IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


'සෑම දරුවෙක්ම පාසල් යන්න ඕනෑ' - අගමැති කියයි

පහ වසර  ශිෂ්‍යත්ව විභාගයෙන් හෝ සාමාන්‍ය  පෙළ විභාගයෙන් පසුව පාසල් කාලය අවසන් කිරිමට මින් ඉදිරියට  අවස්ථාව නොමැති බවත් සෑම පාසල් දරුවෙක්ම අනිවාර්යෙන්ම උසස් පෙළ දක්වා  අවුරුදු 13 ක් ඉගෙන ගත යුතු බවත් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා කොටහේනේ දී අද (15) පැවසීය.

පාසල් කාලය තුළ අනාගතයේ තමන් කිරිමට බලාපොරොත්තු වන රැකියාවට  අදාල පුහුණුවක්  ලබාදිමට  අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කිරිමට  නියමිත බව වික්‍රමසිංහ මහතා කීවේය.

RDS_4657_76 RDS_4689_65 RDS_4775_8 RDS_4794_43



අදහස් (0)

'සෑම දරුවෙක්ම පාසල් යන්න ඕනෑ' - අගමැති කියයි

සජී Wednesday, 16 November 2016 07:20 AM

සමහරවිට පාසල් යන වයසේ දරුවෙකුට මුළු පවුලක්ම නඩත්තු කරන්න වෙන අවස්ථාත් ලංකාවේ තිබෙනවා. ඔවුන් හඳුනාගෙන උදවු කරන්න (නි)

:       0       0

අතුල Wednesday, 16 November 2016 08:06 AM

මේවා කරන්න වෙන්න ඇති අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය අඩුකළේ. (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 15 November 2016 10:59 PM

මී පැණි වගේ වචන. පාසල් යන්න ඕනෑකම තිබුනත් ඒක ඉටුකර ගන්න බැරුව ලතවෙන දුප්පත් අහිංසක ළමයි ලක්ෂ ගානක් ලංකාවේ ඉන්නවා. මන්දපෝෂණය, ඇඳුම් පොත්පත් හිඟය අනාරක්ෂිත කුප්පි ලාම්පු, මඩ ගොහොරු උඩින් , අවදානම් ඒදඬු මතින් ගොස් අකුරු කරන්න බැහැ කියා පාසැල් නොගිහින් ඉන්නේ කුසීතයෝ කියලා තේරුම්ගිය එකම ජාතියේ වාසනාවක්. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 16 November 2016 12:32 AM

ගණන් බැරි ළමයෙක් කොහොමද උසස්පෙළ හදාරන්නේ. ගණන් නොමැතිව ඉහළට ඉගෙනගන්න පුළුවන් ප්‍රයෝජනවත් විෂය මොකක්ද? (නි)

:       0       0

බමුණු Wednesday, 16 November 2016 12:40 AM

නන්ද, ඔබ ඔය අට සමත්වීම ගැන කතාකොන්නේ අට සමත්වීම ගැන දැනගෙනද. 1950 ගණන් වල අට සමත් කෙනෙකු සමඟ ඉංග්‍රීසි කතා කරන්න අද උපාධිධාරියෙකුටවත් බැහැ. ඒ කාලේ අට සමත් වුණාම ජූනියර් ස්කූල් සර්ටිෆිකේට් එක ලැබෙනවා. එම සහතිකය රැකියාවල් ගණනාවකට යාමට සුදුසුකමක් (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 16 November 2016 12:43 AM

සමන්, ඔබ ඔය කියන්නේ කාර්මික විද්‍යාල ගැන නේද? 1964 කාලේ මොරටුව විශ්ව විද්‍යාලයත් කාර්මික විද්‍යාලයක් (නි)

:       0       0

උදය Wednesday, 16 November 2016 12:54 AM

අනේ අගමැතිතුමා, එතකොට එයාලට පාර්ලිමේන්තුවට යන්න බැරි වෙනවනේ. ඊටපස්සේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීලා හොයන්න වෙන්නේ අර ඉන්දියාව එක්ක ගහන ගිවිසුමෙන් තමා (නි)

:       0       0

විජිත බුලත්සිංහල Wednesday, 16 November 2016 12:54 AM

බොහොම හොඳයි (නි)

:       0       0

උදය Wednesday, 16 November 2016 12:58 AM

අන්න අන්න බමුණු අාරච්චිට වැරදිලා. ගණන් පාස් නැති කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා දන්නවද. ඉස්සර කිව්වේ අට පාස් අය පොලිසියට තමා කියලා. දැන් ඉස්කෝලේ නොගියත් හොඳ චණ්ඩියෙක් වුණා නම් ගොඩ. (නි)

:       0       0

සෙනරත් Wednesday, 16 November 2016 03:14 AM

ළමයි පාසල් යන්න ඕනේ කියලා කිව්වට වැඩක් තියෙනවද ? (හේ)

:       0       0

ජනහිත Wednesday, 16 November 2016 09:54 PM

කාලෙකින් හොඳ වචනයක් ඇහුව ඉතින්.(රේ)

:       0       0

චන්දු Wednesday, 16 November 2016 06:21 AM

සියලුම දූ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු වෘත්තීය අධ්‍යාපනය ලබාදී කුමන හෝ ක්‍ෂේත‍්‍රයක වසර දෙකක් රැකියාවකට යොමුකිරීම අත්‍යවශ්‍යයි. ඉන්පසු උසස් අධ්‍යාපනය සඳහා කැමති අයට යොමුවෙන්න අවස්ථාවක් ලබාදීම සුදුසුයි. එතකොට තමන්ටම අවශ්‍ය පාඨමාලා තමන්ගේම වියදමින් හදාරන්න අවස්ථාව සැළසෙනවා. (නි)

:       0       0

සමන්ති Wednesday, 16 November 2016 06:45 AM

ඔබතුමාගේ කතාව නම් මසුරන් (නි)

:       0       0

සිල්වා Tuesday, 15 November 2016 12:49 PM

මුලිකම දේ රටේ අධ්‍යාපනය නගා සිටුවා හොද මානව සම්පතක් ගොඩ නැගීම. ඒ තුළින් ලෝකය ජයගන්න පුළුවන්. (අ)

:       0       0

සමන් Tuesday, 15 November 2016 12:49 PM

බටහිර රටවල පෙදරේරු, වඩු, යාන්ත්‍රික, විදුලි කාර්මිකයන් සඳහා කොලේජ් තියනවා. එමගින් සමාජයේ හොඳ පිළිගැනීමක් ඇති වෙනවා සේම පුහුණු සේවකයන් බිහිවෙනවා. ඔවුන් තුළ අභිමනයක් ඇතිවෙනවා. දැන් වත් මේ සඳහා වැඩපිළිවලක් දීම රටේ දියුනුවට ඉතා ප්‍රයෝජනවත්. (අ)

:       0       0

නන්ද Tuesday, 15 November 2016 12:51 PM

පාසල් ගිහින් අට සමත් වුණත් මදැයි. එහෙම අයටත් අවුරුදු පහෙන් හොඳ විශ්‍රාම යන්න පුළුවන්, තවත් බොහෝ වරප්‍රසාද තිබෙන රැකියාවක් තිබෙනවා, අපේ රටේ. ඒ රැකියාව නම් කරන්නේ මන්ත්‍රීකම කියල, (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1128 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 8 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 85 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 345 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1218 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 281 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site