IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘සියලු පක්ෂ සන්ධානයට එකතු කරගන්නවා‘

මීළඟ නෙල්සන් මැන්ඩෙලා හා මහත්මා ගාන්ධි ශ්‍රී ලංකාවෙන් බිහිවන බව කියමින් ජාත්‍යන්තරය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සුබාසිංශන එකතු කළද අපේ රටේ ජනතාව ඒ පිළිබඳ හොඳ මනසකින් නොදැකීම ගැන තමන් කනගාටු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

සන්ධාන නව මහලේකම් ලෙස පළමුවරට මාධ්‍ය අමතමින් එසේ පැවසූ අමරවීර මහතා සන්ධානයේ නැති සන්ධානය සමග තරග කරන නොකරන සියලු පක්ෂ සමග සාකච්ඡා කර ඒ පිරිසද සන්ධානයට යොමු කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ඉදිරි මැතිවරණයට තරග කිරීමට කටයුතු කරන බව ද කීවේය.

amare_20163105



අදහස් (0)

‘සියලු පක්ෂ සන්ධානයට එකතු කරගන්නවා‘

කුරුවිට සුනිල් Thursday, 10 March 2016 05:06 PM

මේවා නිකම් මඩේ හිටවපු ඉනි වගේ. (ර)

:       0       0

සන්තුෂ් Thursday, 10 March 2016 05:31 PM

තමන් දේශපාලනයට රැගෙන ආ ගුරුවරයාට ද්‍රෝහී වූ මූසිල චරිත අපි හොඳින් හඳුනනවා (නි)

:       0       0

සිරි Thursday, 10 March 2016 06:02 PM

දැන්වත් පරදේශයන්ට ආවඩන්නේ නැතුව ඉඳිමු. (නි)

:       0       0

විජය Friday, 11 March 2016 09:51 AM

රාජපක්ෂ මැතිතුමා විවේක ගන්න පටන් ගත්ත දවසට, ඔය කට්ටිය පහුගිය දේවල් අමතක කරලා එකතුවෙන මට විශ්වාසයි එ්කනේ දේශපාලනේ තියෙන ලක්ෂණය (බ)

:       0       0

මහින්ද සෞදි Thursday, 10 March 2016 08:17 PM

මහත්මා ගාන්ධි කියන්නේ ලෝකයම පිළිගත් ශ්‍රේෂ්ඨ නායකයෙක් (නි)

:       0       0

ධාතුසේන Friday, 11 March 2016 05:44 AM

නායකයන්ට අපහාස කරන්න එපා (ම)

:       0       0

ශානක Thursday, 10 March 2016 09:41 PM

ඔබතුමාලට දැන් ඉතින් මීටවැඩිය යමක් කියන්න බැහැනේ (නි)

:       0       0

උපාලි Thursday, 10 March 2016 12:26 PM

මෙහෙම කතා කිරීමේ කලාව දන්නේ දේශපාලනඥයන් විතරමයි මගේ හිතේ. ඒ පැත්තටත් නැහැ, මේ පැත්තටත් නැහැ, බනින්නෙත් නැහැ, නොබනින්නෙත් නැහැ, හොඳ කියනවද නොහොඳ කියනවද කියලා අපට හිතා ගන්නත් බැහැ. හරි අපුරුයි.(හේ)

:       0       0

කමල් Thursday, 10 March 2016 10:15 PM

බොහොම හොඳයි (නි)

:       0       0

මුතුමාල් Thursday, 10 March 2016 10:19 PM

අනේ අපිට නම් නෙල්සන්ලා, ගාන්ධිලා වැඩක් නැහැ. අපිට ඕනෑ මහින්ද රාජපක්ෂ වගේ කොන්ද පණ ඇති කෙනෙක් (නි)

:       0       0

ඉන්දු Thursday, 10 March 2016 12:45 PM

ජාත්‍යන්තරයට එහෙම පේනවා ඇති.. අපි මොනව කරන්නද ඉතින් එ්කට..(බ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 10 March 2016 10:35 PM

නෙල්සන් මැන්ඩෙලා හා මහත්මා ගාන්ධි බිහිවුණේ ඔවුන්ගේ රටවල් බේරාගන්න. මෙහෙ එහෙමද? (නි)

:       0       0

පාඨලී Thursday, 10 March 2016 12:55 PM

ඔය වගේ වැඩට ගියාම ඔහොම කියන්න වෙනවා (බ)

:       0       0

ඉඳුවර Friday, 11 March 2016 05:53 AM

රටේ වෙන දේවල් දන්නේ රටේ මිනිස්සු ජාත්‍යන්තරය දන්නේ අපේ අවස්ථාවාදියෝ ජාත්‍යන්තරයට කියන දේවල් අනික ජාත්‍යන්තරයට ඕනේ එයාලට ඕනේ විදිහට නගුට වනන අය. පාර්ලිමන්ට් එකෙන් 99% හොරු එ්ත් පරීක්ෂණ කරන්නේ විපක්ෂේ ඉන්න අයගේ ඒවා විතරයි සපොර්ට් කරන කට්ටියට ගෙන පරීක්ෂණ නොකරන එක නරක පුර්වාදර්ශයක්. හොරකමට උඩගෙඩි දීමක්. යහපාලනය කියන්නේ ඒවගේ දෙයක්. (බ)

:       0       0

ගුණවර්ධන Thursday, 10 March 2016 01:03 PM

තම රටට ජාතියට සේවයක් කළ ලෝක නායකයින්ට අපහාස කරන්න එපා. (ම)

:       0       0

චන්දන Friday, 11 March 2016 01:00 AM

හැම දේශපාලඥයෙක්ම ඔහොම තමයි. දේශපාලනයේ රැඳෙන්න ඔහොම වෙන්නම ඕනෑ. (නි)

:       0       0

ද සිල්වා Thursday, 10 March 2016 01:27 PM

මෙතුමා කොහොමත් මෛත්‍රී පිලේ කෙනක් , පහුගිය කලේ රාජපක්ෂ පවුලෙන් ලැබුනේ කුඩම්මාගේ සැලකිලි මෙතුමාට ටිකට් එක දුන්නේ නොදී බැරිම නිසා , මෙතුමාට හොඳ චන්ද පදනමක් හම්බන්තොට දිස්ත්‍රිකයේ තිබෙනවා , මෙතුමා වැඩිපුර මෛත්‍රී වාදියෙක් කියල පෙන්වන්නේ නැහැ මොකද එහෙම උනොත් හම්බන්තොට චන්ද කැඩෙන්න ඉඩ තිබෙනවා , (කෞ)

:       0       0

ඇසළ Friday, 11 March 2016 01:24 AM

හරියට අවුරුදු උත්සවේදී ඇස් දෙක වහගෙන අලියට ඇස් තියන්න යනවා වගේ. ඒ වුණාට ඇස් ඇරලා බලනකොට වැඩේ කෙරිලා ඉවරයි. (නි)

:       0       0

ශීලා Friday, 11 March 2016 01:31 AM

උපාලි කියන කතාව හරි (නි)

:       0       0

කේසර Thursday, 10 March 2016 01:33 PM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ (ම)

:       0       0

ජයරත්න Thursday, 10 March 2016 01:56 PM

අහලා තියෙනවද කියමනක් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා.(හේ)

:       0       0

ඉන්දික Thursday, 10 March 2016 02:03 PM

ජාත්‍යන්තරය කියා හිතාගෙන ඉන්නේ කවුද? ඇමරිකාවටද? (නි)

:       0       0

දුමින්ද Friday, 11 March 2016 07:34 AM

2009 යුද්දේ අපේ ක්‍රමයට නොකළානම් කොටි මරන වරෙන්තුව අදටත් වලංගුයි නේද (බ)

:       0       0

ප්‍රියා Friday, 11 March 2016 03:16 AM

තම තමාගේ ජීවන පැවැත්ම වෙනුවෙන් තම තමාගේ පක්ෂ දිනවන්න තිබෙන උනන්දුව මිස රට හදන්න මේ කිසිම කෙනෙකුට ඕනෑකමක් නැහැ කියලා හොඳටම පෙනෙනවා අපිට (නි)

:       0       0

ආසිරි Friday, 11 March 2016 08:19 AM

ඒකා බද්ධ විපක්ෂේ අයවත් ගන්නවද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 118 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 319 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 154 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4064 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 536 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2130 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site