(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
‘කොවිඩ් 19’ වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවට ළගාවූ සංචාරකයන් රැගත් විශාලතම නෞකාව වන ‘වයිකින් මාස්’ නෞකාව අද (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය.
යුරෝපයෙන් සංචාරය ආරම්භ කළ මෙම නෞකාව මැදපෙරදිග සහ ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට සේන්දු වූ අතර නෞකාව හෙට පස්වරු 6.30 ට මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිතය.
වසර තුනකට අධික කාලයකට පසුව පැමිණි මෙම නෞකාවෙන් සංචාරයන් 650 ක් පමණ පැමිණ සිටින අතර එහි කාර්ය මණ්ඩලය සාමාජිකයන් සංඛ්‍යාව 450 කි.
එම නෞකාවෙන් පැමිණි සංචාරකයන් මේ වන විට කොළඹ, ගාල්ල සහ පින්නවල යන ප්‍රදේශවල සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානවල සංචාරය කරමින් සිටින බව එම නෞකාවේ දේශීය නියෝජිත ලංකා ෂිෆින් ඇන්ඩ් ලොජිස්ටික් සමාගම පවසයි.
වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සයුරේ දැවැන්තයෙක් කොළඹ වරායේ නැන්ගුරම්ලායි
එජාප නැව Saturday, 19 November 2022 02:16 AM
හොඳ වෙලාවට ජෙප්පොයි කුලී අරගලයොයි බෝට්ටුවලිනුත් පෙළපාලි ගියේ නැත්තේ...! එහෙම උනානම් මේ සයුරේ දැවැන්තයා ආපහු හරවගෙන යනවා ෂුවර් එකටම...! මේක දැකලා සජබ කියන ගිලෙන නැවට ඉරිසියා හිතෙන්න ඇති එජාප නැව මේ තරම් රටටම ආකර්ශනියව ශක්තිමත්ද කියලා!
kamalSaturday, 19 November 2022 11:55 AM
ඒකනේ කියන්නේ, මේ නැව ඇවිල්ලා තියෙන්නේ අපේ ජනාධිපතිතුමාගේ අන්තර්ජාතික පිළිගැනීම නිසා එතුමාව බලලා යන්නනේ. කොහෙද මේ අයට ඕකවත් තේරෙන්නේ නැහැ... කුහක කමට. මේක තවත් හොඳයි අපිට පිටරට පුන්නක්කු ටිකකුත් ගෙනාවා නම්, ලංකාවේ ඒවා නරකයි කියනවා නෙමයි ඕන්..., මෙයා අපිට දෙනවා සුපිරිම කොලිටි ඒවා... නමුත් රසේ වෙනසක් වෙන්න පිටරටිනුත් පුන්නක්කු ටිකක් කාලා බලන්න ආසයි...
Mewan Saturday, 19 November 2022 04:32 AM
ඕවා කොවිඩ් වසංගත, සමහර රටවල ඕවයින් එන මිනිස්සු රට ඇතුලට ගන්නේ නෑ කොරන්ට්යින් නොකර. ලංකාවේ බුවාලා ඕව බලනවද දන්නේ නැහැ
බද්රානි Sunday, 20 November 2022 02:23 AM
සත්තු, සරපයි මේ රටේ බහුල බව ඒ මිනිස්සු නොදන්නවා ඇති.. ලඟින් ගියොත් ඇහැක් නැහැ.