IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


“සියලු දරුවන්ට අධ්‍යාපනය දීමේ වැඩසටහනක් අරඹනවා’’

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත් දිවයිනේ සියලුම දරුවන්ට කිසිදු ගැටලුවකින් තොරව අධ්‍යාපනය ලබාදීමේ ජාතික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ​කඩිනමින් ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කොළඹ දී අද (31) පැවසීය.

මාධ්‍ය ආයතන වල ද සහයෝගය ඇතිව සියලුම ශ්‍රේණි වල සියලුම විෂයයන් ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යරයා සදහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අමාත්‍යාංශය නිලධාරීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

"කොරෝනා වසංගතය හේතුවෙන් රටේ අනෙකුත් කටයුතු මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයටත් විශාල බාධා එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

මුළුමහත් රටම ආවරණය වන පරිදි සෑම දරුවකුටම සමාන අවස්ථා ලැබෙන පරිදි ජාති ආගම් සංස්කෘතික කිසිදු භේදයකින් තොරව දරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් අපි සම තලයක් නිර්මාණය කරනවා.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යය දැක්මේ දී ප්‍රමුඛත්වය හිමි වුණේ රටේ අධ්‍යාපනය වෙනුවෙන්. මේ කටයුතු වේගවත් කිරීමට ජනාධිපති අධ්‍යාපන කාර්ය සාධක බලකායට තවත් බුද්ධිමතුන් අට දෙනෙකු අලුතින් බඳවා ගත්තා.

වසංගතයේ මධ්‍යයයේ වුණත් ඉතාමත් කඩිනමින් මේ කටයුතු සමාප්ත කරලා දරුවන්ගේ අධ්‍යාපනය කිසිදු ගැටලුවකින් තොරව සිදු කරන්න අපි අවස්ථාව උදා කරනවා" යයිද ඔහු එහිදී පැවසීය.

 



අදහස් (4)

“සියලු දරුවන්ට අධ්‍යාපනය දීමේ වැඩසටහනක් අරඹනවා’’

Sriland Tuesday, 31 August 2021 06:40 PM

ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපන ඇමැති කෙනෙක් සිටිනවා නම් ඔහුගේ අවදානය පිණිසයි. පුද්ගලික පාසල් වහලා අවුරුදු 02ක්... ඒ වුණාට හැමදාම මුදල් අයකර ගන්නවා කිසිම හිතක් පපුවක් නැති අන්තර්ජාතික පාසල් ගැන කවදාද හොයා බලන්නේ..?

:       0       0

ශාලි Wednesday, 01 September 2021 01:41 AM

ඩලා .... වැඩේ සම්පූර්ණ කරලා මකියපං කෝ .... බොලා වාගේ හාල් පාරුවන් ගේ ලණු කාලා .. කාලා .. අපි මේ දවස් වල ... රෙන්නේ ... කඹ ..

:       0       1

Demuni Uduwara Wednesday, 01 September 2021 03:31 AM

සෑම අමාත්‍යාංශයකම කාර්ය බලකායක් සිටිය යුතුයි..

:       0       0

Sriland Wednesday, 01 September 2021 12:14 PM

කරුණාකරලා පාසල් අරින්න බොරුව නවත්වලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 79 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 08 49 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 183 0

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක


ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්
2024 නොවැම්බර් මස 08 340 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්


ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 1143 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 1307 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 84 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 460 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1434 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site