IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘සියලු දෙනා එක්වූ සම්මුතිවාදයෙන් ඉදිරියට යමු‘

එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු බලය හිමිවී තිබෙනවා. පත්වන නව ආණ්ඩුවේ අගමැතිධූරය මා භාර ගන්නේ සම්මුතිවාදයක් ගොඩනගන්න. පසුගිය ජනවාරි 08 වැනිදා අපි ඉදිරිපත් කළ යහපාලන ප්‍රතිපත්තිය ජයග්‍රහණය කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට අපට ජනතා වරමක් ලැබී තිබෙනවා.

අපි මේ වෙලාවේ සියලු පක්ෂවලට ආරාධනා කරනවා ජාතික කර්තව්‍යයකට එක්වන්න කියා. සම්මුතිවාදයෙන් ඉදිරියට යන්න රජයට එක්වී ඇමති හා නියෝජ්‍ය අමාත්‍ය ධූරයන්හි වගකීම් භාර ගැනීම හෝ පාර්ලිමේන්තුවේ ඇතිකරන තනතුරු භාර ගැනීම කියන විකල්ප දෙකෙන් එකක් තෝරාගැනීමට පුළුවන්. අපි පාර්ලිමේන්තු තේරීම්කාරක සභා පිහිටුවනවා. දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ මණ්ඩල පිහිටුවා ඒවාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සභාපතිවරු ලෙස පත්කරනවා. සිවිල් අංශයෙන් උපදේශක සභා ඇතිකරලා වගකීම් භාර දෙනවා.

සම්මුතිවාදයට එක්වන අයට තමන්ට කැමති විකල්ප තෝරාගත හැකියි. සියලු දෙනා එකතුවී පරණ දේශපාලනය පැත්තකට දාලා මූලික ප්‍රශ්නවලට එකඟතාව ඇතිකරගෙන යමු. අවුරුදු පහක් බලමු. නැතිනම් අවුරුදු දෙකක් බලමු. මා අගමැති ධූරයේ දිවුරුම් ගත්තාට පසු සම්මුතිවාදයෙන් යන පාර්ලිමේන්තුවේ යහපාලනය අනුමත කර කටයුතු කළ හැකියි.

‘නීතිගරුක මැතිවරණයකට මුහුණ දුන්නා. ඉදිරියට ගිහින් ප්‍රශ්න විසඳලා දුක් විදින අයට යහපත ඉටුකරන පාලනයක් ඇතිකරමු.‘ යැයිද වික්‍රමසිංහ මහතා කීවේය.

GLA_1450 GLA_1459 GLA_1514



අදහස් (0)

‘සියලු දෙනා එක්වූ සම්මුතිවාදයෙන් ඉදිරියට යමු‘

දිමුත් Wednesday, 19 August 2015 06:34 AM

‍අපේ ගමටත් පොකුරු ගමක්! (ම)

:       0       0

අස්මිත් Thursday, 20 August 2015 06:06 AM

පළමුව ඔබතුමාට උණුසුම් සුබ පැතුම්! ඔබතුමාගේ ඉවසිලිවන්ත භාවය, දුරදක්නා නුවන,මනාහැසිරීම,අවංකභාවය,නිවැරදි තීරණ,උගත් භාවය,සංවරශීලි රාජ්‍ය පරිපාලනය, ජනතාවගේ පැසසුම් සහිත ආශිර්වාදය ඔබව ඔතනට ගෙනිහින් තිබෙනබව කිවයුතුයි! එම ජනතාවගේ බලාපොරොත්තු අකුරටම නොපිරිහෙලා ඉටුකර වත්මන් ශ්‍රී ලක් දීවයින ලෝකයා ඉදිරියට අභිමානවත් ලෙස රැගෙන යාමට ඔබට ආශීර්වාද කරමි! (බ)

:       0       0

විල්සන් Wednesday, 19 August 2015 06:35 AM

ඉතාමත් උතුම් ප්‍රකාශයක් (ම)

:       0       0

අස්මිත් Thursday, 20 August 2015 06:11 AM

විකුම්! ඔබගේ අදහස් වලට මාත් එකගයි (බ)

:       0       0

වාසනා Wednesday, 19 August 2015 10:49 AM

රටට ජය ගෙන දෙන නායකයා ඔබයි (ම)

:       0       0

රණසිංහ Wednesday, 19 August 2015 07:18 AM

රට හදමු. සංවර්ධිත රටක් කරමු.වැඩක් කරලා පෙන්නන්න දැන් ඔබතුමාට හොදම අවස්ථාවක් .(ම)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 August 2015 07:19 AM

ඉතාම හොඳ සංකල්පයක්. සියලුදෙනාම සහයෝගය දීම වැදගත් .(ම)

:       0       0

රන්ජන් Wednesday, 19 August 2015 07:32 AM

පක්ෂ පාට ඇතුළු සියලු වාද බේද ඉවත දමා...ශ්‍රී ලංකික කියන සංකල්පය යටතේ රට ගොඩ නැගුමට මෙය තරම් කදිම අවස්ථාවක් තවත් නැහැ . පවුල් වාදය පසෙකලා ... සම්මුතිවාදයෙන් රට ගොඩ නැගුමට ඔබ තුමාට වාසනාව ශක්තිය දිරිය ලැබේවා..!!(ම)

:       0       0

උපාලි Wednesday, 19 August 2015 07:38 AM

මහිදගේ කිසිම කෙනෙක්ට අපි දෙන්නේ නැහැ (ම)

:       0       0

ද සිල්වා Wednesday, 19 August 2015 07:54 AM

ඔබතුමාට උඩුරවුලක් නැති වුණාට , පපුවට වැදෙන වීර කතා කියන්න බැරි වුණාට අපට ඕනේ හොරකම් නොකරන , රටේ නිතිය සහ සාමය ආරක්ෂා කරගන්න පුළුවන් , ලෝකය පිළිගන්න මැර කම් නැති නායකයෙක් , (ම)

:       0       0

විකුම් Wednesday, 19 August 2015 11:40 AM

ඔබතුමාට ජය වේවා! දේශපාලනයෙන් තොර නිදහස් පොලිසියක්, රාජ්‍ය සේවයක්, සැමට නීතිය එක සමාන ක්‍රමයක්, ඡන්ද ක්‍රමයේ යහපත් වෙනසක් (20 සංශෝධනය), හොර වැඩ නවතන නීති/දැඩි දඬුවම්, වගේ පවතින ක්‍රමය වෙනස් කරන්න හැකියාව ලැබේවා!!! එතකොට කවුරු දිනුවත් රටට ප්‍රශ්නයක් නැහැ. මනාප වලිනුත් හරි අය තෝරාගන්න බැරි වුණ අය,දැන්වත් තමන්ගේ ඔලුව පාවිච්චි කරන්න පුරුදුවෙන්න.8 (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 19 August 2015 08:05 AM

අපිටත් ඕනේ හැමෝම සහයෝගයෙන් වැඩකටයුතු කරගෙන ඉදිරියට යනවා දකින්නයි නැතුව එකාට එකා මරාගැනීම් නෙවෙයි.(ම)

:       0       0

අර්ෂා Wednesday, 19 August 2015 08:17 AM

ජාතිබේද නැති රටක් ගොඩ නගමු. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 176 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 87 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 126 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1104 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1508 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 96 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 202 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site