IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සියයට 90 ලීසිං අද සිට

වාහන මිල දී ගැනීමේ දී 90%ක් දක්වා කල් බදු පහසුකම අද (29) සිට පාරිභෝගිකයන්ට හිම වන බව මුදල් අමාත්‍යංශය කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව   නිල දැනුම් දීම රජයේ සහ පෞද්ගලික  වාණිජ බැංකු වෙත අද (29) නිකුත් කිරීමට නියමිත ය.

100%ක් කල්බදු පහසුකම් ලබා දීම 2015 සැප්තැම්බර් මස 15 දා සිට අත්හිටැවිණි.

එදින නිකුත් කළ චක්‍ර ලේඛයට අනුව වාහනයක් මිල දී ගැනීම සඳහා එතෙක් තිබූ 100% කල්බදු පහසුකම් ලබා ගැනීමේ හැකියාව 70% දක්වා පහළ දැමිණි.

එහෙත් එමගින් මෙරට වෙළෙඳපොළට ඇති විය හැකි  අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින් එම සීමාව 90% දක්වා යළි ඉහළ නැංවීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තීරණය කළ බව අමාත්‍යංශය කියයි.



අදහස් (0)

සියයට 90 ලීසිං අද සිට

හේරත් Thursday, 29 October 2015 07:10 AM

මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා ලංකාවේ වාහන කියන්නේ අගය වැඩි වෙන භාණ්ඩයක් කියලා. මේක නරක තත්වයක්. මේ නිසා මිනිස්සු හම්බ කරන මුදල් නව කර්මාන්තවල ආයෝජනය කරනවා වෙනුවට වාහන වලට ආයෝජනය කරනවා. මේකෙන් රටේ ඵලදායි ආයෝජන නවතිනවා. ජපානයේ මිලට වඩා 10% ක් පමණ බද්දක් රජය අය කරනවානම් වාහන මිල අඩුවී, එය රටේ නව කර්මාන්ත ආරම්භ වීමට හොද රුකුලක් වේවි. (ර)

:       0       0

දිලුම් Thursday, 29 October 2015 07:15 AM

ඔය ලොකු ලොකු තීරණ ගන්න අය කවදාවත් බස් එකක ගිහින් මිනිස්සු විදින දුක විදලවත් දැකලවත් නෑ. දුම්රියක, බස් රියක යන්න බෑ ඇගේ ඇටකටු පොඩිවෙනවා. දුමිරියේ විදුලි පංකා තිබුනට කැරකෙන්නෙ නෑ මිනිසුස් දාඩියෙන් නෑවිලා. ඉතිං පුළුවන් හැම මිනිහම තමන්ගෙ කියලා වාහන කට්ටක් ගන්න දගලන එක පුදුමයක් නෙමෙයි. මේ තීරණ ගන්න ඉහල නිලධාරින් පොදු ප්‍රවාහනේ පාවිච්චි කරල බැලුවොත් තේරෙයි. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 29 October 2015 08:19 AM

කවුරුත් කැමති අඩු මිලට වාහනයක් අරන් පදින්න. මේ යන ක්‍රමයට ඒ සිහිනය සිහිනයක්ම පමණයි.(ම)

:       0       0

පුබුදු ප්‍රසන්න Thursday, 29 October 2015 08:22 AM

මම ගොඩක් සතුටුයි මේ වැඩේට (බ)

:       0       0

දිමේෂ් Thursday, 29 October 2015 08:52 AM

දිලුම්, ඔය ලොකු ලොකු අය බස් කෝච්චි වල යන්නේ මාධ්‍ය සංදර්ශන වලට. බොරුවට ගැටලු කතා කරන්න. (ර)

:       0       0

දුමින්ද Thursday, 29 October 2015 09:59 AM

තීරණ ගන්න පෙර දෙවරක් සිතන්න ..(රේ)

:       0       0

නුමා Thursday, 29 October 2015 10:12 AM

දැන් හරි... ලීසිං දාමු දැන්. (ර)

:       0       0

නුමා Thursday, 29 October 2015 10:25 AM

ජපානයේ අළුත්ම වාහනයක් යෙන් ලක්ෂ 20 කට වගේ මිලකට ගන්න පුළුවන් (බ්‍රෑන්ඩ් නිව්). එකවර ගෙවන්නෙ නැත්නම් ලක්ෂ 3 ගෙවා, ඉතිරිය අවුරුදු 5කින් කොටස් වශයෙන් ගෙවන්න ගන්න පුළුවන්. (ඕනම වර්ගයක් වාහනයක් මෙසේ පුළුවන). පොලිය 3.5% වේ. (ර)

:       0       0

සුජිත් Thursday, 29 October 2015 10:34 AM

ඉස්සර ලොක්කෝ පාරේ යන වෙලාවට විතරක් පාරෙන් එලියට පැන්නාම හරි නමුත් දැන් ඉන්න ලොක්කන්ට ගමන් බිමන් යන්න ජනතාවට තමන්ගේ වාහනෙන් කොළඹ එන එකත් නවත්තන්න හදන්නේ (බ)

:       0       0

සදුන් Thursday, 29 October 2015 06:53 AM

වාහනයක් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. සුකොපබෝගී දෙයක් නෙමේ. මේ නීති හදන හැමෝටමත් වාහන තියෙනවනේ. (ර)

:       0       0

නාරද Thursday, 29 October 2015 06:51 AM

රවී ට ඕනි ඕනි විදියට සුමානෙන් සුමානෙට වෙනස් කරනවා අනේ මන්ද ....(බ)

:       0       0

අකිල Thursday, 29 October 2015 06:54 AM

අපි ඉන්නේ අනුරාධපුරේ. පහුගිය කාලේ ලංකාව පුරා විශාල වියදමක් දරලා මාර්ග පද්ධතිය අලුත්වැඩියා කළා. අලුතෙන් පාරවල් හැදුවා. මේ පාරවල් වල වාහනයක් යන්නේ හාවා හඳ දකිනවා වගේ. හරිම කලාතුරකින්. මේ පාරවල් වලින් ප්‍රයෝජනයක් ගන්න වාහන බදු ඉවත් කරලා රටට වැඩිපුර වාහන ගෙනෙන්න දෙන්න. කොළඹ තදබදය අඩුකරන්න. කොළඹට ඇතුළුවන පුද්ගලික වාහන වලින් බද්දක් අයකරන්න. එතකොට කොළඹ යන අය බස් වල යාවි. කොළඹින් පිට යන අය වාහන වල යාවි. මේක තමා හරිම විසඳුම (බ)

:       0       0

සුබෝදී Thursday, 29 October 2015 06:56 AM

විදේශ රටවල වාහන සදහා බදු පනවන්නේ ඉතා අඩුවෙන්. අපේ රටේ පිටරටකට වඩා හය හත් ගුණයක් ඕනේ වාහනයක් ගන්න රජය අය කරන අධික බදු මුදල් නිසා. වාහනයක් කියන්නේ අද කාලේ සුකූපබෝගී භාණ්ඩයක් නෙමෙයි. අත්‍යාවශ්‍ය භාණ්ඩයක්. (ර)

:       0       0

ධනුෂ්ක Thursday, 29 October 2015 06:59 AM

අකිල කියන දේ තමා විදේශ රටවල්වල වෙන්නේ. පිටරටවල් වල වාහන බද්ද 10% ට වඩා අඩුයි. (ර)

:       0       0

නුවන් Thursday, 29 October 2015 07:08 AM

වාහනවලට පනවන අධික බද්ද නිසා ලංකාවේ වාහන බොහෝ මිල අධිකයි. මේ නිසා කබල් වාහන බොහොමයක් පාරේ ධාවනය වෙනවා. පරිසර දුෂණය වෙනවා. බදු ඉවත් කලොත් හැමෝම වගේ අලුත් වාහන පාවිච්චි කරාවි. ලංකාවේ ලක්ෂ 60 ක් වෙන වාහනයක් ජපානයේ ලක්ෂ 10 ක් වත් වෙන්නේ නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3678 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 103 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 297 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 121 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 146 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 145 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site