IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සාරංග - උමාලි ජපානයේදී

2016-04-12-ent-173

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා ලෝක ප‍්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන නීල්සන් ආයතනය සමග වාර්ෂිකව පවත්වනු ලබන ස්ලිම් නීල්සන් ජනතා සම්මාන 2016 උළෙලේදී ටෙලි නාට්‍ය අංශයේ ජනතාවගේ නළුවා ලෙස මෙවර සම්මානය හිමි වුයේ සාරංග දිසාසේකර හටය. මේ සම්මාන උළෙල පැවැත්වු මොහොතේ සාරංග සිටියේ සැතපුම් දහස් ගණනක් එහා දුරු රටකය. ඒ පුවත ඔහුට ලැබුණේ එහි සිටියදීය. මීට පෙරද මෙවැනි සම්මාන උළෙල ද්විත්වයකදීම ඔහුට ඊට සහභාගී විමට නොහැකි විය. එනිසා එදා මෙන්ම අදද ඒ සම්මාන ලබාගැනීමට වේදිකාවට ගියේ ඔහුගේ ආදරණීය මව, ප‍්‍රවීණ කලාකාරිනි තිලකා රණසිංහය. කෙසේවෙතත් තම ආදරණීය බිරිද උමාලි සහ තවත් පිරිසක් සමග මේ ජනතා සම්මානයේ සතුට ඔහු සැමරුවේ ජපානයේ සිටය. මේ දිනවල විකාශය කෙරෙන වස්සානයේ සිහිනය (හිරු) හංස පිහාටු සහ මතු සම්බන්ධයි (ස්වර්ණවාහිනිය) යන ටෙලි නිර්මාණ සහ ජූලි 7යි චිත‍්‍රපටයේ චරිතයක් සමග හමුවන සාරංග ඇයි පසුගියදා ජපානයට ගිය විශේෂ හේතුව? මොනවාද එහි ගිහින් කළේ? 2016 සඳහා ටෙලි නාට්‍ය අංශයේ ජනතාවගේ නළුවා වු සාරංග ඒ ගැන කියාවි.

 

2016-04-12-ent-151සාරංග මොකද හිතන්නේ මේ සම්මාන ගැන?

ඇත්තටම හරිම සතුටුයි. ස්ලිම් නීල්සන් සම්මාන ප‍්‍රදානය සිද්ධවෙන්නේ එස්.එම්.එස් හෝ කූපන් මඟින් තෝරා ගෙන නෙවෙයි. පැහැදිලි සමීක්‍ෂණයකින් සිදු කෙරෙන සම්මාන ප‍්‍රදානයක්. ඉතින් එවැනි සම්මානයක් ලැබීම මේ යන ගමනේ ඉදිරියට තවත් ලොකු ශක්තියක් වුණා. මීට පෙරත් ස්ලිම් නීල්සන් සම්මාන උළෙලකදී මෙවරත් ජනතාවගේ රංග ශිල්පියා වූ රන්ජන් රාමනායක අයියා සමඟ මට සම්මාන ලැබී තිබෙනවා. මෙවර ලැබුණේ ටෙලිනාට්‍ය අංශයේ ජනතාවගේ නළුවා යන සම්මානයයි.

 

ඇයි මෙවර ජපානයට ගියේ?

කරුණු කීපයක් ඊට මුල් වී තිබුණා. එක්ස් ටී (Extea) ආයතනය සතු නී සේ (NI-CEY) ඉන්ටර්නැෂනල් ආයතනය තමන්ගේ ආයතනයේ පිරිස සඳහා ජපානයේ සංචාර මීට පෙර සංවිධානය කර තිබුණා. ඉන්පසු එයාලට පිටස්තරව ලැබුණු ප‍්‍රතිචාරත් එක්ක බොහෝ දෙනා සංචාර සඳහා ඉල්ලීම් කර තිබුණා. ඒ අනුව සංවිධානය වූ සංචාරයට මටත් උමාලිටත් ඇරයුම් ලැබුණා. ඒ නිසා ඒ පිරිස සමඟ අපත් මේ සංචාරයට එක් වුණා. ඒ වගේම තවත් විශේෂ හේතුවකුත් තිබුණා.

 

ඒ මොකක්ද?

අපි දෙන්නගේ විවාහයේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ මාර්තු 14 වැනිදාටයි. ඉතින් උමාලිට එයාගේ දෙවැනි රට වගේ වන එයා උසස් අධ්‍යාපනය ලැබූ ජපානයට ගොස් එය සැමරීමට ලැබීම විශාල සතුටකට හේතුවක් වුණා. ජපානය කියන්නේ ඍතු හතරක කාලගුණික වෙනසක් තියෙන රටක්. මේ එයාලගේ මල් පීදෙන වසන්ත කාලයයි. ජපානයටම සුවිශේෂී වූ සකුරා මල් පිපෙන වසන්ත සමයයි. ඒ සකුරා මල් උයන්වල වගේම හිම කදු අතරේත් පෞරානික හා ඓතිහාසික වටිනාකමින් යුතු ස්ථානවලත් සැරිසරමින් සුන්දර සංචාරයක අසිරිය අත් වින්දා.

 

ගෙවිගිය යුග දිවිය ගැන මොනවද කියන්න පුළුවන්?

අපි දෙදෙනා යුග දිවියට එළැඹුනේ හත් වසරක පමණ පේ‍්‍රම සබඳතාවයකට පසුවයි. ඒ නිසා විවාහයට පෙර හොඳ වටහා ගැනීමක් තිබුණා. එනිසා එක වහළක් යටට ආවාම එය තවත් ශක්තිමත් වුණා. විවාහයෙන් පසුව මධු සමය සඳහා උමාලිට හුරු පුරුදු ජපානයට යාමටත් ඉන්පසු ඔස්ටේ‍්‍රලියාවේ සංචාරයකටත් යාමට ලැබුණා. ඊටත් අමතරව ප‍්‍රසංග සඳහා තවත් රටවල සංචාරය සඳහා දෙදෙනාට ආරාධනා ලැබුණා. ඒ වගේම ඉතා හොඳ කලා නිර්මාණවලට දායක වීමටත් දෙදෙනාටම අවස්ථා ලැබුණා. හරි ලස්සනට ඒ කාලය ගෙවී ගියා.

 

මොනවාද මෙවර සංවත්සරය වෙනුවෙන් ඇයට දුන්නේ.?

දෙදෙනාටම එකටම හිටපු නිසා තෑගි තෝරා ගන්න බැරි වුණා. හැබැයි රූගත කිරීම් සඳහා දින යොදා ගෙන තිබුණු නිසා මට ලංකාවට එන්න සිදුවුණා. ඒ එන අතරමගදී මම එයාට තෑග්ගක් ගත්තා. ඒක රහසක්.

 

ඔබ එදා මේ සම්මානයේ සතුට බෙදා හදා ගත්තේ ජපාන සංචාරයට එක්වු පිරිස සමඟයි. එදා ඔබ උමාලි වෙනුවෙන්ම එහිදි ගීතයකුත් ගැයුවා නේද?

තාත්තාගේ ලස්සනම ලස්සන ගීතයක් තමයි ගැයුවේ.

‘ආදර නිල් දැසේ’ එම ගීතයයි. ඉතින් ආදරණීය උමාලියේ

හද ලෙන්දොර

වසනු මැනවි

මා එහි සිර කරලා’

 

ඒ විදිහට ආදරනීයව ගෙවී යන ඔබගේ ජිවිතයට ජූලි 7 විශේෂ වුණෙ ඇයි?

‘ජූලි 07’ අපේ‍්‍රල් 7 වැනිදා සිට තිරගත වන චිත‍්‍රපටයයි. එදා 70 දශකයේ සොඳුරු සිනමාව නැවත ‘කලූ සුදු’ පැහැයෙන් වත්මනට ගෙන ඒමට දැරූ ප‍්‍රයත්නයක්. හරි අපූරු චිත‍්‍රපටයක්. අද කාලයේ කලූ සුදු චිත‍්‍රපට නැරඹීමට ලැබෙන අවස්ථා විරලයි. මෙහි මා දායක වන්නේ ප‍්‍රහසන චරිතයකට. එනිසා එය මගේ චරිතාංග රංගනයට තවත් සුවිශේෂී දෙයක් වුණා. මේ අපූරු චිත‍්‍රපටය නැරඹීමට මා හැමෝටම ආරාධනා කර සිටිනවා.

 

ස්තුතිය: Ni-Cey Internation ආයතනය

 

2016-04-12-ent-152
2016-04-12-ent-153
2016-04-12-ent-154
2016-04-12-ent-155
2016-04-12-ent-156
2016-04-12-ent-157
2016-04-12-ent-158
2016-04-12-ent-159
2016-04-12-ent-160
2016-04-12-ent-161
2016-04-12-ent-162
2016-04-12-ent-163
2016-04-12-ent-164
2016-04-12-ent-165
2016-04-12-ent-166
2016-04-12-ent-167
2016-04-12-ent-168
2016-04-12-ent-169
2016-04-12-ent-170
2016-04-12-ent-171
2016-04-12-ent-172
2016-04-12-ent-174
2016-04-12-ent-175
2016-04-12-ent-176
2016-04-12-ent-177
2016-04-12-ent-178
2016-04-12-ent-179
2016-04-12-ent-180
2016-04-12-ent-181
2016-04-12-ent-182
2016-04-12-ent-183

 



අදහස් (0)

සාරංග - උමාලි ජපානයේදී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 2 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 70 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 341 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 435 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 266 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 154 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38185 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site