(***සුජිත් හේවා ජුලිගේ සහ ***ජයන්ත සමරකෝන්)
කොළඹ ප්‍රධාන බන්ධනාගාර හතරේ ආරක්ෂාව සඳහා භටයන් 150 දෙනකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා (S.T.F) අනුඛණ්ඩයක් ඊයේ (24) සිට යොදවනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව මෙසේ යොදවනු ලැබ ඇත්තේ වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ් හා වැලිකඩ කාන්තා අංශය යන බන්ධනාගාර හතරටය.
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා විධිමත් අයුරින් පොලිස් විශේෂ කාර්ය බළකා භට කණ්ඩායම් යෙදවුණු පළමු අවස්ථාව මෙයයි.
මේ බන්ධනාගාරවල පිටත ආරක්ෂාව රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් හා ඔවුන් රැගෙන එන ගමන් මලු පරීක්ෂා කිරීම මෙම පොලිස් විශේෂ කාර්ය බළකා භටයන්ට පැවැරෙන රාජකාරිය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවැසීය.
වැලිකඩ බන්ධනාගාර සමූහයෙන් බොහෝ අවස්ථාවලදී මත් ද්‍රව්‍ය, ජංගම දුරකතන, දුරකතන සිම් කාඩ් පත් ඇතුළු තහනම් ද්‍රව්‍ය සොයා ගැනුණු බව කී ආරක්ෂක ලේකම්වරයා මේ ද්‍රව්‍ය බොහෝමයක් ඇතුළු වී තිබුණේ ඒවායේ ප්‍රධාන ගේට්ටුවලින් බවට තොරතුරු අනාවරණය වීම නිසා මෙම විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළ බවද ප්‍රකාශ කළේය.
වැලිකඩ බන්ධනාගාර සමූහයේ ගේට්ටුවල විවිධ අක්‍රමිකතා රැසක් සිදුවී ඇතැයි තොරතුරු අනාවරණය වූ බවද ඔහු කීය.
විශේෂ කාර්ය බළකායේ භටයන් රාජකාරියේ යෙදෙන සෑම ස්ථානයකම බුද්ධි අංශ නිලධාරියකු බැගින්ද යෙදවීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.
බූස්ස හා අඟුණකොළපෑළැස්ස බන්ධනාගාරවල ආරක්ෂාව සඳහාද පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායම් කිහිපයක් මීට දින කිහිපයකට ඉහතදී යොදවනු ලැබූහ.
ගේට්ටුවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකා භටයන් යෙදවීමෙන් ඒ ගේට්ටුවල ආරක්ෂාවට මෙතෙක් යොදවා සිටි බන්ධනාගාර නිලධාරින් බන්ධනාගාර ඇතුළත රාජකාරි කටයුතු සඳහා යොදවා ගැනීමේ හැකියාව ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
පාතාලය, කුඩු උවදුර හා සංවිධානාත්මක අපරාධ මැඬීමට කප්පම් ගැනීම නතර කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ හා විධිමත් වැඩ පිළිවෙළක් අරඹා ඇති බවත් මෙම අපරාධ රටේ දිගටම සිදුවුවා නම් කිසිවකුටත් පාරේ බැහැල යන්න බැරි සෝමාලියාවේ වැනි තත්ත්වයක් උදාවන බවත් ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය
මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ
තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිරගෙවල් 4 කට එස්.ටී.එෆ්
නවීන් Tuesday, 25 August 2020 09:15 AM
කලින් හමුදාවෙ අය දැම්මා. බන්ධනාගාරයේ වැඩ කරන කාන්තාවන් ඒ අයත් එක්ක එකතු වුණා... ඊට පස්සෙ තිබුණු විදියමයි.