සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රි ගුණරත්න සහ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් දස දෙනකු පක්ෂයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද තීරණය කෙළේය.
ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා කමිටු නිර්දේශය අනුව මෙම තීරණය ගෙන ඇත. එම පහරදීමට අමතරව ඔවුන් පක්ෂයේ නියෝගයට එරෙහිව යමින්, හයිඩ් පිටියේ පැවැති රැලියකට සහභාගී වීමේ චෝදනාව ද එල්ල වී තිබිණි. මෙම තීරණය ගැන යළි සලකා බලන්නැයි සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉවත දැමුවේය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිරිකොතට ගැසූ දහයක් නෙරපා හැරේ
ජනක Tuesday, 18 June 2013 10:09 AM
ලංකාවට හරිහමන් විපක්ෂයක් නැහැ (දී)
ෂෙරිෆ් Tuesday, 18 June 2013 01:59 AM
අනේ අපට යන එන මන් නැහැ, අපිව ආණ්ඩුවට ගන්නකෝ.(නදී)
හේමන්ත Tuesday, 18 June 2013 10:30 AM
අපි ආදරය කරන්නේ පක්ෂයට. අද අපි රනිල්ට ගරු කරනවා වගේම අනාගත නායකයා සජිත් නම් ඔහුටද ගරු කරනවා. කවුරු නායකයා වුනත් මේ වගේ අයට ක්‍රියාකරන්නේ මෙහෙමම තමා. අපි අපේ තරමට වැඩ කරන්න ඕනෑ. මේ අයට ඉවසීම ඇත්තෙම නැහැ. (නි)
චමත් Tuesday, 18 June 2013 03:44 AM
සදුනි, ඔයා ලැජ්ජා වෙන්න ඕනෑ.ඔයගොල්ලෝ නිසා තමයි සමහරු ඔය සෙල්ලම් දාන්නේ (නි)
අසිරි Tuesday, 18 June 2013 10:59 AM
පක්ෂය ඉන්නෙත් ටිකදෙනයි. ඒ කට්ටියත් නැති කර ගන්න තමයි ඔය හදන්නේ (දී)
සමන් කුමාර Tuesday, 18 June 2013 05:11 AM
ජේ ආර් , ප්‍රේමදාස, වගේ නායකයෙක් හිටියා නම් මේ ගොල්ලෝ වගේ අයට දෙන දඬුවම මීට වඩා බරපතලයි. කිසිකෙනෙක් මේ වගේ කට හොල්ලන්න එන්නේ නැහැ. දැක්කනේ එම්. ඩී .එච් ජයවර්ධන, සිරිල් මැතිව්, නෙවිල් ප්‍රනාන්දු වගේ පතාක යෝධයින්ට වුන දේ. ඒ ගොල්ලෝ මේ වගේ දරුණු විධියට පක්ෂය විවේචනය කලෙත් නැහැ. (නි)
ජ.හේරත් Tuesday, 18 June 2013 06:13 AM
ගුරුතුමියව දන ගැස්සුවට ආදර්ශමත් තීරණයක් මෙන්න.(නදී)
ලාල් Tuesday, 18 June 2013 11:29 AM
පක්ෂය වෙනුවෙන් ඉන්න මිනිස්සු ඉවත් කරන්න එපා (දී)
සම්පත් Tuesday, 18 June 2013 11:35 AM
රට හදන්න ඉස්සෙල්ලා පක්ෂය හදා ගත යුතුයි (නි)
රෑපා Tuesday, 18 June 2013 07:16 AM
පක්ෂ නායකයා. සදා විපක්ෂ නායකයා. මතුදා පක්ෂ නායකයා. ජයවේවා (අ)
දම්මික පෙරේරා Monday, 17 June 2013 09:13 PM
ලංකාවේ ප්‍රජා අයිතිවාසිකම් කතා කරන ලොකුම පක්ෂය. පක්ෂ නායකත්වය විවේචනය කරාම නෙරපා හැරීම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයද?(නදී)
සදුනි Monday, 17 June 2013 09:17 PM
නියමයි නියමයි නියමයි.සජිත්ගේත් අවුරුදු කීපයක පක්ෂය තහනම් කරන්න ඕනේ. ටිකක් හැදිලා එන්න. (ත)
සුසන්ත Tuesday, 18 June 2013 03:53 PM
ජනාධිපතිතුමාත් විවේචකයෝ ගැන මෙහෙම හිතුවනම් 88/99 වගේ ගංගා වල මිනි පාවෙයි නේ?(නදී)
ආනන්ද Tuesday, 18 June 2013 07:48 AM
ජේ ආර්, ප්‍රේමදාස වගේ අය අද හිටියා නම් ... (නි)
රණා Tuesday, 18 June 2013 12:10 PM
සදා පක්ෂ නායකයාට ජයවේවා! කෘත්‍යාධිකාරී මණ්ඩලයට ජයවේවා! කාටවත් කට හොල්ලන්න දෙන්න එපා. (නි)
සදුනි Monday, 17 June 2013 09:31 PM
මේවයින් සජිත්ගේ තටු කපන්නනම් බෑ.මේ මන්ත්‍රීවරු එදා හැසිරුණු විදියත් අනුමත කරන්න බෑ.(නදී)
සුරියා Tuesday, 18 June 2013 08:03 AM
හරියට හරි! ජයවේවා!(නදී)
සංජීව Tuesday, 18 June 2013 12:23 PM
බය වෙන්න එපා , සැලූන් දොර ලොක් කරලා නැහැ . කොළ හරක් ගාලෙන් නිල හරක් ගාලට මාරු වෙන එක විතරයි තියෙන්නේ.(නදී)
ඩෙන්සිල් Tuesday, 18 June 2013 08:30 AM
පක්ෂයට දෙවියන්න්ගේම පිහිට තමා. (නි)
නිමල් Monday, 17 June 2013 09:55 PM
මේගොල්ලන්ව බර ගන්න තව දේශපාලන පක්ෂ තියනවනේ. (අ)
රූපා Tuesday, 18 June 2013 04:30 PM
කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇර අනිත් ඔක්කෝටම කට හොල්ලන්න තහනම් කරන්න නායක තුමා.(නදී)
තිලක් Tuesday, 18 June 2013 08:45 AM
මමනම් ඒ මිනිස්සුන්ගේ පැත්තේ
අජිත් Monday, 17 June 2013 10:10 PM
මේ පක්ෂ නායකයා විවේචනය කල නිසා තමයි මේවගේ දඩුවමක්වත් ලැබුනේ. වෙන පක්ෂයක නායකයෙක් විවේචනය කලොත් හිතාගන්න පුළුවන්නේ ලැබෙන දඬුවම.(නදී)
කුමාර Monday, 17 June 2013 10:18 PM
පක්ෂයේ ඉදිරි ගමනට ගත් නිවරදි තීන්දුවක්. ජයවේවා !(නදී)
ඩී එස් මුණසිංහ - මහ ඉඳුරුව Tuesday, 18 June 2013 09:03 AM
මෙහෙම දිගටම සිදුවුණොත් මෙය සිරිකැත වේ.සිරිකොත නොවේ (නි)
අල්විස් Tuesday, 18 June 2013 09:12 AM
මේ ගොල්ලන්ව නම් ආණ්ඩුවට ගන්නේ නැහැ. එහෙම ගත්තොත් මේ ආණ්ඩුව ආශ්චර්ය කරා අපේ රට ගෙනයන එක බොරුවක් වෙනවා.(අ)
උපාලි Tuesday, 18 June 2013 01:31 PM
පක්ෂ නායකය මෙහෙම විවේචනය කරන අයට දෙන දඬුවම මීට වඩා බරපතල විය යුතුයි. කට හොල්ලන කිසිකෙනෙක් තියා ගන්න එපා. (නි)
සිරන් Tuesday, 18 June 2013 09:26 AM
හරි ශෝක් ..පක්ෂේ ඇතුලේ මෙහෙම නම් කොහෙද ආණ්ඩුවක් කරන්නේ ..ඔක්කොම එකයි ඔකේ ඉන්න අය නම් (අ)
ප්‍රිස්කෝ Tuesday, 18 June 2013 09:30 AM
නෙරපා යවපු එක ලොකු දෙයක්. මේ ගොල්ලෝ නිසා තමයි පක්ෂය පැරදුනේ. (නි)
සුමිත් Tuesday, 18 June 2013 09:33 AM
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කත කරන කලින් පක්ෂේ ගැන බැලුව නම් හොදා වගේ ..අපි දන්නවා බලය ගන්නකන් තමා මෙයාලගේ ඔකොම සුන්දර කතා(අ)
ලුම්බිණි Tuesday, 18 June 2013 09:39 AM
මම හිතනවා කල යුතුව තිබුනේ පක්ෂ මූලස්ථානයට පහරදීමේ සිද්ධියට මේ අයට විරුද්ධව නිති මගින් කටයුතු කිරීමක් කරපු හානියට. පක්ෂ නායකයා විවේචනය කිරීම ප්‍රජා අයිතියක්.(අ)
කැනඩා දිසා Tuesday, 18 June 2013 09:42 AM
පක්ෂ නායකයට වැඩියෙන් අපි සිතන්න ඕනෑ පක්ෂයේ ගැනයි. හැබැයි එකක් පැහැදිලියි. මෙහෙම ගියොත් 0 ලැබෙනවා ඒකාන්තයි. (නි)
සංජය Tuesday, 18 June 2013 10:00 AM
තීන්දුවට සහය දුන්නේ කවුද (දී)