(සුජිත් හේවාජුලිගේ )
මෙරට විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක්වීමට කිසිසේත්ම හේතුවක් නැති බවත් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්ව විද්‍යාල නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
එම විශ්වවිද්‍යාල බොහොමයක් ස්වාධීන ස්වයං පාලන ආයතන පුණ්‍යායතන හෝ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන ලාභ නොලබන සංවිධාන ලෙස ව්‍යුහගත කර ඇති බවත් එවැනි ආයතන ශ්‍රී ලංකාවේ ස්ථාපිත නො කිරීමට කිසිසේත්ම හේතුවක් නැති බවත් ජනාධිපතිවරයා කීවේය.
සාම්ප්‍රදායික ආකල්ප එවැනි ආයතන පිහිටුවීමට බාධා කරන්නේ නම් එවැනි ආකල්පයන්ට දැඩි ලෙස අභියෝග කළ යුතු බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් පරිබාහිරව උසස් අධ්‍යාපනය ලබා දෙන ආයතන උපාධි විකුණන අධ්‍යාපන කඩ බවට පවතින පැරණි විරෝධතාවල කිසිදු අර්ථයක් නොමැති බවද සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේදී අද පස්වරුවේ පැවැති එහි උපාධි ප්‍රදානෝත්සවයේදීය.
මේ රටේ තරුණ තරුණියන්ට පවතින අවස්ථා සීමා කරන මෙවැනි යල්පැනගිය පදනමක් නොමැති කතාවලින් ඔබ්බට සිතිය යුතු බවද ඔහු පැවසුවේය.
රාජ්‍ය අංශයෙන් පරිබාහිරව විශ්වවිද්‍යාල පිහිටුවීමට විරෝධය පළ කිරීම ඛේදවාචකයක් පමණක් නොව අපරාධයක් බවද ජනාධිපතිවරයා පැවසීය
ජනතාව එවැනි පටු ආකල්පවලින් කටයුතු කළහොත් ශිෂ්‍ය පරම්පරා තවත් ගණනාවකට දුක් විඳීමට සිදුවනු ඇති බවත් එය සිදුවීම සඳහා ඉඩ දීමට තමා සුදානම් නැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘සියලු විශ්ව විද්‍යාල රජයේ විය යුතු නෑ‘‘
Gamunu Thursday, 09 December 2021 08:12 PM
රාජ්‍ය අංශයෙන් පරිබාහිරව විශ්ව විද්‍යාල පිහිටුවීමට විරෝධය පළ කිරීම ඛේදවාචකයක් පමණක් නොව අපරාධයක් බවද ජනාධිපතිවරයා පැවසීය. ජනතාව එවැනි පටු ආකල්පවලින් කටයුතු කළහොත් ශිෂ්‍ය පරම්පරා තවත් ගණනාවකට දුක් විඳීමට සිදුවනු ඇති බවත් එය සිදුවීම සඳහා ඉඩ දීමට තමා සුදානම් නැති බවත් පැවසීය... ‘‘සියලු විශ්ව විද්‍යාල රජයේ විය යුතු නෑ‘‘ඔබගේ ප්‍රකාශය 100%ක් නිවැරැදිය.
ලලිත් අම්බලන්ගොඩ Thursday, 09 December 2021 08:29 PM
අපේ රටේ බොහෝ වැදගත් දේ විනාශ කලේ ජේ.ආර්ගේ ආණ්ඩුව කාලේදී. ඉතා වැදගත්ව තිබූ රාජ්‍ය පරිපාලන සේවය නැත්තටම නැතිකළා. සෑම රාජ්‍ය ආයතනයක්ම වාගේ විනාශ කළා. එහෙම කලේ ජොබ් කාඩ් හරහා නුසුදුස්සන් වැදගත් තනතුරු වලට පත්කරලා. මගෙන් ඇහුවොත් මම කියන්නම් ඕන තරම්. කිසිම විභාගයක් සමත් නොවූ අයට රජයේ හොඳ හොඳ තනතුරු දුන්නා. පිරිහීම ආරම්භ කලේ ජේ.ආර්. ගෙන්... ගෝ්ඨාභය රාජපක්ෂ මැතිතුමා හදන්නේ ඉතුරු ටික විනාශ කරන්න දැයි මට පොඩි සැකයක් තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොළඹ වෛද්‍ය පීඨයට යන්නේ උපරිම සිසුන් 10 ක් හෝ දොළහක් පමණයි. මොරටුව විශ්ව විද්‍යාලයට යන්නෙත් ඒ වගේ ඉතා සුළු පිරිසක්. ඊළඟට පේරාදෙණිය වගේ තැන්වලට. ඒ නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල සහ පුද්ගලික විශ්ව විද්‍යාල සම කරන එක හොඳ නැහැ. මම මුලින් කී තැන්වල ඉන්නේ ඒ ඒ වසරවල්වල රටේ බිහිවන උපරිම බුද්ධිමත් දරුවන් ටික. මේ වගේ කෙටි සටහනකින් මේක පැහැදිලි කරල දෙන්න බැහැ. නමුත් එස් 3 ක් ගත්තු අයට පුලුවන් සල්ලි තියෙනවා නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුල් වෙන්න. ඒ නිසා සාමාන්‍ය පවුල් වල දක්ෂ, බුද්ධිමත් දරුවන්ගේ ගානට හැම කෙනෙක්ම සම කරන්න එපා. ජනාධිපති වුණත් අධ්‍යාපනය ගැන දකින ඇතැම් අදහස් නිවැරදි නැහැ.
BamunuarachchiSaturday, 11 December 2021 01:25 PM
විකාර කියවන්න එපා හලෝ. කතාව සියලු විශ්ව විද්‍යාල රජයේ විය යුතු නෑ‘ කියන එකයි. ඔව් එසේ විය යුතු නැහැ. මෙහෙ පෞද්ගලික විශ්ව විද්‍යාල නැති උනාට ලෝකේ සෑම රටකම පෞද්ගලික විශ්ව විද්‍යාල තිබෙනවා. රැකියා දෙන ආයතන පෞද්ගලික විශ්ව විද්‍යාල සහතික ඉහලින්ම පිළිගන්නවානම් තව මොනවද කතා? විශ්ව විද්‍යාල සහතිකය ගැන සැකයක් තිබෙනවානම් අදාළ ආයතනය කෙලින්ම අදාළ විශ්ව විද්‍යාලයෙන් සහතිකය ආයතනයට ඉල්ලනවා. කැනඩාවට පී ආර් ඉල්ලීමේදී එහෙම උනා . කැනඩා රජය ඉහලින් ඒ සහතික පිළිගත්තා. හැබැයි මොන විශ්වවිද්‍යාලයෙන් සහතික ලැබුනත් පුද්ගලයාට අදාළ නිපුනත්වතව තිබෙනවා කියන සහතිකය ඒ සහතිකයේ නැහැ. ඒ නිසා පරිගණක ක්ෂේත්රයේ පුද්ලයින් තෝරා ගන්න ටාස්ක් එකක් දීලා ඒ ටාස්ක් එක හොඳින් කලොත් සහතික බලන්නේ නැත.
ජවිපෙ කරුමේ Thursday, 09 December 2021 09:07 PM
ගොඩක් රටවල් තම රටේ විශ්වවිද්‍යාල හරහා ලොකු විදේශ විනිමයක් රටට ලබා දෙනවා. ඒකට අපේ රටෙන් සැහෙන මුදල් ප්‍රමාණයක් පිටරටට යවනවා. මුරුසිය වගේ පුංචි රටවලත් විදේශිකයන්ට MBBS දෙනවා ,අපේ රටේ ? ලංකාවේ බහුතරයක් කරන්නේ බාහිර කලා උපාධි. ඒවායින් රටට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියල මට නම් හිතෙන්නේ නැහැ. මොකද දැනටමත් රජයේ විශ්වවිද්‍යාල වලට අනවශ්‍යය අති බහුතරප්රමානයක්, කලා උපාධි වලට ඇතුලත් කරගන්නවා ලංකාවේ පුද්ගලික MBBS දෙන විශ්වවිද්‍යාල ඇතිකළ යුතුමයි.!!
සිරි Thursday, 09 December 2021 11:12 PM
කාලෙකට පස්සෙ ස' වැදගත් අදහසක් ඉදිරිපත් කරලා. ලංකාවේ රාජ්‍ය නොවන අංශය මගින් පවත්වාගෙන යන විශ්ව විද්‍යාල තිබිය යුතුයි. ඒවා අධ්‍යාපන කඩ නොව හොඳ උසස් අධ්‍යාපන ආයතන විය යුතුයි. ඒවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ නියාමනය විය යුතුයි.
Sanju Thursday, 09 December 2021 11:41 PM
Obathumage adahasa seeyata seeyakma hari a adahasa kriyawata negeemata obathumata sakthiya dahiriya lebewa
buddi Friday, 10 December 2021 12:41 AM
එතකොට රාජ්‍ය විශ්ව විද්‍යාල උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යාමේ වගකීම ආණ්ඩුවේ වගකීමක් නොවේද? ඒවාට යොදවන්නේ මහා ජනතාවගේ මුදල් නොවේද?
BamunuarachchiMonday, 13 December 2021 10:11 AM
ලෝකේ අනික් රටවල කොහොමද සිද්ද වෙන්නේ?
Perera Friday, 10 December 2021 01:32 AM
ඕවා කියන්න GOMA එකේ කුහක පාදඩයින්ට..
Rathnayake Friday, 10 December 2021 01:45 AM
මෑත කාලයේ මම ඔබතුමාගෙන් ඇසුව හොඳම අදහසකි. අපරාදේ සයිටම් වගේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වසාදැම්මේ.. අඩුපාඩු තිබුණානම් ඒවා අණපනත් මගින් නිවැරැදි කරන්න තිබුණා.. අද විදේශ රටවල ඉගෙන ගන්න අපේ රටේ දරුවන් සහ දෙමාපියන් විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඩොලර් එකට ගෙවන රුපියල් ප්‍රමාණය ඉහළ ගිහින් නිසා...
කිරි පුතා Friday, 10 December 2021 03:41 AM
ඔව්... ලෝකෙ හැම රටකම ඕනෑතරම් පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා. කැමති අයට හැකිකාලෙක ඉගෙන ගන්න පුලුවන්... අපේ රටේ තමයි බොරු සුදු අදහස් එළියට දාලා කුහකකම නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල අරින්න නොදෙන්නේ... උසස්පෙළ ලකුණු අඩු කෙනා මහපාරට දාන්න තමයි ඒ අයට වුවමනා...!
Demuni Uduwara Friday, 10 December 2021 04:51 AM
පනතට අනුව... සර් ජෝන් කොතලාවල මහතා අවසානයේදී මොනවද ලියා තිබෙන්නේ?
de silva Friday, 10 December 2021 06:56 AM
මම ඔබගේ දේශපාලනයට එකග නොවුනත් මෙම අදහස හරි බව ප්‍රකාශ කරමි . නමුත් ඔබලා විපක්ෂයේ ඉද්දි සයිටම් ප්‍රශ්නයෙදි දැරුවේ වෙන මතයක්
චන්දන Friday, 10 December 2021 07:01 AM
ඇත්ත ඒ බව පිලිගන්නව. නමුත් ලංකාවෙ ඉන්න බහුතරයක් දෙනාටම ආසාවක් තිබුණ ත් ඒවට යන්න බැරි මුදල් ගැටළු නිසා. දැනටමත් දෙන ණය යෝජනා ක්‍රමය තව දුරටත් වැඩි කරන්න .
samira Friday, 10 December 2021 08:34 AM
ලාභය මූලික කරගත් ආයතන නොඑනතාක් ප්‍රශ්නයක් නෑ. ඔතෙන්ට පුද්ගලික ලාභය කියන වචනේ එන දවසට ඔක්කොම ඉවරයි..
sharm warn Friday, 10 December 2021 08:56 AM
ආ.. ඒ කියන්නේ අපේ විශ්ව විද්‍යාල ටිකත් කාටහරි විකුණන්න වගේ. මේ රටේ මූලික උපාධිය විතරයි ලැබෙන්නේ. එතැනින් එහාට ඕනෑම මට්ටමක උපාධියක් ගන්න නම් අතින් වියදම් කරගන්න තමයි වෙන්නේ.. දැන් මූලික උපාධියත් විකුණන්න වගේ.. මුන්ට ඡන්දෙ දුන්න එවුන් කොහේද? දැන් සැපද?
akalanka Friday, 10 December 2021 09:44 AM
කෝ බන් මේ GMO ඇතුළු අධ්‍යාපනය විකුණනවා කියලා හැමදාම කෑගහන කට්ටිය... මීක් නෑ...
BamunuarachchiMonday, 13 December 2021 10:31 AM
අධ්‍යාපනය ලංකාවේ නොමිලේ දුන්නාට ලෝකේ අනික් රටවල කරන්නේ විකුණන එක තමයි. ලංකාවේත් කතෝලික සභාවට අයත් ප්‍රසිද්ධ ලොකු පාසල් අධ්‍යාපනය විකුණනවා. ලක්ෂ ගණන්දීලා ඉගෙන ගන්නේ... සමහර ක්‍රිස්තියානි පාසල් අධ්‍යාපනය විකුණන්න පටන්ගත්තේ 1800 ගණන්වල සිට....
Ariyasena Lelwala Friday, 10 December 2021 10:03 AM
ඒක ඇත්ත... ඉදිරියට යන්න.
Ratne Friday, 10 December 2021 11:50 AM
අපේ ගමේ සිල්ලර කඩේ බඩු කිරන නන්ද කුමාරසේන කොලුවාත් ඔය වගේමයි කියන්නේ. ඌ නම් වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගිහින් නෑ. තව ටිකක් වයස ගියාම නමේ තියෙන කුමාර කියන කොටස නිශේධ වේවි, එවිට කඩේ කොලුවා නාකි වුණාම රජකමටත් සුදුසුයි.
BamunuarachchiMonday, 13 December 2021 10:38 AM
නන්ද කුමාරසේන රටට කරපුවා අනිත් එකෙක්වත් රටට කරලා නැහැ. නන්ද කුමාරසේන කෙරුවේ නැතිනම් ඔහෙලා මේ වෙනකොට උදෙන්ම ප්රභාකරන්ගේ රුපෙට හඳුන් කුරු පත්තුකරලා කට්ටකුමන්ජල් අල්ලලා වැඳලා තෝස කඩවල කෙහෙල්කොල හෝදනවා. සමහරු හිතන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන කතාව පටන්ගත්තේ මේ ඊයේ පෙරේදා කියලා. මොකද ඔවුන් ඊයේ පෙරේදා ඉපදුන නිසා