IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සමීර අයියා මට ගොඩක් උදව් කරනවා

IMG-20150818-WA0006

අනුරාධා එදිරිසිංහ
ඒ තමයි පුංචි තිරයට එකතුවෙන දක්ෂ නිළිය.


ඇගේ රඟපෑම් පේ‍්‍රක්ෂකයින් අතරට එකතුවෙලා තවම වැඩි දවසක් නෑ. ඒත් අනුරාධා කාගේත් අවධානය දිනා ගත්තා. එම නිසාම පුංචි තිරයට එකතුවෙන දක්ෂ නිළිය ගැන අපට කතා කරන්න හිතුනා. 


0101 අනුරාධා නිළියක් වෙන්නෙ කොහොමද? 
මම නිළියක් වෙන්නෙ හරිම අහම්බෙන්. නොහිතපු විදිහට පුංචිම කාලේ මාව රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සෙ මම සිරස රූපවාහිනිය තරුමංසල වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒක සිද්ධවෙන්නෙත් අහම්බෙන්. ඊට පස්සේ තමයි මගේ මුල්ම ටෙලිනාට්‍යයට මට ආරාධනාවක් ලැබෙන්නේ. 

0101

 අහම්බෙන් ඒ අවස්ථා ලැබෙනවා ඇරෙන්න නිළියක් වෙන්න ඔයාගෙ හිතට ආසාවක්, උනන්දුවක් ඇති වුණේම නැද්ද? 

කලාවට මගේ ලොකු ආසාවක් තිබුණා. හැබැයි ඒත් ඒ රඟපාන්න නෙමෙයි, සංගීතයට. ඒ නිසාම මම සංගීතය ඉගෙනත් ගත්තා. නැටුම් ඉගෙන ගන්නත් ආසාව තිබුණත් මගේ තාත්තා කැමැති වුණේ නෑ මම නැටුම් ඉගෙන ගන්නවාට. ඒ නිසා මම සංගීතය කරන අතරෙ තාත්තාට හොරෙන් කාලයක් නැටුම් පංතිත් ගියා. හැබැයි චිත‍්‍රපට, ටෙලිනාට්‍ය බලන්න ලොකු උනන්දුවක් තිබුණා. 


0101 රූපවාහිනී වෙළෙඳ දැන්වීමක පෙනී හිටිය නම් තරුමංසල වැගේ රූපවාහිනී වැඩසටහනකටත් සහභාගි වුණා නම් ඇයි රඟපෑම පැත්තට හිත නොගියේ? 

මගේ තාත්තා මම ඒ විදිහෙ පැතිවලට යොමුවෙනවට කැමැති නෑ කියලා මම දැනගෙන හිටියා. ඒ නිසාමද කොහෙද මම ඒ පැත්ත ගැන හිතන්න ගියෙත් නෑ. ඒත් හැබැයි නළු නිළියො ගැන ලොකු උනන්දුවක් ආසාවක් තිබුණා. 


0101 ඒත් ඔබට නිළියක් වෙන්න අවස්ථාව ලැබුණනේ. ඒ වෙලාවෙදි ඒ විරුද්ධතා ආවේ නැද්ද? 

මටත් පුදුම හිතුනා තාත්තා ඒ වෙලාවෙ මට විරුද්ධ වුණේ නෑ. ඒ නිසාම නොහිතපු විදිහටම ලැබුණ ආරාධනයකට අනුව තමයි ‘දුර්ග තරණය’ ටෙලිනාට්‍යයේ රඟපාන්නත් ඉඩ ලැබුණා. ඊට පස්සේ නම් මගේ හිතෙත් රඟපෑම ගැන උනන්දුවක් වගේම ආසාවක් ඇතිවුණා. 


0101 ඔබ මේ වෙද්දි ටෙලිනාට්‍ය කීයක රඟපාල තියෙනවාද? 

දුර්ග තරණය හා උතුම් පැතුම්. නිල්වලා ආයතනයෙන් තවත් ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. 


0101 අහම්බෙන් ලැබුණ අවස්ථා නිසා නිළියක් වීම ගැන දැන් මොකද හිතෙන්නේ? 

දෛවය විසින් මට උරුම දේ ලබාදීලා තියෙනව කියල හිතෙනවා. ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා. 


0101 සිනමාව පැත්තට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

තවම ඒ විදිහෙ ආරාධනා නම් ලැබිලා නෑ. ඒත් සිනමාවට මම ආසයි. 


0101 ඔයා ඩාන්සින් පැත්තටත් උනන්දු නිසා සිනමාවේ ලස්සන නැට්ටුක්කාරියෙක් වෙන්න ආස නැද්ද? 

ඒක හීනයක්. 


0101 ඒ හීනේ සැබෑකරගන්න හිතෙන්නේ නැද්ද?

ඒකත් මම දෛවයටම බාර කරනවා. මේ වෙනකම් කිසිම දෙයක් මම පස්සෙන් ගිහින් ලබාගෙන නෑ. 


0101 අපේ සිනමාවේ පෙම් චරිත රඟපාන්න හොඳම නිළිය කවුරු කියලද ඔබ හිතන්නේ?

පූජා උමාශංකර්. පූජා රඟපාපු තිරගත වෙන්න තියෙන පත්තිනි චිත‍්‍රපටයේ දර්ශන මම දැක්කා. හරිම ලස්සනයි. 


0101 අපේ නළුවන්ගෙන් හිත පිස්සු වට්ටන තරමට පෙම් චරිත රඟපාන නළුවා කවුද කියලා ඇහුවොත්?

ඒ රොෂාන් රණවක. 


0101 කටකතාවලට ඔයා බයද?

කටකතාවලට මම බය නෑ. ඒත් කටකතා හදාගන්න ආස නෑ. 


0101 ඒත් ඔයා ගැනත් කතාවක් හැදිලා තියෙනවානෙ?

මේ මම ගැන? තාම මගේ පළවෙනි ටෙලිනාට්‍ය විකාශනය වෙන්න පටන් ගත්තා විතරයිනෙ අනේ.


0101 ඔයා තාම රඟපාලා තියෙන්නෙ ටෙලිනාට්‍ය දෙකක විතරයි. ඒකෙනුත් විකාශනය වෙන ටෙලිනාට්‍යයෙන් ඔයාගෙ චරිතය පටන් ගත්තා විතරයි. ඒත් තරමක සුළු කටකතාවක්නෙ ඔයා ගැන පැතිරෙන්නේ.

නෑ... ඒක වෙන්න බැරි කතාවක්.

 

IMG-20150818-WA0003

 

0101 ඇයි නැත්තෙ ඔයා තරුණ නළුවෙක් එක්ක එහෙ මෙහෙ රවුම් ගහනවාලූ. ඒක බොරු කතාවක්ද? 

සමීර චානක අයියා එක්ක තමයි මම ‘‘දුර්ග තරණය’’ ටෙලිනාට්‍යයේ රඟපෑවේ. සමීර අයියා මට ගොඩක් උදවු කරනවා. ඒ නිසාම අපි දෙන්නා හොඳ යාළුවො. මොනවා හරි විශේෂ අවස්ථාවක් තිබුණොත් මම සමීර අයියත් එක්ක තමයි යන්නෙ. අනේ ඒක කටකතාවක් හදන්න තරම් දෙයක් නෙමෙයි. 


0101 ඒක ආදර සම්බන්ධයක් ඇතිවෙන්න තරම් හොඳ යාළුකමක් වෙලා නැද්ද තවම?

අපෝ, අපි කාගෙවත් හිත්වල එහෙම හැඟීමක් නෑ. 


0101 දැන් අපි උතුම් පැතුම් ටෙලිනාට්‍යයෙ ඔයා රඟපාන චරිතය ගැන කතාකරමුකො?

‘නයෝමි’ කියන චරිතය තමයි මට උතුම් පැතුම් ටෙලිනාට්‍යයේ රඟපාන්නෙ. ඒක ටිකක් කට සැර ගෑනු ළමයෙකුගෙ චරිතයක්. 


0101 ඔයත් හැබෑ ජීවිතයේ ඒ වගේ කට සැර ගෑනු ළමයෙක්ද?

දන්නෙ නෑ. මම ඒ තරම් කට සැර කෙනෙක් නෙමෙයි. ඒ චරිතය වෙනුවෙන් මට කට සැරකර ගන්න වෙලා තියෙනවා. 


0101 අලූත් නිළියො එද්දි පරණ නිළියො කැපිලි දානවලූ? ‘‘උතුම් පැතුම්’’ ටෙලිනාට්‍යයේදී ඒ වගේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධවෙලා නැද්ද? 

නෑ... මට නම් එහෙම වෙලා නෑ. මට වැඩිපුරම රඟපාන්න ලැබිලා තියෙන්නේ බුවනි අක්කා එක්ක. එයා නම් හරිම හොඳයි. හොඳ සහයෝගයක් මට දෙනවා. 


0101 අනුරාධාගේ පවුලේ තොරතුරු කියන්න. 

අම්මයි, තාත්තයි, අයියයි, මමයි. මගෙ කලා කටයුතුවලට අම්මගෙනුයි අයියගෙනුයි හොඳ සහයෝගයක් ලැබෙනවා. 

 

 - ගාමිණී වාසුලසූරිය - 

 

IMG-20150818-WA0007

SANDALLA-08

 



අදහස් (0)

සමීර අයියා මට ගොඩක් උදව් කරනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 615 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4106 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2534 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1318 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1435 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27681 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site