IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සැමියාගෙන් බිරියට අහස-පොළව නුහුලන දඬුවමක්

(කේ. බුද්ධික කුමාරසිරි)

සිය බිරිඳව නිරුවත් කොට ඇයගේ දෑත් සහ දෙපා ගැට ගසා කොච්චි මිරිස් තලා තලපයක් කර ඇයගේ ශරීරයට ඇතුළු කළ බව කියන  සැමියකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අරඹා ඇතැයි  පාදුක්ක පොලිසිය පවසයි.

පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සිව්දරු මවක් පාදුක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්.එස්.ඒ. පත්මා මහත්මිය වෙත සිදු කළ පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බීමත්ව පැමිණෙන තම සැමියා දෑත් දෙපා ගැට ගසා කූඩැල්ලන් හෝ පණුවන් රැගෙනවිත් තම ශරීරයට ඇතුළු කරන බවත් එයින් තමන්ට දැඩි වේදනාවක් දැනෙන බවත් ඇය  පවසා ඇත.

එලෙස කිරීමට අවස්ථාව නොදුන් විට අමානුෂික ලෙස පහර දෙන බවත් එම කාන්තාව සිදුකල පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය පවසයි.

මෙම අමානුෂික වද හිංසා  11 හැවිරිදි දියණිය ඉදිරිපිට පැමිණවීම හේතුවෙන් දියණිය දැඩි අපහසුතාවයට පත් ව සිටින බවත් තමන්ට මාස හතරක අත දරැවකු  ද සිටින බවත් අදාල කාන්තාව වැඩි දුරටත් සදහන් කර ඇත.

කාන්තාව ප්‍රතිකාර සදහා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කළ බවද ප්‍රතිකාර කටයුතු නිමවීමෙන් පසු ඇයගේ සහෝදරියක සහ දරුවන්ද සමගින් අනුරාධපුරය ප්‍රදේශයේ පිහිටි තම මව්පියන් ගෙ නිවස වෙත යාම සදහා පාදුක්ක පොලිසියේ සේවයේ නිරත පොලිස් නිළධාරීන් එක්ව මුදලක් එකතු කර ඇයට ලබා දීමට කටයුතු කළ  බවද පාදුක්ක පොලිසිය

සැකකරු රියදුරකු ලෙස කටයුතු කරන අයකු බවත් ස්ථිර රැකියාවක් නොමැති බවත් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් සැකකරැ අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවත් පාදුක්ක පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පද්මා මහත්මිය පරීක්ෂණ පවත්වයි 

 

 



අදහස් (12)

සැමියාගෙන් බිරියට අහස-පොළව නුහුලන දඬුවමක්

Senarath Friday, 03 March 2023 12:38 PM

මේ වගේ අපතයන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ .රියදුරෙක් නිසා තනියම යනවිට අනතුරක් වෙලා .මැරෙනකම්ම විඳවන්න ලැබෙන්න ඕනේ

:       1       41

පිටිගල මිලානෝ Friday, 03 March 2023 12:43 PM

‘සෙක්ශුවල් සැඩිසම් ඩිසෝඩර්’ නැමති බලවත් මානසික රෝගයෙන් පෙලෙන්නෙක්. මොවුන්ගේ ලිංගික සංතර්පනය සිදුවන්නේ අනෙකාගේ ලිංගික වේදනාව දෙස බැලීමෙනි. මෙහිදී තම එකොලොස් හැවිරිදි ළමයාට මෙය දකින්න සැලැස්වීමෙන් ඇයගේ භීතියද මොහුගේ සංතර්පනයට හේතුවක් කරගන්නවා. මෙයින් අනුමාන කල හැක්කේ මොහුගේ ඊලග ගොදුර ඇය බවයි.

:       2       82

Nilame Friday, 03 March 2023 12:48 PM

මිනිස්සු දැන් හිසිරෙන්නේ සත්තු වගේ

:       0       41

වීරෙ Friday, 03 March 2023 01:58 PM

මාරසිංහම් මහත්තයාගෙ යාලුවෙක්. රස්සාවකුත් නැනෙ. අර මහත්තයාටත් හරිහමං රස්සාවක් නැ. තකට තක..

:       3       16

de silva berlin Friday, 03 March 2023 03:05 PM

මේ මානසික රෝගියා අත්අඩංගුවට අරන් පත්‍රිකා සඳහා යොමු කරනවා. සමාජයේ තවත් මෙවැනි පුද්ගලයින් සිටියි නම් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සඳහා ඔවුන් යොමුකිරීම ඔබගේ යුතුකම වේ... ලෝකයේ දියුණු රටවලත් මෙවැනි රෝගීන් සිටිනවා. නමුත් ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙනවා.

:       0       36

sam Friday, 03 March 2023 03:15 PM

පිස්සන් කොටුවට දාන්න ඔනෙ කාල කන්නි තිරිසනෙක්

:       1       30

ජයරත්න පීFriday, 03 March 2023 04:06 PM

පිස්සන් කොටුවේ කියලා මානසික රෝගීන්ට අපහාස කරන්න හොඳ නැහැ... මේ මිනිහාට බිරිඳට දඬුවම් කරන්න මිනිහා හැදුවා කියන ආකාරයට මිරිස් හෝ කෙටල අල නැත්නම් කිතුල් ඇට, අඹරා වතුර බැරලයක දමා කරවටක් එහි බස්සා වරුවක් තිව්වොත් හොඳටම ඇති... මෙහෙම එවුන් හදන්න වෙන්නේ එහෙම තමයි. හැබැයි එකක් මේ වෙලාවේ කාන්තාව වෙනුවෙන් ඉදිරිපත් නොවූ මානව කට්ටියම උද්ඝෝෂණ කරන්න ගනීද කියලා බලන්න වෙනවා...

:       1       39

Asiri Friday, 03 March 2023 04:04 PM

මෙයාගේ අතපය ගැටගහලා අහවල් ඒකේ නයි මිරිස් තලියක් ගාන්න. ඒ මදිවට ළමයි 4කුත් හදලා...

:       0       34

prasanna Friday, 03 March 2023 04:09 PM

බල්ලකුට දාව ඉපදුණු තිරිසනෙක්...

:       0       24

Sherine chandrasekara Friday, 03 March 2023 06:55 PM

මේ කාලකණ්ණියා, මානසික රෝගියෙක්...! මුළු ගමම එකතු වෙලා අර මේකෙ කමෙන්ට් එකේ තියෙන විදිහේ බැරල් එකකට දාලා හදලා ගන්න... තියෙන්නේ මෙයාව මනෝවෛද්‍ය ප්‍රතිකාරවලට යොමුකළ යුතුයි...!

:       0       12

sampath Friday, 03 March 2023 11:21 PM

මෙයාට නිසි දඩුවම් දෙන්න කලින් මානසික රෝහලකට යොමු කල යුතුයි. ගෘහස්ත ප්‍රච්න්ඩත්ව නඩුකරයක් ගොනු කිරීමට නීති ආදාර කොමිසමට හෝ යොමු කරවන්න

:       0       0

Bunny Preena Saturday, 04 March 2023 09:41 AM

අමනුස්සයෙක්ද කොහේද? මෙයාටත් පණුවන් සහ කූඩැල්ලන් ශරීරයට යවන්න පුළුවන් හැම තැනකින්ම යවන්න ඕනේ... ඒකේ වේදනාවේ තරම කොහොමදැයි කියලා දැනගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 541 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3213 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 3872 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 10224 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3938 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 534 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 268 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site