IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සයිටම් අහෝසි කරන්න රජය තීරණය කරයි

ඩයනා උදයංගනී

මාලබේ ‘සයිටම්‘ පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කිරීමටත්, ඒ වෙනුවට ලාභ නොලබන නව ආයතනයක් බිහි කර දැනට අධ්‍යාපනය ලබන සුදුසුකම් සහිත සිසුන් එයට අනුයුක්ත කිරීමටත් රජය තීරණය කර තිබේ.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ සයිටම් ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවේ යෝජනා සැලකිල්ලට ගනිමිනි.

 එම යෝජනා අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා හිමිකාරීත්වය දරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි කෙරෙන අතර යෝජිත නව රාජ්‍ය නොවන ආයතනය එහි  ආදායම ආයතනයේ සංවර්ධනයට, පර්යේෂණ කටයුතුවලට හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යෙදවීමට   එම යෝජනාවලියේ සඳහන් කර තිබේ.

සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති කමිටුව ඉදිරිපත් කර ඇති විසඳුම් ඇතුළත් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව   අද (29) නිකුත් කළේය.

සයිටම් ආයතනය වර්තමාන හිමිකාරිත්වයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ද යෝජනා කර තිබේ.

වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිතිය ගැසට් කිරීමට ද එමගින් යෝජනා කර ඇති අතර මේ සමස්ත ක්‍රියාවලිය අගෝස්තු 31 වැනිදාට පෙර අවසන් කළ යුතු බව ද සඳහන් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය. 



අදහස් (41)

සයිටම් අහෝසි කරන්න රජය තීරණය කරයි

Kasun Sunday, 29 October 2017 09:00 AM

ඉතාම හොඳ තීරණයක්. අනිවාර්යයෙන්ම පුද්ගලික වෛද්‍යවිද්‍යාල ලංකාවේ සිථාපිත විය යුතුමයි. නමුත් ප්‍රමිතියකට අනුව විය යුතුයි.

:       844       822

sathyapalaSunday, 29 October 2017 01:23 PM

මේ 2017 ඔක්තෝබර් 10 මෙහි මා කියූ දෙයයි. ".........උපක්‍රමයක් ලෙස රට බෙදන පනත සම්මත කරන්නට මොහොතකට පෙර සයිටම් ගැටලුවට දොස්තරලා සතුටු කරන විසඳුමක් ලබාදී එහි සතුට මහජනයා විදින මොහොතේ රට බෙදන පනත සම්මත කරගනු ලබයි." කියලා...

:       10       134

Ajith NissankaSunday, 29 October 2017 03:13 PM

මම නම් දන්නා රට බෙදන පනතක් නැහැ ! හැබැයී පහු වෙලා හරි සයිටම් අහෝසි කරන්න තීරණය කරපු එක හොදයී! තමන්ට මේ නව ව්‍යවස්ථාව හොද නැත්නම් කරන්න තියෙන්නේ තමන් සහයෝගය ගෙන පක්ෂය හරහා එය ගැලපෙන ආකාරයට හදා ගන්න උත්සාහ කරන එකනේ! මේ විශ්ව විද්‍යාල සිසුන් අවුරුදු ගණනාවක් තිස්සේ කඩේ යන අයගෙන් කුණු බැනුම් අහ අහා කරපු මේ අරගලය හැල්ලු කරන්නේ නැතුව!

:       0       1

Chamara Sunday, 29 October 2017 09:04 AM

මේ ඉතින් කලින් කියපුවාම තමයි.. කෝ සයිටම් ජනසතු කරලා නෑනේ.. මම හිතන්නේ දැන් නම් ටිකක් කලබල වෙලා වගේ..

:       613       714

සුපුන්Sunday, 29 October 2017 11:26 AM

ජනසතු කළාම ආයතනය පවත්වාගෙන යන්න යන වියදම ඔයා ගෙවනවද? ඕවා නඩත්තු කරන්න සල්ලි දෙයියෝ දෙන්නේ නැහැ. ජනතාවට තමයි ඒ බරත් අදින්න වෙන්නේ. හැම ළමයටම නිකම් උසස් අධ්‍යාපනය දෙන්න තියෙනවා නම් හොඳයි. ඒක ප්‍රායෝගිකව කරන්න බැරි එකයි ප්‍රශ්නය.

:       416       384

රොමේෂ්Sunday, 29 October 2017 01:51 PM

ඔයා මෙතන කමෙන්ට් කරන්න තරම්වත් අකුරු ඉගෙන ගත්තේ සල්ලි දීලාද? නැත්නම් ඔයා වෙනුවෙන් එදා ජනතාව දරපු බර නිසාද? එදා මිනිස්සුත් ඔයාවගේ ගොබ්බ විදිහටම හිතුවා නම් ඔය ගොල්ලන්ට අද මේ පත්තරේ කියවන්නවත් දැනුමක් තියෙයිද? උඩට එන්න උදවුකල ඉණිමග කඩාගෙන ගිණි තපින්න ගන්න තරම් කුහක වෙන්න එපා. සැමට නොමිලේ අධ්‍යාපනය දෙන එක රජයේ වගකීමක්. ඒකට තමයි අපි ආණ්ඩු පත්කර ගන්නේ. නැතුව මහා බැංකුව කඩන්නවත්, වෙනවෙන වංචාකරගෙන ඒ ඒ අය දියුණු වෙන්නවත් නෙමෙයි.

:       248       563

සුපුන්Sunday, 29 October 2017 04:17 PM

රොමේෂ් නොමිලේ අකුරු ඉගෙනගත්තට කියවලා තේරුම් ගන්න තරම් මොලයක් නෑ වගේ. නොමිලේ ඉගෙනගත්තට නොමිලේ මොලේ දෙන්න බැහැනේ. මම කියලා තියෙන්නේ මූලික අධ්‍යාපනය ගැන නෙමෙයි උසස් අධ්‍යාපනය ගැන. උසස් අධ්‍යාපනය ලබන්නේ බබාලා නෙමෙයි. වයස 18 ට වැඩි වැඩිහිටියෝ. වැඩිහිටියන්ට පුලුවන් වෙන්න ඕනේ තමන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් හොයාගන්න පිනට කන්න බලන් ඉන්නෙ නැතුව. මුදල් දීලා හරි තමන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබනවා බලන් ඉන්න බැරි ඔහේලා වගේ අය තමයි නියම කුහක ගති තියෙන්නේ...

:       0       1

Sathyayaa Sunday, 29 October 2017 02:37 PM

මේ ගොල්ලන්ගේ විසඳුම සයිටම් වෙනුවට වෙනත් නමක් දාන එක. ව්‍යුහයේ හෝ කෘත්‍යයේ වෙනසක් සිදු වෙතැයි හිතන්න බැරි අටුව කඩා පුටුව හදන න්‍යායට එහා යන දැනුමක් මේ කියන වියතුන්ට නැති නිසා. ලාභ ලබන්න බැරි ආයතන වහල දාන එක ලාභයි. පුද්ගලයෙක් ලාභ ලැබීමට විරුද්ධ වෙන තරමට මේ ගොල්ලෝ ගාව සමාජවාදයක් ඇත්තෙත් නැහැ. ලාභ ලබන්න දූෂිත ධනවාදී ආණ්ඩුවකට කිසිදාක ඉඩක් නොලැබෙන්නේ ජනතාවට ලැබිය යුතු ලාභය වංචනික දේශපාලකයින් තමන්ගේ සාක්කුවට දමා ගන්න නිසයි.

:       0       32

ගයනා Sunday, 29 October 2017 09:08 AM

රජයේ තවත් විහිළුවක්... රෝහල පවරා ගත් කතාවේ අනික් විහිළුව තමයි.

:       1220       1184

විකුම් රංගන Sunday, 29 October 2017 09:18 AM

ඉතා වටිනා තීරණයක්. මෙම ආයතනය ලාභ නොලබන ආයතනයක් බවට පත් කොට, නිසි ප්‍රමිතියට, රජයේ හා වෛද්‍ය සභාවේ නියාමනය යටතේ මේ නව ආයතනය පවත්වා ගෙන යාමට ගත් තීරණය පිළිබඳ අපි සැමදෙනා සතුටු විය යුතුයි. රාජ්‍ය අනුග්‍රහයක් හෝ රජයේ නියාමනයක් නොමැතිව මේ රටේ කිසිම අධ්‍යාපන ආයතනයක් නොතිබිය යුතුයි. අපි මෙතෙක් කලක් "සයිටම්" මාතෘකාව යටතේ අදහස් පල කලේ, සයිටම් මුදලාලි වෙනුවෙන් නොව, රටේම සමස්ත පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් බව මතක් කරමි. රටක උසස් අධ්‍යාපනය වැනි උතුම් දෙයක් පටු දේශපාලනය වෙනුවෙන් යොදා ගැනීම ගැන අපි ජාතියක් ලෙස කණගාටු විය යුතුයි. යම් කිසිවෙක් මේ තීරණයට එකඟ නොවේ නම්, ඔවුන්ව වෙනම මොලේ පරීක්ෂාවකට ලක්කල යුතු බවද දන්වමි.

:       404       441

sathyapalaSunday, 29 October 2017 01:30 PM

පොඩි මාළුවකු ඇමට දමා (සයිටම් විසඳුම) ලොකු මාළුවකු (රට බෙදන ගිවිසුම) බිලිබා ගැනීමට ආසන්නයි. මේ පිටුපසින් හෙට රට බෙදනු නියතයි.

:       114       124

Kamal Sunday, 29 October 2017 09:32 AM

ජී.එම්.ඕ.ඒ කට්ටියට ඕනෑ මහින්ද මහත්තය ආපහු බලේට එනවා දකින්න මිසක් මේක අහෝසි කරන එකම නෙවේ. ඒ නිසා සටන නවතින එකක් නෑ.

:       630       563

SAMJAY Sunday, 29 October 2017 09:50 AM

දැන් බොහොම පරක්කු වැඩියි. මීට පෙර කරන්න තිබුනේ. දැන් මොන දේ කලත් ආණ්ඩුව අනාගන මිනිසුන්ගේ අප්‍රසාදයට පත් වුණාට පස්සේ දැන් ගත්ත තීරණේ පරක්කු වැඩියි. රාජිත ඇතුළු නඩේගේ බේගල් වලට රටේ නායකයින් කන් දීම තමයි ප්‍රශ්නේ... මේ දෙය දුර දිග ගියේ හොර කඩෙන් රාජිතගේ ලේලිව දොස්තර කර ගන්න තමයි. අන්තිමේ ජනතාව දිනුවා...

:       137       275

ajith Sunday, 29 October 2017 09:52 AM

මේ දොස්තර මාෆියාව කවදාවත් ඉවර වන්නේ නැහැ, මේක ඉවර වුණාට පස්සේ වෙන දෙයක් කරලියට ගෙනත් වර්ජනය කරාවි. මොන රජය ආවත් මේ අය කියන විදියට වැඩ කන්න ඕනෑ. මේකයි මෙයාලගේ ප්‍රතිපත්තිය...

:       462       820

Madhawi Sunday, 29 October 2017 09:55 AM

බැලූබැල්මට සාධාරණ තීන්දුවක්, එ්ත් ඉතින් ලංකාවේ ඉන්න දේශපාලකයොත් එක්ක කිරි හට්ටියක්වත් පිළිවෙලකට කන්න බැහැනේ... බලමුකෝ තාම මොකුත් කියන්න කල් වැඩියි..

:       62       136

ප්‍රීති Sunday, 29 October 2017 10:22 AM

එතකොට අර සයිටම් එක ඉස්සරහට දාලා, මේ රටේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට වැට බඳින්න කටයුතු කල සහ මේ තුලින් ආණ්ඩු පෙරලියක් සිදු කරන්න පෙරුම් පුරපු වෙද සංගමයේ බලාපොරොත්තු වලට මොකද වෙන්නේ? අනේ පව් අනේ එයාලා ඔය ආයතනයේ නම වෙනස් කරලා අලුතෙන් තීන්ත ගාන්න අවුරුදු කීයක් මහන්සි වුණාද?

:       242       233

aravinda Sunday, 29 October 2017 10:24 AM

මෙය සාධාරණ තීන්දුවක්. අනිකුත් රටේ ඉල්ලුමක් ඇති අනිකුත් සියලු ක්ෂේත්‍ර මෙන්, වෛද්‍ය අධ්‍යාපනයත් පුද්ගලික අංශයෙන් ලබා ගැනීමේ අවස්ථා තිබිය යුතුයි. ඇත්ත වශයෙන්ම මෙවැනි ආයතන බිහි කිරීමට තිබුනේ අද නොව,.. මීට අවරුදු 40/50 පමණ පෙර සිටයි. එවැනි ආයතන අතීතයේ පටන් ගත්තා නම්, අද මෙවැනි ආයතන වලින් අධ්‍යාපනය ලබා ගැනීමේ පිරිවැය බොහෝ දුරට අඩුවීමට තිබුණා.

:       117       225

කඩුපුලීMonday, 30 October 2017 02:59 AM

අවුරුදු ගාණකට කලින් ඔය කියපු දේ උනා නම් අද දක්ෂතාවය මත වෛද්‍ය විද්‍යාව හදාරන්න තේරෙන්නෙ ළමයි 250ක් 300ක් විතර.ඒත් නමට වෛද්‍ය විද්‍යාල වල.ඉතුරු ඔක්කොම ඇති හැකි අයට පමණයි.

:       1       0

QSUM BuVA Sunday, 29 October 2017 10:32 AM

විශ්ව දැනුම උසස් අධ්‍යාපනය ලැබිය හැක්කේ අපිට පමණි. වෙන කාටවත් එතැනට කිට්ටු වෙන්න හෝ එම පොත්පත් පරිහරණය කරන්න බැහැ. අපේ ඇඟේ ගෑවෙන්න එනවට අපි කැමැති නැහැ. අපි මෙතැනට ආවේ මැරීගෙන පාඩම් කරලා... අනිත් අයට හොරෙන් අපි පාඩම් කරලා ලකුණු ගත්තේ.

:       44       189

bamunu Sunday, 29 October 2017 01:24 PM

නිකන් යනවා හලෝ යන්න... පිස්සු කෙලින්නේ නැතිව. බුවාලගෙයි, අපෙයි විශ්ව දැනුම. මැරීගෙන පාඩම් කලේ බැරිකම නිසා... පුළුවන් කෙනා මැරීගෙන පාඩම් කරන්නේ නැත. ලංකාවට තව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 10 වත් ඕනේ....

:       44       133

Bimal Sunday, 29 October 2017 10:55 AM

මේක අහෝසි කළා කියලා සමහර දොස්තරලාගේ කුහකකමයි ආත්මාර්ථකාමි කමයි නැති වෙන්නේ නැහැ. තමන් විතරයි ඉගෙන ගන්න්න ඕනෑ. තමන්ගේ ළමුන්ට විතරයි සුපිරි පාසල් ලැබෙන්න ඕනෙ. තමන්ට විතරයි වාහන ලාභ ලැබෙන්න ඕනෙ කියලා හිතන එක නවත්වන්නේ නැහැ. මේ ප්‍රශ්නේ කෙළවරක් වුණාම තමන් පාරේ යනකොට රටේ මිනිස්සු කාණුවට බහින්න ඕනෙ කියලා වර්ජන කළත් මට නම් පුදුම නැහැ.

:       68       201

ase Sunday, 29 October 2017 11:04 AM

මුනිච්චාවක් නේද? මේ යෝජනා තිබුණු ඒවම නේද? ඇයි මේක කියන්න ගමරාල බයේ හිටියේ? මෙයාගේ දැන් එකම අරමුණ එජාප එකට පහර ගැසීමයි. අපරාදේ අපේ ඡන්දේ...

:       11       15

Gihaan Sunday, 29 October 2017 11:14 AM

මුළු රටේම පුද්ගලික අංශ වහලා, දොස්තරලාට විතරක් ගිය රටක් කරලා, අනෙක් මිනිස්සු මල පොතේ අකුරක් නොදන්නා තත්වයට පත් කර ගන්න එක කොච්චර මරුද කියලා හිතන උදවියත් ඉන්නවානේ !

:       64       196

Sampath Sunday, 29 October 2017 12:55 PM

දොස්තර සංගමය කිව්ව දේ ආණ්ඩුව පිළිගෙන ඇතිබව පේනවා.

:       29       34

bamunu Sunday, 29 October 2017 01:14 PM

කෙසේ හෝ පුද්ගලික වෛද්‍යවිද්‍යාල ලංකාවේ ස්ථාපිත කරන්න. දොස්තරයන්ගේ කීම් මේවාට අදාළ කර ගන්න එපා. එය යුගයේ අවශ්‍යතාවයක්. දොස්තරවරුන්ගේ කීමට හිස නැමීම රජයේ පරාජයක්. සයිටම් එක වෙනස් මූණුවරයකින් එනු ඇතැයි අපි විශ්වාස කරමු. පුද්ගලික වෛද්‍ය විද්‍යාල 10 ක් පමණ ලංකාවේ ස්ථාපිත කරමු.

:       2       72

Ajith Sunday, 29 October 2017 01:19 PM

බොහොම ස්තුතියි ජනාධිපතිතුමා, කිරිඇල්ල ඇමැතිතුමා ඇතුළු ආණ්ඩුවට.... වෛද්‍ය සිසුන් වන අපේ ඉල්ලීම් ඉටු කළාට. හෙට ඉඳන් අපි නැවත දේශනවලට යනවා.

:       9       92

DDSunday, 29 October 2017 01:51 PM

කිරිඇල්ල මොන බම්බුවක් කළාටද ස්තූති කරන්නේ? එයා දිගටම කිව්වේ සයිටම් අහෝසි කරන්නේ නැහැ කියලනේ.

:       67       38

ReksSunday, 29 October 2017 03:08 PM

කාගේ දේශණ වලටද?

:       0       1

මවුබිමේ අනාතයා Sunday, 29 October 2017 01:26 PM

හත්වලාමයි.., මේ තිරණය ගන්න මෙච්චර කල්මරපු උදවියට මඩුවලිගෙන් තැලිය යුතුයි. කීදාහකගේ වටිනා කාලය වැඩකරන පැය කීයක් නාස්තිකළාද? මෙමගින් රටට වූ පාඩුව ඔවුන්ගෙන් අයකරගත යුතුයි. පාලකයන් මේ විදිහට වැඩකළොත් රටේ ඉතිරි ටිකටත් සොරිම තමයි!

:       23       98

නිලුපුල් Sunday, 29 October 2017 01:57 PM

සයිටම් වෙනුවට වෙන නමක් දාන්න යොජනාවක් නේ දීලා තියෙන්නේ. නියම උත්තරයක් දීලා හැමෝම සතුටු වෙන්න.

:       15       3

Hafeel Sunday, 29 October 2017 02:12 PM

පහුවෙලා හරි මෙම අර්බුදයට විසඳුව එක නම් හොඳයි. නමුත් රජයක් හැටියට ගොඩක් ප්‍රමාදයි.

:       80       166

Appuhami Sunday, 29 October 2017 02:33 PM

කෝ? ජනසතු කරලා නැහැ. මේක කොලේ වහලා ගහපු ගේමක්..

:       0       1

Sampath Sunday, 29 October 2017 02:45 PM

සයිටම් වගේ ආයතන තිබිය යුතුමයි. අද වෛද්‍ය සේවය බිස්නස් එකක් වෙලා. රටේ වෛද්‍යවරු පුදුම බයකින් ඉන්නේ පුද්ගලික රෝහල් හරහා අහිංසක ලෙඩ්ඩුන්ව හුරගෙන කන තමන්ගේ ඒකාධිකාරය නැතිවෙයි කියලා. G M O A එක විරුධ්ධවෙන්නේ ප්‍රමිතිය ගැනනම් සයිටම් එකේ උගන්වන්න G M O A එකටම ආරාධනා කරන්න ඕනේ. 200% විශ්වාසයි , එහෙම ආරාධනයක් කලොත් මොවුන් කටක් අරින්නේ නැහැ.

:       0       1

rohana Sunday, 29 October 2017 02:55 PM

සත්‍යපාල නොහොත් සත්‍යයා නොහොත් කලින් බන්දුල පෙරේරා තවමත් පා.ම. මහින්දගේ පිටිපස්සේ යමින් දොඩවන කෙනෙකි.

:       1       0

Lakvidu Sunday, 29 October 2017 03:06 PM

මේ විසදුම සම්පුර්ණ වීමටනම් මෙහි දැනට අධ්‍යාපනය ලබන සිසුන්ට වන්දි ලබාදී මෙම ආයතනය වසා දැමිය යුතුයි.

:       1       1

Rex Sunday, 29 October 2017 03:07 PM

මේ විසදුමත් හොදට බැලුවොත් මේඩ් ඉන් නෙවිල් ප්‍රනාන්දු...

:       0       1

ශෂිකලා Sunday, 29 October 2017 03:08 PM

යහපාලන රජය ඉතා නිවැරදි අභීත තීන්දුවක් දීලා රජයේ වෙද සිසුන්ගේ ඉල්ලීම් සියල්ලම ලබා දීලා තියෙනවානේ .හෙට ඉඳන් සියලු සිසුන් දේශන වලට සහභාගී වෙනවා .ඉතා සතුටුයි .

:       0       2

daham Sunday, 29 October 2017 03:11 PM

මේ තියෙන්නේ අර කමිටුවේ නිර්දේසවලින් සකස් කරන ලද නිවේදනයක්. ජනාධිපති හෝ වෙනත් බලධරයෙක් කරන ප්‍රකාශයක් නෙමෙයි. මේ කමිටු නිර්දෙස ජනාධිපති පිළිගත්තද? එහෙනම් එතුමා ප්‍රකාශයක් කරන්න ඕනේ මේක තමයි විසදුම කියල. ප්‍රවුර්ති දෙපාර්තමේන්තුව කියන්නේ රජයේ නිවේදන මාධ්‍යවලට නිකුත් කරන ආයතනයක් මිසක් තීන්දු ගන්න ආයතනයක් නෙමෙයි නේද?

:       2       9

daham Sunday, 29 October 2017 03:45 PM

රෝහණ ඔයා ඔය දොඩවන්නේ කාගේ පස්සේ යන ගමනද කියලත් කිව්වා නම් හොඳයි..

:       0       1

බද්රානි Sunday, 29 October 2017 04:18 PM

ලෝකෙන්ම ඉහල සාක්ෂරතාවයක් තියන රටේ සමහරක් මිනිස්සුන්ගේ කියවීමේ හැකියාව දැක්කම හිනා යනවා. පිටු තුනක, පරිච්චේද අටක් කියවලා හරිහැටි කියවලා තේරුම් බේරුම් කර ගන්න බැරි අය තමයි මේ පත්තර වලටත් අදහස් ලියන්නේ? එක අතකට මෝඩයින්ව පිනවීමට, ආකර්ශනීය මාතෘකාවක් පමණක් ප්‍රමාණවත් බව මටත් අද පැහැදිලි වුණා. මේ රටේ බුද්ධිමත් ජනතාව සතුටු වෙන තීන්දුවක් රජය ගෙන තිබෙනවා. අපි එයට ගරු කරමු. ආයේ ඒ සයිටම් බිල්ලා ඔයාලව භය කරන්න එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ප්‍රමිතියෙන් සන්නද්ධ විය යුතු, නව පෞද්ගලික වෛද්‍ය පීඨයට අපගේ ශුභ පැතුම් !!!

:       0       0

ruchira Sunday, 29 October 2017 05:40 PM

පරණ වයින් අලුත් බෝතලේකට!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1338 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 437 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 734 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 812 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 916 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1027 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 728 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site