IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


සයිටම් විරෝධී පාගමනට අදත් කඳුළු ගෑස්

(ඉන්දිකා රාමනායක)

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව සංවිධානය කළ සයිටම් විරෝධී පාගමනට කොළඹ ලෝටස් පාරේදී අද(24) පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
ජල ප්‍රහාරක රථ ද යොදා ගනිමින් පොලිසිය එම පිරිස පළවා හැරීමට කටයුතු කළ අතර පාගමන කොළඹ කොටුව දුම්රියපොළ අසලින් අද දහවල් ආරම්භ කෙරිණි.

පොලිස් ජල පීඩන ජල ප්‍රහාරයකට ලක්වූ මාධ්‍ය ඡායාරූප ශිල්පියකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.



අදහස් (38)

සයිටම් විරෝධී පාගමනට අදත් කඳුළු ගෑස්

Pradeep Wednesday, 24 May 2017 09:35 AM

කරුණාකර මේවා වාර්තා කිරීමට මාධ්‍යවලට අදාළ පහසුකම් සපයන්න. මේ සඳහා වගකිවයුතු මැති ඇමතිවරුන්ගේ සහය ඉතා අවශ්‍ය කාරණයකි.

:       82       34

chamal Wednesday, 24 May 2017 09:56 AM

කුහකයන්ට හොඳ වැඩේ.

:       1073       548

theshan Wednesday, 24 May 2017 10:28 AM

අදත් ගෙදර වේලාසනින් ගෙදර ගිහිල්ල හමාරයි වගේ.

:       24       26

wedage Wednesday, 24 May 2017 10:29 AM

දෙමාපියන්ට කඳුළු ගෑස් ගහල කොහොමද ඡන්දයකට යන්නේ

:       55       25

chandana Wednesday, 24 May 2017 11:04 AM

මේක තමයි කරන්න ඕන. තෙල් ගාලා වැඩක් නෑ. ආපහු සයිටම් නම ඇහෙනකොටත් බයවෙයි.

:       94       312

දාවිත්Wednesday, 24 May 2017 02:08 PM

‍මේ රජයට තත්වයක් තියනවද? අනුන්නට තත්ව සහතික දෙන්න... ඔයාලා වගේ මෝඩයෝ හිටියොත් හරි.

:       47       13

සිරිමෙවන්Wednesday, 24 May 2017 06:55 PM

භය හිතෙනව නේන්නං. කොන්දොස්තරලගෙන් බෙහෙත් අරන් මැරෙන්න බය නිසා තමයි මේ ජරාව නවත්තන්න හදන්නේ.

:       0       0

Pradeep Wednesday, 24 May 2017 11:22 AM

කරුණාකරලා වගකිවහැකි පාලකයන් ඉදිරිපත්වී මේ උද්ඝෝෂණ කරන අයට ඒවා දිගටම කරගෙන යන්න තැනක් දෙන්න. එතැන සියලුම මාධ්‍යෙව්දීන්ටත් ඉඩකඩ වෙන්කරන්න. සාමාන්‍ය ජනතාවට කරදරයක් නොවන විදිහට කරන්න. උද්ඝෝෂණ නතර කරන්නට පාලකයන් නිසි පිළිතුරු දෙන්නේ නම් වඩාත් සුදුසුයි.

:       3       11

අතුල Wednesday, 24 May 2017 12:37 PM

"අදත් කඳුළු ගෑස් "? අද විතරක් නොවෙයි හෙටත් බලාපොරොත්තු වෙන්න වෙයි... හරිනම් සයිටම් එකක් නොවෙයි දහයක් ඕනෑ. රජයේ වගකීම තමයි "ඒවායේ තත්වය හොඳ මට්ටමකට" ගෙන ඒම.... රජයේ වෛද්‍ය විද්‍යාල සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ඉගෙන ගන්න සියලුම සිසු සිසුවියන්ට "එකම විභාගයක්" තියන්න. එතකොට ඔය "Quality' කතන්දර නැහැනේ.

:       435       95

saman Wednesday, 24 May 2017 01:13 PM

සයිටම් එක හින්ද තමා මේ ආණ්ඩුවට කවද හරි ගෙදර යන්න වෙන්නේ

:       102       25

akila Wednesday, 24 May 2017 01:17 PM

සයිටම් හදපු කාලේවත් නැති දෙයක් නේ එකපාරටම කට්ටියට ඇවිල්ල තියෙන්නේ...

:       22       38

jayalalThursday, 25 May 2017 12:52 AM

සයිටම් හදපු අය තමයි තවම ඉන්නේ. ඒ කාලේ මෙයාල ඉන්න නැතුව ඇති. ජනතාව හිතපුව නෙමෙයි වෙන්නේ .

:       0       0

සෙනෙවි Wednesday, 24 May 2017 01:19 PM

ලබන මැතිවරණයේදී නම් මේ අය දුම්මල ගහල හරි අයින් කරන්න ඕනේ..

:       14       101

chinthaka Wednesday, 24 May 2017 01:33 PM

ඔච්චරටම කුහක වෙන්න එපා සහෝදරවරුනි. මේ ඉල්ලනේ ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් හරි වැඩි වැටුප් හරි නෙමෙයි, දොස්තරලාට පුළුවන්කම තියනවා ඔන්න ඔහේ චැනල් පාරක් දාගෙන, ගතමනාවක් හොයාගෙන මේ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නය නොදැක්ක වගේ ඉන්න. මොකද දැන් ඔවුන් දොස්තරලා වෙලා එගොඩ වෙලා ඉවරයි. නමුත් ඔවුන් මේ සටන ගෙනියන්නේ අනාගත අපේ ඔයගොල්ලන්ගේ දරුවන්ගේ උසස් අධාපන අයතිවාසිකම රැකලා දෙන්නයි. අදටත් අනුරාධපුරය, පොලොන්නරුව, හම්බන්තොට වගේ පළාත් වලින් දොස්තරලා බිහිවෙන්නේ රජයේ විශ්වවිද්‍යාල වලට පින් සිදු වෙන්න. ප්‍රශ්නයක් සිහි බුද්ධියෙන් දකින්න, ඒ ගොල්ලන්ට උදව්වට යන්න එපා, අඩුම තරමේ ඒ උදවියගේ සටනට අපහාස නොකර ඉන්න තරමටවත් ඉන්න.

:       119       12702

රොහාන් Wednesday, 24 May 2017 03:53 PM

චින්තක, කරුණාකරලා මට මේ ප්‍රශ්න වලටත් උත්තරයක් දෙනවද? මම මේ අහන්නේ සයිටම් එක රජයට පවර ගත්තහම, ඔය නැහැයි කියන ප්‍රමිතිය ඇති වෙනවද? උසස් පෙළ සමත් වෙන හැම ළමයෙකුටම රජයේ විශ්ව විද්‍යාල වල නොමිලේ ඉගෙන ගන්න හම්බ වෙනවද? සල්ලි තියෙන ළමයි විදේශ රටවලට ගිහිල්ලා මුදල් ගෙවලා ඉගෙන ගන්න එක නතර වෙනවද?

:       102       45

සඳපල්Monday, 29 May 2017 01:43 PM

මේව පටන් ගන්නකොට හිටපු අයට මේව හිතන්න බැරි වුනේ ඇයි?

:       0       0

AbdullaWednesday, 24 May 2017 08:40 PM

අපි රජයේ විශ්ව විද්‍යාල වහන්න කියන්නේ නැහැනේ. අනුරපුරයෙන් පොළොන්නරුවෙන් අඩු ලකුණු අරන් ළමයි දොස්තරලා වෙනකොට A 3 අරන් ඉන්න ළමයින්ට ත්‍රී වීල් එලවන්න කියලද කියන්නේ. එයාල ඉගෙනගන්න එපාද. දොස්තරලා වෙන්න ඕනේ දක්ෂ අය. එයාල අනුරධපුරේද පොළොන්නරුවේද කියල ප්‍රශ්නයක් එන්නේ නැහැ. සයිටම් වහන්න රටේ වැඩි දෙනෙක් කැමති නැහැ. එත් එයාලා තාම එලියට ඇවිල්ල නැහැ. ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වලින් පිටවුණා දොස්තරලා තමා මගේ දුවව මරගත්තේ. පුලුවන්නම් මගේ දුවව මරා ගත්ත දොස්තරලා අල්ලලා දෙනවද , ඔය පෙළපාලි යන්නේ නැතිව.

:       52       3

Appuhami Wednesday, 24 May 2017 01:41 PM

මේ ආයතනය නැති කළහම ඇමතිවරුන්ගේ ළමයි දොස්තරලා වෙන්නේ කොහොමද?

:       30       104

mohanThursday, 25 May 2017 05:36 AM

අප්පුහාමිට පෙන්නේ මෙතැන් ඉන්න ඇමතිවරුන්ගේ දරුවෝ විතරද? මෙතන ඉන්නවා මහාචාර්යවරු, වෛද්‍යවරුන්ගේ දරුවොත්.

:       13       0

channa Wednesday, 24 May 2017 01:52 PM

දැන්නම් තරවටු කරලා හරි ගහල හරි වැඩේ නතර කරන් වෙයි. නැත්නම් මේ රට හදන්න බැහැ..

:       29       19

nimalrajapaksha Wednesday, 24 May 2017 02:16 PM

කඳුළු ගෑස් ගහල තව දුරටත් හරියන්නේ නැහැ... ඊට වඩා වෙන මොනවාහරි දෙයක් කරන්න ඕනේ...

:       95       72

wasantha Wednesday, 24 May 2017 02:46 PM

රජය කල යුත්තේ ප්‍රමිතියෙන් යුතු පුද්ගලික වෛද්‍ය විද්‍යාල 10 කටවත් අවසර දීමයි. ප්‍රමිතියෙන් යුතු නම් එම ආයතන වලට විරුද්ධ නොවිය යුතුයි. රටේ නීති කඩන්නන් සිරභාරයට ගෙන දඬුවම් ලබා දිය යුතුයි.

:       63       52

dias Wednesday, 24 May 2017 02:53 PM

දොස්තරලා දුප්පත් මිනිසුන්ට අනුකම්පාවක් ඇත්නම් නිතරම වර්ජන කරන්නේ නෑ. දොස්තරලා ඉල්ලිය යුත්තේ ප්‍රමිතිය ඇතුව පවත්වා ගෙන යාමට අවශ්‍ය කරන ප්‍රමිතියයි.

:       13       8

duminda anuruddha Wednesday, 24 May 2017 03:24 PM

ලොකු ලොකු සල්ලිකාරයන්ට තියන සමගිය පොඩි අය ළඟ තිබුණා නම් මේවා මෙච්චර උද්ඝෝෂණ කරන්න ඕනේ ප්‍රශ්න නෙමේ .....

:       3       14

barath Wednesday, 24 May 2017 03:52 PM

අනේ මන්දා මේ දෙමව්පියෝ ගැන අහන්නත් අපට ලැජ්ජයි...

:       259       40

සුජීව Wednesday, 24 May 2017 04:00 PM

ඉතින් දැන් කියන්නේ මොකක් කරන්න කියලද?

:       6       0

කරුණාපාල Wednesday, 24 May 2017 04:04 PM

මේ මාෆියා කල්ලිය හා සටන් වදින පොලිස් නිලධාරීන්ට අපගේ ප්‍රණාමය!!!

:       104       18

සිරි Wednesday, 24 May 2017 04:51 PM

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ඔය වයසෙදි ස්ටයිල් එකටත් එක්ක ඕන දේකට විරෝධය ප්‍රකාශ කරනව, පෙළපාලි යනව. මොකුත්ම හේතුවක් නැත්නම කැන්ටින්කාරයන්ට හෝ විරෝධය දක්වනවා. ඒත් ඔවුන්ගේ දෙමව්පියන් ඒ විදියට හැසිරිය යුතු නැහැ. මේ ආත්මාර්ථකාමී දෙමව්පියෝ පාරට බැහැල තියෙන්නෙ තමන්ගෙ දරුවො වගේම වෙනත් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතියට විරුද්ධව.

:       137       86

ඩී. ජයදේව Wednesday, 24 May 2017 04:58 PM

අනේ පව්, රජයේ වෛද්‍ය විද්‍යාලයේ ගුරු දෙගුරු සංගමේ කට්ටිය

:       23       12

Kamal Wednesday, 24 May 2017 08:22 PM

බහුතරයක් රටේ ජනතාවගේ දවසේ වැටුප මදී ගෙදර වියදමට ලක්ෂ 120 දීලා උපාධිය ගන්න පුලුවන් කාටද ජනතාව මැතිවරණයකදි නිසි පිලිතුරු දෙයි

:       0       14

maal Thursday, 25 May 2017 01:34 AM

ඉවසුව ඇති දැන්නම්. මේකෙන් වෙන්නේ වෛද්‍ය සිසුන්ට දොස්තර වෙන දවස පරක්කු වෙන එක විතරයි. මේ රැලිවලට මුල් වෙන්නේ උපාධියෙන් පසු රජයේ රැකියාවල් බලාපොරොත්තුවන කලාවට බර විෂයන් කරන වාමාංශික යයි කියාගන්න රැලක් විසිනුයි. වෙන අයගේ ප්‍රශ්නයකදී මේ වෛද්‍ය වරුවත් , වෛද්‍ය ශිෂ්‍යයෝවත් ඒවිද උදව්වට. අනිකුත් රැකියාවල අය නම් දැන් ඒක තේරුම් අරගෙන ඉවරයි. දොස්තරලා වැඩි වැඩියෙන් බිහිවෙලා මොන ක්‍රමයකට හරි ඒගොල්ලන්ගේ බිල අඩුවුනොත් රටේ සාමාන්‍ය ජනතාවට හොඳ නැත්ද.

:       0       0

රාජුන් Thursday, 25 May 2017 01:58 AM

මම කතාකරන්නෙ සයිටම් හරිද වැරදිද කියන එක නෙවෙයි. මේ මහ ලොකු මහා ආණඩුව ගැනයි හරිම ලැජ්ජා හිතෙනවා අපේ රටේ මහා ආණඩුවට මේ වගේ සුළු ප්‍රශ්නයක් වත් මේ තරම් දුර යන්න නොදී කෙළවරක් කරන්න බැරි එක ගැන. එතැන සයිටම් එකේ ඉගෙන ගන්න ළමයි දහස් ගණනක් අතරමං වෙලා. අනිත් පැත්තේ විශ්ව විද්‍යාල ළමයි වර්ජන පෙළපාලි යනව, රටපුරා වැඩ වර්ජන. රටම දෙකට බෙදිලා. ලොකු ලොකු තැන වල ඉන්නා බලගතු පාලකයනි දැන් වත් ඇති ඇති පමණින් බුද්ධිය මෙහෙයවලා මෙයට අපක්ෂපාත සාධාරණ විසඳුමක් දෙන්න.

:       0       0

sanju Thursday, 25 May 2017 02:36 AM

මේවගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලෝකෙත් නැහැ. කිසිම ප්‍රමිතියක් නැහැ. අනිත් රටවල මේවා තිබුනට එහෙම ලේසියෙන් යන්නත් බැහැ. අනික මෙව්වා තියෙන්නේ ලොකුම විශ්ව විද්‍යාල වල විතරයි.

:       0       0

maheshThursday, 25 May 2017 09:01 AM

ඒක නිසා වෙන්න ඇති අපේ ළමයි S3 නුත් බංගලාදේශ් එහෙම යන්නේ. නොදන්නා මගුල් කතා නොකර ඉන්නවනම් හොඳයි.

:       0       1

sugath Thursday, 25 May 2017 04:08 AM

මේවා කරන්නේ ඉරිසියාවට. රට දියුණු කරන්න ඕනෙනම් මේවගේ බාල වැඩ කරලා මහජනයාට කරදර කරන්නේ නැහැ. හොඳ වැඩේ මුන්ට.

:       38       3

sudesh Thursday, 25 May 2017 04:15 AM

තෙෂාන් වේලාසනින් ගෙදර යන්න නෙවෙයි. මේ විිශ්ව විද්‍යාල දරුවෝ ඉල්ලන්නේ වැදගත් දෙයක්. එ්කට විසදුම දෙන්නේ නැතිව මේ කරන දේ පිළිකුලෙන් යුතුව හෙලා දකිමු

:       1       0

andare Thursday, 25 May 2017 04:24 AM

කොහේ කීයක් දීල ඉගෙන ගත්තත් අපිට වැඩක් නෑ. අවසානේ සෑම කෙනෙක්ම එකම විභාගයකට මුහුණ දීලා වෛද්‍ය උපාධිය ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කලහම ප්‍රශ්නේ ඉවරයි.

:       0       1

wedage Thursday, 25 May 2017 07:11 AM

සයිටම් තියෙන්නේ කෝටිපතියන්ට පමණයි

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්ව පේපරේ වට්ස්ඇප් යැවූ ගුරන් තිදෙනකු පන්නයි
2024 සැප්තැම්බර් මස 19 1056 1

අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප


අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 1358 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 1233 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 502 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 1236 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 310 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 47 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site