(සුජිත් හේවාජුලිගේ )
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා එම තනතුරෙන් හෙට (30) ඉවත් වනු ඇත.
මේ අනුව පාර්ලිමේන්තුව රැස්වෙන මුල් දිනයේදී ( ලබන 4 වැනිදා) එහි පළමු කටයුත්ත ලෙස නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත් කර ගැනීමට නියමිතය.
නව නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුවේ මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් රංජිත් සියඹලාපිටිය මහතාගේ නමද ආණ්ඩු පක්ෂය විසින් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ නමද යෝජනා කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
නියෝජ්‍ය කතානායක ධුරය සඳහානම් දෙකක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමත් සමඟ රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යැවීය.
එහෙත් ජනාධිපතිවරයා ඔහුගේ ඉල්ලා අස්වීම බාර නොගත් අතරඑම තනතුරේ තවදුරටත් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළේය.
මේ අනුව සියඹලාපිටිය මහතා මේ මාසයේදී පමණක් කටයුතු කිරීමටතීරණය කර එම තනතුරේ කටයුතු කරගෙන ගියේය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සියඹලාපිටිය නි.කතානායක ධූරයෙන් හෙට ඉවත් වෙයි
Hafeel Friday, 29 April 2022 01:08 PM
ඉල්ලා අස්වීම් ලිපිය ජනාධිපතිට බාරදෙනවා. ජනාධිපතිට ඒක බාරගන්න නැහැ. ආයිත් ඉල්ලා අස්වෙනවා. මෙහෙමද ආණ්ඩුවක් කරන්නේ? මේ වැඩෙන් වත්මන් රටේ ප්‍රශ්න විසඳෙනවාද?