IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘සමහරුන්ට විලි ලජ්ජාවක් නෑ‘

හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාට වත්මන් රජය යටතේ නාමයෝජා ලබා නොදීමට තීන්දු කර ඇතැයි හිටපු ජනාධිපති චන්ද්‍රීකා කුමාරතුංග මහත්මිය මාතලේ සිංහල හා මුස්ලිම් එකමුතුව ඇයගේ 70 වැනි උපන්දින සැමරුම වෙනුවෙන් පැවැත්වූ උත්සවයකට එක්වෙමින් කීවාය.

‘පක්ෂය පක්ෂය කිය කියා විවිධ ආකාරයේ ජරා සත්තු බිහිවෙලා රට විනාශ කරනවා. අපට අවශ්‍යය වෙලා තියෙන්නේ මම ගැන හෝ පක්ෂය ගැන නොසිතා රට ගැන සිතන්නයි. දැන් එක එක්කෙනා දඟලනවා මට ආයේ බලයට එන්න  ඕනේ, මට අගමැතිකම්  ඕනේ ,ජනාධිපතිකම ඕනේ කිය කියා. මේක නම් විලි ලැජ්ජාවක්නේ. මම ඒ ගොල්ලො වගේ පැරදිලා නෑ. වැදගත් විදිහට දෙවතාවක් ආණ්ඩුකරලා අවුරුදු නවයක් ගෙදර හිටියා.මටත් බස් වලින් මිනිස්සු ගේන්න තිබුනා. මම එහෙම ක‍ළේ නැහැ. ඕකට එච්චර බයවෙන්න  ඕනේ නැහැ. අපි පක්ෂ දෙකක් විදිහට වෙන වෙනම තරග කරනාවා ගහ මරාගන්නේ නැතිව. හැබැයි ඡන්දෙන් පස්සේ අපි එකතුවෙනවා. අපිට අවශ්‍ය මේ රටේ ගහමරාගන්නැති දේශපාලන යුගයක් ඇතිකරන්න’’ යැයිද කුමාරතුංග මහත්මිය පැවසීය.

SAM_3588 SAM_3591 SAM_3596



අදහස් (0)

‘සමහරුන්ට විලි ලජ්ජාවක් නෑ‘

නුවන් සමරවික්‍රම Friday, 03 July 2015 08:59 AM

පුතා පාර්ලිමේන්තුවට ගෙන්න රටම විනාශ කරන්න හදනවා ලැජ්ජයි (බ)

:       0       0

කමනි Friday, 03 July 2015 09:10 AM

දහම් සහ බණ්ඩාර කියන්නේ සහතික ඇත්ත. විලිලජ්ජාවක් තියෙනවද කියල මෙයා දන්නෙත් නැතුව ඇති. (බ)

:       0       0

අමන්දා Friday, 03 July 2015 09:25 AM

සමහර අයට තවම තේරෙන්නේ නැහැ (හේ)

:       0       0

සාමුලී Friday, 03 July 2015 09:56 AM

සිංහල හා මුස්ලිම් එකතුව කියන්නේ මුස්ලිම් විතරක් ඉන්න එකක්ද? (ම)

:       0       0

අබේරත්න-ටෝකියෝ Saturday, 04 July 2015 03:22 PM

මට නම් හිනායනවා. (නි)

:       0       0

කසුන් Friday, 03 July 2015 11:21 AM

ඔක්කොම එක වගේ තමයි කතා කරලා වැඩක් නෑ.(හේ)

:       0       0

ඉන්දික Friday, 03 July 2015 04:10 AM

මට වයඹ ඡන්දේ මතක් වුණා (ම)

:       0       0

රණසිංහ Friday, 03 July 2015 04:19 AM

ඇත්ත ඇත්ත සමහරුන්ට විලි ලැජ්ජාවක් නෑ මේ මට වගේ. මමත් මේ මීයක් කඩන්නේ නෑ අත ලෙවකන්න. (බ)

:       0       0

බණ්ඩාර Friday, 03 July 2015 04:24 AM

අනේ යන්ඩ අපුරුවට තිබ්බ රට ගිනිගොඩක් කරලා "ගහ මරා ගන්නැති යුගයක්" ගැන කතා කරනවා අපිත් පරම් පරා ගත ශ්‍රී ලංකා කාරයෝ . එ්ත් මේ ගමන ඡන්දෙ දෙන්නේ නැහැ රටේ යුද්දේ තියෙද්දී කොහෙද හිටිය , මහින්දට තිබ්බ බලතල ම තිබුන නේද ? මොනවද කළේ ? (බ)

:       0       0

සුදේශ් Friday, 03 July 2015 04:30 AM

අපිටත් ඒක හොදටම දැනෙනවා.(බ)

:       0       0

දහම් Friday, 03 July 2015 04:37 AM

මෙයා හිටපු කාලේ කරපු දේවල් දැන් අමතක වෙලා වුනාට ජනතාවට හොඳට මතකයි. දුටු ගැමුනුගෙන් පස්සේ මේ රටට පහල වුනු මහින්ද වීරයා රට එක් සේසත් කරන කොට මෙයා කොයි ලෝකේද හිටියේ. දැන් බයක් නැතිව රටේ අස්සක් මුල්ලක් නෑර ගිහින් ඕනේ කුණු ජරා කතාවක් කියන්න පුළුවන් හින්ද ඇවිල්ල මේ රට වනසන්න හදනවා. (බ)

:       0       0

සමී Friday, 03 July 2015 04:40 AM

ඔව් නේද හොඳම උදාහරණය ඔයා, ඔයාගේ කෙරුවාවල් අපි හොදට දන්නවා (බ)

:       0       0

නෙවිල් Friday, 03 July 2015 04:45 AM

ඔබට ජයවේවා! (නි)

:       0       0

අබේරත්න Friday, 03 July 2015 04:51 AM

අපිටත් අතීතය හොඳට මතකයි (නි)

:       0       0

ලංකා Friday, 03 July 2015 04:59 AM

බණ්ඩාර,ඔයාගේ අදහස හරියට හරි (නි)

:       0       0

චමිල Friday, 03 July 2015 04:59 AM

ඔයාගේ කාලෙත් අපි රටේ හිටියා. ඡන්දෙත් දුන්නා. ඔයා කළ දේවලුත් දැක්කා. (නි)

:       0       0

නෙතුක Friday, 03 July 2015 05:06 AM

ඒක නම් ඇත්ත. විලිලැජ්ජාව දැනෙන්නෙම නැති කට්ටියක් ඉන්නවා (නි)

:       0       0

ගමිත් Saturday, 04 July 2015 07:40 PM

මහින්ද කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇත්තට මට නම් එයාව පෙනෙන්න බැහැ (නි)

:       0       0

කමල් Friday, 03 July 2015 05:08 AM

මම අවුරුදු 12කින් ඡන්දය දීලා නැහැ. මහින්ද මහත්තයට කවදාවත් ඡන්දය දීලත් නැහැ. නමුත් රටට මේ පහුගිය මාස කීපයට වෙන දේ බැලුවහම දුක හිතෙනවා. අපිටත් අපේ ළමයින්ටත් රටක් නැතිවේද කියලා බයකුත් දැනෙනවා. මම දැන් දුක්වෙනවා ඇයි මම මේ ගැන ජනවාරි වල හිතුවේ නැත්තේ කියලා. මම මේ පාර මහින්ද මහත්තයට මගේ ඡන්දය දෙන්න තීරණය කළා. මේ බුද්ධිමත්ව රට ගැන හිතන ඔබටයි. (නි)

:       0       0

නිවන්තක Friday, 03 July 2015 05:10 AM

අරමුණ හොඳයි. ඔබට ජය! (නි)

:       0       0

සුනිල් Friday, 03 July 2015 05:16 AM

කල්පනාවෙන් වැඩකළොත් ඔබට ජය නියතයි! (නි)

:       0       0

කමල් Friday, 03 July 2015 05:24 AM

මම මේ පාර මහින්ද මහත්තයට ඡන්දය දීලා එතුමාට උදවු කරනවා. (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 03 July 2015 05:27 AM

යු අැන් පි රජයක් බිහි කර රනිල් අගමැති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සන්ධානයත් වලලා දැමීමට නිර්පාක්ෂික වී වෙස්සන්තර වෙන්න දාන පාරමිතා පුරමින් ආ ජනපති මෛත්‍රී මහතා පක්ෂ සභාපතිකමට පත් කර ගෙන ගෙන ලක්ෂ 58 ක ජනමතයක් මංකොල්ල කමින් පාක්ෂිකයින්ගේ හඩ යටපත් කරමින් අප්‍රතිහත දහිරියෙන් චන්ද්‍රිකා මැඩම් ගෙන යන මේ පාවාදීමේ සටනේ දෙවන පියවරට අැගේ වෛරයේ දෙවන කොටසට අපේ උණුසුම් සුභ පැතුම්...හැබැයි ඉතින් පක්ෂ මංකොල්ල කැවට පාක්ෂිකයෝ සමග ලක්ෂ 58 ක ජනමතය මංකොල්ල කන්න ටිකක් අමාරු වේවි නෝනෝ..පරිස්සමෙන්..ප්‍රසිද්ධ රැස් වීම් වලට යන්න එපා.හු නෙමෙයි ගල් මුලුත් එන්න පුළුවන්...(බ)

:       0       0

ප්‍රසාද් Friday, 03 July 2015 05:27 AM

ඔය කියන කෙනාටත් විලිලජ්ජාව නැහැ (බ)

:       0       0

චන්න Friday, 03 July 2015 05:33 AM

කවුරු මොනවා කිවුවත් මිනිසුන් බුද්ධිමත්. අපි බලමුකෝ! (නි)

:       0       0

ලක්මාල් Friday, 03 July 2015 05:36 AM

අනේ ඔයටනම් ලජ්ජා නෑ කියන එක පේනවා... ඔයාට බලය තියෙද්දී මොනවද කළේ? මහින්ද හොරා කෑවා කිව්වනේ? කෝ ඔප්පු කරාද? ඔයාල එකතු වෙලා රට කනවා... මහින්ද රට කෑවා කියමු හරි ඒ හොර කාලා රටේ හදපු දේවල් ඇයි අද විනාශ වෙන්න දෙන්නේ. අද කොළඹ හැටි පේනවද ඔයාලගේ යහපාලනේට? හොරා කෑවනම් ඒවා අපේ සල්ලි ඒ අපේ සල්ලිවලින් හදපු දේවල් විනාශ වෙන්න දෙනවා කියන්නෙත් ඔයාලත් අපේ සල්ලි විනාශකරන තවත් හොර රැලක් තමයි... ඔයාල අද කරන්නේ මහින්දටත් අන්ත දේවල්.. ජාතික ගීතයට කරපු දේ කරන්නද ඔයාලව පත් කළේ? රට කාලා තව ලැජ්ජාව ගැන කතා කරන්න ඔයාල ලජ්ජා වෙන්න ඕනේ. (බ)

:       0       0

කවින්ද Friday, 03 July 2015 05:38 AM

අපිටත් ඕනෑ ඇත්තටම සැබෑ වෙනසක් (නි)

:       0       0

වසීම් Friday, 03 July 2015 05:39 AM

ඔබතුමියට අපි සහයෝගය දෙන්න කැමතියි. (නි)

:       0       0

විජය Friday, 03 July 2015 05:41 AM

මෙතුමිය කියන කතාව නම් ඇත්ත තමයි (නි)

:       0       0

විනීත් Friday, 03 July 2015 05:42 AM

ලැජ්ජාවක් නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ (නි)

:       0       0

බණ්ඩාර Friday, 03 July 2015 05:43 AM

කමල්, තමුන් හැමදාම ඡන්දය දුන්නේ මහින්දටනේ. නිකන් බොරු කියන්න එපා අපිට (නි)

:       0       0

අශෝක Friday, 03 July 2015 05:53 AM

ඒ කාලේ කරපු වැඩ අපිට හොඳට මතකයි . අපි ගම්පහ මිනිස්සු. විලි ලැජ්ජාවක් තියෙනවනම් කට වහගෙන ඉන්න.(බ)

:       0       0

ගෝනහේන Friday, 03 July 2015 05:55 AM

එන්න රට කන්න එන්න ....ඔයා හරිම හොඳ කෙනානේ...ලංකාවම විනාශ කරලා අවසන් මේ මාස හයට (බ)

:       0       0

ප්‍රසාද් Friday, 03 July 2015 05:59 AM

පිවිතුරු යහපාල මහත්තයෝ, 62 ට වඩා 58 ලොකුයි ද? (බ)

:       0       0

නිමල් Friday, 03 July 2015 06:03 AM

සනත් ගැන මට මතක් වුනා (බ)

:       0       0

පාලිත Friday, 03 July 2015 06:05 AM

මැඩම්ගේ කාලේ යාපනය ජයගත් බව දැන් අමතක වෙලා . හරි පුදුමයි (බ)

:       0       0

එඩිවින් Friday, 03 July 2015 06:06 AM

මම හිතන්නේ ඇයට ලෙඩක්. නමුත් රටේ මිනිස්සු බුද්ධිමත් (බ)

:       0       0

විලේගොඩ Friday, 03 July 2015 06:09 AM

ඔබතුමියට ජයවේවා! (නි)

:       0       0

ලුම්බිණි Friday, 03 July 2015 06:09 AM

චන්ද්‍රිකාත් යුද්ධය අවසන්කරන්න මහන්සි ගත්තා. මතක නැද්ද 'ජය සිකුරුයි' අන්තිමට පරාජය වෙලා නැවතුනා. (නි)

:       0       0

තිස්ස Friday, 03 July 2015 06:14 AM

ඔබ නව යුගයක් අරඹනු ඇතැයි අපි සිතනවා (නි)

:       0       0

ඉසුරු Friday, 03 July 2015 06:15 AM

තීරණය ජනතාව අතේ මැතිණියනි! (නි)

:       0       0

විපුල Saturday, 04 July 2015 11:34 AM

රජයක් විදි හට කරන සියලුම වැඩ හරි වෙන්නේ නැහැ. එම නිසා තමයි එයට විරුද්ද වීමට විපක්ෂයක් තියෙන්නේ. එයද ප්‍රබල විපක්ෂයක් විය යුතුයි. මේ කාරණය උඩ ප්‍රධාන පක්ෂ දෙකම ආණ්ඩු පක්ෂය උනහම කරන සියලු වැඩ දිහා ජනතාවට බලාගෙන සිටීමට සිදු විය හැක. මෙය ප්‍රජාතන්ත්‍ර වාදය නොවේ. මෙය සියලු දේ යහපත් විදිහට දැකීමේ වාදයයි. (නදී)

:       0       0

රොබර්ට් Friday, 03 July 2015 06:16 AM

අපි බලමුකෝ ජනමතය කොහොමවෙයිද කියලා (නි)

:       0       0

අමිල Friday, 03 July 2015 06:22 AM

අපි දන්නවා කොයි කාගෙත් තරම.(හේ)

:       0       0

අජිත් Friday, 03 July 2015 06:22 AM

දැන් ඉතින් එක එක තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්.(හේ)

:       0       0

ප්‍රසන්න Friday, 03 July 2015 06:23 AM

නම යෝජනා දෙන්න බැරි කොටියා විනාශ කරපු නිසාද.(හේ)

:       0       0

භාතිය Friday, 03 July 2015 06:24 AM

කියන කතාවේ ඇත්තකුත් තියෙනවා.(හේ)

:       0       0

කමල් Friday, 03 July 2015 01:13 PM

බණ්ඩාර, විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි. මම මගේ හෘදසාක්‍ෂි වලට බොරු කරන්න බැහැ. මම එම විස්තරය දැම්මේ අවන්කවමි. මේ විදියට තව වර්ෂ 5 හෝ 6 ගියහම තෙරේ මම අද කියපුව. එතකොට අපි පරක්කුයි. අනාගතය ගැන රට ගැන බුද්ධිමත්ව හිතන ඔබ සැමට. (ර)

:       0       0

බණ්ඩාර Friday, 03 July 2015 06:47 AM

ආයේ ඡන්දෙකට එන්නේ නැහැ කිව්වා නේද? හොරකම් කරලා නැහැ, ඒ නිසා ආයෙත් බලය ඕනෑ නැහැ කියලා කිව්වනේ. මහින්දට ආයෙත් බලය ඕනෑ වුණේ හොරකම් වහගන්න කියපු කෙනා දැන් ඡන්දෙ ඉල්ලන්න සුදානම් වෙන්නේ ඇයි එහෙනම්? (නි)

:       0       0

කනිශ්ක Friday, 03 July 2015 07:02 AM

මුලින්ම අත්තනගල්ලට කරපු දෙයක් පෙන්නන්නකො....(ම)

:       0       0

සනත් ඉන්දික Friday, 03 July 2015 07:01 AM

සන්තෝයි මැඩම් ඔබ ඔබතුමිය ගැනම ස්වයං විවේචනයක් කරගැනීම ගැන .ඔබට මතක නැහැ මට මතකයි පසුගිය 94 -2005 ඔබගේ කාලේ .(ම)

:       0       0

ලක්සිරි Friday, 03 July 2015 07:05 AM

ඔබතුමියගේ කාලයේ අපේ අත්තනගල්ල පැත්තට වුණ සංවර්ධනය ගැන පොඩ්ඩක් කියන්නකෝ (නි)

:       0       0

අජිත් Friday, 03 July 2015 07:16 AM

ඔබතුමියගේ කාලේ රට සංවර්ධනය වුණ හැටිත් කියන්නකෝ (නි)

:       0       0

සාමුලී Friday, 03 July 2015 07:17 AM

තමන් තමන් ගැනම කියන්න අවශ්‍ය නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

නිලාන් - කටාර් සිට Friday, 03 July 2015 07:23 AM

මෙතුමිය වගේ නායකයින් තමයි අද ශ්‍රී ලංකාවට ඕන වෙලා තියෙන්නේ. (ම)

:       0       0

දුමිත් Friday, 03 July 2015 07:36 AM

නරකද සීනුව හොල්ලන්න බැලුවොත් අලුත් වෙනසක් (ම)

:       0       0

ජනක Friday, 03 July 2015 07:45 AM

ඔබ තුමියටත් මේ පාර දිනන්න පුළුවන්.(හේ)

:       0       0

චමිල් Friday, 03 July 2015 07:50 AM

මෙයාගේ තරම අපි හොඳට දන්නවා. හා හා හා (ම)

:       0       0

ශෂි Friday, 03 July 2015 07:54 AM

මෙයාට තියන ගැටලුව මොකක්ද අපි මැරිලා ඉපදුනේ නැහැ (ම)

:       0       0

තිලක්-ඩුබායි Friday, 03 July 2015 08:12 AM

‘පක්ෂය පක්ෂය කිය කියා විවිධ ආකාරයේ ජරා සත්තු බිහිවෙලා රට විනාශ කරනවා. අපට අවශ්‍යය වෙලා තියෙන්නේ මම ගැන හෝ පක්ෂය ගැන නොසිතා රට ගැන සිතන්නයි. (ම)

:       0       0

තිස්ස Friday, 03 July 2015 08:13 AM

අත්නගල්ල් පැත්තට මැඩම්ගේ කාලේ කෝටී 50 ක විතර වෙන රොහලේ දෙකක් අලුතෙන් හැදුවා ගම්පහ ,මීගමුවේ තව වතුපිටිවල දිනුවා කළා .ඒවා මොකුත් මතක නැහැ , (ම)

:       0       0

දුමින්ද Friday, 03 July 2015 08:28 AM

ස්වයං විවේචනයක් (ම)

:       0       0

සරත් සෞදි Friday, 03 July 2015 08:39 AM

සම්පුර්ණ සහතික ඇත්ත වෙලාවක් කලාවක් නැති එක තමා අනික ඇති වෛරය (බ)

:       0       0

අසංක Friday, 03 July 2015 08:49 AM

මහින්ද නැතුව රටක් නෑ අකිල එල්ලාවල නැතුව බලංගොඩට වැඩක් නැ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 3674 8

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1447 2

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4245 4

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 403 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4063 13

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2341 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33905 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23954 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 471 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site