය නම් මේ වනවිට පාර්ලිමේන්තුවේදී මෑතකදී සම්මත කෙරුණු පනත් සහ රෙගුලාසි ගණනාවක පවතින විවිධ අඩුපාඩු හෝ දෝෂ හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීමේදී නීතිමය වශයෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුව තිබේ නම් එයින් පැහැදිලි වන්නේ පාර්ලිමේන්තුවේ සිටිනා 225ම නිලධාරීන් විසින් සකස් කර දෙන්නවු කිසිදු අනපනතක් අධ්‍යයනය කිරීමකින් තොරව හෝ එසේ අධ්‍යයනය කලේ නම් එම එන පනත් පිළිබඳ කිසිඳු වැටහීමක්/අවබෝධයක් නොමැති කණ්ඩායමක් බව පැහැදිලි වේ. සහ එම පනත් සහ රෙගුලාසි මගින් රටට කුමන ආකාරයෙන් බලපානු ඇතිද යන්න ඔවුන්ට ගැටළුවක් නොමැති නිසාත් ඕනෑම පනතකට අත එසේවීමම ඔවුන්ගේ දැනුම සහ හැකියවන් මනාවට රටේ පුරවැසියන් වෙත පැහැදිලි වීමකි...

:       0       0

Mahase Saturday, 14 October 2023 10:09 PM

නමක්, ගමක් හරියට ලියාගන්න බැරි අයට ෙමාන අණපනත්ද?

:       0       0

JJ Saturday, 14 October 2023 10:56 PM

ගොබ්බ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ආවම මේවා වෙනවා .කිසිම පනතක් කියවන්නේ නැතිව සම්මත කරන ලොන්ත සෙට් එක

:       0       0

de silva Sunday, 15 October 2023 02:30 AM

වැදගත් රාජකාරි නිසිලෙස ඉටු නොකරන නිලධාරීන්ට විරුධව කටයුතු කරන්නේ නැද්ද?

:       0       0

ravin Sunday, 15 October 2023 05:19 AM

අඩු පාඩු ඇතිව පනත් සම්මත කර ගැනීම හෙව්ටැහැ නැවත නැවතත් මහජනයා රැවටීම .උත්තරීතර යැයි කියන තැන ඉන්න පනත් ඉදිරිපත් කරන කිසිවෙකුටව්ටැහැ කියවා තේරුම් ගන්න හැකියාව නොමැති උදවියද ?

:       0       0

සුරංග Sunday, 15 October 2023 06:58 AM

ඔය තැන්වල ඔහොම වෙද්දී රටේ අනෙකුත් රාජ්‍ය ආයතන වල කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් ඇත්තටම ඔය නීති හා පනත් කෙටුම්පත් කලාම නැවතත් පරීක්ෂා කරන්නෙ නැහැ කියලා හිතෙනවා මෙහෙම දේවල් නිසා තමයි අවුරුදු 75 ක් රට අගාධයකට ගමන් කලේ කියලා කියන්න පුළුවන්

:       0       0

City Sunday, 15 October 2023 06:58 AM

රාජ්‍ය සේවයේ නිළධාරීන් වඩාත්ම දූෂිතයන් වන අතර දේශපාලඥයින් සහ මහජනතාව දූෂිත කිරීමේ වගකීම ඔවුන් සතුය.

:       0       0

Sanath Sunday, 15 October 2023 07:18 AM

ඔය කෙටුම්පත් සහ ලියකියවිලි හදන්නෙ පලපුරුදු ලිපිකරුවන් වුණාට දැන් ඉන්න පරම්පරාව ඒවා කරන්න හරියට ඉගෙනගෙන නැහැ. පරිපාලන නිලධාරීන් ඒවා අධීක්ෂණය කරන්න දන්නෙත් නැහැ.

:       0       0

චාන්දනී Sunday, 15 October 2023 07:26 AM

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට එවනවා කියලා තමයි අහල තියෙන්නෙ ඒවා ගැන නැවතත් විමර්ශනය කරන්න පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩලයක් හෝ අංශයක් සිටියොත් නිනිවැරදි ආකාරයට පනත් සකසා ගන්න පුළුවන් වේවි

:       0       0

primeshika Sunday, 15 October 2023 08:56 AM

මොළ කාරයෝ රට දාලා යනකොට ඉතුරු වෙන පලපුරුද්ද අඩු නිලධාරීන් අතින් ඔහොම වෙනවා .ගණන් ගන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 1259 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 457 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 687 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 218 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 461 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 763 4

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 567 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site