IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘සම අයිතිය‘ කොටුවේ උද්ඝෝෂණයේ

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයකදී පොලිස් අත්අඩංගුවට පත් යාපනය විශ්ව විද්‍යාල සිසුන් වහාම නිදහස් කරන්නැයි ඉල්ලා ‘සම අයිතිය ව්‍යාපාරය‘  කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් කළේය. විශ්ව විද්‍යාල සිසුහු ද, කථිකාචාර්යවරු ද ඊට එක් වූහ.  



අදහස් (0)

‘සම අයිතිය‘ කොටුවේ උද්ඝෝෂණයේ

යොහාන් Wednesday, 19 December 2012 01:16 PM

තම දරුවන් ගැන සිතා නෝනයි මහත්තයයි බස් දෙකක කොළඹ ගිය කාලය මතකයේ ඇත්නම් මේවාට ලියන්න තව අදහස් එමට තිබේ. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 19 December 2012 04:41 AM

වරදක් නැතුව සිසුන් අත් අඩංගුවට ගත්ත නම් එක වැරදියි. උද්ඝෝෂණය කරණ එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඉතින් මේ අයටත් අයිතියක් තියනවා ඒ අය වැරදියි කියල හිතෙන දේට විරුද්ධව උද්ඝෝෂණය කරන්න. (නු)

:       0       0

තිසල් Wednesday, 19 December 2012 04:39 AM

හෙට අනිද්දා ලෝක විනාස වෙනවා. සතුටින් ඉන්න (දී)

:       0       0

නිරෝෂන් Wednesday, 19 December 2012 01:34 PM

දකුණේ බෝම්බ පිපිරවීම් හැරෙන්නට උතුරේ යුද්ධය ගැන අපට මොනවද තිබෙන අත්දැකීම්? (නි)

:       0       0

කුමාර Wednesday, 19 December 2012 01:36 PM

බමුණුගම නම වගේමයි මොලෙත් නේද? (ස)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Thursday, 20 December 2012 09:23 AM

ඇයි "සමට" මොනවාහරි වෙලාද? (නි)

:       0       0

කමල් Wednesday, 19 December 2012 01:38 PM

අනේ මෝඩ මිනිසුනේ, අර ගංවතුරට කොටුවෙලා ඉන්න මිනිස්සුන්ට මොකක්හරි උදවුවක් කළොත් නරකද? (නි)

:       0       0

සුගත් Wednesday, 19 December 2012 06:22 AM

ආපහු බැහැලා වගෙයි එළියට... (නි)

:       0       0

නිමල් Wednesday, 19 December 2012 01:52 PM

ජයවේවා .....ජයවේවා .....ජයවේවා ..... (දී)

:       0       0

ඩොනල්ඩ් Wednesday, 19 December 2012 02:17 PM

කට්ටිය නිදහස් කළත් ප්‍රවේශම් වීම කෝකටත් හොදයි. (නි)

:       0       0

රොහාන් Wednesday, 19 December 2012 07:51 AM

සිල්වා, විමල් සහ බණ්ඩාර යන අයගේ උප්පත්තිය පිළිබදව මට ප්‍රශ්නයක් තිබේ. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 19 December 2012 07:53 AM

රණවිරුවන් අද පාරවල් වල වැලි කොට්ට අදින තත්ත්වයට වැටිලා. ඒ ගැන මේ දේශප්‍රේමී ජනතාව මොකද කියන්නේ? (නි)

:       0       0

ජයනී Tuesday, 18 December 2012 07:06 PM

පෝස්ටර් නම් කුරුටුගාමී ඒවා වගෙයි. (නි)

:       0       0

පරාක්‍රම Wednesday, 19 December 2012 08:30 PM

ඔය කට්ටියට බැරිද දන්නෙ නැහැ අර රත්නපුරයේ කොටකෙතන පැත්තටත් ගිහිල්ලා සිවිල් සමාජයේ නිදහස වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න? (නි)

:       0       0

හරිෂ් Tuesday, 18 December 2012 07:12 PM

නියපොත්තෙන් කපන්න තියන දේ පොරවෙන් කපන්න ඕනෑ තරමට වැඩි කරන්නේ මේ අය තමයි. ආයෙම මේකෙ බෝම්බ පුපුරන්න පටන් ගත්තම ඒකටත් බැනර් උස්සන් යයි. (නි)

:       0       0

අල්විස් Wednesday, 19 December 2012 08:12 AM

අමිල, ඔබ නිවැරදි පිළිතුර ලබාදුන්නාට ස්තූතියි. (ස)

:       0       0

සානුල් Tuesday, 18 December 2012 07:23 PM

කොටුව දුම්රිය පොළ ඉදිරිපිට කොන්ද පණ තියෙන එක සිංහලයෙක්වත් නැද්ද මෙයාලට කුණු බිත්තරයකින්වත් ගහන්න??? (නි)

:       0       0

සුභාෂිණි Wednesday, 19 December 2012 08:38 AM

අමිල කියලා තියෙන දේ ඇත්ත. (නි)

:       0       0

චන්ද්‍රා සිඩ්නි Tuesday, 18 December 2012 07:21 PM

අලි මදිවට කොටි..!(නු)

:       0       0

හේරත් Wednesday, 19 December 2012 08:35 AM

වසල උගත් යැයි කියනා සිහළ කොටි මසාල උලුදු වඩයට කොටනවා පිටි... නියම කියමන ෂෙරීෆ් . අලස මමත් එයාලට හලනවා පිටී (ස)

:       0       0

හේරත් Wednesday, 19 December 2012 09:01 PM

අනේ අපි නොදන්න විශ්ව විද්‍යාල? (නි)

:       0       0

චරිත් Wednesday, 19 December 2012 08:40 AM

අනේ මේ කට්ටිය දන්නවද දන්නෙ නැහැ දැන් යාපනය ඇතුලු යුද්ධය තිබුණු පළාත්වල මිනිස්සු විදින නිදහස? ගිහින් බලන්න. ඒත් තාම කොටි පුල්ලි හැමෝගෙම හැම තැනම. (නි)

:       0       0

අපොන්සු Wednesday, 19 December 2012 08:39 AM

අත් අඩංගුවට ගත්ත අයව උසාවියට දැම්මනම් ඉවරයි නේ . ත්‍රස්වාදයට සම්බන්ද අයට දදුවම්කරන්න ත්‍රස්වාදය වැළක්වීමේ පනත තියනවනේද? ගොඩින් බේරන්න පුළුවන් දේට මඩ නා ගන්නේ ඇයි (ස)

:       0       0

ඇසළ Tuesday, 18 December 2012 07:36 PM

මෙයාලා උතුරේ යුද්ධ කාලෙදි හිටියේ කොහේද දන්නෙ නැහැ. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 20 December 2012 10:42 AM

සිංහල බළලුන් ලවා කොටි ඩයස්පෝරාව කොස් ඇට බාවනවාද? (නි)

:       0       0

සිල්වා Tuesday, 18 December 2012 07:53 PM

සාධාරණයි. නිදහසේ ජීවත් වෙන්න හොද පසුබිමක් රට තුළ තිබිය යුතුයි. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 18 December 2012 07:48 PM

මේක පිටිපස්සෙන් ඉන්න අය සෙවිය යුතුයි..!(නු)

:       0       0

චමත් කොරේවි Tuesday, 18 December 2012 07:50 PM

මේ සටන් පාඨ වල ළමයින්ගේ ගැටළු නැහැනේ..!(නු)

:       0       0

බන්දු Wednesday, 19 December 2012 09:07 AM

නිදහස් කරවූ (දී)

:       0       0

ආනන්ද Tuesday, 18 December 2012 07:55 PM

බලනකොට ප්‍රභාකරන් කිවුව දේ හරි, අපේ මිනිස්සුන්ට දවස් හතෙන් ඔක්කොම අමතකයි කියලා. (නි)

:       0       0

උදය Thursday, 20 December 2012 10:58 AM

කෑගහන අයට කෑගහන්න දීලා පෙරහැරට යන්න කියන්න. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 20 December 2012 11:21 AM

මට මේ ඡායාරූප දකිද්දී අපේ විකට නලුවෙක්ගේ විකට ජවනිකා මතක් වෙනවා. (නි)

:       0       0

හේමන්ත Tuesday, 18 December 2012 08:18 PM

අගක් මුලක් මතක නෑ. මේ අයට පහුගිය කාලේ අමතක වෙලා. (ත)

:       0       0

ලලිත් Wednesday, 19 December 2012 09:27 AM

ලංකාවේ අධ්‍යාපනය ඉතා උසස් (දී)

:       0       0

රත්නායක Thursday, 20 December 2012 11:33 AM

ඔය කෑ ගහන අයට එන්ජීඕ එකත් එක්ක සම්බන්ධයක් තියෙනවද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලලිත් Wednesday, 19 December 2012 09:29 AM

මිනිස්සුන්ට වෙන වැඩ තියෙනවා (දී)

:       0       0

මහේන්ද්‍ර Tuesday, 18 December 2012 08:16 PM

ජයනි හරි, පෝස්ටර්වල හැඩය අනුව අපට හිතාගන්න පුළුවං..!(නු)

:       0       0

බණ්ඩාර Wednesday, 19 December 2012 10:06 PM

ජය වේවා .... ජය වේවා .... ජය වේවා .... ජය වේවා ....(දී)

:       0       0

නිලන්ත Wednesday, 19 December 2012 09:31 AM

සිංහල දෙමළ ප්‍රශ්නයක් නෑ අපි ලංකාවෙ මිනිස්සු තමන් කැමති දේ කරන්න නිදහස තිබිය යුතුයි නැත්නම් ගන්න වෙනව බලෙන් (ස)

:       0       0

යාපනය සරසවි සිසුවෙක් Wednesday, 19 December 2012 04:04 PM

කැම්පස් එකේ වෙච්ච දේ දන්නේ කැම්පස් ඉන්න අපි. (නි)

:       0       0

සිල්වා Wednesday, 19 December 2012 09:40 AM

සියල්ලෝම එකයි යන තැන තමයි ලෝකේ තියෙන්නේ (දී)

:       0       0

පාලිත Tuesday, 18 December 2012 08:46 PM

කොටි මතවාද ජාත්‍යයන්තරයට ගෙනයන හා රටතුළ කොටි මතවාද වපුරන, රටට විනකරන සියල්ලන් පිළිකුලින් යුක්තව සියළු දෙනා එක්ව හෙළා දැකිය යුතුවේ. (නි)

:       0       0

පෙරේරා Thursday, 20 December 2012 11:42 AM

උසාවියට නෙමෙයි දාන්න වටින්නේ. (නි)

:       0       0

කුමාර Wednesday, 19 December 2012 09:45 AM

මෙතන කමෙන්ට් දාල තියෙන සිංහල ජාතිවාදියෝ වගේම දෙමළ ජාතිවාදියෝ තමයි ලංකාවෙ යුද්ධ ඇතිවෙන්න පාරකැපුවේ. (ස)

:       0       0

මුතුකුඩ Tuesday, 18 December 2012 08:55 PM

කොටුව දුම්රිය පොළ ඉදිරිපිට කියන්නේ කාටත් පොදුවු ස්ථානයක්. විප්ලවාදීන්ගේ රජදහනක්. එම ස්ථානය පාලුවට යෑමට නොදී කුමක් හෝ හර්තාලයක් විප්ලවයක් පැවැත්විය යුතුමයි. මන්දයත් එසේ කිරීමෙන් මාධ්‍යයන්ට උපකාරයක් වනවාසේම මනුෂ්‍යයාගේ එදිනෙදා ඇතිවන්නා වු දෛනික ප්‍රශ්ණ අමතක කිරීමටද තමන්ගේ දෛවය වෙනස්කර ගැනීමටද හැකිවනු ඇත. (නි)

:       0       0

ජසීම් Tuesday, 18 December 2012 09:07 PM

පෙට්‍රල් මිළ වැඩිවුණාට දාන්නෙ නැද්ද සද්දයක්? (නි)

:       0       0

සඳුනි Tuesday, 18 December 2012 09:24 PM

කොටින්ට කඩේ යනවා නම් නීතිය වහා ක්‍රියාත්මක කරන්න. තරාතිරම එපා (අ)

:       0       0

කෝලිත Tuesday, 18 December 2012 09:28 PM

මෙයාටල හොඳ ගානක් ගෙවලා ඇති (අ)

:       0       0

අත්තනායක Wednesday, 19 December 2012 10:23 AM

වෙන වැඩ නැහැනේ (දී)

:       0       0

ඒකනායක Wednesday, 19 December 2012 10:28 AM

මොන උද්ඝෝශනද අනේ 21 ලෝකේ විනාස වෙනවා (දී)

:       0       0

අමිල Tuesday, 18 December 2012 09:35 PM

රට වෙනුවෙන් දිවි පූජා කරපු රනවිරුවන්ගේ වලවල්වලටත් ගරහන අය ටිකක්.මුල මතක නෑ.ජාතකයක් නැති අය... (අ)

:       0       0

රවිදු Wednesday, 19 December 2012 10:38 AM

ඔබට ජය වෙවා(දී)

:       0       0

කුරුවිට Tuesday, 18 December 2012 09:36 PM

කොටින්ට උඩගෙඩි දෙන අයයි මේ (අ)

:       0       0

ලංකාපුර Tuesday, 18 December 2012 09:41 PM

මේ අයට පිස්සු මොකද තේරුම්ගන්න බෙහෙත් බොන්න නැහැනේ (අ)

:       0       0

ගයාන් Wednesday, 19 December 2012 05:38 PM

සම අයිතිය ඉතා වැදගත් (දී)

:       0       0

කල්පගේ Wednesday, 19 December 2012 10:38 AM

වරදක් කල නිසා වෙන්න ඇති අල්ල ගත්තේ (දී)

:       0       0

නසාර් Tuesday, 18 December 2012 09:53 PM

කට්ටිය ජේවිපි වගෙයි.(අ)

:       0       0

psketawala Tuesday, 18 December 2012 10:00 PM

සල්ලි කොපමණ දුන්න ද කෑ ගහන්න

:       0       0

විමල් Tuesday, 18 December 2012 10:08 PM

ලාංකීය භුමියට සබැහ නිදහස ගෙන ඒමට නම් ලාංකීය නිර්ධන පන්තිය ජාති ,කුල, ආගම් යන සියලු භේදයන් පසෙකලා ආර්ථික සහ සමාජ නිදහස වෙනුවෙන් සටන් කලයුතු වේ. එමනිසා මෙම සම අයිතිය ව්‍යාපාරය කාලීන අවශ්‍යතාවයක් වනවා සේම ඒ වෙනුවෙන් අප සහයෝගයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. උතුරේ දෙමල ජනයාගේ පීඩිත භාවයට එරෙහිව අප සටන් කලයුතු වේ, එසේ ගොඩනැගෙන පීඩිත පන්ති සාමය සහ සටන ලාංකීය නිර්ධන පන්තියේ ජයග්‍රහණය දක්වා ගෙනයාම අපගේ ජයග්‍රහණය වේ!!(අ)

:       0       0

බණ්ඩාර Tuesday, 18 December 2012 10:10 PM

ජේ.වී.පී. හෝ වේවා, වෙනයම් සංවිධානයක් හෝ වේවා, ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් හඩනැගීම වරදක්ද? (නි)

:       0       0

බමුණුගම Wednesday, 19 December 2012 11:14 AM

කුමාර, දන්න දෙයක් කතා කරන්න අනේ (ස)

:       0       0

බුද්ධික Thursday, 20 December 2012 12:31 AM

ඉස්සර සමාජ ක්‍රමය නොවෙයි දැන් තියෙන්නේ (දී)

:       0       0

විලේගොඩ Thursday, 20 December 2012 01:46 AM

මොළයේ අයිතිය විකුණලා වගෙයි. (නි)

:       0       0

හරිශ් Thursday, 20 December 2012 01:47 AM

නිදහස සහ ප්‍රජාතන්තරවාදය ලැබිය යුත්තේ එය හරිහැටි තේරුම් ගන්නට පුළුවන් බුද්ධි මට්ටමක් ඇති සමාජයකට පමණි .එහෙම නොවුනොත් වදුරට දැලි පිහිය ලැබුණා වගේ වෙනවා .(ස)

:       0       0

චන්ද්‍රා Wednesday, 19 December 2012 06:21 PM

මේ ඡායාරූප වල ඉන්න අය අතරේ ලුම්බිණිත් ඉන්නවාද දන්නෙ නැහැ? (නි)

:       0       0

සතිෂ් Tuesday, 18 December 2012 11:37 PM

නිමල්, බස් එකේ යද්දී මොරටුව සරසවියේ ළමයි කිහිප දෙනෙක් පහුගිය කාලේ මිය‍ගියේ උල්කාපාතයකින්ද? (නි)

:       0       0

ජයලත් Wednesday, 19 December 2012 06:30 PM

නිලන්ත, ලුම්බිණි, විමල්, රණවිරුවෝ ජීවිත පූජා කරලා ලබා දීපු නිදහස පාවා දෙන ඔබලා වැනි අය අප නිජ භුමියේ තවත් ඉන්නවා. මෙවැනි අදහස් දාන්නෙ රෙදි ඇදගෙනද? ලැජ්ජ නැද්ද? (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 20 December 2012 03:37 AM

කුමාරගේ බුද්ධියේ තරම අදහස කියැවූ විට සිතාගත හැකිය. (නි)

:       0       0

ලාල් Thursday, 20 December 2012 04:15 AM

කොටි මිනිසුන් අමු අමුවේ මරද්දී එක්කෙනෙක්වත් කෑ ගැහුවද? (නි)

:       0       0

නිරන්ජන් Wednesday, 19 December 2012 06:31 PM

සිල්වා, විමල් සහ බණ්ඩාර,නිලන්ත, තණකොළ කෑවට කමක් නැහැ. උම්බෑ උම්බෑ කියන්න ඵපා. (නි)

:       0       0

තිසල් Wednesday, 19 December 2012 12:11 AM

ඔහොම යමු. ඔහොම යමු. (නි)

:       0       0

නිමල් Thursday, 20 December 2012 04:40 AM

ෂෙරීෆ්, හැම සිංහලයාම එහෙම නැහැ. (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 19 December 2012 12:33 AM

වසල උගත් යැයි කියනා සිහළ කොටි මසාල උලුදු වඩයට කොටනවා පිටි... (නි)

:       0       0

සමීර Wednesday, 19 December 2012 12:29 AM

අනේ නිකන් ඉන්න. අපි නොදන්න මොණරතැන්න... (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 19 December 2012 12:36 AM

මේවා කාලෙන් කාලෙට එනවා. මිනිසුන් ලෙස අපි බුද්ධිමත්ව වැඩ කළ යුතුයි. (නි)

:       0       0

භාග්‍යා Wednesday, 19 December 2012 12:40 AM

රටක් විදියට ගත්තහම එක එක්කෙනාගේ පෞද්ගලික මත වලට අනුව වැඩකරන්න බැහැ. (නි)

:       0       0

රොහාන් Wednesday, 19 December 2012 06:45 PM

ෂෙරීෆ්, ඊළගට ඔයාලා ලැහැස්ති වෙන්න. අපි හොදට ඇස් ඇරගෙන බලාගෙනයි ඉන්නේ. (නි)

:       0       0

සදුනි Wednesday, 19 December 2012 12:41 PM

කොටින්ගේ බළල් අත් බවට නම් පත් නොවේවා! (නි)

:       0       0

අනුර Wednesday, 19 December 2012 02:40 AM

මෙයාලා කොහොමද විභාගේ පාස්කරගන්නේ පාඩම් කරන්නේ නැතුව? ඉන්නෙම බැලුවොත් මහ පාරේ. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 19 December 2012 02:58 AM

නොපමාව මොවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි. (නි)

:       0       0

අමිල Wednesday, 19 December 2012 03:16 AM

විමල් බර වචන දාලා ලොකු විස්තරයක් නම් ලියලා තියෙනවා. ඒත් දන්නවද දන්නෙ නැහැ යාපනේ කට්ටිය අත්අඩංගුවට ගත්තේ කොටි සමරු උත්සව පවත්වන්න ඉඩ නොදීමට එරෙහිව උද්ඝෝෂණය කරද්දී බව. කොටින්ට ආයෙමත් නැගිටින්න ඉඩ දෙනවා නම් රණවිරුවෝ ජීවිත පූජා කරලා ලබා දීපු නිදහසේ තේරුම මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1290 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 256 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2204 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1227 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 661 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 445 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site