IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සැමියාගේ හොර වැඩේ අතටම අල්ලා දෙයි

කොළඹ පදිංචි ව්‍යාපාරිකයකු වෙනත් කතක් සමග මහනුවර හෝටලයක සිටිතියි කළ පැමිණිල්ලකට අනුව පොලිසිය එහි සත්‍යතාවය සොයා ගත්තේය. එම පැමිණිල්ල කළ බිරිය සමග පොලිසිය හෝටලයට ගොස් සැමියා සහ අනියම් බිරිය අතටම අල්ලා ගත් බව දැන ගන්නට ඇත.



අදහස් (0)

සැමියාගේ හොර වැඩේ අතටම අල්ලා දෙයි

සෆ්රීන් Sunday, 22 March 2015 05:38 AM

බිරිඳ හරිහැටි සැළකුවා නම් සැමියා මොකටද අනියම් ඇසුරු සොයායන්නේ (නි)

:       0       0

අපොන්සු Sunday, 22 March 2015 06:18 AM

හොඳ වැඩේ ඕනෑ නැති වැඩ කරන්න යන පිරිමින්ට (නි)

:       0       0

අනෝමා Sunday, 22 March 2015 06:18 AM

මේ අනියම් සම්බන්ධය සාධාරණිකරණය කරන කී දෙනෙක් මෙතන ඉන්නවද? මේ ටික බිරිඳ කළා නම් කියන්නේ "මම එයාට ඉතාම හොඳට සළකළාත් මේ විදියේ පහත් වැඩක් කළා" කියලා. තවත් සමහරු කියන්නේ පවුල රැකගන්න සැමියාගේ ඕනෑම බරපතල වරදක් නොදැක්කා වගේ ඉන්න කියලා. මගේ පුද්ගලික අදහස නම් පිරිමිකම කියන්නේ අනියම් සම්බන්ධකම් වලට ලැබෙන බලපත්‍රයක් නෙමෙයි. (නි)

:       0       0

හතුරුසිංහ Sunday, 22 March 2015 06:56 AM

ගෙදරදී අල්ල ගත්තනම් ඔය කරදර වෙන්නේ නැහැනේ. (බ)

:       0       0

රමසි Sunday, 22 March 2015 07:17 AM

අනෝමා 2015-03-22 06:18:56 මේ අනියම් සම්බන්ධය සාධාරණිකරණය කරන කී දෙනෙක් මෙතන ඉන්නවද? මේ ටික බිරිඳ කළා නම් කියන්නේ "මම එයාට ඉතාම හොඳට සළකළාත් මේ විදියේ පහත් වැඩක් කළා" කියලා.මගේ පුද්ගලික අදහස නම් පිරිමිකම කියන්නේ අනියම් සම්බන්ධකම් වලට ලැබෙන බලපත්‍රයක් නෙමෙයි.............." හලෝ අනෝමා, ඔයාට අමතක උනාද මේ කතාවේ අනිත් පැත්තේ ඔය වැඩේම කරපු ගැහැණු කෙනෙකුත් ඉන්න බව? (බ)

:       0       0

විජිත Sunday, 22 March 2015 08:54 AM

අනියම් සම්බන්දතා වලට පිරිමි වගේම ගැහැණුත් එක සමානවම වග කියන්න ඕන.මේවා බුද්දිමත්ව විසදන්න ඕනි ප්‍රශ්න (දිල්)

:       0       0

ශ්‍රී Saturday, 21 March 2015 11:19 AM

හොරකමක් ගෙන කිව්වොත් නම් මේගොල්ලෝ එන්නේ මාසෙකට පස්සේ ඒගැන හොයන්න. (නදී)

:       0       0

අභය Saturday, 21 March 2015 11:31 AM

ඕක තමයි ලෝකේ තියන ලොකුම ලැජ්ජාව. බිරිදට නෑයන්ට යාළුවන්ට දරුවන්ට සමාජයට කාටවත් මුහුණ දෙන්න බැහැ වස ලැජ්ජාව (නදී)

:       0       0

පිටිගල Saturday, 21 March 2015 01:10 PM

ඉතින් බිරිඳට මේ වැඩෙන් ඇති වෙන ප්‍රතිලාභය මොකක්ද? සැමියා වෙනදාට වඩා ආදරෙන් ඉඳීවි කියලා හිතනවා ඇති.(නදී)

:       0       0

බන්දුල Saturday, 21 March 2015 01:19 PM

අනේ පොලිසියට වෙන වැඩ නැද්ද පවුල් කඩන්නේ නැතුව (නදී)

:       0       0

කපිල් Saturday, 21 March 2015 01:19 PM

ව්‍යාපාර කටයුත්තකට වෙන්න බැරිද ? (නදී)

:       0       0

රුචී Saturday, 21 March 2015 01:50 PM

අයියෝ ඕක ශේප් එකේ කරගන්න එපායැ. පුංචි දෙයක් වත් කරගන්න බැරුව කොහොමද ලොකු ලොකු වැඩ කරන්නේ. දැන් වස ලැජ්ජාවනේ වෙන්නේ.(නදී)

:       0       0

බුවනෙක Saturday, 21 March 2015 02:02 PM

මම කැමතිනම් , කෙල්ල කැමතිනම් කාටත් ඇයි වේදනා. පොලිසියට වෙන වැඩක් නැත්ද ? (නදී)

:       0       0

චමිලා Sunday, 22 March 2015 11:28 AM

අනේ මෙහෙමත් පිරිමි! මෙතන අදහස් දාලා තියන පිරිමින්ගෙන් එකක් අහන්නද? ඔයාලගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක ඉඳලා අහුවුණොත් මොකද කරන්නේ? (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Saturday, 21 March 2015 02:07 PM

ඔය හොර රහසේ කරන වැඩ පොලිසියට කියන්න ඕන නැහැනේ. කොළඹ ඉඳල ඔය වැඩේට මහනුවර ගිහිල්ලත්, ඒක පිටිපස්සේ පොලීසිය. අනේ මේ නිලධාරීන්ට හොර ජෝඩු පස්සේ පන්නනවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද? (නදී)

:       0       0

සංජය Saturday, 21 March 2015 02:21 PM

බුවනෙක ඔබේ බිරිඳ කැමති නම්, කොල්ලා කැමති නම් මොකද කරන්නේ ? (නදී)

:       0       0

සුදත් ශ්‍රී Saturday, 21 March 2015 02:23 PM

පිටිගල, අනියම් ඇසුරක් නිසා දික්කසාදය ඉල්ලා සිටිනවා නම් එය සාක්ෂි සහිතව අල්ලා දිය යුතුයි. මම හිතන්නේ ඒ කාන්තාව කලේ එයයි. (නදී)

:       0       0

රම්සි Saturday, 21 March 2015 02:40 PM

ඉතින් ඕක අපි දැනගත්ත කියල ඇති වැඩේ මොකක්ද. (නදී)

:       0       0

අසෝක Saturday, 21 March 2015 02:53 PM

දැන් පොලිසිය පවුල් ප්‍රශ්නත් විසදනවා. වෙන කරන්න කිසිම දෙයක් නැතිද ? (නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 21 March 2015 03:01 PM

ලංකාවේ අනියම් ඇසුරු අල්ලන්න ගියොත් වෙනම කඩා පනින හමුදා අනු කණ්ඩයක් පිහිටුවන්න වෙයි. ඒ තරමටම ප්‍රශ්නේ උග්‍රයි. (නදී)

:       0       0

සුගත් Saturday, 21 March 2015 04:09 PM

මේ ප්‍රශ්නෙදි පොලිසියට බනින්න එපා. පොලිසිය අාවේ කසාද ගෑනු කෙනාගේ පැමිණිල්ලට. පැමිණිල්ලක් නැත්නම් පොලිසිය එන එක වැරදීයි.(නදී)

:       0       0

රංජිත් Saturday, 21 March 2015 04:11 PM

ඕනේ තරම් මිනිස්සු ගෑනු අහුවෙන්නේ නැතිව මේ දේවල් කරනවා අහිංසකයෝ අහුවෙනවා (නදී)

:       0       0

පරිමේ Saturday, 21 March 2015 08:29 PM

පොලිසියෙ මේ දවස්වල රාජකාරිය හොරු ඇල්ලීමනේ (නි)

:       0       0

කුමාර Saturday, 21 March 2015 09:37 PM

ඔය වගේ දේවල් දැන් දැන් හැමතැනම වගේ වෙනවා (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 21 March 2015 10:30 PM

දැන් නඩු දාන්නේ මොකක් කියලද? ඔහොම ගියොත් බස් එකේ එක සීට් එකේ ගියා කියලත් අල්ලාවි. (නි)

:       0       0

කෙවින් Saturday, 21 March 2015 11:53 PM

සමහර ගැහැණු සැමියත් එක්ක රණ්ඩුවෙන එක විතරයි කරන්නේ. ඉතිං මේකත් මුලික අවශ්‍යතාවක් නිසා මේ වගේ වැඩ වෙනවා. (නි)

:       0       0

කරුණාරත්න Saturday, 21 March 2015 11:55 PM

කාන්තාවන්ගේ වැඩත් මෙහෙම හසුවුණා නම් මීටත් වඩා රස කතා දාන්න තිබුණා. (නි)

:       0       0

කරුපෙරුම Saturday, 21 March 2015 11:56 PM

ඇත්තටම මෙවැනි දේ වලට නිසි දඬුවම් ලබාදිය යුතුයි. (නි)

:       0       0

සුජීව Sunday, 22 March 2015 12:46 AM

ඔබ මගේ නම් මා ඔබේ නම් කාටවත් ඇයි වේදනා... (නි)

:       0       0

සුජීවා Sunday, 22 March 2015 12:48 AM

දත නැතිදා උක් දඩු ගිනි තපින්නද ? එ්ක නිසා දත් තියන කලේ උග්ගස් කන්න ඕනා. (නදී)

:       0       0

ලසිත Sunday, 22 March 2015 12:52 AM

කෑම බිම වගේම මුලික මිනිස් අවශ්‍යතාවයක් ලිංගිකත්වය කියන එකත්. ලංකාවේ මෙය කතා කරන්නේ නැතුව හංගගෙන ඉන්න නිසා තමයි ප්‍රශ්න වැඩි. ඒ නිසා තමයි එවැනි දේ ගූගල් මගින් වැඩිපුරම සර්ච් කරපු රට බවට ලංකාව පත්වුනේ. ලිංගික ගැටළු ආ විට තමයි මෙවැනි දේ බොහෝ විට වෙන්නේ. ගැලපෙන එකක් මුලින්ම හොයා ගෙන බැඳගත්තේ නැති උනහම ඔහොම වෙනවා. (නදී)

:       0       0

කරුණාදාස Sunday, 22 March 2015 12:54 AM

ක්‍රිස්තු පූර්ව ගනන් වල විධියට පවුල් ප්‍රශ්න විසඳන්න බැහැ අද කාලේ. ඒකයි මේවා උග්‍ර වෙන්න හේතුව.(නදී)

:       0       0

කරූ Sunday, 22 March 2015 12:56 AM

අනියම් ඇසුරක් තිබූ පමණින් ඔහු හෝ ඇය වැරදිකරු කල නොහැකියි. ඊට හේතුවු කරුනු සොයා බලා ඉන්පසුවයි කවුරු හරිද වැරදිද කියලා තිරණය කල යුත්තේ. අද සමහර ගැහැණු කසාද බැන්දට පස්සේ තම ස්වාමියට වෙන ස්ත්‍රියක් එක්ක කතා කරන්න දෙන්නෙත් නැහැ. මානව හිමිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරිමක් ඒක. ඒ වාගේ දේ නිසා අනියම් ඇසුරු වලට පෙලඹෙනවා වැඩියි. (නදී)

:       0       0

සුදන්ත Sunday, 22 March 2015 01:00 AM

ලංකාවේ අනියම් ඇසුරු අල්ලන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැ. කල යුත්තේ තරුණ දරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන එකයි. ගැලපෙන අයෙකු තෝරා ගන්නා ආකාරය. පවුල් ජිවිතයේ වැදගත්කම වැනි දේ ගැන. ඒ මොනවත් කරන්නෙ නැතුව කසාද බැදගෙන ප්‍රශ්න ආවාම මෙවැනි දේ උනාම අල්ලා කුඩුවට දාලා හො නිති හදලා මේවා විසදන්න බැහැ. (නදී)

:       0       0

ආලෝක Sunday, 22 March 2015 01:01 AM

අහුවුනේ සැමියව විතරයි වෙන්න පුළුවන්. ඒ නිසා තින්දු දෙන්න ඉක්මන් වෙනන් එපා අපේ කමෙන්ටි දාන මල්ලිලා.(නදී)

:       0       0

සුදාර Sunday, 22 March 2015 01:04 AM

මේක නම් බිරිඳ හොඳට සැළසුම්කරලා කාගෙහරි උපදෙස් මත කරපු වැඩක්. (නි)

:       0       0

සමන්ත Sunday, 22 March 2015 01:08 AM

මෙම බිරිඳට සැමියාව ඕනෑ නම් පොලිසිය එක්ක ගිහින් ප්‍රසිද්ධ කරන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

සුජීව Sunday, 22 March 2015 01:18 AM

සුජීවා 2015-03-22 00:48:40 දත නැතිදා උක් දඩු ගිනි තපින්නද ? එ්ක නිසා දත් තියන කාලේ උග්ගස් කන්න ඕනා. (නදී)

:       0       0

කෙවින් Sunday, 22 March 2015 01:23 AM

පවුල් කන එක ලෙහෙසි නැහැ. ඒක කලාවක්. එය ඉගෙනගත යුතුයි. (නි)

:       0       0

දමයන්ති Sunday, 22 March 2015 01:27 AM

මෙම බිරිඳට කරන්න තිබුණු එකම හා හොදම දෙය පොළිසිය එක්ක එතනට යන එකද? පවුල එතනින්ම ඉවරයි නේද නංගියේ? (නදී)

:       0       0

රමසි Sunday, 22 March 2015 01:29 AM

නීති වලින් මේවා විසඳන්න බැහැ. තිබෙන නීතිත් වෙනස් කළයුතුයි. කතාව මානව හිමිකම්, මානව නිදහස ගැන. ඒ වුණාට මේ සම්බන්ධ නීති යල්පැනපුවා. ඒවා වෙනස් කරන්නෙ නැහැ. (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 22 March 2015 01:32 AM

මෝඩ වැඩක්නේ! දැන් ඉතින් ඔක්කොම හරි ඇති. පවුල රැකෙයි යසට මේ කළ වැඩෙන්. (නි)

:       0       0

හේමන්ත Sunday, 22 March 2015 01:40 AM

අධිවේගී මාර්ග, මානව හිමිකම්,මානව නිදහස, ෆේස්බුක් වගේ හැමදේම දියුණු රටවලින් කොපි කරනවා. දික්කසාද නීතිය විතරක් ක්‍රිස්තුපූර්ව ගණන් වල විදියටම පවත්වාගෙන යනවා. එහෙම වුණාම මේ වගේ දේවල් ඇතිවීම සාමාන්‍යයි. (නි)

:       0       0

කපිල Sunday, 22 March 2015 01:42 AM

ලිංගිකත්වය ගැන තරුණ දුවා දරුවන් දැනුවත් කළයුතුයි. විවාහයේ ලිංගික ප්‍රශ්න නිසා තමයි හුඟක් පවුල් කැඩෙන්නේ. ඒකට සැමියාට බැනලා වැඩක් නැහැ. (නි)

:       0       0

දයාන් Sunday, 22 March 2015 01:48 AM

කපිල මහතා නිවැරදියි. පසුගිය දවසක ලංකාදිපයේම මෙවන් ප්‍රශ්න ගැන හොඳ ලිපියක් ගියා මට මතකයි. බිරින්දෑවරු මෙය නොසළකා සිටීමත් මෙයට එක් ප්‍රධාන හේතුවක්. මේවට සැමියන්ව මහා අපරාධකාරයෙක් විදියට හංවඩු ගහලා, හිරේ දාලා හෝ කෝටි ගණන් වන්දි ගෙවන්න කියලා උසාවි වලින් නියම කරන එක වැරදියි. නමුත් අද අප රටේ වෙන්නේ එයයි. (නි)

:       0       0

කරුණාදාස Sunday, 22 March 2015 01:58 AM

මේ සැමියට පවුල රැකගන්න ඕන නිසයි හොර රහසේ කොළඹ සිට මහනුවරට ගොස් තියෙන්නේ. නමුත් බිරිඳට පවුල රැකගන්න ඕන නැති නිසයි පොලිසිය එක්ක ගිහින් ප්‍රසිද්ධ කරලා මේක අැල්ලුවේ. සමහර විට සැමියා ව්‍යාපාරිකයෙක් නිසා හොඳ වන්දියක් ගන්න වෙන්න පුළුවන්. ඇත්තටම කවුද හරි? (නදී)

:       0       0

වීරරත්න Sunday, 22 March 2015 02:10 AM

කරුණාදාස මහත්තයා හරි. (නි)

:       0       0

නලීන් Sunday, 22 March 2015 02:14 AM

දැන් ඉතින් ගෙදර හැමදාම ප්‍රශ්නනේ! (නි)

:       0       0

සුජීව Sunday, 22 March 2015 02:14 AM

ඔව් අප්පේ! මමත් හිතලා බැලුවා. එයා වැරදිත් නැහැ නේද? (නි)

:       0       0

වසන්ත Sunday, 22 March 2015 03:14 AM

පොලිසියටත් දැන් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ මේවා අල්ලනවා හැරෙන්න (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 22 March 2015 03:52 AM

ව්‍යාපාරිකයන්ගේ ගනු දෙනු මෙහෙම තමයි (දිල්)

:       0       0

සංඛ Sunday, 22 March 2015 03:57 AM

ආහාර, ඇඳුම්, නිවාස, ලිංගිකත්වය කියන එ්වා මූලික මිනිස් අවශ්‍යතා. (බ)

:       0       0

සුදේශ් රණතුංග Sunday, 22 March 2015 04:02 AM

"කොළඹ පදිංචි ව්‍යාපාරිකයකු වෙනත් කතක් සමග මහනුවර හෝටලයක සිටිතියි කළ පැමිණිල්ලකට අනුව සැමියා සහ අනියම් බිරිය අතටම අල්ලා ගත් බව දැන ගන්නට ඇත" නමුත් වෙනත් කතක් සමග හෝටලයක සිටි පමණින් ඇය අනියම් බිරිය කියන්න බැහැ. ගණිකාවක්ද කවුද දන්නේ. (බ)

:       0       0

කමල්ප්‍රිය Sunday, 22 March 2015 04:05 AM

මෙයාට පවුල රැකගන්න උවමනාවක් නැහැ වගේ. සැමියාට යන තැනට වැඩ සෙට් කරලා, අතටම අල්ලාගෙන වගේ මටනම් පේන්නේ. ව්‍යාපාරිකයෙක් නිසා සෑහෙන වන්දියක් ගන්න බලාගෙනම. (බ)

:       0       0

වසන්ත Sunday, 22 March 2015 05:20 AM

සෑම පවුලකටම ප්‍රශ්න තියෙනවා.එය නිරාකරණය කර ගන්න ක්‍රමය වැරදි. අන්තිමට වෙන්වීමකින් නවතිනවා. දරුවන් අසරණ වෙනවා.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 918 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 430 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 937 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3402 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 608 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 237 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site