IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සයිටම් හිමිකාරිත්වය වෙනස් කරන්න නිර්දේශ

රංජන් කස්තුරි
 
සයිටම් ආයතනයේ වර්තමාන කොටස් හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කළ යුතු බව  සයිටම් ආයතනය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පත් කළ කමිටුව යෝජනා කර තිබේ.
 
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු නියෝජිතයන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුව මගින් ඉකුත්දා (11) ජනාධිපතිවරයා වෙත බාරදී තිබෙන සයිටම් ගැටළුවට විසඳුම් සහිත   වාර්තාවෙන් එම යෝජනා ඉදිරිපත් කර ඇත.
 
ඒ අනුව දැනට ලාභ ලබන චේතනාවෙන් යුතුව පාලනය කරන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පවුලේ හිමිකාරිත්වයෙන් හා කළමනාකරණ ව්‍යූහයෙන් සයිටම් ආයතනය ඉවත් කළ යුතු අතර ඒ වෙනුවට පුළුල් පදනමක ව්‍යූහයක් සහිත ලාභ නොලබන නව ඒකකයක් නිර්මාණය කළ යුතු බවද එම යෝජනා මාලාවේ සඳහන් කර ඇත.
 
මීට අමතරව වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවම ප්‍රමිතීන් ගැසට් කළ යුතු අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කරන ලද කෙටුම්පත ඒ සඳහා පාදක කර ගත යුතු බවද එම යෝජනාවේ සඳහන්වේ.



අදහස් (15)

සයිටම් හිමිකාරිත්වය වෙනස් කරන්න නිර්දේශ

Nishantha Sunday, 17 September 2017 02:04 PM

ඕක ඉස්සෙල්ලා කරන්නයි තිබුණේ...

:       26       16

ධනුෂ්ක Sunday, 17 September 2017 02:09 PM

අපේ භාෂාව මාරයි. මේකටත් කියන්න එකක් තියනවා "කැලේ මාරු කළාට කොටියාගේ පුල්ලි මාරු වෙන් නෑ"

:       268       361

Sam Sunday, 17 September 2017 02:19 PM

ප්‍රශ්නේ තියෙන්නේ හිමිකාරීත්වයට වඩා ප්‍රමිතිය... වෛද්‍ය සභාවේ යෝජනා, ඇක්ට් 16 වගේ විභාගයට පෙනිසිටිම ප්‍රතික්ෂේප කරලා තිබේ. ඉතින් කොහොමද විසඳුමකට එන්නේ?

:       545       541

aruna Sunday, 17 September 2017 04:27 PM

මෙතන ප්‍රශ්නය දන්නා අයට වැඩිය නොදන්නා පුද්ගලයන් ඉන්න එකයි. සෑම් වගේ ඉංග්‍රීසි නම් තියෙන අය...

:       0       22

Daya Sunday, 17 September 2017 04:53 PM

සයිටම් එකේ දේශපාලකයින්ගේ ළමයින්ට පන්ති සාමාර්ථ අනිත් ළමයින්ට වඩා වැඩි බවක් සයිටම් ළමයින්ම කියනවා. එහෙම තැනක ප්‍රමිතිය ගැන ලොකු ප්‍රශ්නයක් නෙමෙයිද ඇතිවෙන්නේ්?

:       42       1

one srilankan Monday, 18 September 2017 12:14 AM

මේක මගඩියක් ජනතාව රවටා කැරකෙන් හෝ කෙමනෙන් අජිත්ගේ අබිප්‍රාය ඉස්ට කරන්න යාමට මගක් ,,කළමනාකාරිත්වය සියල්ල රජයට ගෙන ක්‍රියා කරන්න ,,,සෛටෙම් නම කතාවෙලා අසාදු ලේඛන ගත වෙලා මේකට ගැටයක් විදියට මේක කරන්නේ සෛටෙම් වහන්න ,,බොරුවැඩ කරලා ජනතාව රවටා ගොනාට අන්දන්න එපා මොකක්ක්ද සෛටෙම් වහන්න බැරි හේතුව ජනාධිපතිට මිනිහෙක් ගෑනියක් කරන්න ගැහැනියක් පිරිමියෙක් කරන්න විතරයි බැරි විධායක ජනාදිපති විදියට ,,මෙහි නිර්මාතෘ මැතිතුමා මේක ප්‍රකාශ කලා ,,,ඉතින් සෛටෙම් වහන්න ,,,සෛටෙම් වහන්න ,,ජනතාව ගොනාට අන්දන්න එපා ,,අපේ අහිංසක දුප්පත් දරුවන් ගේ දොස්තර සිනිහය බොද කරන්න එපා ,,,

:       94       51

SamanMonday, 18 September 2017 04:21 AM

මෛත්‍රිට ඡන්දේ දීපු එකේ, ඒක ඔප්පුකරන්නත් පුළුවන් එකේ, ලියන්නකෝ එයාට ලියුමක් ඔක්කොම විස්තර සහ ඔප්පු කරන කොපි දාලා, ඒ මනුස්සයා ලියුම ලැබුණු ගමන් සයිටම් එක වහල දායි.

:       0       0

ONE SRILANKANMonday, 18 September 2017 07:37 AM

මෝඩයෙක් වගේ කතාකරන්න එපා. දේශපාලඥයෝ කාලගුණය දන්නා පිරිසක්ද? අපිට ඕනේ ජාතික ප්‍රශ්නය විසදන්න මිස චරිත සහතික ගන්න නොවෙයි.....

:       1       1

SamanMonday, 18 September 2017 02:08 PM

ඇත්ත ඇත්ත , 'දේශපාලනඥයෝ කාලගුණය 'ගැන දන්නෙ නෑ. ඒ ගොල්ලො කාලගුණ විශේෂඥයෝ නෙවෙයිනේ... ඔහේමනෙ මෙතන "මම මෛත්‍රි මහතාට ඡන්දෙ දුන්නාය, ඔප්පු කරන්න පුලුවන්ය, ඒ නිසා සයිටම් තහනම් කරන්නය" කියල බෙරිහන් දෙන්නේ.. මෛත්‍රිගෙ ඡන්ද ප්‍රකාශයේ සයිටම් තහනම් කරනවා කියල තිබුණෙත් නැහැනේ....

:       1       2

Bamunu Monday, 18 September 2017 01:49 AM

ප්‍රශ්නය තිබුනේ සයිටම් ආයතනයට ප්‍රමිතියක් නැහැ කියලා නේද? දැන් නෙවිල් ප්‍රනාන්දු මහතා ඉවත් කලාම සයිටම් ආයතනයට ප්‍රමිතිය එනවාද? නෙවිල් ප්‍රනාන්දු මහතා කෝටි ගණන් වියදම් කලේ සේවයක් සමග යම්කිසි ලාබයක් ලැබීමටයි. මේකට තමයි සිංහලෙන් කියන්නේ හිසේ ඇම්මට කෝට්ටේ මාරුකරනවා කියලා. මත්පැන් නිෂ්පාදනය කර කෝටි ගණන් ලාභ ලබනවාට විරුද්ද නැතිනම් අධ්‍යාපනයෙන් ලාබ ලැබුවම මොකද වෙන්නේ. පිනට ඉගෙන ගෙන දොස්තරලා වෙන අය පිනට බෙහෙත් දෙනවාද? මේ ගොල්ලන්ගේ වැදි බණ

:       153       193

willowsd Monday, 18 September 2017 02:35 AM

මත්පැන් නිෂ්පාදනය කර කෝටි ගණන් ලාභ ලබනවාට විරුද්ද නැතිනම් අදයාපනයෙන් ලාබ ලැබුවම මොකද වෙන්නේ. පිනට ඉගෙන ගෙන දොස්තරලා වෙන අය පිනට බෙහෙත් දෙනවාද

:       0       0

ravin Monday, 18 September 2017 03:17 AM

සයිටම් එකේ ළමයි ගැන මිට වඩා පුළුල් ලෙස බලන්න. දෙමවුපියන් විසින් සමහර ළමයින්ව ඇද දමන ලද වලක්. සල්ලි වලට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා ළමයින්ට පෙන්නුවම වෙනදේ. සමහර ළමයි කලා විෂයන්ගෙන් සමත් ළමයි ලු. කරන්න පුළුවන් එක දෙයක් තමයි දැනට පාඨමාලා ඉවර කරපු ළමයින්ට මුලසිට ප්‍රමිතියානුකූල විභාග වලට නැවත වරක් පෙනීසිටින්න සැලසීම. මාස හයෙන්, හයට වගේ. එතකොට තව අවුරුදු දෙකක්, තුනක් යනකොට ඒ ළමයි සුදුසුකම් සපුරාවි. දැනට පාඨමාලා ඉවර කරගෙනයන ළමයින්ගේ මූලික අධ්‍යාපන හා ප්‍රමිතීන් දැඩිලෙස පරික්ෂාකර එම ළමයින්ගේ සුදුසුකම් අනුව වර්ගීකරණය කර එම ළමයින්ටත් සහන ක්‍රමයක් සැලසීමයි. ප්‍රමිතිකරණයට අවශ්‍ය උපදෙස් ලෝකයේ පිළිගත් වෛද්‍ය සභා හා ආයතන වලින් ලබාගත යුතුයි.

:       11       1

ජගත් කළු Monday, 18 September 2017 04:05 AM

ඉතාම හොඳ සාධනීය යෝජනා. තමන්ගේ අධ්‍යාපනය හොඳනම් ඇක්ට් 16 විභාගයට සිසුන් සහභාගි කරවීම පාරාජිකාවක් නොවේ.. එය පුද්ගලික අධ්‍යාපන ආයතන වල ප්‍රමිතිය තහවුරු කිරීමට රජය ගන්නා පියවරක් ලෙස ගත හැකියි. අනෙකුත් වෘත්තීය ආයතන වල තම වරලත් සුදුසුකම් දීමට එවැනි විභාග පවත්වනවා. මේ කමිටුවේ යෝජනා හොඳයි සාධනියයි.

:       0       0

ravi Monday, 18 September 2017 05:21 AM

තවත් දහන් ගැටයක් තමයි. මේක වහල දාලා රාගම හැදුවා වගේ රජයේ විශ්ව විද්‍යාලයක් කළානම් ඉවරයිනේ. මේවා ඔක්කොම අර රාජිත කියන කෙනාගේ වැඩ. දැන් මේක පිළිගන්නෙම නැති තත්වෙට ආවට පස්සේ තවත් මොකක්හරි ගැටයක් ගහනවා එ්කෙන් බේරෙන්න. රටටම ලැජ්ජයි මෙහෙම අය හින්දා.

:       1       41

කසුන් Monday, 18 September 2017 06:13 PM

වන් ශ්‍රී ලංකන් මහත්තයෝ පිස්සො එක්ක ගණන් හදන්න යන්න එපා කියලා කථාවක් තියෙනවා.. ඉගෙනගන්න කාලෙ ළමයව හරි මග යවන් නැතුව පස්සෙ සල්ලි බලෙන් කොහොමහරි වෙද නලාවක් දමනවයි කියලා හිතාගෙන හොර ගුහාවකට දාල ඒකෙ එක එක මගඩි අහුවෙනකොට හිතේ දුක වාවගන්න බැරුව කියන කථා සමහරු ඔය.. ඒවට කරන්න දෙයක් නැත

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 299 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 228 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 81 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 530 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 717 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site