IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සීයට පහක් ඡන්ද නැති අය තරඟ කිරීම ජාතික අපරාධයක්

(අංජුල මහික වීරරත්න)

සියයට පහකවත් ඡන්ද ප්‍රතිශතයක් නැති අය ජනාධිපතිවරණයට තරඟ කිරීම ජාතික අපරාධයක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන පිරිස ඉහළ ගොස් තිබෙන නමුත්  ප්‍රධාන අපේක්ෂකයින් දෙතුන්දෙනා හැරෙන්නට අනෙක් අපේක්ෂකයින්ට අඩුම තරමින් සියයට දෙකකවත් ඡන්ද පදනමක් නැතැයි අමාත්‍යවරයා කීය.

සමහරුන්ට තමන්ගේ  පව්ලේ අයගේ ඡන්දෙවත් ලැබෙන්නේ නැතැයි ද අමාත්‍යවරයා කීය.

ජනාධිපතිවරණයේ දී තරග කරන අපේක්ෂකයින් විසින් බැඳිය යුතු ඇප මුදල සැලකිය යුතු මට්ටමින්  ඉහළ නැංවීම සම්බන්ධව අපි අමාත්‍ය මණ්ඩලය වශයෙනුත් සාකච්ඡා කළ බවත්  සියයට 5ක් වත් ඡන්ද පදනමක් නැති පක්ෂ විසින් ජනාධිපතිවරණයට තරග කිරීම මගින් සිදුවන සම්පත් නාස්තිය අවම කිරීම සඳහා සාකච්ඡා කළත් එම නීති සකස් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (8)

සීයට පහක් ඡන්ද නැති අය තරඟ කිරීම ජාතික අපරාධයක්

Kazi Shajahan Monday, 12 August 2024 11:20 AM

ඔව් අපරාදේ රනිල් ඉල්ලන්නේ, මොකද UNP එක ගියසැරේත් ගත්තේ මුළු රටේම ඡන්ද 230,000 යි. මේ සැරේත් සොරිම තමයි. මේ ලෝක හොරුත් එක්ක ඉන්න කොට බත් කන මිනිහෙක් රනිල්ට ඡන්දෙ දෙයිද?

:       6       49

Chandanie Monday, 12 August 2024 02:16 PM

ඒක ඇත්ත මොකද පසුගිය කාලයේ පැවැති අරගලය බත් කනවුන්ට අමතක නොවුණත් තණකොළ කන හරකුන්ට මතක් වෙන්නේ නැහැ.. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ තණකොළ වතුර හා වාතය පමණයි. ඒත් බත් කන මනසින් උසස් මිනිසුන්ට විවිධ අවශ්‍යතාවන් තියෙනවා ඒවා ඉටුකර ගැනීමේදී පැවැති දුෂ්කරතා හරකුන්ට අමතක වුණත් මිනිසුන්ට හොදින්ම මතකයි...

:       0       6

Weerasekara Monday, 12 August 2024 11:33 AM

කවුරු හෝ ඉක්මනින් නීතියක් සැකසීම කරන්න ඕනෑ සාමාන්‍යයෙන් මැතිවරණ කොමිසමේ සභාපති කියන්නේ එක් අයෙක් වෙනුවෙන් මිලියන 200 ක් වියදම් වෙනවා කියලා ඒ ලිපිද්‍රව්‍ය සඳහා වෙන්න පුළුවන්.. අනෙකුත් වියදම් ගැන බලනකොට මිලියන 300 කට ආසන්න වෙන්න පුළුවන් දැනට 25 දෙනෙක් ඉන්නවා නම් එයින් තිදෙනෙක් 10% ක් ඉක්මවා ගන්න නිසා ඔවුන් ඉවත්කර බැලුවාම 22දෙනෙක් අනවශ්‍යම ජාතික ධනය කාබාසිනියා කරන නිකම්මු කියන්න පුළුවන්... ඔවුන් වෙනුවෙන් වියදම් බැලුවොත් අනවශ්‍ය වියදම මිලියන 4400 ක් වෙනවා හිඟමනට වට්ටවා තිබුණු රටක මෙහෙම නාස්ති කිරීම ජනතාව අනුමත කරනවාද? නැත්නම් එහෙම එවුන්ට උපරිමයෙන් දඬුවම් කරන්න ඕනෑද කියලා සිතාබලන්න... ඒ නිසා එම මුදල් මැතිවරණය අවසන් වුණාට පස්සේ ඔවුන්ගෙන් සමානුපාතිකව අයකළ හැකි නීතියක් පැනවීම කරන්න ඕනෑ ජනාධිපතිවරණය පමණක් නොවෙයි, අනෙකුත් මැතිවරණ අවස්ථාවලදී වුණත් එහෙම කරන්න ඕනෑ... එම මැතිවරණ වෙලාවේ තියෙන මුදල් ලක්ෂ දහයක්වත් වෙන්න නීතියක් අනුමත කරන්න ඕනෑ... ජනතා මුදල් අවභාවිතා කිරීම වැළැක්වීම පාර්ලිමේන්තුවේ වගකීමක් වෙනවා..

:       0       14

ya Monday, 12 August 2024 11:42 AM

අවුරුදු ගානක් තොපිලා පොල් ගෑවද යකෝ ?

:       1       24

ලසන්ත Monday, 12 August 2024 12:51 PM

ඒවා අමත්‍ය මන්ඩලේ සාකච්ඡා විතරයි. අනිත් ඒවා පැදුරටත් හොරා සම්මත වෙනවා...!

:       0       10

ජගත් ලියනගේ Monday, 12 August 2024 01:48 PM

කවුද ඒ තුන් දෙනා? ඔයා කිව්වේ නැත්තේ, ඔයා උදව් කරන රනිලුත් එතැන ඇති.

:       1       7

Rohana Monday, 12 August 2024 03:06 PM

අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්වීමට ආණ්ඩුවට වුවමනාවක් තිබුනේ නෑ. ඇප මුදල ලක්ෂ 32 දක්වා වැඩිකීරීම ගැන කතාකර කර හිටියා මිස ක්‍රියාත්මක කලේ නෑ.මෙහෙම අයද ආයෙත්ඡන්දෙන් පත්කර ගන්නේ.

:       0       5

Srinath Monday, 12 August 2024 03:50 PM

එක අපේක්ෂකයෙකුට මිලියන 20 යනවානම් එම මුදල නාම යෝජනා දෙන අයගෙන් අයකරන්න ඕනෑ. 75000ක් මොන විහිළුවක්ද? 

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 716 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4611 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2773 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 255 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1364 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1476 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28010 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site