(බී.ජී. චතුරංග )
'මන්නා පිහි', 'කිනිසි' අතැතිව රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයන් හතර දෙනකු එහි කළමනාකාරවරයා ගේ බෙල්ලට මන්නා පිහියක් තබා බිය ගන්වා , ආයතනයේ ලාච්චුවේ තිබූ සහ සම්බාන සේවයේ යෙදී සිටි කාන්තාවන් 4 දෙනෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එහි මුදල් අයකැමි ලෙස සේවය කල, ඇටවීරගොල්ලෑව , ඇතාකඩ, මැදවච්චිය ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු කල පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
අනුරාධපුර දහයියාගම හන්දියේ සිට පුබුදුපුර මාර්ගයේ පිහිටා ඇති මෙම සම්බාහන මධ්‍යස්ථානයට මන්නා පිහි, කිනිසි අතැතිව ඇතුළු වී ඇති පුද්ගලයන් හතරදෙනෙකු මෙම කොල්ලකෑම සිදු කර තිබේ.
මෙම සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වූ කොල්ලකරුවන් සිව්දෙනා, මුදල් අය කැමිගේ ලාච්චුවේ තිබූ සහ කාන්තාවන් සිව් දෙනකුගේ, මුදල් රුපියල් 577000ක්, රුපියල් 350,000 ක් වටිනා රන්මාල දෙකක්, රන් පවුම සහ රන් මුදුවක් කොල්ලකා පලා ගිය බව පැමිණිල්ලේ සඳහන් වේ.
සබන් නිෂ්පාදන ආයතනයක් වෙළෙඳ දැන්වීම් හරහා එම සබන් වර්ගය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුමත සබන් නිෂ්පාදනයක් ලෙස ප්‍රචාරය කරමින් පාරිභෝගිකයන්
නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.
රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙ
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යව
මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වුවත් ඔහුට ජිවිත තර්ජනයක් නෙන
ශ්‍රී ලංකාවේ පෞරාණික තැපැල් කාර්යාලයක් වූ ගාල්ල කොටුව තැපැල් කාර්යාලය නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා එහි සංචාරය ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සම්බාහන මධ්‍යස්ථානයකට පැන ලක්ෂ 10ක් කොල්ල කාලා