IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සැමියා නිසා ඔයාගෙ ජීවිතේ හදාගන්න සිද්ධවුණ දේවල් මොනවද?

gv  

හිමාලි සයුරංගි නිළියක් වගේම නිවේදිකාවක් විදිහටත් ජනප‍්‍රියත්වයේ ඉහළම තැනකයි ඉන්නෙ. හිමාලි රඟපාන ”ලොක්කි” ටෙලිනාට්‍යය මේ දවස්වල විකාශනය වෙනවා. ඒ විතරක් නෙවෙයි හිමාලි දැන් අවුරුදු එකහමාරක විතර පුංචි දියණියක් ඉන්න අම්මා කෙනෙක් ද වෙනවා. අද ඇත්තම කියන්න කියලා අපි කියන්නෙ හිමාලි සයුරංගිටයි.


star සයුරංගි විවාහවෙලා දැන් කොච්චර කල්වෙනවද?
අවුරුදු තුනයි


star ඔයත් විවාහයෙන් පස්සෙ රඟපෑම් සීමා කර ගත්තු නිළියක්ද?
”නෑ... මට එහෙම සීමා කර ගැනීමේ ප‍්‍රශ්නයක් තිබුණෙ නෑ.. ඒ මොකද මම කොහොමටත් රඟපෑම් සීමා කරගෙන... තෝරා බේරා ගෙනයි... මේ ක්ෂේත‍්‍රයෙ රැුඳිලා ඉන්නෙ... දුව ලැබෙන්න ළංවෙනකම්ම මම රඟපෑවා.’’


starඇයි ඒ විදිහෙ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඔයා හිතුවෙ?
”මම කලාවට ආදරෙයි. හරිම ආදරෙයි. රඟපෑම... නිවේදනය, හඬ කැවීම.. ඒ තමයි මගේ වෘත්තිය. ඉතින් ඒ වෘත්තිය කරද්දි ගරුත්වයක්... වැදගත්කමක් ඇතිව ඒක කරගෙන යන්නයි මට  ඕනැවුණේ. මම කවදාවත්ම මට ලැබෙන හැම නිර්මාණයක්ම භාර අරගෙන නෑ. රඟපාපු නිර්මාණ ප‍්‍රමාණය වැඩි කර ගැනීමේ හීනයක් මට තිබුණෙ නෑ. ඊට වඩා මම හිතුවෙ මට තෘප්තිමත්වෙන දේවල් භාර අරගෙන ඒ දේවල් මගේ උපරිමයෙන් කිරීමයි. එතනදී මම ඒ නිර්මාණකරුවන් ගැන වගේම එයාල කලින් කටයුතු කරපු නිර්මාණ ගැනත් හිතනවා. කරන දේ හරි දෙයක්.. ඒ හරි දේ හරි විදිහට කරන්නයි මට  ඕනැ.”

SEDG
star විවාහයෙන් පස්සෙ... මොනම වෙලාවකවත් රඟපෑම් සීමා කර ගන්න කියලා සැමියාගෙන් බලපෑම් ආවෙ නැද්ද?
”නෑ... කිසිම වෙලාවක නෑ...”


starඑහෙම බලපෑම් ආවනම්?
”එහෙම බලපෑම් එන්න විදිහක් නෑ.. ඒ මොකද අපි දෙන්නා දැන හඳුනාගෙන එකපාරටම නෙවෙයිනෙ විවාහ වුණේ... දැන හඳුනා ගැනීම් තුළින් දෙන්නට දෙන්නගෙ අදහස් තේරුම් අරගෙනනෙ විවාහවුණේ. ඉතින් එයා මගේ සිතුම්... පැතුම්... මගේ විදිහ හොඳින්ම දන්නවා...”


star ඒත් බැරිවෙලාවත් එයා ඔයාට රඟපෑමෙන් අයින් වෙන්න කිව්වා නම්
”ඒක එහෙම වෙන්නෙ නෑ කියලා මම දන්නවනෙ... එයත් දන්නවා මට රඟපෑමෙන් ඈත්වෙලා ඉන්න බෑ කියලා... මම ජීවිතය බොහෝම කළමනාකරණය කරගෙනයි වැඩ කටයුතු කරන්නෙ. ඒ තුළ.. හැම දෙයක්ම මට හොඳින් සමබරව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා.”


star විවාහයෙන් පස්සෙ ඔයාලගෙ ජීවිත ඇතුලෙ වැඩිපුරම සිද්ධවුණේ ඔයා සැමියා කියන විදිහට හැඩ ගැහුණු එකද නැත්නම් සැමියා ඔයා වෙනුවෙන් හැඩ ගැහුණු එකද?
”අපි දෙන්නගෙන් කාටවත් එහෙම විශේෂයෙන් කියලා හැඩගැහෙන්න දේවල් තිබුණෙ නෑ. සිතුම් පැතුම් තේරුම් ගැනීම තුළ ඒ ඒ දේවල් අඩු වැඩියෙන් දෙපැත්තෙන්ම සිද්ධවෙන්න ඇති.”


starඔයා හිතනවද බිරිඳක් විදිහට ඔයාගෙන් සැමියට ඉටුවිය යුතු යුතුකම් හැම එකක්ම නොපිරිහෙලා ඉටුවෙනවා කියලා?
”මම හිතනවා මගෙන් ඉටුවිය යුතු යුතුකම් අතපසුවෙනවා අවමයි කියලා.”


star සැමියා නිසා ඔයාට ඔයාගෙ ජීවිතයෙ හදාගන්න සිද්ධවුණ දේවල් මොනවද?
”සමහර වෙලාවට සමහර දේවල්වලට මට කේන්ති යනවා. ඒ වෙලාවලට කියන්න තියෙන දේ මූණටම කියනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී ඉවසීමෙන් කටයුතු කරන විදිහ එයා නිසා මම ඉගෙනගෙන තියෙනවා.”


star මොන මොන වගේ දේවල්වලට ද ඔයාට කේන්ති යන්නෙ?
”බොරු කියනවට.... බොරු කරනවට මම ආස නෑ. අසාධාරණයට කැමති නෑ. අකටයුතුකම්වලට කැමති නෑ.


star විවාහ ජීවිතයක් සාර්ථක කර ගන්නෙ කොහොමද කියලා ඇහුවොත් ඔයාලගෙ අත්දැකීම් එක්ක ඔයා ඒකට දෙන කෙටිම පිළිතුර මොකක්ද?
කවදාවත්ම දෙන්නෙකුගෙ අදහස් සියයට සියයක්ම සමාන වෙනවා කියලා මට හිතෙන්නෙ නෑ. ඒත් අදහස්වලට සමීප වෙන්න පුළුවන්.. දෙන්නෙක් එකතු වුනහම ගැලපීම් වගේම නොගැලපීම් තියෙන්න පුළුවන්. විවාහ ජීවිතයක් ඇතුලෙදී කරගන්න තියෙන හොඳම දේ තමයි.... ඒ ගැලපීම්... නොගැලපීම් අවම කර ගැනීම හා සමබර කර ගැනීමට උත්සාහ කිරීම. විවාහ ජීවිතයක් පවත්වාගන යන්න පුළුවන් වෙන්නෙ එතකොටයි.


M



අදහස් (0)

සැමියා නිසා ඔයාගෙ ජීවිතේ හදාගන්න සිද්ධවුණ දේවල් මොනවද?

කුමාරි Friday, 12 December 2014 12:57 PM

ඇත්තටම හොඳ නිලියක්.අනාගතයට සුබ පතනවා!(හේ)

:       0       0

ලසන්ත Saturday, 13 December 2014 03:12 AM

ආදර්ශවත් නිළියක්. (නි)

:       0       0

සහන Friday, 12 December 2014 08:09 AM

ඉතාම හොඳ කාන්තාවක් හා නිළියක්.ඔබට සුබ පතනවා! (නි)

:       0       0

රසිකා Friday, 12 December 2014 08:10 AM

හරිම චාම් ලස්සනක් තිබෙන නිළියක්. ඔයා ටිකක් පුජා වගෙයි. (නි)

:       0       0

අනුෂා Friday, 12 December 2014 08:25 AM

ඒ වුණාට සමහරු නම් හිතාගෙන ඉන්නේ එයාලට බැරි දෙයක් නැහැ කියලයි. (නි)

:       0       0

කමල් Saturday, 13 December 2014 05:48 AM

මේ කියන කතා ඇත්තද?(හේ)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 14 December 2014 05:26 AM

හොද නිලියක්. (ර)

:       0       0

නන්දසේන Friday, 12 December 2014 07:41 PM

ලස්සන කාන්තාවක්! (නි)

:       0       0

ජීවා Friday, 12 December 2014 11:04 AM

හරිම චාම් මම අාස කරන නිලියක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 670 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 249 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1382 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2609 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1518 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site