IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී  ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක්  මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස් තවත් දෙදෙනෙකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු ඇල්පිටිය මූලික රෝහලේ සහ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරුවන ඇල්පිටිය,වල්ලඹගල, සුගතපාල මාවතේ පදිංචි කාලිංග නිහාල් සෝමරත්න නැමැති 68 හැවිරිදි තිදරු පියෙක් සහ ඔහුගේ මුණුබුරා වන. තිනූල ප්‍රනාන්දු (10),මිණිබිරිය වන සෙනුලි ප්‍රනාන්දු (07), යන දරුවන් දෙදෙනායි.

ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි මියගිය රියදුරුගේ බිරිඳ (61) ඔහුගේ දියණිය (35),යන දෙදෙනාද දැනට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ දහට හැවිරිදි අනෙක්  මිණිබිරිය, ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඇල්පිටිය දෙස සිට අවිත්තාව දෙසට යමින් තිබූ ත්‍රීරෝද රථය අවිත්තාව දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ කැන්ටර් ලොරි රථයේ මුහුණ්ට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

 

 



අදහස් (4)

සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට

Asith Sunday, 21 April 2024 10:00 AM

ත්‍රී වීල් පාරේ යන විදියට මෙහෙම වුනේ නැතිනම් තමා පුදුමේ. මිය ගිය අයට නිවන් සුව...!

:       1       22

NimalSunday, 21 April 2024 12:22 PM

අනතුර පිළිබඳව නිසි කරුණු විමසීමකින් තොරව නිගමන වලට එලඹීම සුදුසු නැහැ.

:       3       14

යෝගා Sunday, 21 April 2024 11:17 AM

ත්‍රී වීල් එකේ 6 දෙනෙක්ම ගිහින්!!!

:       0       22

Bandula Sunday, 21 April 2024 11:21 AM

අපේ රටේ හදිසි අනතුරු වැළැක්වීමට නිසි පියවරක් තවමත් නැහැ.. අහෝ රටකට ගිය කලක්...!

:       1       25

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි
2025 අප්‍රේල් මස 22 0 0

’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
2025 අප්‍රේල් මස 22 8 0

පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.


කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 37 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 32 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 241 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙනස් වෙයි
2025 අප්‍රේල් මස 22 261 0

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 538 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site