IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


'සරිගම' හදන්න මාර කට්ටක් කෑවෙ

2016-12-16-ent-38

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නිර්මාණශීලි අධ්‍යක්ෂණයෙන් රේණුකා බාලසූරියගේ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වූ ‘ස රි ග ම’ චිත‍්‍රපටය මේ දිනවල නැරඹිය හැකිය. මේ යුවළගේ දායකත්වයෙන් නිර්මාණය වූ දහවැනි සිනමා නිර්මාණය වන්නේ මෙයයි. සෝමරත්න දිසානායකයන් අතින් මෙහි තිර රචනය ලියැවී ඇත්තේ මීට විසි වසරකට පමණ පෙරදීය. විසි වසරකට පෙරදී ඒ තිර රචනය ලියැවූ විදිය මෙන්ම මෙම සිනමා නිර්මාණය රූගත කරද්දී මේ නිර්මාණයට දායක වූ පිරිස මුහුණ දුන් සිදුවීම් ද බොහෝය. සරිගම චිත‍්‍රපටයේ ඇති අපූර්වත්වය රස විඳින අතරේ අප මේ සූදානම් වන්නේ ඔබට සරිගම රූගත කරද්දී ඔවුන් මුහුණ දුන් ඒ සිදුවීම් ගැන පැවසීමටය.

 

‘සරිගම’ කියන මේ නම චිත‍්‍රපටයට යොදා ගත්ත හේතුව ගැන මුලින්ම සඳහන් කළොත්?

2016-12-16-ent-37මෙය ලෝ ප‍්‍රකට කෘතියක් වන ‘සවුන්ඞ් ඔෆ් මියුසික්’ අනුසාරයෙන් නිර්මාණය වූ චිත‍්‍රපටයක්. සප්ත ස්වරය ‘ස රි ග ම ප ද නි’ අනුව සංගීතය නිර්මාණය වේ නම් මේ නිර්මාණයට සංගීත තේමාව වූ බැවින් සෝමරත්න දිසානායක මහතා ඊට වඩා සාධාරණීයව මේ නම යොදා ගත්තා.

 

මේ නිර්මාණයට ළමුන් තෝරා ගත්තේ කොහොමද?

අපි අපේ සිනමා නිර්මාණයකට ළමුන්ගේ දායකත්වය අවැසි වූ විට සුපුරුදු පරිදි පුවත්පත්වල දැන්වීම් පළ කරනවා. මේ නිර්මාණය වෙනුවෙනුත් එහෙම කළා. නමුත් ප‍්‍රශ්නය වුණේ වෙනදාට වඩා වැඩි ළමුන් පිරිසක් අවශ්‍ය වීමයි. ඉතින් මේ නිසා ළමයින් හත් දෙනකු තෝරා ගැනීම වෙනුවෙන් අපි වැඩමුළු කීපයක්ම කළා. මේ ළමා නළු නිළියන් හත් දෙනා අතරට සිරි පැරකුම් චිත‍්‍රපටයේ රඟපෑ ප‍්‍රමුදිත (පරාපැටියා) සෙනිති (කළු එතනා) පවා සම්මුඛ පරීක්ෂණවලට ඇවිත් තමයි චරිතවලට තේරුණේ. ඇත්තම කිව්වොත් එයාලටත් ලොකු තරගයක් දෙන්න වුණා. විශාල ළමා නළු නිළි පිරිසක් අතරිත් තමයි චරිත හත සඳහා අන්තිමට 7 දෙනෙකු තෝරා ගත්තේ.

ලොකු ළමයා ලෙස ( ඕලූ) ලෙස සෙනිති අකිල, දෙවැනියා (නෙළුම්) තියුරි අංජලි, තුන්වැන්නා (සමන්) කෞෂල්‍ය හතරවැනියා (මානෙල්) මිලිනි මෙහාරා, පස්වැනියා (සඳුන්) ප‍්‍රමුදිත උදය කුමාර, හය වැනියා (කුමුදු) මෙනාරා හත්වැනියා (රෝසි) වෙතුලි ලෙස තෝරා ගත්තා.

 

ඇයි මේ ළමයින් බොහොමයකට මල්වල නම් දැම්මේ.

මෙය ඉංග‍්‍රීසි කතාවක අනුසාරයෙන් නිර්මාණය වුවක්, නමුත් මෙහි තේමාව සහ ශ්‍රී ලාංකීය චිත‍්‍රපට නිර්මාණයක් වූ නිසා අපේකමට හරවා ගත්තා. ලංකාවේ පරිසරයට ගැලපෙන විදියට සියල්ල නිර්මාණය කළා.

 

මෙහි තිර රචනය වසර 20කට පෙර ලියැවුණේ කියලා කිව්වා නේද?

සෝමෙ අයියා එයාගෙ මාස්ටර් එකට කළ නිබන්ධනයට තෝරාගෙන තිබුණෙ නවකතාවකින් රූප රචනයක් කරන්නෙ කොහොමද යන්න තේමා කරගෙනයි. ‘ද සවුන්ඞ් ඔෆ් මියුසික්’ කෘතිය ඒ වෙනුවෙන් එයා තෝරාගෙන තිබුණා. පසු කලෙක චිත‍්‍රපටයක තිර රචනය දක්වා විකාශය වුණේ ඒ නිබන්ධනයට ඇතුළත් කරගත් තේමාවයි.

 

මේ චිත‍්‍රපටය රූගත කළ විදිය සහ රූගත කරද්දී මුහුණ දුන් සිදුවීම් බොහෝමයි නේද? ඒ ගැන දැන් කියමු?

එක් එක් වයස් සීමාවල ළමුන් නිසා ඒ අය රූප රාමුවක දර්ශන වෙනුවෙන් නතුකර තබා ගැනීම ඉතා අසීරු කාරණයක් වුණා. ඒ ගැන අපි කල් තියාම දැන ගෙන සිටි නිසා මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත රඟපාන පූජා අශාන් සහ මේ ළමුන් පිරිසත් එයාලාගෙ මව්පියන් එහෙමත් එක්ක අපි විනෝද චාරිකාවක් ගියා. හපුතලේ නුවරඑළිය පළාතට ගියේ. දින දෙකක් සිටිය දී ළමුන් එක්ක එකතුවී අපි සිංදු කියමින් විනෝද වුණා. ඒ නිසා මෙයාලා ඔක්කොම එකම පවුලක් වගේ සමීප වුණා. පුංචි ළමුන් නිසා පුංචි පුංචි රණ්ඩුත් ඉතිං ඇති වුණා.

ඉන්පසු රූගත කිරීම් සඳහා දින යොදා ගත්තාම රටේ හතර වටේටම යන්න සිද්ධ වුණා. ඒක හරියට අභිගුණ්ඨක ජීවිත වගෙයි. මේ නිසා දැඩි අසීරුතාවලට මුහුණ දෙන්නත් සිද්ධ වුණා. සමහරදාට වෙන් කරවා ගන්නා ලද හෝටලවලට නියමිත වෙලාවට යන්න බැරිවුණා. මේ නිසා වෙන හෝටල් සොයා ගන්න සිද්ධ වුණා. නමුත් මේ අපහසුතා අතරේ ලොකු කෙනාගේ සිට පොඩි දරුවා දක්වා කවුරුවත් අධෛර්යට පත්වුනේ නැහැ. දරුවන්ගෙ මව්පියන් පවා ලොකු සහයෝගයක් දැක්වූවා.

මස්කෙළිය ජලාශයට කඩා වැටෙන දිය ඇළි දෙක අතර දර්ශන රූගත කරද්දී ඒ දිය ඇලි දෙක මැදට වන්නට ඇති පතක් වැනි ප‍්‍රදේශයක් තෝරාගෙන තිබුණා.

එතැනට යාමට පාරු දෙකක් සහ නාවික හමුදාවෙන් සපයන ලද බෝට්ටුවක් (කිමිදුම්කරුවන් සමග) යොදාගෙන තිබුණා. රූගත කරමින් සිටි දිනවල වැස්ස තිබුණෙ නැහැ. නමුත් එක් දිනෙක වැස්ස පටන් ගත්තා. සිඳිලා තිබුණ දිය ඇල්ල ජලයෙන් පිරී ගියා. වතුර පාර සැර නිසා අපට ආපසු ආ තැනට යන්න බැරිව ලොකු ප‍්‍රශ්නයකට මුහුණ දුන්නා. තිබුණු එකම බෝට්ටුවත් කාර්මික දෝෂයක් නිසා ක‍්‍රියාත්මක වුණේ නැහැ. මේනිසා වෙනත් මගක් ඔස්සේ අපට නැවත යා යුතු වුණා. ඒ මාර්ගය කිලෝමීටර් පහක් විතර දුරයි. සියලූ දෙනාම වැස්සේ තෙමීගෙන කොහොම හරි ඒ කන්ද තරණය කළා. කවුරුවත් අධෛර්ය වුනේ නැහැ. ඔක්කෝමත් හරි කූඩැල්ලන් නිසා වින්ඳ දුක අපමණයි. මේ සියලූ දුෂ්කරතා හමුවේ තමයි අපි ‘ස රි ග ම’ නිර්මාණය කළේ. නමුත් අවසන අතිශය සුන්දර නිර්මාණයක් ලෙස ‘ස රි ග ම’ අද ඔබ හමුවේ දිග හැරෙනවා.

මෙහි සමහර දර්ශන සඳහා වූ තැන් රූගත කිරීමට තෝරා ගත් පසු අපට සමහර තැන්වලට නව පෙනුමක් දීමට සිදුවුණා. ‘රිච්මන්ඞ් කාසල්’ ඇඩිෂන් බංගලාව (කොටසක්) විදියට නවතාවක් ගෙන දුන්නා. ඒ වගේම ඉදිකටු පහනට පහතින් පිහිටා ඇති ‘ෆිෂින් හට්’ ප‍්‍රදේශයේදී රූගත කළ දර්ශන ඉතා සුන්දර වුවත් අපට ඒ තැන්වලට යාම අතිශය දුෂ්කර වුණා.

 

මේ ‘ස රි ග ම’ නිෂ්පාදනය කිරීමට කොපමණ මුදලක් වැය වුණාද?

මිලියන 83කට එහා.

 

සඳුන් ගමගේ

 

2016-10-19-ent-29
2016-10-19-ent-20



අදහස් (0)

'සරිගම' හදන්න මාර කට්ටක් කෑවෙ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 86 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1771 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 798 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1029 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 619 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site