IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘සෑම පුරවැසියකුටම ඩිජිටල් කාඩ්පතක්‘

පුරවැසියන්ගේ සියලු තොරතුරු ඇතුළත් පුරවැසි ඩිජිටල් කාඩ්පත ලබන ජනවාරි පළමු සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාදීමට නියමිත බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පුරවැසියන්ගේ ජීව දත්ත හා ඔවුන් රාජ්‍ය ආයතන සමග සිදුකරන සියලු කටයුතු පිළිබඳ තොරතුරු එම ඩිජිටල් කාඩ්පතේ අඩංගුව බවද කී ඇමැතිවරයා වයස අවුරුදු 14න් ඉහළ සියලු ලාංකිකයන්ට කාඩ්පත ලබාදෙන බවද කීය.

මෙරට රාජ්‍ය අංශයේ කටයුතු ඩිජිටල්කරණය නොකිරීමෙන් දිනකට ඇමරිකා ඩොලර් මිලියන 2ක පාඩුවක් ලබන බවද ඇමැතිවරයා සඳහන් කළේය.



අදහස් (0)

‘සෑම පුරවැසියකුටම ඩිජිටල් කාඩ්පතක්‘

සෑම් Thursday, 15 September 2016 05:22 AM

අර ගූගල් බැලුන් ඇරියා වගේ වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

ඉමේෂ් Thursday, 15 September 2016 05:51 AM

ඉතින් මුරපද පැහැරගන්න ඇයි මුරපද අහුවෙන්න තියන්නේ? (නි)

:       0       0

ඉමේෂ් Thursday, 15 September 2016 06:00 AM

සජීව, දහම්, ත්‍රී-ඩී මුරපද කියලා ජාතියක් ලෝකේ හදලා තියෙන්නේ එකට තමයි. (නි)

:       0       0

ලියනගේ Thursday, 15 September 2016 06:16 AM

ඉතාමත් හොඳ වැඩපිළිවෙලක්. ලංකාවේ හොරකම් කරනවා කියලා මෙවැනි වැඩපිළිවෙලවල් නොකර ඉන්න එක සුදුසු නැහැ. මෙයට විරුද්ධ මත දරන අයගේ ළමයින්ගෙන් ඇහුවොත් ඒ අයට තේරුම් ගන්න පුළුවන් වෙයි. මෙය මැදපෙරදිග විතරක් නොව වෙනත් දියුණු රටවලත් තියනවා. මේ මඟින් බොහෝ හොරකම් අවම කරගන්න පුළුවන්. අපි රජය කරන හැම දෙයකටම විරුද්ධනොවී මේ මඟින් වන හොඳදේත් පිළිගන්න ඕනෑ (නි)

:       0       0

ඉමේෂ් Thursday, 15 September 2016 06:17 AM

ත්‍රී-ඩී ආරක්ෂක ක්‍රමය යටතේ මේවා එතරම් ප්‍රශ්න නොවේ

:       0       0

මහේෂ් Thursday, 15 September 2016 06:11 AM

අනේ මෙයාලගේ ඩිජිටල්? දැක්කේ නැද්ද වයි-ෆයි, ගූගල් බැලුන්? මෙයාලා හොඳයි කටින් බතල හිටවන්න. අලුත් තාක්ෂණය එන එක හොඳයි. එ්ත් ඒවා ක්‍රියාත්මක කරන්න ලොකු සිස්ටම් එකක් ඕනෑ. ඒ පසුබිම හදන්න ඕනෑ මුලින්. ඊටපස්සේ පුළුවන් ඩිජිටල් කරන්න. එදා වේල කන්න අතේ සල්ලි නැතුව දුක්විඳින මිනිසුන්ට දෙයක් කරන්න. ඒ මිනිසුන්ට මොන ඩිජිටල්ද? එ්කත් හරියට අර පොහොර සහනාධාරය දෙන්න ඔන්ලයින් අයදුම්පතක් ඉංග්‍රීසි භාෂාවෙන් පුරවන්න දුන්නා වගේ. මේගොල්ලන්ගේ බොරු සෝබන වැඩ. (නි)

:       0       0

ජනහිත Wednesday, 14 September 2016 03:38 PM

කොච්චරක් අය කරනවද දන්නේ නැහැ ඕක නිකුත් කරන්න. නියම දේ නම් සියලු දේ හැදුනුම් පතට ඇතුළු කිරීම නොවෙයි, හැම කෙනෙකුටම සමාජ ආරක්ෂක අංකයක් දීමයි කළයුත්තේ. එම කාඩ් පත් අංකය රජය සමග කරන කටයුතු වලදී භාවිත කළ යුතු අතර, හැදුනුම්පත හදුනාගැනීම සදහා භාවිත කළහැකියි. සමාජ ආරක්ෂණ අංකය කෙනෙකුගේ උප්පත්තියේදීම දියයුතුයි. මෙම කාඩ්පත් අංකය තමන් මතක තබා ගත යුතුයි.(අ)

:       0       0

නාලක Wednesday, 14 September 2016 04:23 PM

මේක මෝඩ වැඩක්. මේක ඉස්සුවොත් මුළු හැඳුනුම්පතම කොපි කරලා බැංකුවේ සල්ලිත් අරන්, මෙඩිකල් රිපොර්ට්ස් වෙනස් කරලා පාස්පෝර්ට් අරන් වෙන රටකට යයි. ඇමෙරිකාවේ ගියා නේද? අහල නැද්ද සෝෂල් සේකුරිටි නම්බර් කියල එකක්. රාජ්‍ය දත්ත ගිණුමක් හදල නොම්මරය පමණක් මහජනතාවට දෙන්න.(රේ)

:       0       0

දසුන් Wednesday, 14 September 2016 05:12 PM

ලංකාවේ ඩිජිටල්, තොරතුරු තාක්ෂණය කියලා දාන්නේම ගොන් පාර්ට්. දියුණු රටවලවත් මෙහෙම මෝඩ චූන් නැහැ.(රේ)

:       0       0

සිරිපුරසිරි Wednesday, 14 September 2016 05:31 PM

මම සේවය කරන මැද පෙරදිග රටේ මෙවැනි කාඩ් පතක් භාවිතා වෙනවා. අවුරුදු 16 ට වැඩිනම් දරුවන්ට පවා එය ලබා දෙනවා. පැයක් වගේ කාලයක් ඇතුලත පොලිස් දෙපාර්තමේන්තුවෙන් එය ලබා ගන්න පුළුවන්. ඉන්පසු බැංකු, රෝහල්, ආදී සියළුම සේවා වලට භාවිතා වෙන්නෙ ඒ කාඩ් පත. ගුවන් තොටුපලේදි දිග පෝලිම් වල නොහිට ඊ-ගේට්ටුව හරහා තත්පර ගානකින් යන්න එන්න පුළුවන්. (රේ)

:       0       0

ජයන්ත Wednesday, 14 September 2016 07:12 PM

මේක ඉතා හොඳ වැඩක්. මම සේවය කරන රටේ මේකට කියන්නේ සිවිල් හැඳුනුම්පත කියලා. මෙහි සම්පුර්ණ නම, උපන් දිනය, ජාතිය, ලේ වර්ගය, රැකියාව, රැකියාව කරන ස්ථානය, පදිංචි ස්ථානය ආදී තොරතුරු අඩංගු වෙනවා. ඊට අමතරව පොලිසියේදී සහ ගුවන් තොටුපලේදි ඇඟිලි සළකුණු පරීක්ෂා කිරීමටත්, බැංකු, රෝහල් ආදී සියළුම සේවා වලටත්, සිම් කාඩ්පත්, ගෙවීමේ පහසු ක්‍රමයට භාණ්ඩ ලබා ගැනීමටත් ඉතාමත්ම පහසුයි. (නි)

:       0       0

සජිත් Thursday, 15 September 2016 07:42 AM

දැන් ඔය කාඩ් එකකට කීයක් අයකරනවද? මේකත් රජයට ආදායමක් ගන්න කරපු සැළසුමක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 14 September 2016 07:44 PM

ඔක්කොම දත්ත එක කාඩ්පතක රැස් කරන්න එපා. එතකොට එම කාඩ්පත් හිමියා පැහැරගෙන රහස් අංකය දැනගෙන මරා වළලා හොරු බැංකු වල තිබෙන සල්ලිත් අරගනිවී. රුධිර ගණය දැනගෙන වකුගඩු වැනි ඉන්ද්‍රයයන් ගළවා ගනීවි. පාස්පෝර්ට් හදාගෙන රටත් යාවි. කරුණාකර හැමෝටම සෝෂල් සිකියුරිටි අංකයක් පමණක් ලබාදෙන්න (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 14 September 2016 07:49 PM

සිරිපුර සිරි, මැදපෙරදිග රටවල හොරකම් වලට දෙන දැඩි දඬුවම් නිසා හොරකම් අඩුයි. නමුත් ලංකාවේ මෙම ක්‍රම ක්‍රියාත්මක කළනොහැක. අඩුම තරමේ තාක්ෂණය අතින් ඉතාම දියුණු ජර්මනියේ පවා හැඳුනුම්පතේ මෙවැනි වැදගත් තොරතුරු අඩංගු කරන්නේ නැත. (නි)

:       0       0

සාලිය Wednesday, 14 September 2016 09:49 PM

සිරිපුරසිරි, ඕක හොඳයි මැදපෙරදිග නීතිය ලංකාවේ තිබුනා නම්. (නි)

:       0       0

ජයා Wednesday, 14 September 2016 10:14 PM

වැඩිය හොඳයි ගෙදරින් එළියට බහිනකොට බෙල්ලේ එල්ලාගෙනම යන්න පුළුවන් විස්තර ඇතුළත් පොතක් හදලා දෙනවා නම්. (නි)

:       0       0

රාධා Thursday, 15 September 2016 01:08 AM

සෑම අයෙකුටම රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කර දියයුතුයි. මක්නිසාද යත් දෙනුලබන කිසියම් ආධාරයක් හෝ දීමනාවක් ලබාගත්තාදැයි සොයාගැනීම සඳහාය. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 15 September 2016 01:05 AM

මෙම කාඩ් එක පුරවැසියන්ගේ නිදහසට තර්ජනයක් විය නොහැකිද? (නි)

:       0       0

ඉමේෂ් Thursday, 15 September 2016 01:35 AM

නාලකගේ දැනුම ලියලා තියෙන දේවල් වලින් තේරෙනවා. අඩුමතරමේ විජය ළමා පත්තරේවත් කියවන්න පුරුදු වෙන්න. ලෝකය ගැන දැනුම වැඩි කරගන්න. පාස්වර්ඩ් කියලා දෙයක් ලෝකේ තියෙන්නේ ඔයාගේ ඔය ප්‍රශ්නය විසඳන්න තමයි. (නි)

:       0       0

ඇසළ Thursday, 15 September 2016 02:15 AM

බලාගෙන යනකොට ආණ්ඩුව හදන්නේ රටේ ඉන්න සියලු දෙනාවම ඒ අයටත් නොත්රෙන විදියට ඩිජිටල් කරන්න වගෙයි. (නි)

:       0       0

දහම් Thursday, 15 September 2016 03:00 AM

අනේ ඉමේෂ්, පවු අනේ ඔයා! ඔයාගේ මොළේ නම් පත්තරයක් කියවන්න තරම්වත් දියුණුවෙලා නැහැ. (නි)

:       0       0

සජීව Thursday, 15 September 2016 03:24 AM

ඉමේශ්, පැහැරගත්තොත් මුරපදය ගන්නා එක මහ ලොකු දෙයක්ද? බයවෙන්න එපා. මේකත් ගූගල් බැලුම වගේ වෙයි (නි)

:       0       0

තිස්ස Thursday, 15 September 2016 03:40 AM

මෙය 666 නොවේ. බය නොවන්න.මෙය ගැන ජනතාව දැනුවත් කරන්න. දුම්රියට යකඩ යකා කියුවේ බයට. බර කරත්තය දැන් පාවිච්චි කළ හැකිද ? (බ)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 15 September 2016 03:44 AM

මේ ක්‍රමය ඉතා හොදය කුවේට් වල ඉන්න අයටත් මේ පහසුව දැනෙනවා අපි ප්‍රමාදේ (බ)

:       0       0

බන්දුල. Thursday, 15 September 2016 04:00 AM

මේකත් අර ඉන්ටර්නෙට් බැලුන් වගේද දන්නේ නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 103 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 308 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 481 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 762 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 618 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1324 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site