IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි‘

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව අසරණව සිටින මොහොතක ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් එක් අයකුට ඇඟිල්ල දිගුකර ඇඟ බේරා නොගෙන එහි වගකීම භාරගෙන  සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි .

තෙල් මිල ඉහළ නැංවීමට ගත් අන්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස ආණ්ඩුවට ගැලවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
 "ආණ්ඩුව විසින් ගනු ලැබූ තෙල්මිල ඉහළ නැංවීමේ තීන්දුව සම්බන්ධයෙන්  පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත්කොට තිබේ.ඔහු පවසන්නේ තෙල්මිල වැඩිකිරීම තුලින් ජනතාව පීඩාවට පත්වන බවත්,ඒ පිළිබඳව තම පක්ෂය විරෝධය පලකරන බවත් ය.

රටේ සමස්ත ජනතාවගේ ගෙල සිරකොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගන්නට පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන තිබේ.පැරණි ව්‍යවහාරයේ පවත්නා පරිදි එකක් කඩතොලු මකාගන්නට ගොස් පොදුජන පෙරමුණේ ලේකම්වරයා කඩතොලු රැසක්ම හදාගෙන තිබේ.එමෙන්ම ආණ්ඩුව අබ්‍යන්තරයේ පැසවමින් තිබෙන බරපතල අර්බුධයක ගිනි පුපුරු අදාල නිවේදනය තුළින් පිටතට විසිවී තිබේ.

ඔහුගේ නිවේදනය මොනතරම් හාස්‍යජනක ද කිවහොත් රට පාලනය කරන්නේ තමන්ගේ පක්ෂය ද කියා හෝ ඔහු නොදන්නා ගානය.

මේ රටේ ජනතාවගේ බුද්ධියට නිගා දෙමින් නිකුත් කරනු ලබන මෙවන් නිවේදන තුළින් සිදුවන්නේ ආණ්ඩුවේ දුර්දාන්ත පිළිවෙත ජනතාව ඉදිරියේම නිරුවත් වීම විනා අන් යමක් නොවේ.

තෙල් මිල ඉහළ නැංවීමට ගත් අන්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස ආණ්ඩුවට ගැලවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නැති අතර අදාල ගැසට්ටුව ද ‘රිවස්’ කරන්නට ආණ්ඩුවට බලකරන ජනමතයක් දැනටමත් නිර්මාණය වී අවසන් ය.පොහොට්ටුවේ ලේකම්වරයා නිරූපණය කරනුයේ අදාල කටයුත්ත වෙනුවෙන් කසකරුවෙකුගේ භූමිකාව ය.

ආණ්ඩුව මේ වනවිටත් මහජන විශ්වාසය දියකරගෙන ඇති අතර,ආණ්ඩුවේ ප්‍රධානතම පාර්ශවකරු වන පොදුජන පෙරමුණට පවා තමන් ආණ්ඩුකරන බව නොතේරී තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් තුන්බියට හසුවූ විශාලාවක් බවට මේ රට පත්කොට ඇති අතර මේ මොහොතේ ආණ්ඩුව කළ යුත්තේ  රට නැවත ගොඩ නැගීමට හැකි කණ්ඩායමකට රට භාර දී ඉල්ලා අස්වීමය.


 

 



අදහස් (33)

‘සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි‘

Bandara Sunday, 13 June 2021 11:01 AM

මේ කියන කරන දේවල් වලින් තේරුම් ගත යුත්තේ ආර්ථික දැක්මක්, වැඩපිළිවෙළක් හා උපායමාර්ග නැතිව කොච්චර බුද්ධිමත් අය පත්වුණත් වැඩක් වෙන්නේ නෑ කියන එකයි. මිනිස්සු පුද්ගලයන් දිනවනවා වෙනුවට ආර්ථික දැක්මක්, වැඩපිළිවෙළක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ යුතු කාලය එළඹ ඇත. හිස් මිනිස්සුන් කටමැත දොඩවනවා මිස තම තම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ආගම, ජාතිය වැනි දේවල් වලින් ඡන්දය ලබා ගැනීමට උත්සාහ කරයි. පක්ෂයක දැක්මක් වෙනුවෙන් නම් දේශපාලනයට එන්නේ ඔවුන්ට පක්ෂය මාරු කර වෙනත් පක්ෂයකට එක් විය නොහැක. එයින් පේන්නේ ඔවුන්ට දැක්මක් නැති බවයි. මිනිස්සු තේරුම් ගත යුත්තේ නිවැරදි ආර්ථික සැලැස්මක් නොමැතිව රටක කිසි දිනක ජීවන තත්ත්වය උසස් නොවන බවයි...

:       167       780

PcSunday, 13 June 2021 12:52 PM

දෑත් බැඳ තිරුක්කෝවිල් කැලෑවට ගෙනයනු ලැබූ පොලිස් භටයින්ට වෙඩි තබා මළ සිරුරු පුළුස්සා දමනු ලැබීය. එහෙත් කිසිදු වෝහාරික පරීක්‍ෂණයක් සිදුවූයේ නැත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වූ ලයනල් ගුණතිලක ඇතුළු කණ්ඩායමක්ද විශේෂ කාර්ය බලකායේ නිලධාරියකු වූ ජනෙත් විමල්ද එම සමූල ඝාතනය වූ ස්ථානය නිරීක්‍ෂණය කරනු ලැබීය. මේ සමයේ විදේශ ඇමැති ෂාහුල් හමීඞ්ය. ඔහු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් අමතා පොලිස් භටයන් ගැන විමසූ විට පැවසුවේ ඔවුන්ව නිදහස් කරන බවයි. එහෙත් ඒ වනවිට පොලිස් භටයන්ට වෙඩිතබා තිබුණි. දිවිගලවා ගත් පොලිස් භටයන් දෙදෙනකු නිසා මෙම මහා මිනිස් ඝාතනයේ තොරතුරු හෙළිවිය. ද්‍රවිඩ සංධානය ද්‍රවිඩයන් සමූල ඝාතනය වී ඇතැයි පවසන අවස්ථාවේ මෙය සමූල ඝාතනයක් නොවේද? පොලිස් භටයන් ඝාතනය ගැන තොරතුරු වාර්තාවීමත් සමඟ එදා පේ‍්‍රමදාස රජය කුමක් කළේද? ඒ අම්පාරේ සිට බුල්ඩෝසරයක් තිරුක්කෝවිල් වෙත යවා සිරුරු පිළිස්සූ ස්ථානය පස් වලින් වසා දැමීමයි. වසර 31කට පෙර තමන්ගේ රජය විසින් කොටි ත‍්‍රස්තයන්ව පාවාදුන් පොලිස් නිලධාරින් 600 සැබැවින්ම වීරයන් වේ. ඔවුන්ව එදා සිට මේ දක්වාම ආණ්ඩුව විසින් අමතක කර ඇත.

:       546       1021

කොරලගේSunday, 13 June 2021 01:42 PM

මේ බණ්ඩාර ... ලංකාවේද ඉන්නේ එරොප්පේද? ගොන් කතා කියන්න එපා. ආණ්ඩුව පිස්සු කෙළලා, කෙළලා, මිනිස්සුන්ගේ පිටේ නොසෑහෙන්න බර පටවලා, මේ වසංගත අස්සේ ප්‍රාඩෝ ගන්න අධික මුදල් නාස්ති කරලා, ගිනිගන්න නැව වරායට ගෙන්නලා පාරිසරිකව බිහිසුණු විනාශයක් කරළා, වසංගත අනාගෙන ජීවිත වසංගතයට බිළි කරලා, හත්පොළේ ගාගෙන, ජාත්‍යන්තර ප්‍රතිරූපය අනාගෙන GSP සහනය අහෝසියිවෙලා යනඑන මන් නැතුව ඉන්නේ. ඉතින් සජිත්ගේ කතා සහතික ඇත්ත...

:       682       517

siripalaSunday, 13 June 2021 08:46 PM

‘සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි" සජිත් මේ තිබෙන්නේ රට ගොඩ නැගීමේ අරමුණ නොවේ. ඔහුගේ එකම සිහිනය අගමැතිවීමේ සිහිනය වේ. එම නිසා ඔහු ඉදිරි වසර දෙක සඳහා අගමැති කරමු. එවිට ඔහුගේ සිහිනය සැබෑ වුවත් ඔහු අගමැති වීමෙන් රටට නම් සෙතක් වන්නේ නැත.

:       0       0

යාපා Sunday, 13 June 2021 11:22 AM

අයින්වෙලා ඔබතුමාටද බාරදෙන්න ඕනෑ. ඊට වඩා හොඳයි. 2 වසරේ ළමයෙක්ට දෙන එක...

:       2515       2761

Ruhunu Sunday, 13 June 2021 11:49 AM

අායිත් ආවානේ....!!!

:       68       28

Nihal Sunday, 13 June 2021 11:51 AM

ඔබලාට බාර දුන්නොත් මේ ටිකත් නෑ. අපිට මතකයි යහපාලනය 05...

:       469       927

මුණසිංහ Sunday, 13 June 2021 04:23 PM

සම්පූර්ණයෙන් ඇත්ත. සාර්ථක පුද්ගලයෙක් ඔය කතාව කිව්වා නම් කමක් නැහැ.

:       23       137

පප්පSunday, 13 June 2021 06:25 PM

යහපාලනෙය උනුත් හොරු, මුනුත් හොරු... ඔක්කොම එක වල්ලේ පොල්... හැබැයි රජෝ එකක් අපි කියන්න ඕනෙ.. යහපාලන කාලේ අපිට ජීවත් වෙන්න මෙච්චර අමාරුවක් තිබුනේ නැහැ. තිත්ත වුණත් ඒක නේද ඇත්ත කොල්ලෝ... ?

:       273       235

මුණසිංහ Sunday, 13 June 2021 09:17 PM

ඒ කාලෙත් කෝවිඩ් තිබුණා නම්.. බලන්න තිබුණා රඟේ.. ඒ කාලේ රට වහලා තිබුණේ නැහැ. ඇත්ත තත්වය ඒකයි...

:       0       0

mp Sunday, 13 June 2021 11:54 AM

එතකොට ඔයාට කල්ල මරේ...

:       112       422

ඇල්ෆ්රඩ් Sunday, 13 June 2021 12:15 PM

අස්වෙලා මෙයාට දෙන්න.. හී හී...!!!

:       251       331

රොහාන් Sunday, 13 June 2021 12:18 PM

අපි ඇවිල්ලා කරන්නම්නේ... 5 න් 5 ට මාරුවේවි...!!!

:       31       66

නුවන් Sunday, 13 June 2021 12:39 PM

ඔබ මෙයටත් ප්‍රකාශයක් නිකුත් කළා... මෙය එකඟතාවයක් මත කරන ලද නාටකයක් විය හැකියි.

:       16       43

fairoos Sunday, 13 June 2021 12:40 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.

:       365       433

පොඩි මල්ලි Sunday, 13 June 2021 12:46 PM

මෙයාලට දුන්නම තව අවුරුදු 5 යනකල් කියවයි පහුගිය ආණ්ඩුව අපිට දුන්නේ විනාශ කරපු රටක්... විදේශ සංචිත හිස්, භාණ්ඩාගාර හිස් කියලා ඒ අවුරුදු ටික තමන්ට කඩේ ගිය ගෙන්චයියන්ට සලකයි.. ඕක තමයි මේ රටේ අවුරුදු 50ක් විතර කැරකෙන දේශපාලන රෝදේ.!!! .

:       111       264

MalijaSunday, 13 June 2021 01:16 PM

එහෙනම් ඉතිං ඉන්න උන්ටම ලබන පාරත් දෙමු. එතකොට ඉන්න අයම තව බොරු ටිකක් ගොතාගෙන බොරු පොරොන්දු දීලා, දිවුරුම් දීලා අපිටයි රටේ ඉතුරු ටිකයිත් විකුණලා යනකම් මේ අයටම දීපල්ලා.

:       159       254

උපතිස්ස රිටිගල Sunday, 13 June 2021 12:53 PM

ඇමරිකන් අධිරාජ්‍යවාදී වෙනවට වඩා තෙල් වැඩි වෙන එක හොඳයි මහත්තයෝ. දැන් මොකක්ද ප්‍රශ්නේ? වාහන කියන්නෙම බටහිර දෙයක්. අපේ වාහන සංස්කෘතියක් තිබුණේ නෑ. දැන් පුදුම වාහන පිස්සුවක්නේ තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකන් පාර පුරා යන එකද ජීවිතේ කියන්නේ? මේ සුද්දා අපිට පුරුදු කරපුවා. අපි නතර කරගන්න ඕන වාහන පාවිච්චිය මිසක් තෙල් මිල නෙමෙයි. එකම විසඳුම සරල ජීවන ක්‍රමය. අපි නැවත අතීතයට යා යුතුයි. හරිත විප්ලවය පරදා ප්‍රකෘති ජාන සහිත බීජ සොයා යා යුතුයි. අපි නතර විය යුතුයි. (බුදුන් වහන්සේ අංගුලිමාලට කියපු දේ) අධිවේගී ගමන නවතා මොහොත තුළ ජීවත් වීම ප්‍රගුණ කළ යුතුයි...

:       244       251

බමුණු.Sunday, 13 June 2021 02:07 PM

එතකොට ඔයාගේ අග්‍ර පුරෝහිත විමලේ ඔය අධිරාජ්‍යවාදී කිය කියා කිසිම හිරිකිතයක් නැතිව, ඔය සුද්දාගේ වාහන පාවිච්චි කරන්නේ නෑදෑ සනුහරේත් එක්කම. රට රවටන වචන කිහිපයක් කට පාඩම් කරගෙන කියවනවා. සමහර අන්ධයන් ඕවාට රැවටෙනවා. ඒත් හැමෝම රැවටෙන්නේ නැහැ. නිකං විකාර කතා නොකියා රටේ ලෝකයේ පවතින සත්‍යය දකින්න. පුහු පුරෝහිතයින්ගේ බොළඳ කතා ඉවත දමා පැහැදිලි යථාර්ථය දකින්න. නිකං අපබ්‍රංස නොකියා ඉන්න...

:       148       149

p.d goonawardena Sunday, 13 June 2021 01:00 PM

එතකොට ඔක්කොම හරිද​..? අපිට මතකයි යහපාලනේ කරපු කෙලි.. ඔහෙට බෑ ආයි මොනවා කිව්වත්...

:       303       368

Sri Lanka Sunday, 13 June 2021 01:04 PM

ඔය වැඩේ කරන්න එපා.. ආණ්ඩුවේ ගත්තු ණය ඔක්කොම ගෙවලා මිසක් යන්න එපා කියන්න. ඕක තමයි පක්ෂ 02ම කරන්නේ... අවුරුදු 05ක් හොරකම් කරන්න දීලා අනිත් අය ඇවිල්ලා ඒකම කරනවා..

:       4       115

රොෂිනී Sunday, 13 June 2021 01:20 PM

අප රටේ පිල් බෙදී සහ බෙදා වාද කිරීම හැරෙන්නට කොයි කවුරු ආවත් සැලසුම්කරණය බිංදුවයි කියආ හිතෙන්නේ පසුගිය රජය සමයේ නගරවල කසල එකතුවීම සහ ඩෙංගු ව්‍යාප්තියත් මේ රජයේ නැව නිසා වූ විනාශය මෙන්ම ජනතාව පෙළමින් කෝවිඩ් එන්නත් පෝලිම් දිගුවීමත් දුටුවිටයි.

:       0       68

nimalka Sunday, 13 June 2021 02:38 PM

මහත්තයෝ අවුරුදු 05 කින් රටක් දියුණු කරන්න බැහැ. දැන් ඉන්න කට්ටිය බලය ඉල්ලුවොත් කරන්නේ කොහොමද නොදැන...? ඔබතුමා බලය ඉල්ලන්නෙත්, කරන්නෙත් කොහොමද නොදැන? පක්ෂ විපක්ෂ හැමෝම එකතුවෙලා අවුරුදු 20ක් විතර සැලසුමක් හදන්න. මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙන්න...

:       1       61

don perera Sunday, 13 June 2021 02:40 PM

මේකේ ප්‍රතිචාර දැක්කාම හිතනවා තව වැඩිකළානම් හොඳයි කියලා... ලංකාවේ නූගත් මොලවල පාරාදීසයක්...

:       134       197

kamal Sunday, 13 June 2021 02:47 PM

ඉල්ලා අස්වෙලා ඔබතුමාට දෙන්නද කියන්නේ?

:       1       38

Dhammika Sunday, 13 June 2021 02:48 PM

කථාවට කියන්නේ දේශපාලනේ කරන අයගේ ලැජ්ජා නහර කපලා කියලා. සජිත් මහත්තයාගේ මේ කථාවෙන් ඒක ඔප්පු වෙනවා..

:       63       126

සුද්දාSunday, 13 June 2021 03:54 PM

හැබැයි සාගර කාරියවසම් ගැන කියලා තියනදේ නම් හරි. ඒ මනුස්සයා ගම්මන්පිල විමල් එක්ක තියන ප්‍රශ්නය නිසා ගම්මන්පිලට ගහන්න ගිහින් තමන්ගේ පක්ෂයේම හත්පොලේ ඉලුවා...

:       1       9

Demuni Uduwara Sunday, 13 June 2021 07:07 PM

ප්‍රමාද නොකර ජාතික රජයක් තිබිය යුතුයි.

:       2       7

Nimal Sunday, 13 June 2021 08:32 PM

අර පහුගිය කාලෙ මිල සූත්තරය හදපු කෙනාගෙන් ඇහුවා නම් හරි..

:       0       0

Balasooriya Sunday, 13 June 2021 10:48 PM

පව් නේද?

:       0       1

Bamunuarachchi Monday, 14 June 2021 08:29 AM

ඇත්තටම? කවදා ඉඳන්ද? මම දන්නා කාලේ පැට්‍රල් ගැලුමක් රු 2.50යි. අද ලීටරයක් රුපියල් 157යි.. හැබැයි කිසිම ආණ්ඩුවක් තෙල්මිල වැඩිකරලා ඉල්ලා අස්වුනේ නැත...

:       0       2

chandana Monday, 14 June 2021 10:53 AM

"අමන ජනතාවක් කිසිදා පාදඩ පාලකයන්ට එරෙහි නොවේ" - බ'තෝල්ට් බ්‍රෙෂ්ට්

:       0       1

Bamunuarachchi Monday, 14 June 2021 06:25 PM

බ'තෝල්ට් බ්‍රෙෂ්ට් හොඳයි කියන ජාතියේ ආණ්ඩු කොහෙද තිබෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 නොවැම්බර් මස 06 7 0

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට
2024 නොවැම්බර් මස 06 13 0

දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 162 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 36 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 567 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ
2024 නොවැම්බර් මස 06 133 0

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 15 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 423 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site