IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


සයිටම් තනි අයිතිය අහෝසි කරයි

(අජන්ත කුමාර අගලකඩ)

මාලබේ සයිටම් ආයතනයේ ඒකපුද්ගල අයිතිය අහෝසි කර එය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) පැවැසීය.

එහි කළමනාකරණයට හා පාලනයට ස්වාධීන කවුන්සිලයක් පත්කරන බවද ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ පැවැති පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ හමුවේදී සඳහන් කළේය.

මේ අතර මාලබේ පෞද්ගලික රෝහල රජය යටතට ගැනෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. සයිටම් ආයතනයේ ගාස්තු සංශෝධනය කර ශිෂ්‍යත්ව ප‍්‍රමාණය වැඩි කරන බවද ජනාධිපතිවරයා කීවේය. රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම රජය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගන්නේ යැයිද ජනාධිපතිවරයා කීවේය.



අදහස් (23)

සයිටම් තනි අයිතිය අහෝසි කරයි

sudesh Friday, 21 April 2017 04:40 AM

සල්ලිකාරයන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තමයි හැම දෙයක්ම රජයන් තීරණය කරන්නේ. දුප්පත් ජනතාවගේ ඡන්දයෙන් ඇවිත් ඉටුකරන්නෙම සල්ලිකාරයන්ගේ අවශ්‍යතාවයන්. මේකට ඉඩ නොතැබිය යුතුයි. ඒ වගකීම වෛද්‍ය සභාව වගේම ජනතාවත් සතුයි. මෙයට එරෙහිව පෙළගැසෙමු.

:       1       0

sudesh Friday, 21 April 2017 04:48 AM

සයිටම් අර්බුදය සම්බන්ධව ජනපතිගේ විසඳුම පිළිගන්නේ නෑ - වෛද්‍ය සංගමය. ඔබ සමග අපිත් එකඟයි. ජීවිත පුදා හෝ රැකගමු...

:       333       290

රොමේෂ් Friday, 21 April 2017 05:00 AM

කැක්කුම තියෙන්නේ කොට්ටේ නෙමෙයි ඔලුවේ. අපේ සරල ජනාධිපතිතුමා හරිම වෙනස්, මෙච්චර කල් කට්ටි පැන පැන ඉද්දී ගොඩක් අය හිතුවේ කොට්ටේ මාරුකරයි කියලා. නමුත් මාරුකරලා තියෙන්නේ කොට්ටේත් නෙමෙයි කොට්ට උරේ විතරයි. එක අතකින් ඔලුව මාරුකරන්න කියන්නේ නැතිව මෙහෙම කිව්වා එ්ක ගැන සතුටුවෙන්න ඕනෑ.

:       1       86

sam Friday, 21 April 2017 05:00 AM

මම හිතුවේ මේ ඔක්කොම ප්‍රශ්න ඇති උනේ සයිටම් එකේ ප්‍රායෝගික සායනික පුහුණුවේ තියන අඩුපාඩුවක් නිසා කියලයි. බැලුවාම වෙන ප්‍රශ්නයක්නේ තිබිලා තියෙන්නේ. දැන් ඉතින් කවුරුවත් සයිටම් එකට විරුද්ධ වෙන එකක් නැහැ...

:       37       40

wasantha Friday, 21 April 2017 05:29 AM

ජනාධිපතිතුමනි, අපට තවතවත් පෞද්ගලික අධ්‍යාපන ආයතන අවශ්‍යයි. ඕනේ තීරණය සාධාරණයි.

:       465       511

Susil Friday, 21 April 2017 06:20 AM

දැන් හරි පීල්ලට වැටුණා... රජයට පවරා ගන්නේ නැතුව පුද්ගලික ආයතනයක් හැටියට නියමිත ප්‍රමිතියකට ස්ථාවරව ඉදිරියට ගෙනයන්න.

:       2076       2321

chandana Friday, 21 April 2017 06:25 AM

මේ දේවල් නෙමෙයි කරන්න ඕනෙ... ඔච්චරටම රටේ දරුවන්ට ආදරේ නම් සයිටම් එක ආණ්ඩුවට අරගෙන රජයේ වෛද්‍ය රෝහලක් කරන්නනේ තියෙන්නේ... නිකන් බොරුවට කොටස් විකුණනවා, වැඩිපුර ශිෂ්‍යත්ව දෙනවා කිය කියා රටේ මිනිස්සුන්ව වටේ යවන්නේ නැතුව...

:       228       1654

Ruchira rajapaksha Friday, 21 April 2017 09:11 AM

මේ තීරණය පිළිගත නොහැක. නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය විකුණාගෙන කන ජාවාරමක් බව අපට පැහැදිලි කරුණකි. ඉන්දියාවේ සෞඛ්‍යය ඉතා පිරිහීමකට පත්ව ඇත්තේ නියම ප්‍රමිතිය නොදන්න වෛද්‍යවරුන් බිහිවීම නිසා. මේ තාක් කල් අපේ රටේ සෞඛ්‍යය ලෝකේ අනෙකුත් රටවල් සමග බලද්දී සෑහෙන ඉහළ මට්ටමක පිහිටා තිබෙනවා. ඉදිරියට ඒ තත්ත්වය නැති වී යාමට ඉඩ දිය නොහැකියි. ජනාධිපතිතුමාගේ මේ තීරණය විශ්ව විද්‍යාල සිසුන් හා වෛද්‍යවරුන් රවටා සයිටම් දිගටම හොර උපාධි කඩයක් විදිහට පවත්වාගෙන යාමට අනුබල දීමකි.

:       884       2466

ප්‍රීති Friday, 21 April 2017 03:39 PM

රුචිර රාජපක්ෂ ,එතකොට සෞඛ්‍ය සේවය මුදලට විකුණගෙන කන්නේ, මේසන් බාස්ලද? හොඳට මතක තබා ගන්න ඔබ ඔය වන්දනාමාන කරන සිරි ලංකාවේ දොස්තර මුදලාලිලාම තමයි චැනල් කඩවල හා පුද්ගලික රෝහල් වල සෞඛ්‍ය සේවය අධික මුදලට විකුනන්නේ. රුචිරලගේ මොළේ පරිමාව අනුව තමා ඉතින් පහල වෙන සිතුවිලිත්? දොස්තරලා, මහ පාරට රුචිරලාව දැක්කුවම රැලේ එකෙක් වෙලා ඒ රැලේ පෙරමුණේ ගිහින් රැලේ පොරක් ලෙස වැජබෙන සිහිනය හැරුණු විට, වෙනත් අරමුණු ඔය ටිකිරි මොළ වලට නොවැටහෙන එක අපිට නම් ඉතින් මහා අරුමයක් නෙමේ.

:       0       17

mahee Friday, 21 April 2017 10:42 AM

සයිටම් ප්‍රමිතිය අඩු නම් කළයුත්තේ වෛද්‍ය සභාව විසින් ප්‍රමිතීන් නියමකර එසේ නියම කළ ප්‍රමිතිය අනුව කටයුතු කෙරෙන බවට වග බලා ගැනීම නොවේද? වෛද්‍යවරුන් හැකිතාක් අවශ්‍යවන මේ කාලයේ එවැන්නක් කරනු වෙනුවට වෛද්‍ය සභාව දොස්තර මාෆියාවට යට වී කටයුතු කරන එ්කනේ දැන් සිද්ද වෙන්නෙ. ප්‍රශ්නය වටේ යන්නේ නැතුව සෘජු තීරණයක් ගන්න කෙනෙක් රටේ නොමැති වීම අභාග්‍යයක්.

:       464       188

LakviduFriday, 21 April 2017 01:23 PM

මෙයාලට වලිගෙ පැගිලද

:       0       0

ලපයා Friday, 21 April 2017 12:34 PM

දෙන්නම ඉන්නේ බිම බලා ගෙන....

:       1       1

Namal Friday, 21 April 2017 01:21 PM

පෞද්ගලික අංශයට ආයෝජන කරන්න පුදුම ආදර්ශයක් දීල තියෙන්නේ...

:       0       32

jaga Friday, 21 April 2017 02:18 PM

අන්තරා අයගේ කට වැහෙවිද දැන්වත්?

:       71       11

සතයපාල Friday, 21 April 2017 02:42 PM

මේක හරියට ඉසේ ඇම්මට කොට්ට මාරු කරනවා වගේ වැඩක්... කරන්න ඕන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන එක මිසක අයිතිය මාරු කරන එක නොවේ.

:       11       1114

dilanka Friday, 21 April 2017 03:14 PM

ඉල්ලීම් ඉල්ලන අයගේ ඉල්ලීම් නෙමේ... සයිටම් මුදලාලිගේ ඉල්ලීම් මේ ආණ්ඩුව ඉටු කරන්නේ ... කවද? මේ රවට්ටන්න හදන්නේ ..එකනේ මොලේ තියෙන මිනිස්සු රට දාලා යන්නේ ... ආණ්ඩුව හිතන්නේ මිනිස්සු මැට්ටෝ කියලා...

:       40       803

maheeFriday, 21 April 2017 08:43 PM

ආණ්ඩුව විතරක් නෙමෙයි, වෛද්‍ය සංගමෙයි. ජ වී පෙ යි හිතන්නෙත් ජනතාව මැට්ටෝ කියල. නැත්නම් කිඹුහුමක් ගියත් වර්ජනය කරන්නේ රෝගී ජීවිත බේරගන්න කියල කියයිද?

:       0       0

kamal Friday, 21 April 2017 05:03 PM

සුසිල් ඔයා අදද දන්නේ ජනාධිපතිතුමා නියම පීල්ලට වැටිලා ගොඩාක් කල් අපි නම් ඔය වාගේ තිරණයක් ලැබෙනවා කියලා දන්නවා අනික් වැඩ කරන කියන අනුව

:       0       0

Saman Friday, 21 April 2017 05:24 PM

සායනික පුහුණුව මදි කියන නිසා තමයි රෝහල රජයට ගත්තෙ, දැන් කියන්න බෑ අර ජාතියෙ , මේ ජාතියෙ ලෙඩ්ඩු නෑකියල, තනි අයිතිය නැති කරල මණ්ඩලයක් පත් කලේ, පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිලිගන්නවා කියන එකටයි.

:       0       0

aravinda Friday, 21 April 2017 10:26 PM

අද ලංකාවේ ඇති නීතිය, ගණකාධිකරණ, කළමනාකරණය, ගෘහ නිර්මාණ ශිල්පී, ඉංජිනේරු ආදී ක්ෂේත්‍ර වලට උපාධි ප්‍රදානය කරන පුද්ගලික අංශයේ අනිකුත් සියලුම ආයතන වලත් ඒක පුද්ගල අයිතිය අහෝසි කිරීමට යෝජනා කරනවද? ඇයි මේ වෙනස සයිටම් ආයතනයට පමණක්? මේ යෝජනාවේ කිසිම හරයක් නැහැ. අද ලංකාවේ ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය රාජ්‍ය සහ පුද්ගලික ආයතන මගින් ගැටළුවකින් තොරව ලබා දෙනවා. එසේ නම්, තෘතීය අධ්‍යාපනයත් රාජ්‍ය සහ පුද්ගලික අංශ වලින් සැපයීමට කිසිම ගැටලුවකින් තොරව ඉඩ ලබා දිය යුතුයි.

:       1       3

ධම්ම Sunday, 23 April 2017 01:47 PM

නෙවිල් ප්‍රනාන්දු දොස්තර මහතා බේරා ගැනීමට කටයුතුකිරීම පිළිබඳව ජනපතිට ස්තුතියි!

:       0       0

chanika Monday, 24 April 2017 01:16 AM

සයිටම් කියන හොර උපාධි කඩේ මුදලාලිගේ කට දැන් හොඳටම වැඩියි... ඔය ජරාව අනිවාර්යෙන්ම ජනසතු කල යුතුයි...

:       0       0

dingirala Tuesday, 25 April 2017 01:34 AM

SAITM එකේ උගන්වන අයගෙන් සෑහෙන ප්‍රමාණයක් රජයේ විශ්ව විද්‍යාලවල දැනටත් ඉන්න ආචාර්ය, මහාචාර්ය වරු නැත්නම් හිටිය ආචාර්ය, මහාචාර්යවරු. ඔවුන්ගෙන් රජයේ විශ්ව විද්‍යාලවලදී ඉගනගන වෛද්‍යවරු ලෙස වැඩ කරන වෛද්‍යවරු දහස් ගණනක් මේ රටේ ඉන්නවා. SAITM එකේදී ඔවුන් ඉගැන්නුවම ඒක හොර උපාදියක් වෙනවනම් ඔවුන්ගෙන් ඉගනගන දැනට වෛද්‍යවරු ලෙස වැඩකරන අයගේ උපාධියට කියන්න ඕනේ මොකක්ද? අර්ධ හොර උපාධියක් කියල කිවොත් හොඳයි කියලයි මගේ ටිකිරි මොලේට හිතෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 564 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 118 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 277 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 320 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 391 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 693 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site