ලබන මස 8 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන පළමු දකු-ණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේදී සියලූ දෙනාම විශ්මයට පත්කරන පදක්කම් සංඛ්‍යාවක් ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දිනාගනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙම කී‍්‍රඩා උළෙල සංවිධානය කිරීමේ කමිටුවේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
කොළඹදී ඊයේ (21) පැවැති දකු-ණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලට සහභාගි වන රටවල්වල කණ්ඩායම් භාර නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡුාවට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එසේ පැවසීය.
ක‍්‍රීඩා 12 කින් සමන්විත මෙම තරගාවලියට රටවල් අටක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 450 ක් පමණ සහභාගි වීමට නියමිතය. තරගාවලිය සඳහා හම්බන්තොට වෙරළ තීරයේ ක‍්‍රීඩාංගණ හතරක් ඉදිරිකර ඇති අතර ඇතැම් ඉසව් තිස්සමහාරාම ප‍්‍රදේශයේදී ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංවිධාකයෝ පවසති.
මෙම සමස්ත තරගාවලියේදී රන් පදක්කම් සහ රිදී පදක්කම් 36 බැගින්ද සහ ලෝකඩ පදක්කම් 38 ක්ද දිනා ගැනීමේ අවස්ථාව තිබේ
මෙම තරගාවලියට වෙරළ පැසිපන්දු, වෙරළ පාපන්දු, අත්පන්දු, කබඩි, දැල්පන්දු, වොලිබෝල්, කායවර්ධන, ජීවිතාරක්‍ෂක, පිහිනුම්, රුවල් ඔරු, වින්ස්කේටින් සහ තුන්ප‍්‍රයාම යන ක‍්‍රීඩා ඇතුළත් වේ. ඇතැම් ක‍්‍රීඩා සඳහා අවම සහභාගිත්වය නොමැති වීමෙන් ඊයේ පැවැත්වීමට නියමිත සාකච්ඡුාවකින් පසුව එම තරග පැවැත්වීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව තිබුණි.
අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ දැල්පන්දු සහ පැසිපන්දු තරගාවලියක් වෙරළ ක‍්‍රීඩා උළෙලකදී දැකින ලෝකයේ පළමු අවස්ථාව මෙයවිය හැකි බවයි.
‘‘මමත් වෙරළ ක‍්‍රීඩා උළෙලවලට සහභාගි වී තිබෙනවා, නමුත් පැසිපන්දු සහ දැල්පන්දු එම ක‍්‍රීඩා උළෙලවලදී දකින්න ලැබුණේ නෑ. ඒ නිසා මෙය සියලූම දෙනාට නව අත්දැකීමක් වෙනවාට සැක නෑ’’
මෙම ක‍්‍රීඩා උළෙලට කොපමණ මුදලක් වැයවන්නේ ද යන්න මාධයවේදියකු නැගූ ප‍්‍රශ්නයට ඇමැතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.
මෙම ක‍්‍රීඩා උළෙල සඳහා මිලියන 300 ක් ඇස්තමේන්තු කර තිබූ බවත් මේ වන විට මිලියන 100 ක් පමණ වැයවී ඇති අතර තවත් මිලියන 60 ක් පමණ වියදම් වියහැකි බවට තමන් විශ්වාස කරන බවත් එය පෞද්ගලික අංශයේ අනුග‍්‍රහකයන්ගෙන් ලබාගන්නා බවත් ඇමැතිවරයා පැවසීය.
තරගාවලියේ සමාරම්භක උළෙල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 8 වැනිදා ද, සමාප්ති උළෙල කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 14 වැනිදා ද, පැවැත්වීමට නියමිතය.
පොලිස් සේවයට 2500ක් කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
විශ්‍රාමික නාවික යාන්ත්‍රික සෙබළෙකුට අයත් හෝටලයකට පැමිණ පොලිස් නිලධාරීන් බව පවසා රුපියල් ලක්ෂ 45 මුදලක් කොල්ලකෑ බව කියන පොලිස් සැරයන් වරුන් දෙදෙනෙකු,
රජයේ නිලධාරීන්ට ගෙවිය යුතු අප්‍රේල් මස වැටුප අද (10) ගෙවීමට කටයුතු කළ යුතු නමුත් කිසියම් පිළිගත හැකි හේතුවක් මත සංශෝධිත වැටුප ගෙවීමට අපොහොසත් වුවහොත් ම
“අන්‍යෝන්‍ය බදු ක්‍රමය’’ යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60 කට පමණ පැනවූ ඉහළ තීරු බදු ප්‍රතිශත ක්‍රියාත්මක කිරීම දින 90 කට අත් හිටුවීමට ඇමෙරිකානු ජනාධිපති
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
විදුහල්පතිවරුන් පත්කිරීමේදී සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවස
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
සියලූ දෙනාම විශ්මයට පත්කරන පදක්කම් සංඛ්‍යාවක් දිනා ගන්නවා - සංවිධාන කමිටු සභාපති කියයි