IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සිරකරුවන් 1,004 ට ‘නත්තල්’ සමාව

(යොහාන් භාසුර)

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 1,004 කට විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක මහතා පැවසීය.
මෙහිදී පිරිමි සිරකරුවන් 989 ක් ද, කාන්තා සිරකරුවන් 15 ක් ද, නිදහස් වීමට නියමිත බව ද ඒ මහතා කීය.
එම සිරකරුවන්ට කොන්දේසි සහ සීමානන්ට යටත්ව මෙම පොදු සමාව ප්‍රදානය කරන බව කී ඒ මහතා පොදු සමාව ලබන සිරකරුවන් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම හෙට (25) නිදහස් කිරීමට නියමිත බව ද සඳහන් කළේය.
බන්ධනාගාර ගතව හෙට දිනට සිරදඩුවම් විදිමින් සිටින සිරකරුවන් හට ගතකරන ලද වසරකට හෝ ඉන් කොටසකට මාසයක සමාවක් ලැබීම, දඩ මුදල් නොගෙවීම මත හෙට දින වන විට සිර දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීම, නියමකර ඇති සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් හෙට දිනය වන විට ගෙවා ඇති වයස අවුරුදු 65 ක් ඉක්මවා තිබීම සිරකරුවන්ට මෙම සමාව හිමිවන බවත් වසර 40 ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර ඇති හෙට දිනට එම දඩුවමින් වසර 20 ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීමෙන් ද සමාව හිමිවන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඊට අමතරව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම්ද ඇතුලත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිකරුවන්ගේ නියමකර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති විට ප්‍රජා විශෝධන නිලධාරීයෙකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමේ කාලය ආහෝසි කිරීමෙන් ද සමාව හිමිවන බව මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය.

 

 



අදහස් (1)

සිරකරුවන් 1,004 ට ‘නත්තල්’ සමාව

Achini Sunday, 24 December 2023 10:27 AM

රිලීස් වෙලා ඇවිල්ලා ඕකම තමයි ඉතින් කරන්නේ... ඊට පස්සේ ආයෙ මාල කඩලා, ගෙවල් හොරකන් කරලා, අයිස් ගහලා ඇතුළට යනවා...!

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 159 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2326 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 882 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2574 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1549 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2817 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site