IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 73 වැනි වියේ පසුවිය.

පසුගිය දිනවල අසනීප තත්ත්වයෙන් පසුවූ අමරසිංහ මහතා කඩුවෙල පිහිටි සහෝදරයකුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි පවසයි.

සෝමවංශ අමරසිංහ මහතා 1990 සිට 2014 වසර දක්වා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දැරීය. 2014 වසරේදී එම පක්ෂයෙන් ඉවත්වූ ඒ මහතා ජනතා සේවක පක්ෂය පිහිටුවා ගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණේ 1971 කැරැල්ලේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ අමරසිංහ මහතා 88-89 කාලයෙන් පසු විදේශගතව සිට ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැංවීමට දායක විය.

 



අදහස් (0)

සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

රොහාන් Wednesday, 15 June 2016 07:19 AM

උසස් ගුණාංග තිබූ මහත්මයෙක් (නි)

:       0       0

සේන Wednesday, 15 June 2016 08:12 AM

මටත් ගොඩක් කණගාටුයි. ඔබට නිවන් සුව! (නි)

:       0       0

නාලක Wednesday, 15 June 2016 08:23 AM

සැබෑ ජවිපෙ අවසන් සමුරායිවරයාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 15 June 2016 08:20 AM

දේශපාලනයේ පරාජිත චරිතයක් මොකද තම සාමාජිකයන් මහමග මැරී වැටෙද්දී තම ජීවිතය රැකගැනීමට පලාගිය අසාර්ථක හා බියගුළු නායකයෙක් ලෙස ඉතිහාසයට එකතුවනු ඇත , ඔබට නිවන් සුව පතමි (බ)

:       0       0

දීප්ති Wednesday, 15 June 2016 08:22 AM

බලවත් ශෝකය, නිවන් සැප පතමි (බ)

:       0       0

ශෂික Wednesday, 15 June 2016 08:24 AM

ඉතා කනගාටුයි...ඔබතුමාට නිවන් සුව....හැබැයි එදා ෆොන්සේකාට කඩේ යමින් කළ කොම්පියුටර් ජිල්මාට් කතාවනම් කවදාවත් මැරෙන්නේ නැහැ. (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 15 June 2016 08:25 AM

මොහු අන්තිම කාලයේ හැසිරුණු කරපු දේශපාලනය කෙසේ වෙතත් , කලක් ජන හද දිනා ගත කෙනක් , නිවන් සුව පතමි (බ)

:       0       0

කපිල ඩුබායි Wednesday, 15 June 2016 08:34 AM

කිසිම වැඩක් නැති , රටට වැඩක් නැති දේශපාලකයෝ . කට විතරයි , ප්‍රතිපත්ති නෑ. නමුත් නිවන් සුව පතමි (බ)

:       0       0

අශෝක Wednesday, 15 June 2016 08:40 AM

ආදරණිය නායකයානනි ඔබෙි ජිවිතේ අවසාන අවධියේ දි දේශපාලන වශයෙන් ජරා ජිර්ණ වුවත් සැබෑ නායකයානනි ..අපේ ආදරණීය පක්ෂයට දිරිය දුන් ඔබට නිවන්සුව පතමි (ම)

:       0       0

පසිඳු Wednesday, 15 June 2016 09:12 AM

රට වෙනුවෙන් විමුක්තිය පෑ ඔබ අද අපෙන් වෙන්වී, තම නව ආත්මයට මා නමස්කාර කරමි, නිවන කරා යාමට අප පින් අනුමෝදන් කරමු. (ම)

:       0       0

සම්පත් Wednesday, 15 June 2016 09:41 AM

මොනවා වුණත් කොන්දක් තිබුන නියම මිනිසෙක් (නි)

:       0       0

සුදත් ශ්‍රී Wednesday, 15 June 2016 10:00 AM

සෝමවංශ අමරසිංහ සහෝදරයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

හේමන්ත Wednesday, 15 June 2016 10:00 AM

ඔබෙන් පසුව විමුක්තියක් ජනතාවට නොලැබෙනු ඇත. ප්‍රිය සහෝදරය, ඔබට නිවන් සුවය පතමි. (නි)

:       0       0

නන්දන Wednesday, 15 June 2016 10:18 AM

ඔබ සත්‍ය දර්ශනයට අපි ගරුකළෙමු. දේශයේ ගමන්මඟ, ජන සිතුවිලි වෙනස්කළේ ඔබයි. ඔබට නිවන් සුව! (නි)

:       0       0

සිරි Wednesday, 15 June 2016 10:19 AM

සහෝදරයා, ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ග්‍රේරෝ Wednesday, 15 June 2016 11:06 AM

ඔබ සමාදානයේ සැතපේවා..(අ)

:       0       0

ජනක Wednesday, 15 June 2016 05:01 AM

එතුමාට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

කිත්සිරි Wednesday, 15 June 2016 05:03 AM

රටේ නොමැකෙන නමක් තබා ගිය චරිතයක් (නි)

:       0       0

තරංග Wednesday, 15 June 2016 05:03 AM

එතුමාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

කේෂලා අමන්ද Wednesday, 15 June 2016 05:08 AM

එතුමාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ජනක Wednesday, 15 June 2016 11:35 AM

අමරසිංහ සහෝදරයට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

විජේපාල Wednesday, 15 June 2016 05:10 AM

මේ රටේ අසරණ ජනතාව වෙනුවෙන් අවංකවම හඬක් ගෙනගිය ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව. (නි)

:       0       0

ඇන්ඩෘ Wednesday, 15 June 2016 11:34 AM

ඔබට නිවන් සුවය පතමු! (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 15 June 2016 05:17 AM

ජීවත්වන ටික කාලෙටනේ මේ හැමදෙයක්ම. කරපු කියපු දෙයක් තමයි අන්තිමේදී ඉතිරි වෙන්නේ. නිවන් සුව පතමි! (නි)

:       0       0

ංයසිංහ Wednesday, 15 June 2016 05:23 AM

දේශපාලන මතිමතාන්තර මොනවා වුණත් තව කාලයක් ඉන්න තිබුණ කෙනෙක්. තම ජිවිතයම පොදු ජන සේවයට කැපකළ කෙනෙක් . මගේ බලවත් ශෝකය මෙයින් පළ කරමි. (ම)

:       0       0

පුබුදු Wednesday, 15 June 2016 05:24 AM

රෝහණ විජේවීර සහෝදරයා අනුගමනය කල අවසන් නායකයා. එතුමාට නිවන් සුව ලැබේවා (ම)

:       0       0

ටී. සිල්වා Wednesday, 15 June 2016 05:27 AM

අපි කවුරුත් තේරුම්ගෙන ජීවත්වෙන්න ඕනෑ මරණය කාටත් පොදු බව. ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

තිලක් Wednesday, 15 June 2016 05:34 AM

නිවන් සුව! ජනතා විමුක්ති පෙරමුණේම සිටියා නම් අද ඔහුට පක්ෂ සමාජිකත්වයෙන් ලැබෙන ගරුබුහුමන් කෙතරම්දැයි සිතාගත නොහැක. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 15 June 2016 05:34 AM

නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

සුසන්ත Wednesday, 15 June 2016 05:42 AM

මොන විවේචන තිබුනත් ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් බිහිකළේ ඹබයි. ඔබ නැතිවීම පාඩුවක්. ඔබට නිවන් සුව...! (නි)

:       0       0

ධම්ම Wednesday, 15 June 2016 05:42 AM

දයාබර සිරි අයියේ, ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අයිරා Wednesday, 15 June 2016 12:12 PM

ඔබතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරමි. (අ)

:       0       0

චාමර මධුශංඛ අමරසිංහ Wednesday, 15 June 2016 05:43 AM

ඔබ මියගියද ඔබේ නාමය සදා අමරණිය වනු ඇත. එතුමාට නිවන් සුව ලැබේවා......! (නි)

:       0       0

දීපාල් Wednesday, 15 June 2016 05:45 AM

මරණය යනු මේ ලොව සියල්ල‍ටම පොදු ධර්මතාවයකි (නි)

:       0       0

විජිත Wednesday, 15 June 2016 05:50 AM

මරණය නම් අභියෝගය කිසිවෙකුට ජයගත නොහැක (නි)

:       0       0

රොහාන් Wednesday, 15 June 2016 05:56 AM

සෝමවංශ අමරසිංහ සහෝදරයට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සෑම් Wednesday, 15 June 2016 12:31 PM

මෙතුමා ජවිපෙ සහෝදරයන්ව අමතක කරලා එංගලන්තයට පැනගෙන ජීවිතේ බේරා ගත්ත නේද .. (අ)

:       0       0

තුෂාර Wednesday, 15 June 2016 06:00 AM

ඔබට නිවන් සුව පතමි...!!!!!!! (නි)

:       0       0

රසිත කුමාරජීව Wednesday, 15 June 2016 06:07 AM

අපි දන්නා විදියට මෙතුමා හොඳ නීරෝගී කෙනෙක්. ජීවිතේ හැටි බලමුකෝ. එතුමාට නිවන් සුව පතමු! (නි)

:       0       0

නලීන් Wednesday, 15 June 2016 06:11 AM

හෙළ අඹරේ තවත් රත් පැහැයක් නිවී ගියා. මිනිසෙක් නිර්ධනයෙක් ලෙසින් ඉපිද, නිර්ධනයෙක් ලෙසින් සටන් වැදී, නිර්ධනයෙක් ලෙසින් මියගිය වගයි. වත්මන් කුහක දේශපාලන මතිමතාන්තර අමතකකොට ධනය හෝ නිලතල පසුපස හඹා නොගිය රතු නායකයෙක් නමින් පිදෙන උතුම් විප්ලවීය ආචාරය ඔබට පිරිනමමි සොහොයුර! (නි)

:       0       0

නෙත්මි Wednesday, 15 June 2016 06:13 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

චින්තන Wednesday, 15 June 2016 06:14 AM

නිවන් සැප ලැබේවා.....!!! (නි)

:       0       0

රොමේෂ් Wednesday, 15 June 2016 01:22 PM

මෙතුමාගේ නායකත්වය යටතේ තමයි ජවිපෙ විසින් චන්ද්‍රිකා-මහින්ද එකතුව ගෙනාපු සුනාමි සහන මණ්ඩලේ වගේ දේශද්‍රෝහී ක්‍රියා පරාජය කලේ. එදා එහෙම නොකලානම් අද උදාරගී ගයන්න තරම් රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක පරාජය උනනිසා ඒකෙ තිබුන භයානක ප්‍රතිපල ජනතාවට දැනුනේ නැහැ. එනිසා " කිසිම වැඩක් නැති , රටට වැඩක් නැති දේශපාලකයෝ . කට විතරයි , ප්‍රතිපත්ති නෑ" වගේ නුගත් කතා නොකිය ඉන්නවනම් තමයි හොඳ. ඔබ සදා වීරයෙක්. ඔබට විප්ලවීය ආචාරය..!!! (අ)

:       0       0

උපාලි ජයසිංහ Wednesday, 15 June 2016 06:24 AM

සියල්ල අනිත්‍යයි. සෝමවංශ සහෝදරයාට යහපත් සසර ගමනක් පතමු. (නි)

:       0       0

බුද්ධික Wednesday, 15 June 2016 06:24 AM

ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අශෝක් Wednesday, 15 June 2016 02:06 PM

නිවන් සැප ලැබේවා.....! (නි)

:       0       0

නාමල් Wednesday, 15 June 2016 06:29 AM

කණගාටුදායක පුවතක්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 15 June 2016 06:32 AM

කාලයක් අපේ හිතේ රැඳී තියෙයි ඔබතුමාගේ නම. නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

නිහාල් Wednesday, 15 June 2016 06:33 AM

ඔබට නිවන් සුව පතමි...!! (නි)

:       0       0

කුමාර Wednesday, 15 June 2016 06:38 AM

ශ්‍රී ලාංකීය විප්ලවීය දේශපාලනයේ නොමැකෙන සටහනක් තැබූ නායකයාණෙනි, ඔබට අපගේ විප්ලවීය උපහාරය! (නි)

:       0       0

සමන් Wednesday, 15 June 2016 06:42 AM

සත්‍ය වශයෙන්ම නිර්ධනයින් වෙනුවෙන් නොවෙනස්ව සටන් වැදුන සෙන්පතියෙකි ඔබ. නැතිවී ගිය ජේවීපීය ට නැවත පණදීම ඔබ කළ අති උදාර කර්තව්‍යයකි. මතවාද තුළ ජේවීපීය හැරගියද ඔබ පක්ෂයට රටට නිර්ධන පන්තියට කළ සේවාව සදා අමරණීයයි. (නි)

:       0       0

සරත් Wednesday, 15 June 2016 06:55 AM

නිවන් සුව පතමි! (නි)

:       0       0

චන්දික Wednesday, 15 June 2016 07:01 AM

ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා! රට වෙනුවෙන් හඬක් නැඟූ මහත්මයෙක්. (නි)

:       0       0

අබේවික්‍රම Wednesday, 15 June 2016 02:34 PM

නිවන් සැප ලැබේවා! උතුරු නැගෙනහිර යුද්ධයට ශක්තිය දුන්නේ ඔබයි (නි)

:       0       0

එරංග Wednesday, 15 June 2016 07:02 AM

හිතට ලොකු දුකක් ඇතිවුණා (නි)

:       0       0

මංජුල Wednesday, 15 June 2016 07:13 AM

සෝමවංශ සහෝදරයාට යහපත් සසර ගමනක් පතමු..! ඔබට නිවන් සුව.! (නි)

:       0       0

ජයම්පති Wednesday, 15 June 2016 07:15 AM

දේශපාලන දර්ශනයක් වෙනුවෙන් පෙනීසිටි තැනැත්තෙක්. ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 479 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 876 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 212 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 756 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1441 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 567 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site