IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සයිටම් වෙනුවට ආයතන දෙකක්

රංජන් කස්තුරි

සයිටම් ආයතනය අහෝසි කර එහි වත්කම් හා වගකීම් පැවරීමට එකකුත්, 2019 වසරේ සිට   නවක සිසුන් බඳවා ගැනීම සඳහා තවත් එකකුත් වශයෙන් එකිනෙකට වෙන් වූ වෛද්‍ය ආයතන දෙකක් ඇති කරන බව රජය කියයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කර ඇති  නිවේදනයට අනුව   සයිටම් ආයතනය අහෝසි වීම සහ නව ආයතන දෙක ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් රජය දෙසැම්බර් 30 වැනි දා සයිටම් ආයතනය සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සමඟ අත්සන් කර තිබේ. ඒ අනුව රජයේ මාර්ගෝපදේශනය යටතේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යෝජිත නව ආයතන දෙක ආරම්භ කරනු ඇති බව රජය පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු මෙම අවබෝධතා ගිවිසුම නීත්‍යනුකූල ගිවිසුමක් බවට පත් වන බව ද සුදර්ශන ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම ආයතන දෙකෙන් එක් ආයතනයක් සයිටම් ආයතනයේ හිටපු සියලුම වෛද්‍ය සිසුන් බඳවාගනිමින් සහ සයිටම් ආයතනයේ සියලුම වත්කම් සහ වගකීම් පවරා ගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා ස්ථාපිත කරනු ලබන බවත්, එය ලාබ නොලබන ආයතනයක් වන අතර සයිටම් ආයතනයේ වර්තමාන අවසන් වෛද්‍ය සිසුන් කණ්ඩායම උපාධිය ලබාගත් පසුව මෙම ආයතනයේ මෙහෙයුම් කටයුතු අවසන් කරන බවත්, මෙම ආයතනය සඳහා අලුතින් සිසුන් බඳවා නොගන්නා බවත් රජය කියයි.

සයිටම් ආයතනයේ සියලුම වර්තමාන සිසුන් බඳවාගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා ස්ථාපිත කරන ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ අවම ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත කරනු ඇති බව ද, සයිටම් ආයතනයෙන් උපාධිය ලබා ගත් සිසුන්ට මෙම ප්‍රමිතියට අනුගතවීම සහ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා වෛද්‍ය සභාව විසින් තවත් ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති බව ද එම නිවේදනයේ සඳහන්වේ.

2019 වසරේ සිට සිසුන් බඳවා ගැනීම සඳහා පිහිටුවනු ලබන නව ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගත යුතු අතර එය අවම ප්‍රමිතීන් සපුරාලිය යුතු බවත්, මෙම ආයතන දෙකේම මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ ලාභ පදනම් කරගෙන නොවන බවත්, 2019න් පසු සිසුන් බඳවා ගැනීමට පිහිටුවන ආයතනය ‘ඇපයෙන් සීමිත සමාගමක්‘ බවත්, සිසුන්ගෙන් ගාස්තු අය කළද අතිරික්ත ආදායමක් තිබේ නම් එය ආයතනයේ සංවර්ධන කටයුතු, පර්යේෂණ කටයුතු සහ ශිෂ්‍යත්ව ලබා දීමට යොදවන බවත් එම නිවේදනයෙන් අවධාරණය කරයි.

සයිටම් ගැටළුව විසඳීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් නව දෙනාම ඊට ඒකමතිකව කැමැත්ත පළ කළ බව ද නිවේදනයේ සඳහන්වේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කළේය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, කොළඹ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් සහ කොළඹ සහ කැලණිය වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් මෙම කමිටුවේ සාමාජිකයෝ වූහ.

මෙම විසඳුම ගැන සාකච්ඡා කිරීමට කමිටුව අවස්ථා තුනකදී රැස්වූ බවත්, වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය, රජයේ විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුන්ගේ දෙමාපිය සංගමය සහ සයිටම් වෛද්‍ය සිසුන්ගේ සංගමය මෙහි නිරීක්ෂකයන් ලෙස සහභාගී වූ බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 



අදහස් (14)

සයිටම් වෙනුවට ආයතන දෙකක්

Muhan Thursday, 04 January 2018 02:50 PM

මෙම විසදුම ඉක්මනින් ක්‍රියාත්මක කලොත් හොදයි. තව කොමිටියක් නොදා

:       157       148

Saman Thursday, 04 January 2018 03:09 PM

අයියෝ, අර දෙමාපිය සංගමයටයි, වෛද්‍යවරුන්ටයි, අන්තරේටයි මොකද වෙන්නෙ ?

:       68       225

hasantha Thursday, 04 January 2018 03:56 PM

"ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත කරනු ඇති බව ද" මේ වගේ අනාගත කාලේ වෙයි කියල හිතන ඒවා නිසා තමා මේ ගැටලුව අවුරුදු ගානක් ඇදගෙන ආවේ. ඉස්සෙල්ල අනුමැතිය ගන්න. පස්සේ ආරම්භ කරන්න. එතකොට ළමයි දෙමව්පියෝ අනාත වෙන්නේ නෑ.

:       0       118

Dinga Thursday, 04 January 2018 04:52 PM

අපොයි මදැයි කරා පුදුම ආණ්ඩුවක් මේක .මිනිස්සු රවට්ටනවා ඉවරයක් නෑ

:       254       169

sanath Thursday, 04 January 2018 06:15 PM

එකක් මදිවට දෙකක්. විශ්ව විද්‍යාල දරුවන් ආයෙත් පාරට බස්සන වැඩක්.

:       245       339

siri Thursday, 04 January 2018 06:23 PM

දැන් ඉතින් මොනවටද ලෙඩ්ඩු ඇපයට තියල වැඩ වර්ජන කරන්නේ?

:       2       44

Rasi Friday, 05 January 2018 02:58 AM

ආයෙත් හොර ගල් අහුලන්න පටන් අරන්! රටට අවශ්‍ය දොස්තරලා ප්‍රමාණය වෛද්‍ය විද්‍යාල වලින් බිහිකරනවානම් සහ එහි ප්‍රමිතියකුත් තියනවනම් මෙච්චර ඉරාගෙන රටේ වෙන ප්‍රශ්න තියෙද්දී දගලන්නේ මොකද කියල ජනතාව හිතල බලන්න ඕන කාරණයක්.

:       355       193

sasi Friday, 05 January 2018 03:02 AM

පට්ට නියමයි

:       152       208

rohana Friday, 05 January 2018 03:28 AM

මේ වැඩපිළිවෙලට විරුද්ධවෙලා නැවත රට අවුල් කරන්නම් එපා

:       228       428

lanka Friday, 05 January 2018 04:31 AM

දැන් අර මෝඩ දොස්තරලා මේකටත් විරුද්ද වෙනවා.

:       154       1041

ජීවක වෛද්‍යරත්න Friday, 05 January 2018 05:06 AM

කෝ දැන් සයිටම් අහෝසි කලා කියලා සතුටක් ලබලා හුරේ දාපු අයගේ මූනු ටික පෙන්නන්න බලන්න.

:       4       105

peter Friday, 05 January 2018 05:46 AM

ආරම්භ කරනවා නම් මුලින්ම විදේශික සිසුුන්ගෙන් පමණක් පටන්ගන්න

:       139       29

Bimal Friday, 05 January 2018 10:22 AM

මොනවා කරත් අර අනුන්ගේ දරුවකු ඉගෙන ගන්නවාට අකමැති කුහක දෙමව්පිය කොට්ටාශය නම් සන්තෝෂ කරන්න බැහැ.

:       55       2

sena* Friday, 05 January 2018 02:14 PM

දොස්තර සංගමය ඡවිපේ හරි පොහොට්ටුව හරි එක්ක හරි එකගතා ගිවිසුමක අත්සන් කර ඒ අය බලයට ගෙනත් මේ කාරණාව ඉෂ්ඨ කරගන්න

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 185 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 268 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 98 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 284 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 530 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 233 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site