IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා‘

උසාවියට අපහාස කිරීමේ නඩුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප දුන් නමුත් සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඥානසාර හිමියන් බදාදා (10) දක්වා හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.

ඥානසාර හිමියනට ඇප දිය හැකිදැයි බදාදා සළකා බලන බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

රිමාන්ඩ් කිරීමෙන් පසු ඥානසාර හිමියන් බන්ධනාගාර රියට ගොඩවූයේ ‘සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා‘ යන ගාථා පාඨය කියමිනි.

gnanasara_201629 gnanasara_201629-2 gnanasara_201629-3 gnanasara_201629-4

ඡායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ



අදහස් (0)

‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා‘

කුමාර් (ගල්ෆ්) Tuesday, 09 February 2016 04:28 PM

ඒකාලේ මස් වැද්දා වගේ උඩ පනිනකොට "සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා" වගේ ගාථා මතක්වෙන්න නැතිව ඇති මෙයාට. (කෞ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 10 February 2016 03:58 AM

සතියකට දෙකකට බුදු බණත් මතක් වෙලා වගේ. (ම)

:       0       0

බණ්ඩාර Tuesday, 09 February 2016 04:30 PM

නඩුකාරය දැන් මේක දුර අරගෙන්න යන්න වගේ . මේක හින්ද තමයි අපිට පිට රටින් නඩු කාරයෝ ඕනෑ කියන්නේ . හාමුදුරුවන්න්ට මෙහෙම කොරානම්, අපිට කොහොම කොරයිද.(කෞ)

:       0       0

රකිත් Wednesday, 10 February 2016 04:16 AM

යමෙකු සිය ජාතිය, ධනය සහ කුලය ගැන අධි මානසිකත්වයකින් පෙළෙයිද එම පුද්ගලයා විනාශ මුඛයට පැමිණේ - පරාභව සුත්‍රය (ර)

:       0       0

ඉන්දු Wednesday, 10 February 2016 04:30 AM

සමහර වෙලාවට මේ හාමුදුරුවන් වහන්සේගේ හැසිරීම හරිම ආවේගශීලියි .. ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේත් මේ සේවයම කළා, සිවුරේ ගෞරවය රැක ගෙන. (ර)

:       0       0

සුරංග Wednesday, 10 February 2016 04:24 AM

ලිඳේ ඉන්න ගෙම්බන්ට මුන්නාන්සේගේ වටිනාකම් තේරෙන්නේ නෑ. (ර)

:       0       0

රකිත් Wednesday, 10 February 2016 04:26 AM

සත්‍යපාල , මමත් දැක්කා. (ර)

:       0       0

චන්දන Tuesday, 09 February 2016 11:58 AM

අනේ ඥාණසාර හිමියන්ට වෙච්ච දෙයක්.(හේ)

:       0       0

සුරේෂ් Tuesday, 09 February 2016 12:04 PM

නැගෙන හිර පැත්තට ගිහින්ම ඇවිත් හාමුදුරුවන්ට විරුද්දව කතා කරමු . නැතිනම් කිසිවක් නොකිය ඉන්න .(මොකද රටේ තොටේ වෙන දේවල් දන්නේ නැතිව කොමෙන්ට් දාන එක සදාචාර නැති නිසා ) (කෞ)

:       0       0

එස් කල්පගේ Wednesday, 10 February 2016 05:07 AM

හාමුදුරුවෝ නිවනට කටයුතු කළ යුතුයි..(ම)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 09 February 2016 12:05 PM

අහෝ ඥානසාර නොදුටි මොක්පුර (කෞ)

:       0       0

කුමාර Tuesday, 09 February 2016 12:12 PM

බණ්ඩා ඔන්න දැක්කද රිමාන් කරන විදිහ තර්ජනය කරා කියල තව දවසකට ඇතුලට දැම්ම දැන් කට්ටියට සනීප ඇති නේද(කෞ)

:       0       0

සේරම් පැරිස් Tuesday, 09 February 2016 06:20 PM

හාමුදුරුවනේ, ඔය ජාතිවාදයත් ආගම් බේදත් නැති කරගෙන රට හදන්න. රටේ සියලුම ජාතීන්ට එක්ව සිටිය හැකි රටක් ගොඩනගන්න ඕකෙන් එළියට ආවහම (නි)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 09 February 2016 06:29 PM

අද නම් හාමුදුරුවරුන්ගේ හැසිරීම හොඳයි, උසාවියට පින්සිද්ධ වෙන්න. (නි)

:       0       0

නුවන් Wednesday, 10 February 2016 05:33 AM

පාලිත කියන කෙනා පිට රටක ජීවත්වුණ කෙනෙක් නෙවි වගේ. ඒකනිසා ලෝකය ගැන දන්නේ නෑ..... මනුස්ස ජාතියට සමානව සලකන රටක් වෙන්න පුලුවන්නම් මා උපන් ලංකාව ගැන සිංහල බෞද්ධයෙක් ලෙස ආඩම්බරයක් ඇතිවේවි. (ර)

:       0       0

ආසිරි Tuesday, 09 February 2016 12:25 PM

හෙට ඇප ලැබෙයි බොහෝ විට.(හේ)

:       0       0

ගාමිණී Tuesday, 09 February 2016 12:32 PM

කාට කාටත් මේක හොඳ පාඩමක්.(හේ)

:       0       0

සරත් අමරකෝන් Tuesday, 09 February 2016 07:43 PM

වීර පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, මද්දුම බණ්ඩාර, අනගාරික ධර්මපාලතුමා, වැලිවිටියේ සෝරත හාමුදුරුවෝ, වලිසිංහ හරිශ්චන්ද්‍ර, දී.බී. ජයතිලකතුමා අද හිටියා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

බණ්ඩා Tuesday, 09 February 2016 12:48 PM

ඇප දෙන්න එපා ...(හේ)

:       0       0

ජයන්ත Tuesday, 09 February 2016 12:43 PM

හාමුදුරුවෝ අධිකරණයට ගෞරව කළයුතුව තිබුනා. නඩුකාරය කියන්නෙත් මේ රටේ පුරවැසියෙක්. නීතිය සැමට පොදුද කියලා අපි අහනවා. (හේ)

:       0       0

රොහාන් Tuesday, 09 February 2016 08:22 PM

මේ හාමුදුරුවො ගැන මට නම් හදවතින්ම ආඩම්බරයි (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 10 February 2016 05:59 AM

අවම බලයද මේ? (ම)

:       0       0

බණ්ඩාර Tuesday, 09 February 2016 10:44 PM

හෙට අනිද්දා වෙද්දී තව තව මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 09 February 2016 10:45 PM

එදා තීන්දුව දෙනකොට එක්නැලිගොඩ සිද්ධියටත් එක්කම තීන්දුව දුන්නා නම් අපි සතුටුයි (නි)

:       0       0

මනෝජ් කොට්ටාරච්චි Tuesday, 09 February 2016 01:30 PM

හාමුදුරුවන්ගෙත් වැරදි තියෙනව තමයි, ඒත් අද බෞද්ධයන්ගෙ අයිතිය ආරක්ෂා කරන්න වෙන කවුරුවත් නෑ. ඉතින් ඒක නිසා අපි මෙතනදි ඥානසාර හාමුදුරුවන්ගෙ පැත්ත ගන්න වෙනවා. (ර)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 10 February 2016 06:41 AM

පතිරණ නිදාගෙන ඉදල නැගිටලා වගේ අදහස් පල කරන්න එපා. ඔයා එම සිදුවීම සිදුඋන තැන දන්නවාද? (ර)

:       0       0

ධර්මපාල Tuesday, 09 February 2016 01:28 PM

තමන්ගේ ජාතික නායකයන්ව, අන් ජාතිකයන් කිසිදිනෙක විවේචනය නොකරති. මා ද, සිංහල නමුත්, වර්තමානයේ සිටිනා බහුතරයක් සිංහලයන් ගැන දැනෙන්නේ බලවත් කනගාටුවකි. අන් ජාතිකයන් දේශපාලකයෝ උන්ගේ මිනිස්සු ගැන කතා කරති. වැඩ කරති.සිංහලයන් ගැන හඬක් අවදි කරන එකදු දේශපාලකයෙක් සිටීද ? මෙවන් වාතාවරණයකදී, අපේ උතුම් බුදු පුතුන් රැක ගැනීමට සිංහලයෝ දන්නේ නැත. අපේ අය , අවස්ථාවාදී දේශපාලකයන් සහ දේශපාලන පක්ෂ වෙනුවෙන් දිවි නොතකා වැඩ කරති. (ර)

:       0       0

චාමර Tuesday, 09 February 2016 01:38 PM

අර උතුරේ ඊළම සදහා ඉල්ලීමත් ඔය ගමන් සලකල බැලුවනම් හරි. දැන් මෙයාලගේ කට වැහිලා නිසා වැඩේ ලේසියි. (ර)

:       0       0

සත්‍යපාල Tuesday, 09 February 2016 11:45 PM

කවුරු කවුරුත් මතක තියාගන්න. මේ හාමුදුරුවෝ එළියට බැස්සේ සුපිරි පන්සල්වල සැතපෙමින්, බෙන්ස් කාර්වල වඩිමින්, රස මසවුළු වළඳමින් සමහරු නිවන් සොයන මොහොතක. උතුරේ කඳවුරු එකින් එක ගළවමින්, හමුදාවේ රහස් ඔත්තු අංශවල නිලධාරින් එකිනෙකා කූඩුකරන මොහොතක. මේ හාමුදුරුවෝ ඒ සඳහා සටන් කළ විලාශය ලස්සන නැති වුණත් කළ සටන නිවැරදියි. (නි)

:       0       0

අසංග Tuesday, 09 February 2016 01:47 PM

ඕනවට වඩා කෑගහන කාටත් හොඳ පාඩමක් මේක. (ර)

:       0       0

රකිත් Wednesday, 10 February 2016 12:53 AM

දැන් තමයි නිදුක් වේවා කියන්න මතක්වෙලා තියෙන්නේ. කලින් නම් කිව්වේ අබ සරණයි කියලා. (නි)

:       0       0

භද්‍රානි Tuesday, 09 February 2016 02:02 PM

නිවන සොයා ගෙන ගියා නම්, හිරේ යන්න වෙන එකක් නැහැ මගේ හිතේ??? (ම)

:       0       0

සේන Tuesday, 09 February 2016 02:01 PM

මේවායෙන් වෙන්නේ උන්වහන්සේගේ පන්නරය වැඩිවීම පමණයි (නි)

:       0       0

රවිඳු Tuesday, 09 February 2016 02:13 PM

අර විප්ලව කරද්දී පාවිච්චි කළ ඇපල් වර්ගයේ ස්මාට් ෆෝන් එකත් අරගෙනද හිරේට ගියේ? අපිට කොයින්ද ඇපල් ෆෝන්? (නි)

:       0       0

සෙනරත් බණ්ඩාර Tuesday, 09 February 2016 02:21 PM

සබ්බේ පෘත්ග්ජනා උම්මත්තකා! (නි)

:       0       0

බිම්බිසාර Wednesday, 10 February 2016 07:40 AM

එළියේ ඉන්න කොට මේ ගාථාව අමතක වෙලාද තිබුණේ ?? (ම)

:       0       0

අරුණ Wednesday, 10 February 2016 01:49 AM

සුරේෂ්, සත්‍යපාල, නිමල් ලලිත් ඔබගේ ප්‍රකාශ වලට මම එකඟයි (නි)

:       0       0

ඉන්දික Tuesday, 09 February 2016 02:22 PM

හාමුදුරුවෝ පුදුම තරම් සන්සුන් වෙලානේ (නි)

:       0       0

අසංක Tuesday, 09 February 2016 02:30 PM

මිණිකැට යට ගිහින් ගොමරිටි උඩ එනවා. මානව හිමිකම් රැකෙන වාතාවරණය හදපු අය හිරේ දානවා. (නි)

:       0       0

චාමර Tuesday, 09 February 2016 02:27 PM

කයිවාරු කියවන අය වැජබෙනවා, දිවි පරදුවට තබා නිදහස රැක දුන් නායකයන් රට යනවා.(කෞ)

:       0       0

නිමල් ලලිත් Tuesday, 09 February 2016 02:29 PM

ඥානසාර හිමියන්ට අපහාස කරන කට්ටිය,යහපාලන කට්ටියෛ මෙවැනි ප්‍රකාස කරන්න ඉස්සෙල්ල ,මන්නාරම, අක්කරේ පත්තුව, කාත්තන්කුඩිය නැතිනම් විල්පත්තුවේ විනාස කරපු වනය දිහා බලල මේ වගේ ප්‍රකාස කලොත් හොඳි. එහෙ යත නොහැකිනම් කොළොඹ මහා නගර සීමාව වටා ගොස් බලන්න. නිකන් ලින් ගෙම්බෝ වගේ වෙන්න එපා (කෞ)

:       0       0

පාලිත Wednesday, 10 February 2016 02:09 AM

වැඩි හරියක් මෝඩ අදහස් දාන්නේ ලංකාවේ ඉන්න අය නෙමෙයි. මොකද ඩුබායි, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉඳලා ලංකාවේ උතුරු නැගෙනහිර වෙන දෙවල් දකින්නේ කොහොමද එයාලා (නි)

:       0       0

පරාක්‍රම Tuesday, 09 February 2016 03:14 PM

වෛරය සිත්හී දරාගෙන, අනුනට හිරිහැර වන අයුරින්ද, අපහාස කරමින්ද, නීතිගරුක නොවමින්ද, චන්ඩියෙකු මෙන් හැසිරෙමින්ද , ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනයකරමින් හිමිනමක් කියන පුද්ගලයෙක් , තමා සම්මතයේ නොපිහිටා . මෙවැනි උතුම් ගාථා පාඨ දෙසීම විහිළුවකි. මොවුනට දානය පිරිනැමීමද පාපයකි.(කෞ)

:       0       0

ආනන්ද Tuesday, 09 February 2016 03:15 PM

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මේ ගාථා පාඨය කලින් දැනගෙන උන්නේ නැද්ද?(කෞ)

:       0       0

අමා Tuesday, 09 February 2016 03:32 PM

අනෙක් අයව බය කරන්න තමයි මෙහෙම කරන්නේ .එතකොට ජඩ ..පාලනේ ගෙනියන්න ලෙහෙසියි .(කෞ)

:       0       0

පතිරණ Tuesday, 09 February 2016 03:36 PM

එතකොට ඇයි මේ නීති දෙකක්. හිරුණිකත් තර්ජනය කළේ නැදිද පැහැරගෙන ගිහින්?(කෞ)

:       0       0

සොපි Wednesday, 10 February 2016 02:57 AM

මෙතුමාට "ජාතිකත්වයක්" තිබෙනවා. තම වාසියට රට පාවාදෙමින් විජාතික ජාත්‍යන්තර බලවේග හා එක්වසිටින අවස්ථාවාදීන් එය "ජාතිවාදය" ලෙස හුවාදක්වන්න කෙතරම් උත්සහ කළත් එය අසාර්ථකයි. ජනතාව අවදියෙන්. දැන් ජනතාව ගොනාට අන්දන්න පුළුවන් කාලේ පහුවුණා. (නි)

:       0       0

හිමාල් Tuesday, 09 February 2016 03:48 PM

ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී වරප්‍රසාද තිබෙනවා. පහුගිය කාලේ එක ඇමති කෙනෙකුත් ඇමතිවරු කවදාද උසාවි ගියේ කියලා කිව්වේ ඒ නිසයි. මේ හිමියන් හෝ දේශපාලන පවුල්වල අයට ඒ වරප්‍රසාද හිමි නැහැ. ඒක තමයි නීතිය. (නි)

:       0       0

අශාන් Tuesday, 09 February 2016 03:53 PM

සුරේෂ් කියන එක සම්පූර්ණ ඇත්ත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 438 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 934 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 603 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 937 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1398 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 580 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site