IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිම් වෙ‍ළෙන්දා මීගලෑව සැකකරුවන් හඳුනා ගනී

ගල්ගමුව මීගලෑවේ දිනිඳු යශේන් දරුවා පැහැරගෙන ගොස් කෝටියක් කප්පම් ඉල්ලා දුර කතන ඇමතුම් දුන් සිම්පත් අලෙවි කළ ව්‍යාපාරිකයා අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිම්පත් මිල දී ගත් සැකකරුවන් දෙදෙනා හඳුනා ගත්තේය.

මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා ඉදිරියේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී සැකකරුවන් හඳුනා ගැනීමට පැහැරගත් දරුවාට නොහැකි විය.

දරුවාගේ දෙමාපියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැන්වූයේ දරුවා දැඩි පීඩනයකින් සිටි නිසා සැකකරුවන් හදුනා ගැනීමට නොහැකි වූ බවයි. ඒ අනුව නැවත හදුනා ගැනීමේ පෙරට්ටුවක් තබන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලූහ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා උසාවියෙන් පිටව යද්දී  ගම්වාසීහු විරෝධය පළ කළහ. නීතීඥවරයාගේ වෑන් රියට යා නොහැකි වන පරිදි ගම්වාසීන් මග හරස් කළ අතර පොලිසිය මැදිහත්වී ඔහුට යෑමට අවස්ථාව සලසා දුන්නේය.

DSC02484 DSC02497 DSC02505 DSC02515 DSC02519 DSC02520



අදහස් (0)

සිම් වෙ‍ළෙන්දා මීගලෑව සැකකරුවන් හඳුනා ගනී

චානිල් Wednesday, 20 August 2014 11:22 AM

මේක එච්චර බරපතල වැරැද්දක් නෙමෙයි කියන අයත් ඉන්නවද මන්දා. දරුවා පැහැරගත්තහම මේ දෙමව්පියන්ට ප්‍රෙෂර් එකවත් නැඟලා නරක දෙයක් වුණා නම් කොහොමද? (නි)

:       0       0

නුවන් Wednesday, 20 August 2014 11:26 AM

පොඩි දරුවා ගැන දුකයි මට නම් (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 20 August 2014 11:24 AM

පුදුම රැකියාවක් තමයි ඒකත් (නි)

:       0       0

කුමාර Thursday, 21 August 2014 03:42 AM

චුදිතයෙක් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ කෙනෙකුට නීතියෙන් අවසර තිබෙනවා (නි)

:       0       0

තමරා Wednesday, 20 August 2014 11:34 AM

තමන්ගේ දරුවෙක් කවුරුහරි උස්සාගෙන ගිය දවසට තමයි ඔය නීතිඥ රස්සාව කරන සමහර අයට මනුස්සකම පහළවෙන්නේ. (නි)

:       0       0

ජිලෝ Wednesday, 20 August 2014 11:38 AM

අපි හම්බ කරන සල්ලි වල මනුස්සකම නැතිනම් අපි අපේ දරුවන්ට දෙන දෙයක් වුනත් යාදෙන්නේ නැහැ. (ස)

:       0       0

කුෂී Thursday, 21 August 2014 03:58 AM

නීතියෙන් අවසර ලැබෙන සමහර දේවල් වලට තමන්ගේ හෘද සාක්ෂියෙන් සමාවක් නැහැ. (නි)

:       0       0

අසංක Thursday, 21 August 2014 04:00 AM

ගම්වාසීන් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම අනවශ්‍ය දෙයක්. අධිකරණය කියන ආයතනය අපහාසයට ලක්කරන්න එපා. නීතිඥ මහතුන් විත්තිකරුවන් වෙනුවෙනුත් පෙනීසිටිය යුතු බව අමතක කරන්න එපා. අද අපේ රටේ උද්ගෝෂණ කිරීම අලුත්ම රැල්ලක් වෙලා (නි)

:       0       0

සුභාෂි Thursday, 21 August 2014 04:02 AM

ප්‍රධාන චුදිතයාට තමන්ගේ ආදායමෙන් ගෙවාගන්න බැරිතරම් ණය ප්‍රමාණයක් කොහොම බැංකුවෙන් ලැබුනාද? සමහරවිට මොහු බැංකුවටත් සොයන්න බැරි විදියට ආදායම් ගැන බොරු කරලා ඇති. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 20 August 2014 11:54 AM

මේ දරුවා ගැන පළවූ සියළු පුවත් එක්රැස් කරලා තියාගන්න එක හොඳයි කියලා මම දරුවා‍ගේ දෙමවුපියන්ට කියනවා. මොකද පසුකලක ඒවා ප්‍රයෝජනවත් වේවි (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 20 August 2014 12:27 PM

මෙය මහා පොළොව නුහුලන අපරාධයක් වන්නට තිබුනා. එහෙත් නීතිවේදියෙක් විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනීසිටීම වරදක් නොවන බව මගේ පුද්ගලික අදහසයි. නැත්නම් කවදා හෝ රජවෙන්නේ කැලෑ නීතියයි. (නි)

:       0       0

කුමාර Thursday, 21 August 2014 05:20 AM

මෙම දරුවා මොනතරම් මානසිකව වැටෙන්න ඇද්ද? (නි)

:       0       0

දයා Wednesday, 20 August 2014 12:45 PM

ඇත්තෙන්ම මේ වගේ දේවල් වලට පෙරකදෝරු මහත්වරු ඉදිරිපත් නොවිය යුතුයි.තමරා ගේ කතාව හරි. එදාට හරි එයාලට මතක් උනොත් ඇති .(දිල්)

:       0       0

අජිත් Wednesday, 20 August 2014 12:59 PM

ප්‍රනාන්දු මහත්මයාගේ අදහස ඉතාම හොඳයි. මමද ඊට එකඟ වෙමි. (නි)

:       0       0

සේනක Wednesday, 20 August 2014 01:01 PM

අසරණ දරුවා පවු! (නි)

:       0       0

කසුන් Thursday, 21 August 2014 06:09 AM

මේවා රට ජාතිය නුහුලන අපරාධ. (නි)

:       0       0

දේවිකා Thursday, 21 August 2014 06:13 AM

තමන්ගේ දරුවෙකුට මෙහෙම දෙයක් සිදු වුණා නම් , චුදිතයන්ට නීතිඥ සහය ලැබීමේ අයිතියයි, උද්ඝෝෂණ කිරීමේ වරදයි පෙනෙන එකක් නැහැ. (නි)

:       0       0

මේනක Thursday, 21 August 2014 06:17 AM

චුදිතයන්ට නීතිඥ සහය ලැබීමේ අයිතිය වගේම මේ රටේ මිනිසුන්ට තමන්ගේ දරුවන් කප්පම්කාරයින්ගෙන් ආරක්ෂා කරගන්න අයිතියක් තියනවා. (නි)

:       0       0

සිල්වා Thursday, 21 August 2014 06:25 AM

ඔව් ඔව් ! ඕනෑම සමාජ විරෝධී පහත් වැඩක් කරලා නීතිඥ සහය ගන්න අයිතියක් තියනවා නේන්නම්. අපිට දැන් තමයි ඒ ටික මතක් වුණේ. මේ අවනඩුව ගැන මොකට පණ කඩාගෙන මෙතන අදහස් ලියන්න කට්ටිය කාලය ගතකළාද ? (නි)

:       0       0

දිනේෂ් Wednesday, 20 August 2014 01:36 PM

මට පෙනෙන හැටියට සමහරුන්ගේ අදහස අනුව මේ විත්තිකාරයන්ට මුළු රටේම අනුකම්පාවත් , නීතිවේදීන්ගේ අනුග්‍රහයත් ලැබිය යුතුයි වගෙයි. හෙට මගේ ළමයාට මේ ටික වුණත් මෙච්චරයි. (නි)

:       0       0

ඉන්ද්‍රා Wednesday, 20 August 2014 01:45 PM

මේ අයට දරුවෝ නැතුව ඇද්ද? මේ වරදකරුවන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

සිරිමෙවන් Wednesday, 20 August 2014 01:44 PM

මේක නම් හිතක් පපුවක් නැතිම රැකියාවක්ද කොහෙද? (නි)

:       0       0

ටෙනී Wednesday, 20 August 2014 01:52 PM

මේ රටේ අපරාධ නැත්නම් කළුකෝට් මහත්වරුන්ට ආදායමක් කොහෙද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 21 August 2014 06:44 AM

සුදත්."මේ තිරිසන් වැඩේට දෙන්න පුළුවන් ලොකුම දඬුවම දීලා ඉදිරියට මේ රටේ මේවා වෙන එක හැකි පමණින් වළක්වනවා මිසක් මෙයාලගේ අයිතිවාසිකම් ගැන හිත හිතා අනුකම්පා කරන්න ගියොත් නම් වැඩ වරදින්න පුලුවන්". රටේ සිද්ද වෙන හෙන ගහන අපරාද වලටත් එහෙමම කියන්න පුරුදු වෙන්නකෝ. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 21 August 2014 06:43 AM

දෙවියෝ බුදුන් විකුනන් කන කාලයක් මේක මහත්තයෝ. කැමති විදිහට හිතා ගන්නකෝ. (නදී)

:       0       0

සදුනි Thursday, 21 August 2014 06:50 AM

මේ වගේ නීතීඥයින්ට පාඩමක් වෙන්නේ එයාලගෙම දරුවෙක්ව පැහැරගත් දිනයකයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 21 August 2014 06:49 AM

බණ්ඩා, ඔබ හරි. ඒ දරුවාට හොඳට කන්න අදින්න අරන් දීලා තිබුනා. (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 21 August 2014 06:51 AM

මේ නඩුවත් මීට වසර හැටකට පමණ පෙර කතාබහට පත් වූ සිද්ධියක් වුණ (ගොයම් කොළයකට මුවා වී වෙඩි තිබ්බ) නඩුව වගේ වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 21 August 2014 06:53 AM

මේ දරුවා පැහැරගත් මිනිසුන්ට දේශපාලකයෙකුගේ යන්තම් හෝ සහයෝගයක් තිබුනා නම් බලන්න තිබුනා වෙන දේ. එහෙනම් මේ අදහස් දාන මිනිසුන්ගේ අදහස් පවා වෙනස් වෙනවා. (නි)

:       0       0

මොහාන් Wednesday, 20 August 2014 03:01 PM

මම නම් කියන්නේ නීතිඥයෙක් පෙනීසිටීමේ වරදක් නැතිබවයි (නි)

:       0       0

පි.ඒ.සෝමතිලක Wednesday, 20 August 2014 03:01 PM

මම අද උසාවිය ළඟට ගියා. කළ අපරාධය කිසිම විදියකින් අපි අනුමත කරන්නේ නැහැ. අපිට තියෙන ප්‍රශ්නය නීතීඥයින් පෙනී සිටිනවද නැද්ද කියන එක නෙමෙයි. අපරාධකාරයෙක් වුණත් අයිතියක් තියෙනවා තම අයිතිවාසිකම වෙනුවෙන් කතාකරන්න. ජනතාව උසාවියේ කටයුතු වලට අනවශ්‍ය ලෙස මැදිහත්වීම නොකළ යුතුයි (නි)

:       0       0

අජිත් Wednesday, 20 August 2014 03:54 PM

එයත් කෝටියෙ හවුල් කාරයෙක්ද දන්නේ නෑ(අ)

:       0       0

පද්මිණි Wednesday, 20 August 2014 04:21 PM

විත්තිය පැත්තයි පැමිණිලි පැත්තයි දෙකක් නැත්නම් එතන නඩුවක් නැහැ නේ.(අ)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 20 August 2014 08:48 AM

මේ පොඩි දරුවා කොහොම අදුරාගන්නද? දැන්ම බයේ වගේ (නදී)

:       0       0

ස්වර්ණා මල්ලවආරචි Wednesday, 20 August 2014 08:49 AM

දරුවාගේ පින්තුර දැක්කම පේනවා වසනාවන්ත දරුවකු බව. දරුවන් සිටින කාටත් මෙම දරුවා ගැන දරු සෙනෙහසක් පහලවනවා (නදී)

:       0       0

බන්දුල Wednesday, 20 August 2014 09:01 AM

මේ දරුවට බුදු සරණයි (නදී)

:       0       0

පියුමි Wednesday, 20 August 2014 09:08 AM

ලජ්ජා නැතුව නීතිඥවරු සල්ලිවලට යටවෙලා සැකකරුවන් වෙනුවෙන් කතාකරනව (නදී)

:       0       0

සෑම් Wednesday, 20 August 2014 09:09 AM

සියලුම පාර්ශව වලට නීතිඥ සහාය ලබාගැනීමට අවකාශ තිබිය යුතුයි. ඒ උනාට මුදල් වෙනුවෙන් මෙවැනි නඩුවක විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වෙන නීතිඥවරු මිනිසත් බවටත්, වෘත්තීය අචාරධර්ම වලටත් නිගා දෙනවා. (නදී)

:       0       0

අප්පුහාමි Friday, 22 August 2014 07:27 AM

මේ වගේ අපරාධ කාරයන්ව බේරාගන්න පෙනී සිටින හොර නීතිඥයන්වත් මේ සමගම හිරේට දාන්න නීතියක් තිබුනානම් තමයි හොඳ.(අ)

:       0       0

අජිත් Wednesday, 20 August 2014 06:11 PM

ඔය දරුපැටියා මගේ දරුවෙකු නම් මම දන්නවා කරන දේ (නි)

:       0       0

ඇසළ Wednesday, 20 August 2014 09:14 AM

සල්ලි වලටම කහින මෙවැනි අය නීතීඥ රැකියාවටත් ලජ්ජා කරයි. (නදී)

:       0       0

ජිලෝ Wednesday, 20 August 2014 09:16 AM

මෙහම අපරාධ කල අයටත් අනුග්‍රහය දක්වන කළු කෝට් මහත්තුරු නිසා තමයි භය නැතිව මිනිස්සු අපරාධ වලට පෙලබෙන්නේ. වැඩේ ගැස්සිලා පොලිසියෙන් අල්ල ගත්තත් මේ මහත්තුරු කොහොම හරි කෙස් පැලෙන තර්කයක් දමලා අර අපරාධකාරයාව නිදහස් කර ගන්නවා. ඇත්තට මේ නිතිවේදියෝ කියාගන්න අයට දරුවෝ නැද්ද ? (නධී)

:       0       0

ජයනි Wednesday, 20 August 2014 09:18 AM

විත්තියේ නීතිඥ තුමාට දරුවෝ ඇතත් නැති වුනත් අඩු ගානේ පවුලේ කාට හරි පොඩි දරුවන් ඇති නේද ? කොහොමද මේ වගේ අපරාධ කරුවොන්ට හෝයියා කියන්නේ ? (නදී)

:       0       0

මිලින්ද Wednesday, 20 August 2014 09:20 AM

සෑම් නීතිඥයො විදියට වැඩ කරන්න එන කොට එයාලා එන්නේ මනුස්සකම් බිම තියලා. ඉදලා හිටලා මනුස්සකම තියාගෙන ඉන්න අය ඉන්නවා. දැන් දැන් දොස්තරලත් මේ ගනයට වැටීම හිතට දුකක්. (නදී)

:       0       0

ලසිත් Wednesday, 20 August 2014 09:21 AM

මෙහෙව් අපරාධ කාරයන්ටත් පිහිටට එන අයවලුන් ඉන්නවා. අඩු ගානේ තමන්ගේ ළමා කාලය වත් මේ විත්තියේ නීතිඥ වරයාට මතක් වුනේ නැද්ද ? (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 20 August 2014 09:21 AM

ඉතාලියේ සිටින බොහෝ දෙනා දැන් දැන් මෙවැනි ප්‍රශ්න නිසා ලංකාවට නිවාඩුවකට යන එක මඟ හරිනවා. මේ කුරිරු පුද්ගලයන් වහාම ඉවරයක් කර දමන්න. (නදී)

:       0       0

සිසිර Wednesday, 20 August 2014 09:21 AM

සැකකරුවන්ගේ නීතීඥවරයා මේ අය ළමයා පැහැරගෙන ගියේ නෑ ළමයා අපිත් එක්ක අවා කියනවද දන්නේ නැහැ (නදී)

:       0       0

හසිත් Wednesday, 20 August 2014 09:23 AM

කවුද ඇත්තට මේ විත්තියේ නීතිඥ තුමා ? මොකද්ද එයාගේ ශ්‍රී නාමය ? (නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 20 August 2014 09:27 AM

නීතිඥයෝ සහ දොස්තරලා මුදල් වලට කෑදර අය. අනිත් රටවල් වල එහෙම උනාට මෙහෙ එහෙම නැහැ. (නදී)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 20 August 2014 07:30 PM

පි.ඒ. සෝමතිලක මහතා මෙම කප්පම්කරුවන් ගැන බොහොම ආවේණික සහ සදාදර විදියට ප්‍රතිචාර දමා, උසාවියටත් ගොසින් එය බැලීමට. ඔබගේ ප්‍රතිචාරය දුටු මට වැටහුනේ ඔබ මොවුන්ගේ ළඟම පවුලේ අයකු විලසිනි (නි)

:       0       0

රුවන් චින්තක මිලානෝ Thursday, 21 August 2014 08:50 AM

මේ අය නැවත හිරේට ගෙනියනකොට වෑන් එකෙන් පනින්න වුණත් බලන්න බැරි නැහැ (නි)

:       0       0

ගයාන් Wednesday, 20 August 2014 09:30 AM

විත්තියේ නීතිවේදියා තමන්ගේ දෙමව්පියන්ටත් ලජ්ජා වෙන්ට සිද්ධ වෙන නඩුවක් මේ භාරගත්තේ. (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 20 August 2014 09:37 AM

නීතිය සැමටම සාධාරණ විය යුතුයි. එම නිසා විත්තියට නීතීඥවරයකුගේ සහාය ලබා ගැනීමට අයිතිය තිබිය යුතුයි. (නදී)

:       0       0

මැණික් Wednesday, 20 August 2014 09:37 AM

අපිට දරුවන් නැති නිසා අපිට අනෙක් කෙනෙකුගේ දරුවෙක් දැක්කත් ආදරයක් කරුණාවක් ඇතිවෙනවා. මට හිතා ගන්න බැරි තමන්ගේ දරුවෙක් ඉන්න ප්‍රධාන සැකකාරය කොහොම මෙහෙම අපරාධයක් කරන්න හිතුවාද කියලා. (නදී)

:       0       0

රවී Wednesday, 20 August 2014 09:45 AM

මේ නඩුව හැකි ඉක්මනින් ඉවරවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පේන්නේ නැද්ද පොඩි දරුවාගේ මුහුණේ තියන තෙහෙට්ටුව. මේවාගේ දේවල් ළමා මනසට ඔරොත්තු දෙන්නේ නැහැ. හැකි ඉක්මනින් දරුවට සාමාන්‍ය ජීවිතයට යොමු වෙන්න ඉඩ දීම හරිම වැදගත්. (නදී)

:       0       0

පාලිත Wednesday, 20 August 2014 09:44 AM

ලැජ්ජා නැද්ද මන්දා මුළු ලංකාවම මේ ගැන කතා කරනවා මේ නීතිවේදියා විත්තිය පැත්ත ගත්තේ, මෙහෙමත් මිනුස්සු සල්ලි වලට කෑදර ද ? (නදී)

:       0       0

ශාන් Wednesday, 20 August 2014 09:46 AM

ළමයා හම්බ උනානේ අත ඇරලා දාන්න. (නදී)

:       0       0

කුෂී Wednesday, 20 August 2014 09:48 AM

විත්තිකරුවන්ට නීතිඥ සහය වගේම අගතියට පත් වූ දරුවාට සුරක්ෂිත ළමා කාලයක් සඳහා අයිතිය තිබෙනවා නේද ? (ස)

:       0       0

චමින්ද Wednesday, 20 August 2014 09:00 PM

දරුවා සැකකරුවන් හඳුනානොගත් එක නම්,විත්ති පක්ෂයට වාසි වෙන වැඩක් වෙන්න පුළුවන්.එසේ නොවේවා, යනු මගේ පැතුමයි. (නි)

:       0       0

උපුල් Wednesday, 20 August 2014 09:55 AM

සමහර නීතිවෙදියෝ සල්ලි ලැබෙනවා නම් ඕන අපරාධ කාරයෙක්ව සුද්ධ කරන්න පෙනී ඉන්න උදවිය. (නදී)

:       0       0

කුමාරි Wednesday, 20 August 2014 09:58 AM

සැක කරුවන්ගේ වගේම ඔය නිතිඥයගේත් පොටෝස් දමන්න. ලෝකෙට හදුනා ගන්න. සල්ලි වලටම කෑදර කමෙන් ඕන ජඩ වැඩක් කරන මේ මිනිස්සුන්ට අය ජාතිත් මිනිස් භාවයක් දකින්නවත් ලැබෙන් නැහැ. (නදී)

:       0       0

කාන්ති Wednesday, 20 August 2014 09:59 AM

බැංකුවේ උකස ගෙවන්න සල්ලි සොයා ගන්න කියලා නේද මේ නොහොබිනා වැඩේ කලේ ? උකස ගෙවන්න සල්ලි නැති කෙනාට නීතිඥ ගාස්තු ගෙවන්න සල්ලි තියනවා. (නදී)

:       0       0

සුදත් Wednesday, 20 August 2014 10:05 PM

දැන් මේ අය මොනවද කියන්නේ? 'අනේ! අපිට නැතිබැරිකම් නිසා මේකට පෙළඹුනා, මේක මේ සමාජ ක්‍රමයේ වැරැද්ද. අපේ නෙමෙයි' කියලද? නැති බැරිකම් කියලා මුළු රටේම මිනිස්සු අහළ පහළ ගෙවල් වල ළමයි උස්සන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? කාටද නැතිබැරිකම් නැත්තේ? මේ තිරිසන් වැඩේට දෙන්න පුළුවන් ලොකුම දඬුවම දීලා ඉදිරියට මේ රටේ මේවා වෙන එක හැකි පමණින් වළක්වනවා මිසක් මෙයාලගේ අයිතිවාසිකම් ගැන හිත හිතා අනුකම්පා කරන්න ගියොත් නම් වැඩ වරදින්න පුලුවන් (නි)

:       0       0

සමන්ත Wednesday, 20 August 2014 10:04 AM

දැන් මොකක් හරි දහන් ගැටයක් ගහලා ඇප ගන්න පොටක් පාදා ගනීවි. අඩු ගානේ අර එක නඩුවක වගේ ගෙදර හාමිනේ ප්‍රෙග්නන්ට් කියලා හරි අනුකම්පාව ගන්න බලාවි. (නදී)

:       0       0

කුමාර Wednesday, 20 August 2014 10:09 PM

දැන් කට්ටිය කියන්නේ එතකොට, අපි එහෙනම් "අනේ බබාලා මීට පස්සේ මේ වගේ දඟ වැඩ කරන්න එපා " කියලා මොවුන්ගේ ඔලුව අතගාමු කියලද? මේ අගතියට පත් දරුවාට සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)

:       0       0

නිශේන් Wednesday, 20 August 2014 10:16 PM

මෙවැනි අයට උපරිම දඬුවම් නොදී අනුකම්පා කරන්න ගියොත් නැවතත් කරන්නේ කලින් වගේම පහත් වැඩක්. ස්ත්‍රී දුෂණ චෝදනා තිබෙද්දී නිදහස් කළ කට්ටිය ඇප දුන්ගමන් ඇවිල්ලා ආයෙත් ස්ත්‍රී දුෂණ කළ අවස්ථා එමටයි. (නි)

:       0       0

රන්ජනී Wednesday, 20 August 2014 11:14 PM

මේ නඩුව කොහොම අවසන් වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

ජයන්ත Thursday, 21 August 2014 12:16 AM

දැන් මේ වැරැද්ද වෙලා තියෙන්නේ එදා වේල සොයාගන්න බැරි අසරණ මිනිහෙක්ගෙන් නෙමෙයිනේ. බැංකුවකින් ලක්ෂ ගණන් ණය ගන්න සුදුසුකම් තිබෙන ආදායම් සහිත කෙනෙක්ගෙන්. දරුවන්ට කන්න බොන්න දෙන්න බැරුව පාන් ගෙඩියක් හොරකම් කළා නම් මේ සභාවේ ඉන්න හැමෝම අවංකව අනුකම්පා කරයි. මෙතන උදවිය ඒ තරම් මනුස්සකම් නැති උදවිය නෙමෙයිනේ. අහිංසක දරු පවුලකට ගිනි ගෙඩියක් දුන්නා. අනේ! මට නම් මෙයාලට අනුකම්පා කරන්න බැහැ. (නි)

:       0       0

තුෂානි Wednesday, 20 August 2014 10:15 AM

ඇයි මේ විත්තියේ නීතිඥයාගේ නම හෙළි නොවන්නේ ? මෙහෙම හම්බ කරන සල්ලි වලින් කන කෑම වත් දිරවයිද මන්දා !(අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 20 August 2014 10:18 AM

හතේ හත වැදිච්ච නීතීඥයෙක් වෙන්න ඇති. යුක්තිය සාධාරණයට වඩා දරුවන්ට කන්න හොයල දෙන එක ලොකු ඇති.(අ)

:       0       0

සරත් සිල්වා Wednesday, 20 August 2014 10:32 AM

මේවා කරන්න බලාගෙන ඉන්න අයටත් පාඩමක් ලෙස මේ අයට එලි පිටම ඇදලා අරින්න(අ).

:       0       0

සුමිත් Wednesday, 20 August 2014 10:32 AM

නීතිඥයන් ගරු කරන්න ඕන කැබ් රෑන්ක් රුල් එකට , ඒ අනුව එයාලට සිදු වෙනවා ඕනෑම කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න(අ)

:       0       0

බණ්ඩා Wednesday, 20 August 2014 10:46 AM

මට නම් හිතෙන්නේ මේ දරුවා පැහර ගත් මිනිස්සු ඔය කියන තරම් නපුරු ,දරුණු අය නෙමේ .එහෙම අයනම් සල්ලිත් නොලැබුන එකේ මේ ළමයට අනතුරක් කරන්න ඉඩ තිබුණා. (අ)

:       0       0

දිසානායක Wednesday, 20 August 2014 10:49 AM

ලංකා නීතියේ මෙම වරදට ලොකු දඬුවමක් නැහැ. (අ)

:       0       0

ප්‍රියන්ත හේරත් Thursday, 21 August 2014 02:44 AM

මෙවැනි සිදුවීම් අප කිසි ලෙසකින් අනුමත නොකරන්නෙමු. නමුත් සියලු දෙනාට නීතිය සාධාරණ විය යුතුයි. සැකකරුවකු හෝ විත්තිකරුවකු යන ඕනෑම අයකුට තමන් වෙනුවෙන් නීතීඥවරයකුගේ සහාය ලබා ගැනීමට අයිතිය තිබිය යුතුයි. වරද උසාවිය විසින් තීරණය කර ඊට දඩුවම් ලබාදිය යුතුය. (නි)

:       0       0

සහනි Wednesday, 20 August 2014 10:56 AM

මේ වගේ නඩුවල විත්තියට පෙනීසිටින්න පුලුවන්ද මන්දා? (නි)

:       0       0

ප්‍රසාදිනී Wednesday, 20 August 2014 11:00 AM

මේ රත්තරන් දරු පැටියට දැන් ඇස්වහ කටවහත් වදියි(අ).

:       0       0

අප්පුහාමි Thursday, 21 August 2014 03:03 AM

මට නම් දැන් පෙනෙන දේ තමයි මේ චුදිතයන්ට නීතිඥ සහය ලැබීමට ඇති අයිතිය අගතියට පත් පැහැරගත් දරුවාට ආරක්ෂා සහිත ළමාවියක් සඳහා ඇති අයිතියටත් වඩා අනුමත වෙලා කියන එක. (නි)

:       0       0

රංග Wednesday, 20 August 2014 11:07 AM

පුදුම නීතිඥයින් තමයි දැන් කාලේ ඉන්නේ ! (නි)

:       0       0

රකිත් Thursday, 21 August 2014 03:10 AM

ආයුධ පෙන්වීමට ගෙනයාම දැන් නතර කරලාද? (නි)

:       0       0

අනුර Wednesday, 20 August 2014 11:18 AM

නීති රැකියව කියන්නේ . දෙපැත්තටම කතා කරනවා. එකෙක් හරි....අනික වැරදී .... දෙන්නම කරන්නේ රක්ෂාව(අ)

:       0       0

ශාන්ත Thursday, 21 August 2014 03:28 AM

දරුවා පැහැරගත්තේ සල්ලි ගන්න වුණත් ඒ දරුවා හරිම වාසනාවන්තයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 417 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 449 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 739 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 565 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 397 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 733 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site