සිංහලේ නමින් ඇතිවී ඇති නව ප්‍රබෝදය දේශපාලනී කරණය වීමට ඉඩ නොතබන බව සිංහලේ ජාතික සමුළුවේ සභාපති යක්කලමුල්ලේ පවර හිමියෝ අද පැවති මාධ්‍ය හමුවක දී කීවේය.
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යන බුදු වදන පෙරදැරිකරගෙන සියලු සත්වයෝ සුවපත්වේවා යන වදන අනුව කටයුතු කරන බවත්, අනිත් ජාතීන්ට ඇඟිල්ල දිගුකරීමට පෙර තමන්ගේ අඩුපාඩු මහගරවාගත යුතු බවත් ඒ හිමියෝ කීහ.
කිසිම දේශපාලනඥයකු මෙම වැඩසටහනට සම්බන්ධ කර නොගන්නා බවද මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වී සිටි පිරිස කීහ.
දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ද රටේ සිටිය යුතු යැයි ඔවුහු සඳහන් කළහ.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘සියලු ජාතීන් සිටිය යුතුයි‘
ජයරත්න Thursday, 07 January 2016 06:14 AM
දේශපාලනීකරනය නොවියයුතු සේම ප්රචන්ඩත්වයෙන් සහ වෛරයෙන් ද තොර වියයුතුයි. (ර)
අමල් Thursday, 07 January 2016 09:49 AM
දේශපාලනය නැත්තම් හොඳ වැඩක්. සිංහලයින් නැගී සිටිය යුතුයි. (හේ)
සුමිත්‍රා බස්නායක Wednesday, 06 January 2016 06:04 PM
ලක්වැසි සියලු දෙනාම සාමයෙන් සිටිය යුතුයි. (නි)
විපුල Thursday, 07 January 2016 06:32 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
වින්සන්ට් Wednesday, 06 January 2016 07:15 PM
කාලීන අවශ්‍යතාවයක් මතුවීම සතුටට කරුණකි. අන්‍ය ආගමිකයන්ද මෙය ආදර්ශයට ගතයුතුය. (නි)
ෂෆ්නි Thursday, 07 January 2016 06:37 AM
බොහොම අගය කරනවා මේ වදන. බොහොම කාලීන අවශ්‍යතාවයක්. අපි හැමෝම අපගේ ධර්මය හරිහැටි පිළිපදිනවා නම් අපි අනිත් ආගම් වලට ගරුකරාවි. උපහාස වදන් වලින් බැන නොවදීවී. අනෙකාට ආදරය කරාවී. සාමයෙන් ජීවත්වේවි. (නි)
සේකර Wednesday, 06 January 2016 08:18 PM
හාමුදුරුවනේ, ඔබවහන්සේලා පෙරමුණ ගන්න. අපේ සහයත් අපි දෙනවා (නි)
රන්දික Thursday, 07 January 2016 06:51 AM
දේශපාලනය නැතුව සිංහලයා වෙනුවෙන් ඵක්වෙමු.... (නි)
හෙසාන් Wednesday, 06 January 2016 10:11 PM
බොහොම හොඳයි (නි)
සරත් Wednesday, 06 January 2016 10:25 PM
මොන දේ වුණත් අපේ රටේ සියලු ජාතින් එකට ජීවත්විය යුතුයි (නි)
හසන් Thursday, 07 January 2016 07:26 AM
ඔබ තුමන්ලගේ ප්‍රතිපත්ති අගය කරමු මෙතන කොමෙන්ට්ස් දාපු අයට ස්තුති ඔක්කොමලා සාමය අගය කරන අය. (ර)
ඉඳුනිල් Thursday, 07 January 2016 01:09 AM
නියමයි. අපි සම්පුර්ණ සහයෝගය දෙනවා (නි)
රණසිංහ Thursday, 07 January 2016 01:25 AM
අතිශය අගය කරමි ඔබවහන්සේගේ කියමන. (නි)
මංගල Thursday, 07 January 2016 01:31 AM
කවුරුත් එකටනේ ජීවත්වෙන්නේ. නමුත් සියළු දෙනාට සිංහල ලිියන්න කියවන්න පුරුදුකළා නම් මේ ප්‍රශ්න බොහෝදුරට අඩුවේවි (නි)
වෙනුර Thursday, 07 January 2016 01:42 AM
බොහොම වටිනා කියමනක්! (නි)
චතුර Thursday, 07 January 2016 04:09 PM
සහජීවනය ඕනෑ සිංහලයන්ට විතරක් නොවිය යුතුයි (නි)
සුජිත් Thursday, 07 January 2016 02:04 AM
ඇත්තෙන්ම විශිෂ්ටයි! (නි)
සඳරුවන් Thursday, 07 January 2016 02:24 AM
ජාතිවාදී නොවී බුද්ධිය මූලික කරගෙන ජාතිය වෙනුවෙන් පෙනීසිටිය යුතු කාලයක් මේක. හොඳ ආරම්භයක් බව පේනවා. දේශපාලනයෙන් තොරව පෙරමුණ ගන්න (නි)
කුමාර් Thursday, 07 January 2016 07:57 AM
සිංහලයා බෞද්ධයා හිතන විදියට අනික් මිනිස්සුත් හිතනවා නම් අපිත් නිකන් හිටියට කමක් නැහැ. නමුත් වෙන්නේ අපි නිදාගන්න ගන්න අනිත් අය අපිට වළකපන්න හදන එකයි (නි)
කුමාර් Thursday, 07 January 2016 07:52 AM
පෑගුන ජාතියක් විදියට නොසිට අපි දිරියෙන් නැඟීසිටිය යුතුයි (නි)
දුමින්ද Thursday, 07 January 2016 02:30 AM
දේශපාලනික නායකත්වය නිවැරදිවීම අනිවාර්ය වේ (නි)
නුවන් Thursday, 07 January 2016 02:54 AM
සුබ පැතුම්! විශිෂ්ටයි (නි)
ලංකා Thursday, 07 January 2016 08:10 AM
දැන් මොකටද තවත් සංවිධානයක්? අපිට සාමයෙන් ඉන්න මොකුත් අවශ්‍ය නැහැ ඔබවහන්සේලා බුදුන් දේශනා කළ දේ පමණක් කළත් ඇති සාමයෙන් මේ රටේ ඉන්න ස්ටිකර් මාධ්‍ය සාකච්චා මොකුත් ඕනේ නැහැ (බ)
නිමල් ලාලිත Thursday, 07 January 2016 03:38 AM
සිය දහස් වරක් ඇත්ත හාමුදුරුවනේ. (නි)
අසාද් Thursday, 07 January 2016 04:11 AM
මෙච්චර කාලෙකට රටේ තිබුනේ නැති ජාතිවාදයක් දේශපාලන අනාථයෝ විසින් නිර්මාණය කිරීම රටේ විනාශයයි. මෙයට සහය දෙන සෑම ආගමිකයෙකුම එය දැනගත යුතුයි. මේ මගේ රට කියලා මේ රටේ ඉපදුන ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්. (නි)
සරත් Thursday, 07 January 2016 04:35 AM
අර සේනාවත් මේවා දැකල දැන්වත් හැදෙන්න (බ)
නිරංග Thursday, 07 January 2016 04:51 AM
මේ කියන කතාව ඇත්ත (නි)
අමල් Thursday, 07 January 2016 04:58 AM
එහෙනම් මොනවටද මේ වගේ දෙයක් පටන්ගත්තේ? දැන් තමා මිනිස්සු පොඩ්ඩක් නිදහසේ ඉන්නේ. ඒක ආයෙත් නැතිකරන්න විදිහක් සමහරු හොයනවා. ජාතිවාදයක් ඕනෑ නැහැ. මම දන්නා තරමින් ජාති දෙකයි මිනිස්සු අතරේ තිබෙන්න ඕනෑ. පිරිමි ජාතියයි ගැහැණු ජාතියයි. ඊට අමතරව මිනිස්සු ජාතියයි, මෘග ජාතියයි. අපි වාසනාවකට මේ රටේ ඉපදුනා. අපි අපේ රට රැකගන්න ඕනෑ. මම දෙමළ. ඒ වුණාට ශ්‍රී ලාංකිකයෙක්. මම මගේ රටට ආදරෙයි (නි)
අමල් Thursday, 07 January 2016 05:31 AM
සියලුමදෙනා සහජීවනයෙන් සිටිය යුතුයි. (ර)
කිංග්ස්ලි පෙරේරා Thursday, 07 January 2016 05:44 AM
හැම ජාතියකට එකට ඉන්න පුළුවන් විදියකට හදලා දෙනවනම් හොදයි. (ර)
සම්පත් Thursday, 07 January 2016 09:20 AM
ඇවිත් ටික කලකින් අතුරුදහන් වෙන්නේ නැති සිංහලයන් ගැන කතාකරන සංවිධානයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.(ම)
කෙවින් Thursday, 07 January 2016 06:06 AM
සිංහල අපි ඔහොම හොඳ විදිහට හිතුවට අනෙක් අය එහෙම හිතයිද දන්නෙ නැහැ (නි)