( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දිවයිනේ ප්‍රදේශ රැසක විහාරස්ථාන හා කුලුපග වී එහි ස්වාමීන් වහන්සේලා නොමැති අවස්ථාවලදී ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් දේශීය හා විදේශීය මුදල් සොරා ගැනීමට පුරුදුව සිටි උපාධිධාරි ගුරුවරයෙකු , සොරාගත් විදේශීය මුදල් තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි (47) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි. තිබිරිගස්යාය ප්‍රදේශයේ විහාරස්ථානයක සංඝාවාසයෙහි කාමරයක දොරක් කඩා ඇතුළු වී එහි තිබූ කැනේඩියානු ඩොලර් 100 , ඇමරිකානු ඩොලර් 370 , හා දේශීය මුදල් රුපියල් 80 ,000 මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියට ඉකුත් දා පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ විමර්ශනයකදී සිද්ධියට සම්බන්ධ සැකකරු කළුබෝවිල ප්‍රදේශයේ නවාතැන්පලකදී අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවකදී එහි තිබී කැනේඩියානු ඩොලර් 100 සහ ඇමරිකානු ඩොලර් 220 සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
පසුව සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොහු කැසීනෝ සූදුවට තදින් ඇබ්බැහි වූ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් ඒ සදහා සොරාගත් මුදල් වැය කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.
උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.
රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත
ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සොරකමේ ගිය උපාධිධාරි ගුරුවරයා අත්අඩංගුවට
බකල ජයා Thursday, 16 January 2025 02:18 PM
එන පොට හොඳ නෑ වගේ. දැන් හොරකමේ යන්නත් ඩිග්‍රියක් ඕනෑ. ඊළඟ කොටස ලිව්වොත් මට NPP අය බනී...