(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
කොටදෙනියාව හා කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයන් හි වෙළඳසැල් පාසැල් හා නිවාස රැසක දේපළ සොරා ගැනීමේ යෙදුණු බවට සැක කරන යුවලක්්එසේ සොරාගත් රන් ආභරණ ඇතුළු දේපල තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල මීගමු පාර අම්මාන් කෝවිල මාවත ප්‍රදේශයේ පදිංචි යුවලකි.
එළුගාලේ මංජු යන සැකකරු දේපොළ සොරා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් ද ඔහුගේ බිරිඳ සොරබඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත
සැකකාර යුවළ මෙසේ දේපොළ සොරා ගත් ස්ථාන 13ක තොරතුරු පොලිසියට ලැබී ඇති අතර රුපියල් කෝටියකට ආසන්න වටිනා කමක් ඇති මුදල් භාණ්ඩ හා ස්වර්ණාභරණ සොරා ගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත
සොරකම් කරන ලද රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමින් යුත් ස්වර්ණාභරණ ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් මූලික පොලිස් පරීක්ෂණවලදී හොයා ගැනීමට හැකි වූ බව කොටදෙනියාව පොලිසිය සඳහන් කරයි .
කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ නිවාස බිඳුම් 11කට හා කොටදෙනියාවේ සිදු වීම් දෙකකට මෙම සැකකරුවන් සම්බන්ධ බව මේ වන විට අනාවරණය වී ඇත .
කිතුල්වල මුනිදාස කුමාරතුංග විදුහලේ විදුහල්පති නිල කාමරය කඩා මුදල් සොරා ගැනීම ද මෙම සැකකරුවන් විසින් සිදු කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ
නිවාස හා ව්‍යාපාරික ස්ථානවල කිසිවෙකු නොමැති අවස්ථාවන්හි දී මෙසේ දේපොළ සොරා ගැනීමට මොවුන් පෙළඹී ඇති බව ද අනාවරණය වී ඇත
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සොරකමේ ගිය යුවළ කොටුවෙයි
Bamunuarachchi Sunday, 30 April 2023 03:10 PM
දේශපාලකයෝ හැරෙන්න හොරකමේ ගිය ඕනෑම කෙනෙක් කොටුකර ගන්න පුළුවන් පොලිසියට වුවමනාව තිබෙනවා නම්...!