IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සියනෑ ජන නැගුම මෛත්‍රීට

වතුර ඉල්ලූ ජනතාවට වෙඩි උණ්ඩ දුන් ආණ්ඩුව රතුපස්වලට පිරිසිදු පානීජ ජලය දීමට තවමත් අපොහොසත් වී ඇතැයි සියනෑ ජන නැගුම සංවිධානය කියයි.

රතුපස්වල ජල සටනේ පෙරමුණෙන්ම සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි ඇතුළු රතුපස්වල හා වැලිවේරියේ බොහෝ දෙනෙක් මෙවර ජනපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීමට කටයුතු කරන බව එම සංවිධානයේ කැදවුම්කරු සුරේෂ් පෙරේරා මහතා පවසයි.

ඔවුහු අද තිඹිරිගස්යායේ පොදු අපේක්ෂක කාර්යාලයයේ මාධ්‍ය සාකච්ඡාවකට ද සහභාගී වූහ.

සුරේෂ් පෙරේරා මහතා -

‘අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. මීට කලින් අපිත් වැඩ කළේ ජනාධිපතිතුමාට තමයි. රතුපස්වල කර්මාන්ත ශාලාවේ ගැටළුව අවස්ථාවේ අපට සාධාරණයක් වුණේ නෑ. ගම්පහ දිස්ත්‍රික් නායකයා අපි වෙනුවෙන් කතා කළේ නෑ.

වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ තුන් දෙනෙක් මැරුවා. බොහෝ දෙනෙක් තුවාල ලැබුවා. නමුත් ඔවුන්ට වන්දියක්වත් දුන්නේ නෑ. තවම බොහෝ දෙනකුට පිරිසිදු ජලය ලබා දී නෑ. ජනාධිපති අපිට විවිධ පොරොන්දු දුන්නා. දැන් අවුරුද්දකුත් බවරයි. ඒවා ක්‍රියාත්මක වුණේ නෑ.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො විදියට අපි තීරණය කළා මෙවර ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකටයුතු කරන්න. අපි ඒ වෙනුවෙන් ඇප කැප වෙනවා. ඔහු අපට පොරොන්දුවක් දුන්නා සාධාරණ කාලයක දී අපේ ගැටළුව විසදන බවට. ‘



අදහස් (0)

සියනෑ ජන නැගුම මෛත්‍රීට

විපුල Tuesday, 30 December 2014 01:51 PM

රතුපස් වල තිබුණු කර්මාන්ත ශාලාව ඉවත් කරපු එක කියල නැහෙනෙ. මෙහෙම බැලුවම දින 100 රට හදන්න නම් අමාරුයි.(නදී)

:       0       0

සංජීව Wednesday, 31 December 2014 08:25 AM

දැනගන්න ඕනේ නම් ගණන් හිලව් 9 වැනිදා බලාගන්න .(හේ)

:       0       0

නන්දික Tuesday, 30 December 2014 03:55 PM

සාමාන්‍ය මිනිස්සු ගැන හිතලා වැඩ කරානම් අද මේ තරම් දඟලන්න අවශ්‍ය වෙන්නේ නෑ. කටවුට් ඕනෙත් නෑ. රැස්වීම් ඕනෙත් නෑ. මිනිස්සු දන්නවා මෙයා අපි වෙනුවෙන් හිටියා කියලා. පොඩි මිනිහගේ හිතේ තිබිච්ච විශ්වාසේ, ආදරේ ඒවයින් ගන්න බෑ. (ර)

:       0       0

කුමාර Tuesday, 30 December 2014 04:02 PM

ඔය කියන දේවල් කරනවානම් හොදයි. බලමු බලමු මොකද වෙන්නේ කියලා.? (ර)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 30 December 2014 09:36 PM

මමත් රතුපස්වල ජනතාව සමඟයි. (නි)

:       0       0

නිමල් Tuesday, 30 December 2014 10:21 PM

මෛත්‍රී මහතාට ජයවේවා! (නි)

:       0       0

කුමාරසිරි Wednesday, 31 December 2014 01:44 AM

ජයවේවා! (නි)

:       0       0

මාටින් Wednesday, 31 December 2014 05:02 AM

රූපසිංහ, ප්‍රතිපත්ති හදන්නත් ප්‍රතිපත්ති ගරුක මිනිසුන්, නායකයන් සිටිය යුතුයි. (නදී)

:       0       0

ලියනගේ Tuesday, 30 December 2014 11:18 AM

කී දෙනෙක් ඉන්නවද? (දිල්)

:       0       0

රූපසිංහ Tuesday, 30 December 2014 11:44 AM

අපේ රටේ තියෙන්නේ අරයගේ වැරදි මෙයා හොයල ඇති ඒවා නැති කරලා නැති ඒවා ඇති කරන දේශපාලනයක් නේ. එහෙම නැතිව ප්‍රතිපත්තිමය වශයෙන් රටේ අනාගතය ගැන හිතන රටේ දියුණුව ගැන හිතල වැඩකරන දේශපාලනයක් හොවෙයි. අද අපට අවශ්‍ය අපි ගැන හිතන කෙනෙකු මිසක් දේශපාලන පලිගැනීම් නොවේ. (ර)

:       0       0

නිශාන්ත Tuesday, 30 December 2014 12:06 PM

කොහොම වුනත් හොඳට හිතල බලලා තීරණ ගන්න තරමට තමයි හරි. (ර)

:       0       0

සමන් Wednesday, 31 December 2014 05:52 AM

සිරිසේන ඉතින් දැන් ඕන එකෙකුට හා කියනවා. කොහොම හරි දිනන්න ඕන වෙලා තියෙන්නේ. 2010 දීත් ෆොන්සේකාටත් මෙහෙම තම තිබුනේ අන්තිමට පරාදයි. 2015 දීත් 9 උදේට ඕක තමයි වෙන්නේ (නදී)

:       0       0

සුරංග Tuesday, 30 December 2014 12:21 PM

අපි ගැන හිතුවනම් රතුපස්වල ප්‍රශ්නේ එන්නේ නැහැනේ.? (ර)

:       0       0

සාලිය Wednesday, 31 December 2014 06:09 AM

මමත් රතුපස්වල තමයි. ඔය කියන විදිහට අපේ මිනිස්සු වෙනස් වෙලා නැහැ. (ර)

:       0       0

දහම් Tuesday, 30 December 2014 12:58 PM

මේ ගොල්ල එදත් ආණ්ඩුවට විරුද්ධව තමයි කටයුතු කලේ. මේක අලුත් දෙයක් නෙමෙයිනේ.(නදී)

:       0       0

රොෂාන් Tuesday, 30 December 2014 01:12 PM

අපි පන්සල් ගියා. හැමෝම එකමුතුවෙන් හිටියා මුස්ලිම් උනත් මෙතෙක් වෙනකම් සමායෙන් හිටියා. නමුත් දැන් ඒ තත්වය කෝ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1000 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4080 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1274 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 743 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1071 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 713 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site