IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සියම් නිකායේ කොටසක් විහාර දේවාලගම් පනත එපා කියති

ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන විහාර දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය බුද්ධ ශාසනයේ පැවැත්මට ඉතා හානිකර වන බව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නාහිමියෝ පැවසූහ.

දළඳා මාළිගාවේ දියවඩන නිලමේ පත්කිරීමේ දී අමරපුර හා රාමඤ්ඤ නිකායන්ට තිබූ ඡන්ද බලය පවා අහිමි කිරිම මෙන්ම මෙතෙක් පොදු වස්තුවක් ලෙස තිබූ දළඳා මාලිගාවට විහාරාධිපති හිමිනමක් පත්කිරීම යෝජනා කරමින් පාර්ශව කිහිපයක උවමනාව අනුව සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත ඉතා අසාධාරණ බව ද උන්වහන්සේ කීහ.

මෙම පනත් සංශෝධනය කළ යුතු නම් එය කළ යුත්තේ සියලූ නිකායන් හා සියලූ පාර්ශවයන් නියෝජනය වන මණ්ඩලයක නිර්දේශ අනුව බව ද මහ නාහිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය, රාමඤ්ඤ මහා නිකාය මෙන්ම සියම් නිකායේ කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාව, ඌව, රංගිරි දඹුලු, ශ්‍රී රෝහණ, වනවාසී  ඇතුළු පාර්ශව හයක්ද මෙම පනත් සංශෝධනය අනුමත නොකරන බව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියෝ පැවසූහ.

උඩුමලගල මහින්දානන්ද සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ  මහ නා හිමි, ශ්‍රී ලංකා මහ පිරිවෙන් අධ්‍යක්‍ෂ නාගොඩ අමරවංශ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අනු නාහිමි,  ඕමාරේ කස්සප රෝහණ පාර්ශවයේ අනු නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී බ‍්‍රාහ්මණවත්තේ සීවලී නාහිමි, බදුල්ල රඹුක්පොත රාජ මහා විහාරාධිපති මඩුගස්තලාවේ විමලබුද්ධි නා හිමි, අමරපුර මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර නා හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා එහි වැඩම කර සිටියහ.

GLA_4307



අදහස් (19)

සියම් නිකායේ කොටසක් විහාර දේවාලගම් පනත එපා කියති

සංජු Saturday, 01 October 2016 06:56 PM

මේවාට ගිහියෝ මැදිහත් නොවී ඉන්න එක තමයි හොඳ. ශාසනේ වැඩ හාමුදුරුවෝ බලාගනියි (නි)

:       0       0

ලක්සිරි Saturday, 01 October 2016 08:47 PM

තවමත් කුලවාදය ඔලුවේ තියාගෙන ඉන්න බොහෝ අය පිළිපදින්නේ බුද්ධ දර්ශනය අනිත්‍යය. ඕවා ගැන කතාකළොත් උඩ බලාගෙන මුහුණට කෙළ ගහගන්නවා වගේ තමයි. කරන දෙයක් මහින්ද මහත්තයගෙනුත් අහලා කරන්න. (නි)

:       0       0

භද්‍රානි Saturday, 01 October 2016 09:33 PM

ස්වාමින් වහන්සේලා දේශපාලන වන්දනාවේ යෙදෙනකොට, පහුගිය දවසක කාදිනල්තුමා බුද්ධාගමට රටේ හිමිවිය යුතු තැන ගැන ශ්‍රද්ධාවෙන් යුතුව නිර්භයව කතා කළා. ඔබවහන්සේලාට රත්නත්‍රයේ පිහිටයි!! (නි)

:       0       0

ප්‍රභා Saturday, 01 October 2016 10:44 PM

නොදන්නා අයටයි මේ කියන්නේ. ලංකාවේ නිකායන් බෙදී ඇත්තේ කුල අනුවය (නි)

:       0       0

චාමර Sunday, 02 October 2016 03:06 AM

අපි සැවොම කුලය නමැති නොපෙනෙන හස්තයේ රුකඩ. දියුණුයි කියන රටවල, නිදහස තියෙනව කියල පෙන්නන්නේ අපි ඒ රටවලට ගිහිල්ල ජිවත්වී නොමැති බැවින්. කුලය කියන්නනේ රස්සාව කියනව වගේ දේකට, අද කාලයේ ව්‍යාපාරික රහස්, දේශපාලනික රහස් කියල දෙයක් තියෙනවා එම රහස් පවත්වාගෙන ඉදිරියට නොගියොත් මනුෂ්‍ය සමාජය අවුල් සහගත වෙනවා. (බ)

:       0       0

චාමර Sunday, 02 October 2016 03:13 AM

පිටරටවල දේශපාලන කටයුතු වලට සම්බනන්ධ පුද්ගලයන්ද, යම් ආකාරයකින් තම පවුලේ සමාජිකයන් දේශපාලනයට සම්බන්ද පුද්ගලයන්. ව්‍යපාරිකයන්, වෛද්‍යවරුන්, නළු නිළියන් උදාහරණයක් හැටියට අරගෙන හිතල බලන්න. පුරාණයේ කුලයයි 21වෙනි සියවසයේ කුලයෙයි වෙනස. කිසිදු වෙනසක් පෙන්නේ නැහැ. (බ)

:       0       0

චාමර Sunday, 02 October 2016 03:34 AM

කවුරු මොනවා කිවුවත්, ලංකාවේ ගොවි කුලය (අද ගොවිතැන් කරන ජනතාව) රැකගැනීමට ක්‍රමවේදයක අවශ්‍යතාව ඇත. එය අද පැවිදි කුලයේ (බෞද්ධ, කතෝලික, ඉස්ලාම්), දේශපාලන කුලයේ, ව්‍යාපාරික කුලයේ, කම්කරු කුලයේ (නළු නිළි, ලිපිකරු,, පිරිසිදුකිරීමේ ජනතාව යනාදී) පුද්ගලයින්ගේ වගකීමක්. (බ)

:       0       0

චානක් ලොස්ඇන්ජලිස් Saturday, 01 October 2016 03:30 AM

බුදුදහමට කුමකටද විවිධ නිකායන් .... බුදුදහමේ අන්තර්ගතය නිවනයි .. බුද්ධිමත් බොදුනුවනි ප්‍රතික්ෂේප කරන්න මේ භික්ෂුන් බුදුන් නොවදාල විනය පිටකයන් හදාගනිමින් කරන විකාරයන්... නිවනට පමණක් සිත සමාධි ගත කරන්න...(බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 01 October 2016 03:29 AM

බුදුදහමට කුමකටද විවිධ නිකායන්? බුදුදහමේ අන්තර්ගතය නිවනය.. බුද්ධිමත් බොදුනුවනි, ප්‍රතික්ෂේප කරන්න මේ දේවල්. නිවනට පමණක් සිත සමාධිගත කරන්න. (නි)

:       0       0

සමන් Sunday, 02 October 2016 04:44 AM

මහා සංඝයා භේද නොකර පුජ්‍ය පක්ෂයේ දේවල් එතුමන්ට විසදගන්න දීල පොදු ජනතාවට තියන කප්පරක් ප්‍රශ්න විසදන්න ආණ්ඩුව අවධාන යොමුකළා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ (බ)

:       0       0

පීරිස් Saturday, 01 October 2016 04:58 AM

රජයක් බුද්ධාගම සම්බන්ධව තීරණ ගන්නාවිට සියලුම නිකාය නියෝජනය වන අන්දමට කැඳවා, කරුණු විමසා තීරණ ගන්නවා නම් හොඳයි (නි)

:       0       0

ජයරත්න Friday, 30 September 2016 01:42 PM

දළදා වහන්සේගේ භාරකාරත්වය යනු භාරකාරත්වයක් මිසක් අයිතියක් නොවෙයි. (නි)

:       0       0

සුසිල් Friday, 30 September 2016 02:47 PM

නමුත් බුදුන් වදාළේ, චරථ භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය කියලා නේද? (නි)

:       0       0

ඩිලාන් Saturday, 01 October 2016 09:10 AM

ධර්මය දේශනා කරනවිට ඔබවහන්සේලා අපිට කියනවා සියල්ල අතහරින්න දෙන්න කියා. මෙයින් අදහස් කරන්නේ කුමක්ද අපේ හාමුදුරුවනේ? (නි)

:       0       0

කුමාර මහර Friday, 30 September 2016 06:04 PM

මෙවැනි දෑ සිදුකරද්දි සැමගේ අදහස් විමසා බැලීම ආණ්ඩුවේ යුතුකමක් නේද? (නි)

:       0       0

රවිඳු Saturday, 01 October 2016 12:19 PM

ඇත්තටම මෙම නිකායන් වල මහා නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය කුමන දේශපාලන පක්ෂයකටද සම්බන්ධ කියන එක ගැන නිසි අවබෝධයක් රටේ ජනතාවට නැහැ. අඩුතරමේ ඔබවහන්සේලා නියෝජනය කරන පක්ෂයේ නායකයාගේ පින්තූරයවත් පන්සල් භුමියේ ප්‍රදර්ශනය කරනවා නම්, දායකයින් දැනුවත්වේවි (නි)

:       0       0

ධම්ම Saturday, 01 October 2016 02:26 PM

මේ වගේ සම්බුද්ධ ශාසනයේ තීරණ මහා සංඝරත්නයේ පොදු එකඟතාවයෙන්, මහා සංඝරත්නය විසින් සකස්කරන ලද්දක් විය යුතුමයි. මේ ලෝකයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවදය තිබෙන්නේ සම්බුද්ධ ශාසනය තුළයි. (නි)

:       0       0

මොහාන් Saturday, 01 October 2016 04:25 PM

මෙහි වැඩමකර සිටින ස්වාමීන් වහන්සේලා දැක්කහම අපිට හිතාගන්න පුළුවන් ගොඩක් දේවල් (නි)

:       0       0

ජීවක ජයරත්න Saturday, 22 July 2017 04:10 PM

මේ ආකාරයට නිකාය වලට බෙදිල තියනේනේ හාමුදුරුවරු මිසක් බෞද්ධ ගිහි ජනතාව නිකායන් වලට බෙදිලා නැහැ. ගොඩක් මිනිස්සු මේ නිකායන් ගැන දන්නෙත් නැහැ. දන්න මිනිස්සුත් මේ හාමුදුරුවො මේ නිකායෙය අර හාමුදුරුවො අර නිකායෙය කියල වෙනසක් කරන්නේ නැහැ. හැමෝටම සලකන්නේ එක විදියටයි. ඒත් අද ගිහි ජනතාවටත් ආදර්ශයක් වෙන්න ඕන භික්‍ෂූන් වහන්සේලා කුළ අනුව සියම්, අමරපුර, රාමඤ්ඤ කියල මහ නිකායන් තුනකට බෙදිලා සියම් සහ අමරපුර කියන මහ නිකායන් ධර්ම කාරණා අනුව තව අනු නිකායන් තිහකට විතර බෙදිලා තියෙන එක ගැන බෞද්ධ ජනතාව විදියට අපිට හරිම දුකයි. මේ සියල්ල අත් හැරදාල විනය සහ අනිකුත් කාරණා අතින් අද පිරිහිලා තියෙන බුද්ධ ශාසනය අළුතින් ධර්ම සඞගායනාවක් කරල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම නැවත ප්‍රතිස්ථාපනය කිරීම නේද අද භික්‍ෂූන් වහන්සේලා අතින් සිද්ධ වෙන්න ඕන. ඒත් අද භික්‍ෂූන් වහන්සේලා අතින් සිද්ධ නොවෙන්නෙත් ඒකමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 771 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 684 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 915 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 994 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 316 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 690 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site