(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නුවරඑළිය ,මාගස්තොට විජිතපුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුටපිහියකින් ඇන ඝාතනය කළේ යැයි කියන සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරනඑම පුද්ගලයාගේ බිරිය නුවරඑළිය මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ ඝාතනය කර ඇත්තේ විජිතපුර ප්‍රදේශයේ පදිංචි බී. චන්ද්‍රසේකර නැමැති තිස්තුන් හැවිරිදි වියේ පසු වනකුලී වැඩ කර ජීවිකාව ගෙන යන අයෙකි. අත්අඩංගුවට ගත් සැකකාරිය තිස් දෙහැවිරිදි වියේ පසුවන තැනැත්තියකි.
චන්ද්‍රසේකර නැමැත්තා බීමතින්පැමිණ වෙරි මරගාතේ බිරියට පහර දුන් අවස්ථාවේඇය සැමියාට පිහියකින් ඇන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි නුවරඑළිය මුලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම පුද්ගලයාගේ පිට ප්‍රදේශයේ පිහි ඇනුමකින් සිදු වූ බවට අනුමාන කළ හැකි තුවාලයක් දක්නට ලැබෙන බව පොලිසිය කියයි.
පිහි පහර කෑ මෙම පුද්ගලයා එම ස්ථානයේම ඇද වැටී මිය ගොස් ඇතැයි ද පොලීසිය කියයි.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සැමියා මරුවයි බිරිය අත්අඩංගුවට
පැරකුම් Sunday, 24 September 2023 09:22 AM
ඉතාමත් කණගාටුදායක පුවතක් මෙවැනි තත්ව ඇතිනොවන පරිදි කටයුතු කරන සමාජ ශෝධන ආයතන නැතිවීම විශාල අඩුපාඩුවකි...
කිරිපුතා Sunday, 24 September 2023 09:46 AM
දෙන්නගෙන් එක් අයෙක් ඉවසිය යුතු අවස්ථාව නැති කරගෙන. දැන් හරිනේ. දැන් තියෙන්නේ දෙන්නාටම මෙලොව සහ එලොව ආදීනව විඳින කාලයයි....!
Bunny Preena Monday, 25 September 2023 10:18 AM
අප සමාජයේ අඩ දබරයක් වෙලා නරක දෙයක් උනාට පස්සෙ තමයි බොහො දෙනා හිතන්ට පටන් ගන්නෙ මට තව පොඩ්ඩක් ඉවසන්ට තිබුනා නෙද, මෙහෙම නොකර ඉන්ට තිබුනා නේද, මම ඉක්මන් උනා නේද කියලා. ගිය නුවන අලි අතුන් දාලත් ඇද ගන්ට බැහැයි කියනවානෙ. උදෙන්ම නැගිටල සියලු කටයුතු වලට පලමුව තම ආගම මෙනෙහි නොකිරීමෙ විපාක.