(විනීතා එම් ගමගේ)
කොවිඩ් 19 ඇතුළු සියලුම බෝවන රෝග පාලන රාජකාරිවලින් අද (18) සිට ඉවත් විමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තීරණය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යවරිය ගේ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය පළවූ තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය.
අමාත්‍යවරියගේ ප්‍රකාශය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලබා නොදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා ද මෙම තීරණය ගත් බව රෝහණ මහතා සඳහන් කළේය. සිකුරාදා (17) දහවල් 12.30 ට කොවිඩි 19 රාජකාරිවලින් ඉවත් වූ බවත් අද සිට සියලුම බෝවන රෝග වැළැක්වීමේ ඉවත් වන බවත් හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරිය එවන් ප්‍රකාශයක් නොකළ බව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බව සභාපතිවරයා එසේ නොකීවේ නම් මාධ්‍ය වාර්තා නිවැරදි කරන ලෙස අමාත්‍යාංශයට අභියෝග කරන බවද පැවසීය
එසේ මාධ්‍ය වාර්තා නිවැරදි කරන තුරු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිසි රාජකාරි බලතල ලබා දෙන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම ගෙන යාමට බලාපොරොත්තු වන බවද උපුල් රෝහණ මහතා කියා සිටියේය.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සියලුම බෝවන රෝග පාලනයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඉවත්වෙති
shantha pieris Saturday, 18 July 2020 11:46 AM
රස්සාව සෞඛ්‍ය ඇමති.. හැබැයි කරන්නෙම "අපවිත්‍ර‘‘ වැඩ. ඔබතුමන්ලාගේ වර්ජනයට සහයෝගය දක්වන දහස් ගණනක් සිටිනවා. ඒ මදිවාට මැය අද අරාබි රටවල සිරවී සිටින අයට අපහාස කළා. කට්ටියම පවුල් පිටින් එකතුවෙලා ඡන්දෙදි මේ අයව ගෙදරම යවන්න සූදානම් වෙන්න. මේ ඇවිල්ලා පිල්ලියක්...
ජයවීර Saturday, 18 July 2020 11:49 AM
මේ මහජන සෞඛ්‍ය නිලධාරීන් දැන්නම් කරන්නේ පහත් පෙලේ දේශපාලනයක්... සමහරවිට අඩු අධ්‍යාපන මට්ටමකින් බඳවාගත් නිසාවෙන් මොවුන්හට මෙවැනි භාරධූර කාර්යයක වැදගත්කම නොදැනෙනවා විය හැක. අපේ රටේ රණවිරු ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නොසිටින්නට මොවුන් රටම අගාධයකට ගෙන යනු නොඅනුමානයි. රටේ අවාසනාවට පහළ වූ ඔබගෙන් කුමක් ඉල්ලා සිටින්නද?
PrasadSaturday, 18 July 2020 05:44 PM
ඔබ බලාපොරොත්තු වෙන්නේ මොවුනුත් මේ දවස්වල ටීවී වල රඟපාන සර්ලා වගේ වෙන්න ඕන කියලද.?
දොලේවත්තSunday, 19 July 2020 01:14 AM
වහල් අඳ මානයෙන් දෑස් වසාගෙන සිටින ඔබට පහත් දේශපාලනයේ නියැලෙන්නේ කවුරුන්දැයි නොපෙනීම අරුමයක් නොවේ. පසුගිය කාල වකවානුව තුළ නින්දනීය දේශපාලනයේ නියැලුණු මේ රටේ දේශපාලකයින් ඔබේ ඇස නොගැටෙන්නට ඇත. ඒ ඔබේ විඥානය වසා සිටින වහල් අන්ධ මානය නිසායි..
LalSunday, 19 July 2020 04:50 AM
අඩු අධ්‍යාපනයක් තියෙන්නෙ කාටද කියලා ලියලා තියෙන විධියෙන්ම පේනවා.
kamalSunday, 19 July 2020 05:52 PM
සෞඛ්‍ය අංශයේ වැඩ හමුදාවට කල හැකිද.?
ධනා Saturday, 18 July 2020 12:15 PM
අමාත්‍යවරියකගේ නොවැදගත් ප්‍රකාශයක් මත මෙවැනි සෞඛ්‍ය හා මානුෂීය අර්බුදයක් අවස්ථාවේ තම වෘත්තියේ ගෞරවය කෙලෙසා ගැනීමට තරමට පහත් තත්වයකට මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු පත්වීම ගැන කනගාටුයි
Raveendra Saturday, 18 July 2020 12:38 PM
පළමුව අප කිසිදු "දේශපාලුවෙකුට " හෝ කිසිදු මූසල පක්ෂයට සුදු හුණු ආලේප කිරීමට උත්සාහ නොකරන බව කීමට කැමැත්තෙමු. අප ලංකා මාතාවට හදවතින්ම ආදරය කරන පුරවැසියන් බැවින් දශක කීපයක් තුරාවටම "කොළ, නිල්, රතු" හරකුන් විසින් මව්බිම මඩ ගොහොරුවක් කර ඇති බව කණගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු. එසේම කොහෙවත් යන එළදෙනකගේ හෝ හරකෙකුගේ වචනයක් අල්ලාගෙන තම සේවය අවශ්‍යම වෙලාවක ඔබලා සේවයෙන් ඉවත්වීමට තීරණය කිරීම අඬන්නට ඉන්න කෙනෙකුට ඇඟිල්ලෙන් ඇන්නා ලෙසද කීමට කැමැත්තෙමු.. බොරදියේ බලු මැක්කන් අල්ලන ඔබලා උත්සාහ කරන්නේ නම් ඔබලාද එයට වන්දි ගෙවනු ඇත.
අමා Saturday, 18 July 2020 01:17 PM
ත්‍රිවිධ හමුදාවයි. අනෙකුත් ආයතනයි, අතර වෙනස පේනවනේ...
Mahesh Saturday, 18 July 2020 01:34 PM
මේ වගේ මුරණ්ඩු ආණ්ඩුවලට 2/3 ක් දුන්නොත් කොහොම තියේද? මේ වගේ පාලකයෝ ගෙදරම යවන්න ඕනේ...
හේරත් Saturday, 18 July 2020 04:55 PM
ඔබ හරි මහේෂ්, මේවගේ අයද ආයෙත් ඡන්දෙ ඉල්ලන්නේ...? මේ රටේ දැන් දේශපාලනයේ ඉන්න ඔක්කොම අය ඉස්සර හිඟන්නන්... ඡන්ද දායකයින්ව රවට්ටලා බොරු පොරොන්දු දීලා දියවන්නාවට ගියාම ඔවුන්ට ඔක්කොම අමතක වෙනවා. ආයේ ගමට එන්නේ අවුරුදු 4කට පස්සේ. එතකම් හොරාකනවා. මුළු රටම කාපු නූගත් ගෝත්‍රිකයින්ට ඔබගේ ඡන්දය ආයෙත් දෙනවද? නැතිනම් නරක අඩු කෙනෙකුට දීලා රට බේරාගන්නවද..? තීරණය ඔබ අතෙයි.
සෑම් Saturday, 18 July 2020 02:10 PM
අගෝ 5 රටේ ජනතාව දැනට සිටින උද්ධච්ච පාලකයන්ට තුනෙන් එකට වඩා දුන්නොත් රටටම අබ සරණ හැර වෙනත් සරණක් නම් නැත.
de silva Saturday, 18 July 2020 02:22 PM
ජයවීර මහත්තයා මෙම නිලධාරීන් වර්ජනය කරන්නේ වැඩිපඩි ඉල්ලලා නොවේ. ඔවුන්ගේ රාජකාරිය හරිහැටි ඉටුකරන්න අවශ්‍ය නීතිමය පදනම සකසා දෙන ලෙස ඉල්ලා, කොරෝනා වසංගතය ඇවිත් මාස 4ක් ගතවෙලත් තවම නීතිටික හරිහැටි ගැසට් කරන්න බැරි නම් වැඩක් නැහැ. ආණ්ඩුව මෙම නීති සම්මත කරන්නේ නැත්තේ සිතාමතා... එම නීති සම්මත කළොත් අර තොණ්ඩමන් නාඩගම වැනි නාඩගම් නටන්න බැහැ.
ravieen Saturday, 18 July 2020 03:03 PM
සමුගන්න කාලය උදාවී ඇත.
sampath Saturday, 18 July 2020 03:52 PM
කාගේ වුනත් ප්‍රකාශ වලින් වැඩක් නැහැ.
Darshana Saturday, 18 July 2020 06:27 PM
මේවගේ අයට පඩි දෙන එක රජය නැවැත්විය යුතුයි.
Amarasingha Saturday, 18 July 2020 07:31 PM
මේ කියන මහ ලොකු ඇමතිනිය රට ඉඳන් ජීවිතයත් මරණයත් එක්ක ජිවත් වෙමින් තවමත් ලංකාවට සල්ලි එවන්න අපට මහ අපහාසයක් කළා.
U Siriwardane Saturday, 18 July 2020 08:59 PM
අවුරුදු 4කට වැඩියෙන් විපක්ෂයේ ඉඳලා කට්ට කාලා කැබිනට් ඇමති පට්ටමකට උඩින් පාත්වෙලා කොරෝනා වසන්ගතය මඟුල් ගෙයක් කරගෙන මෙයා මනමාලිට අඳින්න ගිහිං ආයෙත් සැරයක්... පුළුවන් තරම් කට වහගෙන ඉන්න...
බද්රානි Saturday, 18 July 2020 11:27 PM
බල්ලොත් එක්ව වැඩ කරන්න, බෑ බෑ බෑ ... අපට බැරි වුණාට, සමහරක්ට "උම්බෑ" කියාගෙන ඉන්න පුළුවන්, ඒකනේ, වෙනස.. අපි මොනවා කිව්වත් කටු කන බල්ලන් තමයි දන්නේ කටුවල සැබෑ රසය...
lanka Saturday, 18 July 2020 11:34 PM
යන්තම් තමන්ගේ වගකීම ඉටුකරන්න අවස්ථාවක් ආවා විතරයි. වගකීම පැත්තකින් තියලා අයිතිවාසිකම් සහ වෙනත් අරමුණු ඉටුකරගන්නයි මෙයාලා හදන්නේ.
ජගතා Sunday, 19 July 2020 01:38 AM
ඔය පරික්ෂකවරැ දැන් තමයි ඔහොම හරි වැඩක් කරන්නේ. කොරෝනා වලට කලින් හිටියේ කොහේද කියලාවත් දන්නේ නෑ. වැඩ හරියට කලානමි ජරා ජීරනවුනු හෝටල් මැස්සෝ වහන කෑම විකුනන තැන් මෙි රටෙි මෙච්චර තියෙන්නේ කොහොමද?.
kamal Sunday, 19 July 2020 02:45 AM
මහජනතාවට නොකළ වැරදි වලට මේ වගේ දඬුවම් දෙන්න රජය නිලධාරීන් වහාම සේවයෙන් පහ කරන්න.
ගැමුණු Sunday, 19 July 2020 04:16 AM
ඔබලාගේ ප්‍රතිචාරය නම් සැර වැඩියි. වර්ජනයට කලින් පැහැදිලි කිරීමක් ඉල්ලන්න තිබුනා.
රන්ජිත් ජයසෝම Sunday, 19 July 2020 05:43 AM
ඔය ඇමතිලා කියන්නෙ මෝඩ මිනිස්සු කියලා ඔබතුමන්ලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ මහත්තයෝ. ඒ වුනාට උගත් යැයි සම්මත ඔයාලා කරන වැඩේ නම් අන්තිම පහත්. ඕකෙන් රටේ අහිංසක මිනිස්සුන්ට කොරෝනා බෝ වුනොත් මොකද්ද කරන්නේ. ඊට පස්සෙ ඉල්ලීම් හම්බුනාම වැඩක් තියෙනවද?
පීචං HI Sunday, 19 July 2020 06:02 AM
කොරෝනා මෙහෙයුම පට්ට අමාරුයි. අපට ටිකක් නිකං ඉන්න බෑ. මෙච්චර කල් නිකං කකා හිටියේ. පොඩි දෙයකවත් එල්ලිලා ගෙදර ඉන්න ඕනේ.
Perera Sunday, 19 July 2020 07:34 AM
ප්‍රශ්නයක් නැහැ. ඔය වැඩෙත් හමුදාවට භාරදෙන්න.
Sriyal Monday, 20 July 2020 10:30 AM
මහජන සෞඛ්‍ය පරික්ෂකවරු නිවැරදියි.
THILAK Monday, 20 July 2020 04:06 PM
කොවිඩ් 19 දී වැඩක් කළා මේ වැඩෙන් වුනේ එකේ නම්බුව නැතිවුණ එකයි.