IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


'සයපෙති කුසුමේ' නලින්

2016-11-06-ent-21

 

ආචාර්ය වීසාකේය වන්දසේකරම්ගේ නිර්මාණයක් වන ”සයපෙති කුසුම” හෙවත් ත්‍ර්බටසච්බස සිනමා නිර්මාණය මේ දිනවල තිරගත වෙනවා. මේ වන විට මේ සිනමා නිර්මාණය සඳහා රටවල් 24ක පැවැති සිනමා උළෙල නියෝජනය කර ඇති අතර, 2015 දී බ‍්‍රසීලයේදී පැවැත් වූ රියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේදී විශිෂ්ඨතම විදේශීය සිනමා නිර්මාණයට හිමි චිත‍්‍රපටය සඳහා වූ සම්මානය ද දිනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිනමා නිර්මාණය ගැන සමාජයේ විවිධාකාර කතාබහක් ඇති වී තිබෙන මොහොතකදී ”සයපෙති කුසුමේ” ප‍්‍රධාන වූ චරිතයක් රඟපාන තාරුණ්‍යයේ අපූරු රංගන ශිල්පියකු වන ”ජොහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි” සමග අපි කතා බහට එක්වෙමු.

 

2016-11-06-ent-23ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි වඩා හොඳ කොහොම අමතනවටද?

වැඩි දෙනෙක් දන්නෙ නම් අප්පුහාමි කියලයි.

 

වත්මන් සමාජයේ සමහර අය, අප්පුහාමි, සිරිපාල ඒ වගේ නම්වලට වැඩිපුර කැමති නැහැ නේද?

දියුණුවක් කියලා හිතන භෞතික දේ එක්ක සමහර විට අපට උරුම වූ දේ භාවිතා කිරීමට සමහර අයට ලජ්ජාවක් තියෙන්නෙ. ඒක හීනමානයක්. නමුත් මට එහෙම ප‍්‍රශ්නයක් නැහැ.

 

ඒ කියන්නේ ”අප්පුහාමි” වීම?

ඔව්, ඒක මට මගේ මව්පියන්ගෙන් ලැබුණු නාමය. මගේ තාත්තාට, මගේ අම්මාට මම ආදරෙයි. එයාලගෙ පරම්පරාවට ආදරෙයි. ඒ නිසා

ඒවා මට ප‍්‍රශ්න නෙවෙයි. මගේ සම්පූර්ණ නම, උඩගෙදර මුදියන්සේලාගේ දොන් ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි.

 

ඉතින් අප්පුහාමි කලා ක්ෂේත‍්‍රයේදී ජෙහාන් කිව්වම යම්කිසි පටලවිල්ලකුත් වෙනවා නේද?

ජෙහාන් ඇලෝසියස් සහ ජෙහාන් අප්පුහාමි වන මාත් එකම ක්ෂේත‍්‍රයේ සිටින දෙදෙනෙක්. ඉතින් සමහර වෙලාවට වැරැුදිලා එයාට යවන කෙටි පණිවුඩ සහ ඇමතුම් මට එනවා. මගේ ඒවා එයාට යනවා. මේ ළඟදි එහෙම දෙයක් වුණා. ජෙහාන් ඇලෝසියස් නාට්‍යයක් කළා. සමහර අය මට සුබපතලා පණිවිඩ එවා තිබුණා.

 

ජෙහාන් මොන අරමුණකින්ද ඔබ ඉගෙන ගත්තෙ?

මම ගියේ හලාවත ශාන්ත මරියා විද්‍යාලයට. පාසලේදී පැසිපන්දු ක‍්‍රීඩාවට අතිශයින්ම ප‍්‍රිය කළා. මේ අතරවාරයේදී නාට්‍ය විෂය ඉගැන්වීමට අපේ පාසලට ගුරුවරයෙක් ආවා. අන්තිමට උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂයය දක්වා මගේ හිත ගියා. කුඩා කාලයේදී රූපවාහිනියෙ ළමා වැඩසටහන් වලටත් දායක වෙලා තිබුණා. පසු කාලයකදි මංගල සේනානායක මහතා මෙහෙය වූ වැඩමුළුවකටත් සහභාගි වුණා. කොහොම වුණත් අන්තිමට කොළඹ ඇවිත් නාට්‍ය රස්තියාදුකාරයෙක් බවට පත්වුණා.

 

එතකොට රස්සාවක් කළේ නැද්ද?

එක එක රස්සා කළා. ඒ අතරේ බේකරියකත් රස්සාවක් කළා. කොළඹට ආවෙම නළුවෙකු වීමේ අරමුණ ඇතිව නිසා නාට්‍ය හා රංග කලාව ගැන හදාරන්න උනන්දු වුණා. තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ පාඨමාලාවක් කළා. ඔය විදියට කීය කීය හරි හම්බ වුණා. නමුත් හිත තිබුණෙ ෆුල් ටයිම් නාට්‍යකරණයේ යෙදෙන්නයි. ඒ නිසා ඒ වෙනුවෙන් වැඩමුළු, සම්මන්ත‍්‍රණ, පොත පත පරිශීලනය ඒ සියල්ල කළා. ප්ලේන්ටිය බීලා ඒ දේවල් කළ දවස් තිබුණා. හැබැයි ඒ කළ දේ සහ ලබාගත් අධ්‍යාපන සහ හැදෑරීම ඇතුළෙ තමයි මම රස්තියාදුකාරයෙක් වුණේ.

 

දැන් අපි මේ ”සයපෙති කුසුම” ගැන කතා කරමු. මෙහි සමලිංගිකත්වය ගැන ප‍්‍රකාශ වෙනවා. මෙවැනි චරිත බාරගැනීමට බොහෝ දෙනා අදි මදි කරන පරිසරයකදී, ඔබ මෙය බාරගත්තෙ ඇයි?

විසාකේය මහත්මය මේ නිර්මාණයේ චරිත සඳහා අපට පෙර තවත් කීප දෙනකුට කතා කරලා තිබුණා. නමුත් වැඩි දෙනෙක් ප‍්‍රතික්ෂේප කරලා. පසු දිනෙක ”ඉඩමේදී විකිණේ” නාට්‍යයේ දර්ශනයක් තිබියදී මට මේ පිටපත ලැබුණා. හැබැයි කියවන්න ලැබුණෙ නැහැ. එදා රාත‍්‍රී මම මේක ගිහින් මගේ බිරිඳට දුන්නා, මෙන්න මේක කියවල බලන්න කියලා. ඇය පසුවදා, ‘‘පිටපත නම් මරු හැබැයි මාර අමාරු සීන් එකකුත් තියෙනවා’’ කියලා කිව්වා. ”හා හරි ඒක මට කියන්න එපා” එහෙනං මම පිටපත කියවන්නම් කීවා. මේ පිටපත කියෙව්වාම මට හිතුණේ රංග ශිල්පියකුවීමට වඩා මිනිහෙක් වීම අමාරුයි කියලයි. මට මගේ ජීවිතයේ බැඳීම් තියෙනවා.දූලා දෙන්නෙක්ගෙ පියෙක්. එතකොට මගේ බිරිඳ, මේ සියල්ල අතරේ මනුස්සයකු ලෙස මගේ නළුකම භාජනය කරන්නේ කුමකටද? මේ ඒකට හොඳ පුහුණුවක් ලබා ගත යුතු අවස්ථාවක් කියලා මම විශ්වාස කළා. ඒ නිසා සමාජයේ සමහරකට අප‍්‍රිය, හිරිකිත වුණාට මට එය අප‍්‍රිය වුණේ නැහැ.

 

ඔබ සංකීර්ණ බව ගැනද, නැත්නම් සරල බව ගැනද මේ කියන්නේ?

නැහැ, මම කියන්නෙ ආදරය ගැනයි. මිනිසකු ලෙස බිහිවීමම සංකීර්ණ දෙයක්. ඊටත් වඩා සංකීර්ණ වෙන්නෙ ජීවත්වීමයි. මම කැමතිදේට කැමතියි. යම් කිසිවකට අකමැති නම් ඒක මගේ ප‍්‍රශ්නයක්. යම් පිරිසක් වෙනුවෙන් පෙනී සිටීමත් එක්තරා විදිහක දේශපාලනයක්. ඉතින් මේ සමාජයට අවශ්‍ය ආදරය නම් ඒක අප්පිරිය දෙයක් වෙන්න බැහැනේ.

 

කොහොම වුණත් සමහරු මෙවැනි කතා රසවිඳීමට මෙන්ම නිර්මාණයක රසවිඳීමට අකමැතියි? එහෙම නේද?

අකමැති නැහැ. කැමතියි. නමුත් සාකච්ඡුා කිරීමට ඇති හීනමානයක් තියෙන්නේ. ඒ නිසා චිත‍්‍රපටය නොබලා ඞී.වී.ඞී. එක හොරෙන් ගෙනිහින් බලනවා. ඒ හැර විවෘතව විෂයයක් දිහා බලන මානසිකත්වයක් නැහැ. ඒ හැරත් මේ දිනවල වැඩිදෙනාගේ මානසිකත්වය තියෙන්නේ මිනිසුන්ගේ ආදරය, ගෞරවය හඳුනාගැනීමට වඩා සර්පයින්ට, මුගටින්ට වගේ පැල්බැඳගෙන ආදරය කිරීමයි. ඒක අපේ සමාජ රටාවේ ප‍්‍රශ්නයක්. සමාජයට අතෑරපු දේ එක්ක එන ප‍්‍රශ්නයක්.

 

සටහන / ඡායාරූප සඳුන් ගමගේ

 

2016-11-06-ent-22



අදහස් (0)

'සයපෙති කුසුමේ' නලින්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 102 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 306 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 213 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 213 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 158 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 538 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site