IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘සියලු දේ දෙන්න බැරි වුණත් හොඳ රටක් ඇතිකරනවා‘

තම ඉදිරි පාලන කාලයේදී රට සියලූ දෙයින් පරිපූර්ණ සුරංගනා ලෝකයක් කිරීමට නොහැකි වුවත් යහපත් සමාජයක් බිහිකිරීමට අවශ්‍ය සියලූ දේ සිදුකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිධූරයට පත්ව ගතවූ පළමු වසරේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකෙන ප‍්‍රබුද්ධ සමාජයකට අඩිතාලම දැමුවා සේම ඉදිරි කාලයේ දී රටේ පිරිසිදු දේශපාලනයක් ඇතිකිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ස`දහන් කළේය.

වැරදි කරන අයට දඬුවම්දීමට වඩා වැදගත් වන්නේ වැරදිවීමට හේතුවන දේ නැතිකිරීම බව කී ජනාධිපතිවරයා දේශපාලනය තුළ පිරිසිදුභාවය රැකීමේ ප‍්‍රධාන වගකීම පැවරෙන්නේ පක්‍ෂවල නායකයින්ට බවද පැවසීය.

‘මාර්තු 12 ව්‍යාපාරයේ’ පළමු සංවත්සර උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනපති එසේ කීවේය.

‘‘මම පිරිසිදු දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිමි’’ තේමාව යටතේ පැවති මෙම උත්සවයේදී නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැුසක් ඒ වෙනුවෙන් පිරිසි`දු දේශපාලනයකට තමන් කැපවන බවට ප‍්‍රතිඥාව ලබා දීමද සිදුවිය.

MS_2016313 MS_2016313-2 MS_2016313-3



අදහස් (0)

‘සියලු දේ දෙන්න බැරි වුණත් හොඳ රටක් ඇතිකරනවා‘

සෙනරත් Monday, 14 March 2016 04:00 AM

යනවිදියට පෙනෙනවා රට සුඛිත මුදිත වෙන බව. පෙරේදා කිරිඇල්ල ඇමතිතුමා කිවුව රට අසාර්ථක රාජ්‍යක් කියල. ලගදීම රාජ්‍ය ආයතන ටිකත් විකිනේවි. තමුන් තමුන්ගේ හැකියාව ගැන දන්නවනේ. වාරි අැමති විදියට මොනවද රජරටට කළේ ? සෞඛ්‍ය ඇමති විදියට රජරට වකුගඩු ලෙඩුන්ට මොනවද කළේ ? එවැනි කෙනෙකුට රටක් කළහැකිද ? (බ)

:       0       0

උදයන්ත Sunday, 13 March 2016 07:48 AM

බලපුළුවන්කාරකමින් හිතවත් කමින් ප්‍රශ්න විසඳන ක්‍රමය මුළුමනින්ම තුරන් කර පොඩි මිනිසාටත් කොන්ද කෙලින් තබාගෙන පොලිසියකට උසාවියකට රාජ්‍ය ආයතනයකට යන්න පුළුවන් විධියේ පරිසරයක් ඇතිවේවා. පොඩි මිනිසාගේ අයිතිවාසිකම් අකුරට සුරැකේවා. (බ)

:       0       0

මහින්ද සෞදි Sunday, 13 March 2016 07:52 AM

දවසින් දවස වෙන දේවල් දැක්කම ඒක ඕනෑම ගොනෙකුට තේරෙනවා. (බ)

:       0       0

සෞදි සරත් Sunday, 13 March 2016 08:04 AM

සුළු ජන කොටස් ඔබතුමාගේ ජයග්‍රහණය උදව් කළා නමුත් සිංහල බෞද්ධ ජනයා අමතක නොකරාවි නේද (බ)

:       0       0

දහම් Sunday, 13 March 2016 08:05 AM

අනේ මේ ඔහේගේ බයිලා දැන් මිනිස්සුන්ට තිත්තයි. පළාත් පාලන ඡන්දෙ කල් දාන්නේ ජනතාවගෙන් ඔහෙලට නියම උත්තරේ ලැබෙන බව දන්නා නිසා. (බ)

:       0       0

රජින්ද Sunday, 13 March 2016 08:19 AM

ඒ වුණාට බලයට එන්න දඟලනකොට කිව්වේ ඔහොම නෙමෙයිනේ. පසුගිය ආණ්ඩුවේ වංචා-දුෂණ-අපරාධ නතර කරලා මේ රට සුඛිත මුදිත කරනවා කියලනේ කිව්වේ. දැන් මොනවද මේ කියන්නේ. (නි)

:       0       0

රුවන් Sunday, 13 March 2016 08:19 AM

ජනපතිතුමනි, අපිට වෙන මොකුත් එපා. කන බොන දේ වලින් සම්පුර්ණයෙන්ම බදු ඉවත්කර දෙන්න. අාහාර ප්‍රවාහනය කරන වාහන වලින් රේගු බදු මුළුමනින්ම ඉවත් කරන්න. (නි)

:       0       0

රකිත Sunday, 13 March 2016 08:25 AM

ගරු ජනාධිපතිතුමනි, ආහාරපාන මිල අඩුකිරීමේ ක්‍රමවේදයන් සොයා බැලීමට ජනතා අදහස්ද විමසන කමිටුවක් පත්කරන්න. කන බොන දේවලින් බදු අයකරන්න එපා. (නි)

:       0       0

දුමින්ද Sunday, 13 March 2016 08:27 AM

රටේ බහුතරයක් මන්ත්‍රීලට බදු රහිතව වාහන පර්මිට් දෙනවට විරුද්ධයි. බොරුනම් අන්තර්ජාලයේ ජනමත විමසුමක් කරන්න. මේ මන්ත්‍රී පර්මිට් නිසා රජයට ලක්ෂ 45000 ක් පමණ පාඩුවෙනවා. මේක අහෝසි කළොත් බදු වැඩිකිරීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. (නි)

:       0       0

සජිත් Sunday, 13 March 2016 08:53 AM

එංගලන්තෙ එංගලන්තේ ලංකාවේ එහෙම වෙන්නේ නෑ (බ)

:       0       0

සමන්ත Sunday, 13 March 2016 08:59 AM

ජනාධිපති තුමාගේ සහායට අපි ඉන්නවෝ.(හේ)

:       0       0

කපිල Sunday, 13 March 2016 09:02 AM

ඒ කතාව නම් හරි.(හේ)

:       0       0

සුනිල් - කුරුවිට Sunday, 13 March 2016 09:18 AM

අපිට කිසිම දෙයක් එපා මේ ලැබිලා තියෙන දේවල් හොඳටම ඇති (බ)

:       0       0

සාගර-පැරිස් Sunday, 13 March 2016 09:33 AM

හැබැයි මහින්ද රටට කරපු සේවයට අලගු තියන්නවත් ඔබට බැහැ. ඔහුට හොරා යයි බොරු අවලාද නගමින් බොරුවක් සමාජ ගත කරන්න හැදුවත් ඇත්ත හැමතිස්සෙම පෙනෙනවා.(බ)

:       0       0

අජන්ත Sunday, 13 March 2016 06:29 PM

කාලෙන් කාලයට ශබ්දකෝෂය විතරයි වෙනස්. කෙරුවාවල් එකයි. තව අවුරුදු 20 කින් ජනතාවට ගෙල හිරකරගෙන මැරෙන්න තමා සිද්ධවෙන්නේ (නි)

:       0       0

මුන්සිර් Sunday, 13 March 2016 09:26 AM

ජනපතිතුමාණනි ඔය උපකාරක පන්ති ඔක්කොම ඉරිදට සහ පෝය දාට තහනම් ක‍රන්න ඔක්කෝම ළමයින්ට දහම් පාසල් අනිවාර්ය ක‍රන්න පෝයටද දහම්මට ළමයින්ව අනිවාර්ය කරන්න එතකොට යහපත් සමාජයක් ඉදිරියට හදන්න පුළුවන් හොඳ රටක් හදන්න පුළුවන්, (බ)

:       0       0

වින්සන්ට් Sunday, 13 March 2016 09:30 AM

වැරදි කරුවන්ට උපරිම දඬුවම් ලබා දීම වැරදි නොවීමට හේතුවන ප්‍රධානම කරුණය. පක්ෂයක ආරක්ෂාව වෙනුවෙන් එය වැදගත් නොවීම නීතියක් ගරු කරන ජනතාවගේ කැමැත්ත නොවීමට ඉඩ ඇත . පිරිසිඳු දේශපාලනය නීතිගරුක ජනතාවගේ අභිලාශය වෙන අතර එය ඉදිරියට ගෙනයන කවර නායකයකුට හෝ අපි සුබ පතමු. (බ)

:       0       0

ජේ. කනුවන Sunday, 13 March 2016 09:33 AM

එතකොට මේ ශ්‍රී ලංකාව අයහපත් රටක් ව තියෙන බවද මේ කියන්නේ. මේක ලෝකය ඇති රටවල් වලින් හොදම රට බව අමතක කරන්න එපා. (බ)

:       0       0

වින්සන්ට් Sunday, 13 March 2016 07:26 PM

රූපසිංහ මහතාණෙනි, අපි ඉඟුරු දීලා මිරිස් ගත්තා යැයි සිතමු. අපිට ඇති විසඳුම වෙනුවෙන් නැවත ඉඟුරු හෝ මිරිස් ගනිමුද? ඒ වගේම මහින්ද - සෞදි මහතාට අනුව ක්‍රි.ව. 1948 සිට මේ වෙනතුරුම අපි කර ඇත්තේ මාරුවෙන් මාරුවට මුට්ටි ඇල්ලීම නොවෙයිද? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 13 March 2016 09:46 AM

එක,එක දවසට නොයෙක් විලාසිතා වලින් මිනිස්සු අන්දනවා. මේක මහා විකාරයක් වෙලා.අපිට මේවා අබිං වගේ වෙලා. හැමපැත්තෙන්ම අහිංසක ජනතාව මුල වෙලා. මිනිස්සු පව්. ඔන්න පිටිත් ගණන් ගිහින්. ඔබතුමා ඕවා දන්නේ නැති නිසා මතක් කළේ.....(බ)

:       0       0

ජගත් Sunday, 13 March 2016 08:13 PM

එතුමා කියන දේ ඇත්ත. අපි ඉදිරියට යායුත්තේ පියවරෙන් පියවරයි. (නි)

:       0       0

පී.ඉලංගරත්න Sunday, 13 March 2016 09:54 AM

හොඳ රටක් කොහොම වුනත්, රට දෙකට කඩයි කියල නම් පේනවා. (බ)

:       0       0

ලංකා සාන්ත - ඇමරිකාව Sunday, 13 March 2016 09:58 AM

කතාව අහලම හොඳටම ඇතිවෙලා මෛත්‍රී මහත්තයාගේ. ගොවියා,ශිෂ්‍යයා, වෘත්තිකයා, කම්කරුවා , හාමුදුරුවරු ඔක්කොම මහපාරේ. බදු උපරිමයට. පාතාලය මිනීමැරුම් හැම තැනම. සාමාන්‍ය මිනිහ හොඳටම හෙම්බත්වෙලා. දැන් ඕනේ වැඩ. කාලය ගෙවිලා යන්නේ බොහොම ඉක්මනින්. (බ)

:       0       0

අන්වර් Sunday, 13 March 2016 10:25 AM

දහම් පළාත් පාලන ඡන්දේ තිබ්බත් ඔච්චරම තමයි. මහින්ද පිලට ඡන්දේ දෙන්න තරම් අය ලංකාවේ නැහැ (බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Sunday, 13 March 2016 10:18 AM

රටටම ඇත්ත කීවාට ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. අපි ඉල්ලන්නේ ලේසි දෙයක් "දුම්වැටි භාවිතාවත් නතර කරලා දෙන්නකෝ." (බ)

:       0       0

ස්ටැන්ලි කුලරත්න Sunday, 13 March 2016 10:27 AM

රටේ හොද වෙන දේවල් වලින් පේනවා (බ)

:       0       0

රවි බණ්ඩාර Sunday, 13 March 2016 10:10 PM

ඔබ තුමා තවත් රටක ජනාධිපති කමක් දරනවද? කොහේද අර ප්‍ර‍ජාතන්ත්‍ර‍ාදය ස්ථාපිත කළා කිව්වෙ? තමන්ගෙ පක්ෂය ඇතුළෙවත් ප්‍ර‍ජාතන්ත්‍ර‍ාදය නෑ නේද? ඡන්දෙට දින 2කට පෙර ඔක්කොම වෙනස් කළේ ඒකාධිපති ක්‍ර‍යට නෙමෙයිද? පිටරටින් එන අයට ඕව කියල ලකුණු දාගත්තට මේ රටේ අයට ඔය බයිල කියල අයිත් රවටන්න බෑ. (අ)

:       0       0

සත්‍යපාල Sunday, 13 March 2016 10:38 AM

එක්තරා නායකයෙක් හෙලිකොප්ටරයේ යද්දී එය පහත්කරලා රුපියල් 100 කොළ දානවලු. එයත් එක්ක හිටපු කෙනෙක් ඇහුවලු ඇයි එහෙම කරන්නේ කියල. එතකොට කියුවලු "අයිසේ බලනවකො ඒ මිනිස්සු සතුටු වෙන හැටි" කියල. එතකොට අනිකා කියුවලු "සර් පනින්නකෝ උඩ ඉදල" කියල. ඒ ඇයි කියල අහපුහාම කියුවලු " එදාට මුළු රටම සතුටුවෙයි" කියලා. හොද රටක් ඇති කරන්නත් ලේසියෙන් කළ හැකි දේවල් තියනවා. (බ)

:       0       0

සෙනෙවිරත්න Sunday, 13 March 2016 10:44 AM

ඔබට ජයෙන් ජය ජනපති තුමනි .(බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 13 March 2016 10:45 AM

බලයට එන සෑම නායකයකුම අතීතයේ සිට කිව්වේ ඔය කතාවම තමා , නමුත් මේ දිනවල රටේ සිදුවන දේවල් දුටුවම ඇසුවාම මේ කියනා දේවල් අතීතයේ අයගේ බයිලාම තමා කියා සිතෙනවා , දුප්පත් ජනතාව මොනවා නැති වුනත් බලා පොරොත්තු වන්නේ ණය නොවී කාලා ඇඳලා , ලෙඩක් දුකක් වුන විට රෝහලක නොමිලේ ප්‍රතිකාර ගන්නට , ඒ ටිකවත් ලබා දුනහොත් මහත් පිනක් ඔබ තුමාට ජනාධිපති තුමනි (බ)

:       0       0

විජය Sunday, 13 March 2016 10:47 AM

දේශපාලනය පිරිසිදු කරන ගමන් රජයේ ආයතනත් පිරිසිදු වෙන්න ඕන, දේශපාලකයෙක් උසාවිය මගින් වැරදි කරුවෙක් වුනොත් ඔහුට කිසිම දිනක ඡන්දය ඉල්ලන්න නොදීමට නීති පැනවිය යුතු වේ , ඡන්දය ඉල්ලන්න අර ඉස්සර පොලිසියට බඳවා ගත්ත ක්‍රමයට පක්ෂ නායකයෝ කටයුතු කළ යුතුයි, පක්ෂ වලින් ඡන්දෙට වියදම් කරන මුදල් ගැන සීමාවක් පැනවිය යුතු වේ, ඡන්ද කොමිසමට මේ ගැන හොයා බලන්න බලය තිබිය යුතුයි, යමෙක් වැරදි කරලා ඇත්නම් දඬුවම් දෙන්න නීති පැනවිය යුතුයි (බ)

:       0       0

මහින්ද සෞදි Sunday, 13 March 2016 11:18 AM

අන්වර් හිල්වුණු තැනට මුට්ටි ඇල්ලීම නවත්ත ගන්න. (බ)

:       0       0

රූපසිංහ Sunday, 13 March 2016 11:10 AM

මහින්දගේ රජය තිබුණු කාලේ බඩුමිලට වඩා අද බදු මිලේ ඇති වෙනස කවුරුත් දන්නවා. රටේ අවුරුදු 35 ක යුද්ධයක් තිබිලත් මහින්දගේ කාලයේ බදු මිල වැඩියි තැන තැන මිනී මැරීම් සිදුවෙනවා ඒ නිසා රටට යහ පාලනයක් අවශ්‍යය කියල රටේ ජනතාව ජන්දෙන් පත් කර ගත්තු ආණ්ඩුව දිහා බැලුවාම දැන් සිදු වෙන්නෙත් පෙරට වඩා නොවූ විරූ දෙයක් යයි කියා කිසිවෙකුට නොකියා බැරිය. කතාව එසේ නම් එ්කත් හරියට ඉගුරු දීල මිරිස් ගත්ත හා සමානය. (බ)

:       0       0

සරත් සෞදි Sunday, 13 March 2016 11:23 AM

රට හොද රටක් කරනවා කිව්වේ කාටද අපිටද, නැත්තම් උතුරටද (බ)

:       0       0

මංගල Sunday, 13 March 2016 11:22 AM

කියන්න දෙයක් නෑ. මොකුත් කරන්න බැරී බව රටටම පේනවා (බ)

:       0       0

කුලසිංහ Sunday, 13 March 2016 11:22 AM

අන්වර් දැන්වත් මහින්ද එක්ක හැප්පෙන එක නවත්තල මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න ටික කතා කරමු. ගිය ආණ්ඩුව ඇන ගත්තේ හැම එකටම කොටි ගාවගෙන. මේ ආණ්ඩුවට මහින්ද. අනෙක මිනිස්සු තමයි අන්තිමට කව්ද ගෙනෙන්නේ කියල තීරණය කරන්නේ. (බ)

:       0       0

ඩිල්ෂාන් Sunday, 13 March 2016 11:43 AM

හොඳ රට ඇතිවෙන්නේ 2075 වර්ෂයේ වෙන්න ඇති. ඔය ජාතියේ ඒවා නම් අපිටත් කියන්න පුළුවන්. (බ)

:       0       0

සංජීව Sunday, 13 March 2016 11:58 AM

අන්වර් ඔයාල හරක් මස් කෑවට අපි හරක් මස් කන්නේ නෑ (බ)

:       0       0

ලක්ෂි Sunday, 13 March 2016 12:24 PM

ඔබතුමාගේ කතා අපිට තිත්තවෙලා ඉන්නෙ. කවදද වැඩ පටන් ගන්නෙ (බ)

:       0       0

ශානක Monday, 14 March 2016 01:27 AM

මෙතුමලා ඉතින් යන යන තැන හිනාවෙලා කතා පවත්වනවා. අපි ඉතින් හිනාවෙලා අදහසක් දමනවා. වෙන ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

විපුල Sunday, 13 March 2016 01:50 PM

හොඳ රටක් කිරීමට හිතන එක නම් හොද වැඩක්, නමුත් පාතාලේ හිස ඔසවල, මන්ත්‍රී නෝනලා පිරිමි උස්සන් යනවා, ඇමතිලා කොල්ලෝ යටකරගෙන වාහන පදිනවා. ගැබිණි මව් වරු වැරදිලා වෙඩි කනවා. ජනාධිපති කාර්යාලයේ වාහන මිනිස්සු යටකරගෙන යනවා, දෙමළ අය උතුර ඉල්ලනවා, පාන්, පිටි, ලුණු, මේ හැම දෙයක්ම ගණන් යනවා, ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ. මැති ඇමති ගොල්ලෝ නම් අපේ සල්ලි වලින් සිංගප්පුරු බෙහෙත් ගන්නවා. තව ටික කලකින් ලංකාව අපායක් වෙන බව නම් ෂුවර් (බ)

:       0       0

සාගර Sunday, 13 March 2016 01:42 PM

ඉදල හිටලා ඔබ තුමත් පොඩි විහිළුවක් එහෙම දානවා නේද? (බ)

:       0       0

නලින් Sunday, 13 March 2016 02:16 PM

නායකයෙක් වුණාම කෙලින් කතකරන්න ඕන රටට අයහපතක් කරන්න එපා, එකෙක් කියල තව එකෙක් කරන්න එපා, (බ)

:       0       0

රොකී Monday, 14 March 2016 01:53 AM

හොඳ රටක් ඇති කරන්න නේන්නම් මන්ත්‍රීලාගේ පඩි වැඩි කරන්නෙත්! (නි)

:       0       0

ටෙහාන් Monday, 14 March 2016 02:04 AM

කටින් බතල කොළ හිටවලා නම් වැඩක් නැහැ. අපිට ඕනෑ වැඩ! (නි)

:       0       0

රූපසිංහ Sunday, 13 March 2016 03:58 PM

ජනතාව පිට වැට් බදු ඇතුළු තව බදු පනවා ඒ ලබා ගන්නා මුදල් වලින් මැති ඇමති ඇතුළු ජනාධිපතිවරයා තම වැටුප් හෝ වෙනයම් දීමනාවල් වැඩි කර ගන්නේ නම් එවැනි ක්‍රියා සාපරාධී ක්‍රියා ලෙස ජනතාව හෙලා දැක ඉට විරෝධය පළ කොට ආණ්ඩුව පන්නා දැමීම ඉබේම සිදු වන්නා සේම කළයුතු දෙයකි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 378 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 435 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 711 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 553 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 393 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 726 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site