(නිමන්ති රණසිංහ)
දරුවන්ගේ අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සදහා සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීම අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ තාක්ෂණික කමිටුවේදී එන්නත් ලබා දෙන දරුවන් සදහා හැදුනුම්පත් අංකයක් නොමැති වීම පිළිබදව සාකච්ඡා වූ බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2020 දෙසැම්බර් 30 වන දින “නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව” ට ද මේ සම්බන්ධයනේ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවද සදහන් වෙයි.
එහිදී ද ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙසත්, එම අංකය ඇතුළත් හැඳුනුම්පත අවුරුදු 16දී හෝ ඉන් පෙර ඔවුන්ට ලබාදීමට කටයුතු කරන ලෙසත් සදහන් වෙයි.
මව් රටේ පුරවැසි අයිතිය පිළිබඳ හැඟීමක් දරුවන් තුළ ඇතිවීම, ළමා අපචාර හා ළමා මෙහෙකාර සේවය නිසා දරුවන්ට සිදුවන බලපෑමෙන් ආරක්ෂා කරගත හැකිවීම, දරුවන් සඳහා රට පුරා ඒකාකාරී සෞඛ්‍ය සේවාවක් තහවුරු කරන හඳුනාගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම, දරුවන්ගේ අධ්‍යාපන හා සමාජයීය අවශ්‍යතා සැපිරීමේදී හඳුනාගැනීමේ රහස්‍ය අංකයක් ලෙස භාවිත කිරීම, සීමිත සම්පත් දරුවන් වෙත ලබාදීමේදී සමානාත්මතාවය තහවුරු කරන ක්‍රමවේදයක් ලෙස භාවිත කිරීම දරුවන් සඳහා උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා දීම මගින් ලැබෙන ප්‍රතිලාභ ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී ඇත
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෑම දරුවකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් ?
Kule Monday, 27 September 2021 07:08 PM
හොඳ අදහසක්... බොහෝ රටවල්වල මෙය ක්‍රියාත්මකයි...
jayanthaTuesday, 28 September 2021 02:27 AM
අවුරුදු දෙකකට කලින් 2019 යහපාලන රජයෙන් මෙය ක්‍රියාත්මක කරලා නීතිගත . ගී.එම්.ඕ.ඒ එක දන්නේ නැති උනාට
Prabha Monday, 27 September 2021 07:53 PM
ඒක හොඳ අදහස .එතකොට ඔය උපන්දින දෙකේ අය බිහිවෙන එක නවතියි
sam Tuesday, 28 September 2021 08:42 AM
නරකද ඒ ගමන්ම මේ කාලකන්නි දේශපාලුවන්ගේ පක්ෂෙට සාමාගික අංකයකුත් දුන්නොත්
පිටිගල මිලානෝ Tuesday, 28 September 2021 10:13 AM
උපතේදීම අප්පච්චි ණයබර වැඩි කළාට අංකයක්වත් දුන්නේ නැහැනේ...
fairoos Tuesday, 28 September 2021 01:01 PM
ඉතාම හොඳ වැඩක් .කරනවානම්