IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සිය කෝටියක ‘රෝස් වුඩ්‘ අල්ලයි

නගෙනහිර අප්‍රිකාවේ සිට  නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද   ‘රෝස් වුඩ්‘ දැව කඳන් මෙට්‍රික්  ටොන් 420 ක් රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරුකීමේ ඒකකයේ නිලධාරීන්  විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

කන්ටේනර් 28 ක බහා තිබු රෝස් වුඩ් දැව කඳන් 3669 ක් සොයා ගත් බවත් එහි වටිනාකම රුපියල්  සිය  කෝටිය ඉක්මවන බවත් රේගුව කියයි.

මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාව හරහා හොංකොං නුවරට නීති විරෝධී ලෙස අඩි දහයක් දිය කොට 3669ක් අපනයනය කිරීමට සූද‍ානම් කර තිබිණි.

රෝස්වුඩ් ධන කුවේරයන්ගේ පරිහරණය සඳහා වන ලීබඩු නිෂ්පාදනයට යොදා ගැනේ. 

මේ පිළිබඳ විමර්ශන කටයුතු  රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා  ජාතික උරුමයන් සුරැකීමේ  ඒකකයේ නියෝජ්‍ය  රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර, රේගු සමාජ ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂක එම්. පාස්කරන් යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී ආර්.ඩී.ඒ.එන්.ජී නියරේපොළ මහතාගේ මෙහෙයවීමෙන් රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නිලධාරීහු සිදු කරති.

(රෝස්වුඩ් ගසක්)



අදහස් (0)

සිය කෝටියක ‘රෝස් වුඩ්‘ අල්ලයි

කුමාරි Wednesday, 02 April 2014 10:31 AM

මට හිතා ගන්න බැරි දැන් වංචා වෙනවා වැඩිද.... නැත්තම් මාධ්‍ය දියුණු ද කියලා? (ස)

:       0       0

අංජන Thursday, 03 April 2014 12:15 AM

මේ ලෝකය විනාශ කරන ධනපතියන් බංග වේවා! (නි)

:       0       0

දසනායක Wednesday, 02 April 2014 11:02 AM

රෝස් වූඩ් අපේ රටේ දෙයක් නම් නෙමේ නේ. ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකය ඇයි අත්අඩංගුවට ගන්නේ. නොදන්නා නිසයි අහන්නේ. (ස)

:       0       0

සරණ Wednesday, 02 April 2014 11:09 AM

මෙහි නීති විරෝධී ක්‍රියාව කුමක්ද කියලා කාටහරි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? (නි)

:       0       0

මාණි Thursday, 03 April 2014 12:54 AM

අල්ලන එක පමණි පස්සේ පස්ස දොරෙන් එලියට බලන් ඉන්න විජ්ජාව .(නදී)

:       0       0

ලලිත්-එස් එල් Wednesday, 02 April 2014 11:22 AM

මේවා අපේ රටට ගෙන්වපුවා හෝ අපේ රටේ දෙයක් නොවෙයි නේ. (ස)

:       0       0

සරත් Wednesday, 02 April 2014 11:31 AM

සමන්ත ගුණසේකර කියන්නේ ගහ කොළ සතා සිව්පාවාට ඇත්තටම ආදරය කරන නීති ගරුක මහත්මයෙක්.වැඩේ හරියටම කරයි. (ස)

:       0       0

ලාරා Wednesday, 02 April 2014 05:40 PM

මම කියනවා මේ දැව කඳන් තොගය ඉතාම සුදුසු පුද්ගලයින් අතරේ බෙදී යන්න සළස්වන්න කියලා (නි)

:       0       0

නිහාල් Wednesday, 02 April 2014 11:36 AM

ඡායාරූපයෙන්ම පෙනෙනවා මෙය වටිනා දැවයක් කියලා (නි)

:       0       0

උපාලි ගුණසේකර Thursday, 03 April 2014 03:43 AM

සමන්ත සොහොයුර, ඔබ ඇතුළු කණ්ඩායමට මගේ උණුසුම් සුබ පැතුම්! ජාතික සම්පත් රැක ගැනීමට ඔබ දරණ මහත් උත්සාහය රේගුවේ සේවය කල කාලයේද මම දුටුවෙමි. ඔබේ ව්‍යායාමය දිනෙන් දින, ජයෙන් ජයට පත් වේවා!!(නදී)

:       0       0

අරවින්ද Thursday, 03 April 2014 06:12 AM

මට නම් කියන්න තියෙන්නේ ආශ්චර්යයෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ මට මතක නැහැ ඔච්චරයි.(නදී)

:       0       0

ශාන්ති Wednesday, 02 April 2014 12:15 PM

මේ ටිකට දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

ගයාන් Thursday, 03 April 2014 06:37 AM

උපාලි මේක ජාතික සම්පතක්ද ජාත්‍යන්තර සම්පතක්ද ? (නදී)

:       0       0

ලලිත් Wednesday, 02 April 2014 06:44 PM

ලාරා, මේව ධන කුවේරයන්ගේ පරිහරණය කරන දැව වර්ගයක් නම් ඉතාම සුදුසු පුද්ගලයෝ වෙන්නේ අපේ මන්ත්‍රී වරු ඇමති වරු තමයි. එයාල ළඟදීම මේවා බෙදාගනිවී. (දී)

:       0       0

ඉන්දික Wednesday, 02 April 2014 01:03 PM

අපේ රටේ ධන කුවේරයන්ගේ පරිහරණය සඳහා වන ලී බඩු නිෂ්පාදනයට යොදා ගනි..... වෙන මොනවා කරන්ඩද? (ස)

:       0       0

ධම්මික Wednesday, 02 April 2014 07:38 PM

අල්ලාගත් වටිනා දැව තොගයට ලංකාවෙදි අත්වෙන ඉරණම පැහැදිලියි (නි)

:       0       0

ධම්මික Wednesday, 02 April 2014 07:40 PM

මේවා පරිහරණයට වඩාත් සුදුසු අය ඉන්නෙ කොහේද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)

:       0       0

රෝයි Thursday, 03 April 2014 09:05 AM

ඒ දැව ලැබිය යුතු රටට ලැබිලා තිබෙනවා. හොංකොං වල කොහෙද ඔය දැව පාවිච්චි කරන්න පුළුවන් අය ඉන්නේ? (නි)

:       0       0

ඉන්දික ගම්පහ Wednesday, 02 April 2014 01:38 PM

මම දන්නා විදියට මෙය නීතිවිරෝධී නැහැ. මෙහිදී සිදුවන්නේ නැවත අපනයනය කිරීමක්. එය රටට සල්ලි එන වැඩක්. ඉතින් මොකක්ද ගැටලුව? (නි)

:       0       0

අසෝකා Wednesday, 02 April 2014 01:45 PM

ස්වභාව ධර්මය කොයිතරම් ලස්සන දේවල් ලෝකයට දුන්නත්,අපි ඒවායේ ලස්සන දකින්නේ බොහොම පහත් මට්ටමින්. (නි)

:       0       0

සෑම් Wednesday, 02 April 2014 01:48 PM

ලංකාව නීති විරෝධී ""ප්‍රති අපනයන"" කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා වගේ, මීට පෙරත් මෙවැනි නීති විරෝධී ප්‍රති අපනයන ( සඳුන් දැව, කරුන්කා,) අසු උනා නේද ? (නදී)

:       0       0

අල්විස් Thursday, 03 April 2014 10:09 AM

මං මේ නො දන්නා හින්දයි මෙහෙම අහන්නේ. මේ අල්ලාගත් රෝස් වුඩ් කොට ටික රාජසන්තක කරනවාද ? රාජසන්තක කරනවානම් ඒ කොටන් පුළුස්සා විනාස කරනවාද ? එහෙම නැත්නම් ඒවා ආපසු මුල් රටටම යවනවාද ? අපේ රටේම රඳවා ගන්නවානම් ඒවා වෙන්දේසි කරනවාද ? මෙවැනි දේවල් කොතෙක් අල්ල ගත්තත් අල්ලාගන්නා තුරු ලොකුව කියෙවුවට ඉන්පස්සේ ඒවාට වෙච්ච දෙයක් ගැන ආරංචියක් නැති හින්දයි මම මේක ඇහැවුවේ. දන්නා කෙනෙක් කියලා දෙන්ටකෝ.(නදී)

:       0       0

ඉන්දික ගම්පහ Wednesday, 02 April 2014 08:56 PM

දැව තොගය මෙරටේ දී අත්අඩංගුවට ගන්නා ලද්දේ ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරැකීමේ ජාත්‍යන්තර සම්මුතියකට ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති බැවින් ය. මම පෙර සදහන්කල අදහස වෙනස් වියයුතුය (දී)

:       0       0

සිතිජ Wednesday, 02 April 2014 02:16 PM

නීති විරෝධීව මෙරටට ගෙන්වීම අපනයනය කිරීම හෝ ප්‍රති අපනයනද තහනම් වේ. නැතිනම් නීති විරෝධී දේට උදව් කිරීමක් වේ. (ස)

:       0       0

ඉන්දික Wednesday, 02 April 2014 02:19 PM

අසෝකා, ඒකේ ලස්සන බලන්න වෙන්න ඇති කපන්න ඇත්තේ. නැත්නම් ඔය විදියට පේන්නේ නැහැනේ. (ස)

:       0       0

බණ්ඩාර -ක්වේට් Wednesday, 02 April 2014 02:19 PM

ලොක්කො ටික මේවා බෙදා ගෙන පසුව කියාවී නොවටිනා ලී බව. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 727 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4686 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2801 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 257 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1372 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1478 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28042 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site