(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලු සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්වීමට නියමිතය.
කොළඹ ජනපති නිල නිවසේ දී අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඒ සඳහා සියලු වෛද්‍ය පීඨාධිපතිවරු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ, උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගී වෙති.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සයිටම් වෛද්‍ය විදුහල ගැන ජනපති සමග විශේෂ සාකච්ඡාවක් අද
MGJ Monday, 13 March 2017 05:13 AM
වැඩක් වෙන එක්ක නැහැ . ඕනම ප්ර්ස්නයකට විසදුමක් නැහැ.
daham Monday, 13 March 2017 07:07 AM
අධිකරණ අමාත්‍ය කුමක් සඳහා සහභාගී වෙනවද ?
පෙරුමාල් Monday, 13 March 2017 07:37 AM
සිරිසේන මහත්මයා හිත හොඳ මනුස්සයෙක්. නමුත් ලංකාවෙ ජනාධිපති කමට පත්විය යුත්තේ හිත හොඳ යකෙක්.
aravinda Monday, 13 March 2017 11:18 AM
පුද්ගලික ආයතන වල දැනට ඉගෙනගන්නා අය වගේම ඉදිරියට ඉගෙනගන්නට ඉන්න අයටත් සාධාරණයක් සිදුවේ යයි සිතමි.
saman Monday, 13 March 2017 12:13 PM
ඔව්! ඔව්!! ඉතිරි ටික කලත් ඔය කලාවගේම වැල් වටාරන් කියව කියව ,බහුබූත කර කර ඉන්නකෝ. අය්යෝ සල්ලි!!
Lakvidu Monday, 13 March 2017 12:15 PM
මේක හරියට දූෂණය වුණු ගැහැණියටයි දූෂණය කරපු මිනිහටයි දෙන්නටම සාධාරණය ඉෂ්ට කරනවා කිව්වා වගේ වැඩක්
Palitha Galapitiya Monday, 13 March 2017 12:44 PM
නැවතත් පිට-කොන්දක් නැතිබව සහ අධිකරණය ගැන රාජ්‍ය නායකයාගේ විශ්වාසයක් නැතිබව ඔප්පුවෙනවා.
Ranjith Silva Monday, 13 March 2017 12:48 PM
අධ්‍යාපනයේ නිදහස පැවතිය යුතුවේ. බටහිර වෙදුන් බිහිකිරීම රජයට පමණක් ඒකාධිකාරීත්වය නැවතිය යුතුය. නීතිය ඉංජිනේරුකම සහ බොහෝ වෘත්තිකයින් පුද්ගලික මාර්ග හරහා දැනුම ලබාගෙන රටට සේවය කරන බව මේ රටේ ඉන්න බටහිර වෙද්දුන්ට අවබෝධ කර දිය යුතුය. අධ්‍යාපනයේ නිදහස පැවතිය යුතුවේ.
Reks Monday, 13 March 2017 01:08 PM
මේ ප්රශ්නය ඍජුවම බලපාන රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන්ට නියෝජනයක් නැහැ. ඕකත් නිකන් සුබ සාධක සමිති රැස්වීමක් වගේ වෙයි
Lakvidu Monday, 13 March 2017 03:36 PM
රංජිත් සිල්වා මහත්තයෝ කොහෙද යන්නේ මල්ලේ පොල් කථා කියලා තමන්ගේ මන්ද බුද්ධික බව පෙන්වන්න එපා.
Reks Monday, 13 March 2017 03:56 PM
ඇයි රංජිත් සිල්වෝ බොරුවට වෙඩි තබාගැනීමේ නිදහස ඔහෙට අමතක වුණාද ?